IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඇබ්බැහියන් මතින් මුදවා ගැනීමට හොඳම වෙලාව මේකයි

(විනීතා එම් ගමගේ)

ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් කර නැතත් බොහෝ ආරක්ෂාකාරි පියවර සමග ජනතාවට එළියට බසින්නට අවසර ලැබුණේය. මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ වසා තිබුණු මත්පැන් හල් විවෘත විය. කඩ පිලේ ඔසුසල්වල නොතිබු මහා තදබදයක් මත්පැන් හල්වල දකින්නට ලැබුණේය.

එය පුදුම සහගත පොරයකි. කොරෝනා වැළඳිමේ අවදානම හෝ සෞඛ්‍ය අංශවලින් දුන් උපදෙස් කිසිවක් මත්පැන් හල් ඉදිරිපිට දී එකීි පාරිභෝගිකයින්ට සිහිවූයේ නැත.

සියලූ මත්පැන් වෙළදසැල් තවත් මොහොතකින් වසන්නට සූදානම්වන ආකරයෙන් එකම එක බෝතලයක් හෝ මිල දී ගන්නට සැරසෙන අන්දමේ තරඟයක් එහි තිබුණේය.

කන බොන දේ ගන්නට නැත්නම් බෙහෙත් ගන්නට හෝ දරුපවුල වෙනුවෙන් යුතුකමක් ඉටුකරන්නට නොගන්නා උනන්දුවක් මත්පැන් බෝතලයක් දෙකක් ගන්නට දඟලන මේ පිරිස සතුව ඇතැයි පෙනිිණි.

මත්පැල් වෙළද සැල් ඉදිරිපිට සිටි පාරිභෝගිකයන් ගෙන් අති බහුතරය පිරිමින්ය. එය ප‍්‍රතිශතයක් ලෙස බැලූවත් සියයට 99 ක් අභිභවයි. මත්පැන්වලට මේ තරම් විශාල ඉල්ලූමක් ඇයි? මාස දෙකක් නැතිව සිටි මත්පැන් දිගටම නැතිව සිටින්නට බැරි ද?

මේ පිළිබඳව අදහස් දක්වන කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පවසන්නේ පුරුද්දට එහා ගිය ඇබ්බැහියක් මේ තත්ත්වයට හේතුවන බවයි.


‘‘මිනිසුන්ට පුරුදු තිබෙනවා. ඒවා හොඳ පුරුදු වෙන්නත් පුළුවන්. නරක පුරුදු වෙන්නත් පුළුවන්. එයින් සමහරක් පුරුද්දට එහා ගිය ඇබ්බැහි බවට පත්වෙනවා. පුරුද්දක් ඇබ්බැහියක් බවට පත්වීමත් සමගම තමන්ගේ පාලනයෙන් එය ගිලිහී යනවා.’’

මත්පැන් හෝ මත්ද්‍රව්‍ය වලින් මොළයෙන් නිකුත් වන ඩොපෙමින් හා සොරෙටොනින් යන රසායනික සංයෝගවල ක‍්‍රියාකාරකම් වෙනස් වෙයි. මේ වෙනස නිසා එම පුද්ගලයාට මත්පැන් පානය කර සිටින විට දැනෙන්නේ සතුටකි. මේ නිසා දිගටම එය භාවිතා කරති.

නමුත් දිගුකලක් මත්පැන් ගන්නා විට එම සතුට අඩුවෙයි. වැඩිපුර ගත යුතු වෙයි. මුලින් සතිපතා මත්පැන් ගන්නා තැනැත්තා පසුව දිනපතා ද ඉන්පසු උදේ හවස ද මත්පැන් පානය කරන්නේ මේ නිසාය.

මේ තත්ත්වය දිගින් දිගටම සිදුවීම අවසන් වන්නේ මත්පැන් නැතිව ජීවත් විය නොහැකි තැනකට ඔහු ඇද වැටීමෙනි. මෙවැන්නෙකුට මත්පැන් නැතිවිට නින්ද නොයන බවත් විවිධ රූප මැවී පෙනෙන බවත් පෙන්වා දෙන රූමි රූබන් මහතා සැකය නමැති රෝගය බොහෝ තැනැත්තන්ට ඇති වන බව කියයි. මේ නිසාම පවුලේ ප‍්‍රශ්න ඇති වෙයි. මෙවැන්නන් ආවේග පාලනය කර ගත නොහැකි තත්ත්වයකට පත්වන්නේය. තරහ පාලනය කර ගත නොහැකිය. කායික හා මානසික ආතතිය මෙන්ම විශාදය වැනි ආබාධවලට ගොදුරුවේ.

බොහෝ විට සමාජයෙන් කෙරෙන්නේ මෙවැන්නන් විවේචනය කිරීමයි. නමුත් එවැන්නන් වෙනුවෙන් කරන වැඩ සටහන් අඩුය. මත්පැන්වල ආදිනව නව යොවුන් වයසේ සිට අධ්‍යාපනයේ දිය යුතුය. පුනරුත්ථාපනය ද අවශ්‍යයි. ඒ සඳහා මනෝවිද්‍යාව අවශ්‍ය වේ.

රූමි රූබන් වෛද්‍යවරයා කියා සිටින්නේ මෙවැන්නන් පුනරුත්ථාපනය සදහා සෑම දිස්ත‍්‍රික්කයකම මධ්‍යස්ථාන තිබිය යුතු බවයි. ඔවුන් ගලවා ගැනීමට ඖෂධ මෙන්ම මනෝ විද්‍යා ප‍්‍රථිකාර ද ඇතැයි පෙන්වා දෙන ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට යොමු කිරීම පවුලේ අයගේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේ ද යුතුකමක් හා වගකීමක් යැයි පෙන්වා දෙයි.

රටක මත්පැන් අලෙවිය පාලනයට කටයුතු යෙදිය යුතු අතර ඒ සදහා ප‍්‍රතිපත්තිමය තීරණ ගතයුතු බවත් ඇබ්බැහිවූවන් ගලවා ගැනීමට හිතකර වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.

එවැනි වැඩ පිළිවෙලක ආරම්භය සදහා ඉතාම සුදුසු කාලය සේ කොවිඞ් වසංගතය පැතිර ගිය මේ කාලය පෙන්වා දිය හැකි බවත් වෛද්‍ය රූමි රූබන් මහතා කියයි.



අදහස් (13)

ඇබ්බැහියන් මතින් මුදවා ගැනීමට හොඳම වෙලාව මේකයි

SL Thursday, 14 May 2020 03:42 PM

ලංකාවේ කොයි දේශපාලක හොරාටද ප්‍රතිපත්ති තියෙන්නේ.., බහුතරයක් බාර් අයිතිකාරයෝ, ඉතිරි උන් කුඩු ගෙන්වනවා. 225 ටම හෙන ඉල්ලන අය බොහොමයි...

:       0       562

RaveendraFriday, 15 May 2020 04:30 AM

සහතික ඇත්ත. කව්රුන් නැහැ කිව්වත් මෙය තමයි නියම යතාර්ථය. 225 න් මෙම අදම ක්‍රියාවෙන් අනේ අපි නම් නැහැ කීමට කොහෙත්ම බැරිය.. කිනම් හෝ මත් ද්‍රව්‍යක්, ගිනිවතුර විකුණා එකා, ගිනිවතුර බලපත්‍ර දෙන එකා මැරෙන්නෙත් විසෙන්ම කියා කියමනක් තිබෙනවානේ. අප මධ්‍යස්ථව හිතා හොදින් නිරීක්ෂණය කරන්න බාර් කාරයන්ගේ පවුල් ජිවිත, දුදරුවන්ගේ වත ගොත. නොසිතු ලෙස ඉතාම කණගාටුදායක ජිවිත ඔබට දැකිය හැක. එනමුත් ලක්ශෙට කොඩිය දාගෙන ඉන්න බවක් අවටින් පෙනුනත් ජිවිත ඇතුලාන්තය ඉතාම දුක්කදායකය. මෙලෙසම දියවනාව පට්ටියේ 225 ත් පවුල් ජිවිත නිරීක්ෂණය කරන්න ඉතාම අසාර්ථක දුක්කම්කටොලු වලින් ගහන ජීවිතය. පවුල් ආරවුල් , දරුවන් සිසීකඩ , එසේත් නැත්නම් දරුවනුත් අයාලේ ගොසින්. මෙම අදහස් කිසිවෙකුට පුද්ගලිකව පහර ගැසීමක් නොව පොදුවේ මහජන මුදල් හොරාකන, සමාජයට අහිතකර දේවල් කරන මිනිසුන්ට අහිංසක මිනිසුන් සාප කිරීම ඉතාම බලගතුය. ඒවායින් ජඩයන්ට බේරීමට නොහැක.

:       1       189

ChampaFriday, 15 May 2020 12:57 PM

225 මිනිස්සුන්ට එපා වෙලා බව ඇත්ත. නමුත් මේකට 225 සම්බන්ධ වෙන්නේ කොහොමද? මේක ජනාධිපති ඇතුළු කොරෝනා බලකායේ තීරණයක්. ඇත්ත පෙනී පෙනී නැත්තට බනින්නේ බයට වෙන්න ඕනේ.

:       0       0

RaveendraFriday, 15 May 2020 02:52 PM

ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. "නමුත් මේකට 225 සම්බන්ධ වෙන්නේ කොහොමද?" යන ඔබගේ මෙම වාක්‍යයට අප මෙසේ පැනයක් ඇසීමට කැමැත්තෙමු... ඔබට අවශ්‍ය නම් ගිනිවතුර කඩයක් දැමීමට සාමාන්‍ය කඩය පටන්ගන්න ලෙස ඔබට ඉල්ලුම් කර හැකිද? එසේ ඉල්ලුම් කරත් ඔබ දේශපාලුවෙකුගේ ඉතාමත්ම ලගම ලග ගොට්ටෙක් නොවේ නම් ඔබට එම ගිනිවතුර විකුණන බලපත්‍රය ලැබේද? මෙම ගිනිවතුර බලපත්‍ර දිව්‍ය ලෝකේ ඉන්න දේශපාලුවන්ද ලබාගත්තේ...? නැතිනම් ඒ ඒ හිගන දේශපාලුවාගේ හෙන්චයියන්ද ලබාගත්තේ? යන්න අමුතුවෙන් ඔබට තේරුම් ගත යුතුද? කෙසේවෙතත් මෙම ව්‍යසනය දශක ගණනාවක් සිට ක්‍රමක් ක්‍රමයෙන් රටේ පැතුරුණු උවදුරු බැවින් මෙයට සෘජුවම දියවන්නාව පට්ටියේ 225 සම්බන්ධ නැතියි ඔබ පවසනවා නම් ඔබ විසින් ඔබගේ සාමාන්‍ය දැනුම පිලිබදව ඥානය ඔබ විසින්ම තේරුම් ගැනුම වඩාත් සුදුසු යන්න අපගේ අදහසයි. අපගේ මෙම අදහස් වලින් ඔබට යම්කිසි හෝ සිත් තැවුලක් ඇතිවූවා නම් අප කණගාටු වන්නෙමු.

:       0       0

Koka Thursday, 14 May 2020 03:45 PM

බාර් ඇරියේ අල, පරිප්පු ගන්නද?

:       4       34

Champa Thursday, 14 May 2020 04:29 PM

මත්පැන් සහ මත්පැන් ලෝලීන් අතර සම්බන්ධෙ කැඩෙන්නේ ලංකාවේ දේශපාලකයන් සහ මත්පැන්සැල් අතර සම්බන්දෙ නැතිවෙච්ච දවසට විතරයි.

:       0       299

Dasa P Thursday, 14 May 2020 04:29 PM

මෙ කතාව සහතික ඇත්ත... ඒත් මෙක කවදාවත් කෙරෙන වැඩක් නෙමෙයි...

:       0       84

Rohana Thursday, 14 May 2020 05:03 PM

මත්පැන් බිව්වම ජොලිද?

:       213       2

රවින් Thursday, 14 May 2020 09:39 PM

අනේද කියන්නේ...? එතකොට මහා භාණ්ඩාගාරයේ ආදායම? දේශපාලුවන්ගේ මත්පැන් බලපත්‍ර... තව දේශපාලුවන්ගේ එතනෝල් ව්‍යාපාර. තව, හෙන්චයියලාගේ මත්පැන් ජාවාරම්... එකී මෙකි නොකී කීදෙනෙකුට කෙලින්ම හා වක්‍රව බලපානවාද? ඒවා නැතිවෙන්න දීලා බලාගෙන ඉඳීම හරිද?

:       0       0

roshan Friday, 15 May 2020 04:30 AM

මිනිස්සුන්ට හිත හදා ගන්න , සතුටු වෙන්න, එකතු වෙන්න තියන සියලු දේ තහනම් කරල තැබෑරුම් ඇරියාම නොබොන කෙනත් බොන්න හුරුවෙනව. අනික හැම ව්‍යාපාරයක්ම කඩා වැටිල තියෙද්දි බාරකාරයින්ට සල්ලි යනව කියන්නෙ රටේ රජ වෙන්නෙ බාර් කාරයො කියන එක....

:       1       1

Samitha Senaka Aluthgamage. Friday, 15 May 2020 05:30 AM

මිස්සුන්ට බොන්න එපා කියලා උපදෙස් දෙන සමහර දොස්තරවරුන් හොඳට බොන අය. බොහෝ අමද්‍යප වැඩ කරන අයත් බොනවා. අපට බණ කියන බොහෝ දෙනා වකුගඩු නරක්කරගෙන පිටරටවල රෝහල් වල සිටිනවා.

:       0       0

janahitha Friday, 15 May 2020 05:31 AM

මක්කයි මේ කියන්නේ පාර්ලිමේන්තුවේ 70% නියෝජනය බාර් අයිතිකරුවන් රාජ්‍ය නිලධාරීන් මේකෙන් කෝටි ගණන් උපයනවා මැති ඇමතිලා ඡන්ද කරන්නේ මේ ව්‍යාපාරයෙන් සහ කුඩු ප්‍රවාහනයෙන් ඕකයි තත්වේ.

:       0       0

Jayampathi Friday, 15 May 2020 06:21 AM

ලංකාව පුරා බාර් කීයක් තියෙනවද? ඉන් කීයක් දේශපාලකයින්ට හා එම පවුල්වල අයට අයත්ද, කියක් සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට අයිතිද කියලා හොයලා බැලුවොත් මෙ මත්පැන් උවදුරට හේතුව සිතා ගතහැක.

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 185 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 391 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 466 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 484 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 150 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1688 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site