IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇඳිරි නීතියට මුවාවී වැලිකන්දේ ඉඩම් කොල්ලකති

(විනිතා එම් ගමගේ)

ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් වැලිකන්ද දිවුලානවිල විල්ලූව යම් පිරිසක් විසින් ඇඳිරි නීතියට මුවා වී විනාශ කරමින් සිටින බවට  පරිසරවේදීහු චෝදනා කරති.

අක්කර 2800 ක් පමණ ප‍්‍රමාණයකින් යුත් මෙම විල්ලූව පොලොන්නරුව වනජීවී කලාපයට අයත් බවත් දේශපාලන බලවතකුගේ මැදිහත් වීම ඇතිව මෙම විනාශය සිදුවෙමින් පවතින බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ ප‍්‍රතිපත්ති හා දැනුවත් කිරීමේ නිලධාරි ජනක විතානගේ මහතා ලංකාදීපයට පැවැසීය.
 
වන අලින් ගේ පාරාදීසයක් වන මෙම වනාන්තරය කලක් තිස්සේ කුඩා පරිමාණයෙන් කුඹුරු වගාව ස`දහා අත්පත් කරගනිමින් තිබු අතර මේ දිනවල එය විශාල පරිමාණයෙන් සිදුවෙමින් පවතින්නේ යැයි ද විතානගේ මහතා කීය.
 
ඉකුත් වසරේ අලි පස්දෙනෙක් මඬේ එරී මිය ගියේ මෙම විල්ලූවේ පුදුර ප‍්‍රදේශයේ දී යැයි පැවසූ ඔහු ඊට මුල් වූයේ ද සතුන් බිය වැද්දීම නිසා අලි මංකඩ මගහැර නුහුරු ප‍්‍රදේශයකින් එම අලි පස්දෙනා මඩට බැසීම නිසා යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය. 
 
කොරෝනා වයිරසය පැතිර යන අවස්ථාවේ පවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්නැයි තම සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ මෙවැනි හේතුන් නිසා යැයි ද විතානගේ මහතා කීය.
 
මෙම ඉඩම් අල්ලන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාවේ යොදවන්නේ දැයි විමසිල්ලෙන් සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර මහතාගෙන් ලංකාදීප කළ විමසීමක දී ඔහු කියා සිටියේ මේ සම්බන්ධව තම නිලධාරින් දැනුවත් වී ඇති බවය.
 
විල්ලූවේ වතුර මහවැලි ගඟට බස්සා මහා පරිමාණයෙන් ඉඩම් අල්ලා වගා කිරීමට තැත් කළ පුද්ගලයින් ගණනාවක් අල්ලා ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ බවත් ඇ`දිරි නීතියට මුවාවී තවත් පුද්ගලයින් මෙම නීති විරෝධී ක‍්‍රියාවට පෙළඹෙන අතර ඔවුන් ගැන ද තම නිලධාරින් අවධානයෙන් සිටින බව ද හෙතෙම කියා සිටියේය.   



අදහස් (3)

ඇඳිරි නීතියට මුවාවී වැලිකන්දේ ඉඩම් කොල්ලකති

ravi Sunday, 10 May 2020 10:17 AM

වෙඩිතියන්න හොඳම වෙලාව ..

:       0       0

ජයම්පති Sunday, 10 May 2020 02:34 PM

ඉතින් දේශපාලකයා කව්ද කියලා කියන්න. මේ නීතිවිරෝධී ක්‍රියාව මේ මෑත කාලයේ කීප වතාවක් සිද්ද වුණානේ. අධිකරණ නියෝග පවා දුන්නනේ. කවුද ඉතින් ඊටත් වඩා ඉහලින් ඉන්න දේශපාලන බලවතා...

:       0       11

Raveendra Sunday, 10 May 2020 03:18 PM

අප රටේ චිරාත් කාලයක් සිදුවුවාසේම අදත් එයම සිදුවෙමින් පවතී. පිටුපස සිටින්නේ දියවන්නාව පට්ටියේ 225 න් එක අයෙක් විය යුතුය. නුඹලා ඉඩම් අල්ලගනිල්ලා අපි බලයට ආවම ඒ ඉඩම්වල අයිතිය අපි දෙන්නම්. අපිව බලයට පත්කරපල්ලා... මෙය තමයි දහස් ගණනාවක්ම අප රටේ සිද්දවුනේ. දැන් වෙන්නෙත් එයයි. හොදම මෙන්ම සරල උදාහරණය විල්පත්තුව නොවේද? මෙම ජඩ වැඩ දැන්වත් නවත්වන්නේ නම් අනාගත පරපුරට සැනසිල්ලේ ජීවත්වීමට රටක් ඉතුරුවෙනු ඇත. කොදු පණනැති අය පාලනාධිකාරියට ආවේ කොතනද? එතන විනාශයකි. මෙයයි යතාර්ථය. කාරුණිකව මෙම අදහස් මධ්‍යස්ථව සිතමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 40 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 122 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 318 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 591 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 241 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 136 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site