(ඩයනා උදයංගනී)
කොළඹ නගරයේ ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමග දුම්රියෙන් රැකියා සදහා පැමිණෙන පිරිස ඉහළයාම නිසා මෙම සතියට නියමිත දුම්රියන්ට අමතරව තවත් දුම්රිය දෙකක් හෙට (27) සිට මෙම මස 29 දක්වා ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ගාල්ලේ සිට මරදාන දක්වා ගාල්ල දුම්රිය ස්ථානයෙන් උදෑසන 6.15ට දුම්රියක් ධාවනය කෙරෙන අතර පොල්ගහවෙල කොළඹ කොටුව දක්වා උදෑසන 7.40ට දුම්රියක් ධාවනය කෙරෙන බව එහි ප‍්‍රකාශකයෙක් පැවසීය.
මෙම දුම්රිය යළිත් ගාල්ල දක්වා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 5.25ට ගමන් ආරම්භ කරන අතර පොල්ගහවෙල දක්වා ගමන් ගන්නා දුම්රිය පස්වරු 5.30ට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිතය.
මෙම සතියේදී දුම්රිය 27ක් ධාවනය කිරීමට නියමිතව තිබුණත් මේ අනුව දුම්රිය 29ක් ධාවනය කෙරෙන බව එම ප‍්‍රකාශකයා සදහන් කළේය.
රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන සේවා හැදුනුම්පත් තිබෙන පුද්ගලයින්ට මෙම දුම්රියවල ගමන් කළ හැකි බව ද ඔහු කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.
සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇඳිරිය ඉවත් කිරිමෙන් පසු කොළඹ එන්න තවත් දුම්රිය දෙකක්