(අජන්ත කුමාර අගලකඩ)
ආර්ථීකය මෙහෙයවීම සඳහා මෙතෙක් පැවති ජාතික ආර්ථීක සභාව අහෝසි කර, ඒ වෙනුවට ජාතික ප්‍රතිපත්ති හා ක්‍රම සම්පාදන කාර්යංශය නමින් නව ආයතනයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට ඉකුත් 18 වැනිදා පැවති කැබිනට් රැස්වීමේ දී අනුමැතිය ලබාදී තිබේ.
ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කරන ලද ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් අරමුණ ළඟා කර ගැනීම සඳහා 2020-2025 කාල වකවානුව තුළ ආර්ථික අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මෙම නව ආයතනය ආරම්භ කෙරේ.
ආර්ථීක වර්ධන වේගය 6.5% කට වැඩි අගයකට පවත්වාගෙන යාම ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 6500 දක්වා වැඩිකිරිම, සේවා වියුක්ති අනුපාතය 4% ට අඩු අගයකට ගෙනඒම, උද්ධමනය 5% කට අඩු අගයකට ගෙනඒම, අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 4% කට වඩා අඩු කර ගැනීම, රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම, පොලී අනුපාතය තනි ඉලක්කමකට ගෙන ඒම යන ආර්ථික ඉලක්ක කරා රට මෙහෙයවීම මෛගින් අපේක්ෂිතය.
මීට පෙර සිටි ජනාධිපතිවරුන් විසින් ස්ථාපනය ලද ජාතික ආර්ථීක සභාව සහ උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ඒජන්සිය අහෝසි කර ජාතික ප්‍රතිපත්ති හා ක්‍රම සම්පාදන කාර්යාංශය ස්ථාපනය කෙරෙනු ඇත.
මෙම නව කාර්යාංශය ජනාධිපතිවරයාගේ මෙහෙයවීම මත හා මුදල් ඇමැතිවරයාගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කෙරේ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආර්ථිකය ගොඩගන්න අලුත් කාර්යංශය
ලියනගේ Friday, 20 December 2019 07:27 PM
ආර්ථීකය මෙහෙයවීම සඳහා මෙතෙක් පැවති ජාතික ආර්ථීක සභාව අහෝසි කර, ඒ වෙනුවට ජාතික ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදන කාර්යාංශය නමින් නව ආයතනයක් නම වෙනස් කළාට ආර්ථීකය ශක්තිමත් වන්නේ නැත. ජනතාව බලා සිටින්නේ රුපියල් 2500ක ආර්ථීකයකින් මාසයක් ජීවත්වන්න බලාපොරොත්තු ඇතිවය...
ලුම්බිණි Friday, 20 December 2019 11:07 PM
මේවට අලුතින් ආවත් එන්නේ අර පරණ කට්ටියම තමයි.
රවින් Saturday, 21 December 2019 02:55 AM
ඔය ආර්ථිකේ ගොඩ නංවන්න කියලා ඉස්සර හිටපු එක්කෙනෙක් නේද වැඩිපුරම 10% ගත්තේ? ආයෙත් එන්න හිතිලාද දන්නේ නැහැ වැඩේ පටන්ගන්න.
Amula Saturday, 21 December 2019 04:46 AM
ඔව් ඉතින් කොහොමත් අලුත් නමකින් ආවොත් තමයි යමක් කමක් කන්න පුළුවන්... මේ නහින දෙහින කාලෙ අයියා කියයි මේ විදිහට කියන්න මම සැලැස්ම දාගන්නම් කියලා. මේ ඔක්කෝටම ගේන්න ඕනේ පාකිස්තාන් නීතිය.
athula Saturday, 21 December 2019 05:56 AM
ඇයි නාමල්ට දුන්නනම් සේරම කරලා රවුමේ පදින්නත් පුළුවන් හැමෝටම රට වටේ, අපිට ආරංචි අවුරුදු 100ක් ඉපැරණි මිනිරන් පතල සමාගමකට දීලා කියලා.. එ්ක කොහොමද කලේ...? කුට්ටි පිටින් කඩාගෙන ඩොලර් 2ට කිලෝ එක දුන්නද? නැතිනම් නව තාක්ෂණය යොදාගෙන සුද්ද කරලා කිලෝ එක ඩොලර් 10000 සිට 25,000 දක්වා දෙන්න පුළුවන් විදිහට දියුණු කරන්න දුන්නද? ඔය වගේ ආර්ථික කමිටු කරපු කට්ටිය කියපු කතා අපි අහලා තියෙනවා.. රුපියල් 2500 කින් ජීවත් වෙන්න පුළුවන් වගේ කතා...