තරිඳු ජයවර්ධන
අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකිර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ උපදේශක සමාගම් හා අදාළ ගෙවීම් සම්බන්ධයෙන් විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයෙන් පත්කළ කමිටුවේ වාර්තාවේ පිටපතක් තොරතුරු කොමිෂන් සභාවේ නියෝගය පරිදි ප්‍රසිද්ධ ලියැවිල්ලක් ලෙස තිරු කුමාර් නඩේසන් මහතාට ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අද (02) කටයුතු කළේය.
එම කමිටු වාර්තාව සහ ඊට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉල්ලමින් තිරු කුමාර් නඩේසන් මහතා අමාත්‍ය මණ්ඩලයට තොරතුරු ඉල්ලීමක් යොමු කර තිබුණු අතර ජාතික ආරක්ෂාව ගැන සඳහන් කරමින් අදාළ තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේදී දීර්ඝ කාලයක් තිස්සේ අභියාචනා විභාගය පැවැත්විණි.
රහස්‍ය අවාරණයක් සහිතව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට එම තොරතුරු ඉදිරිපත් කරන ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව අමාත්‍ය මණ්ඩලයට කළ නියෝගයක් පිළිගත් අමාත්‍ය මණ්ඩලය අදාළ තොරතුරු මුදා හැරීමට එකඟතාවය පළ කර තිබිණි. මෙම තොරතුරු ජාතික ආරක්ෂාවට අදාළ නැති බව ආරක්ෂක අමාත්‍යංශය අද පිළිගත්තේය.
ඒ අනුව එම තොරතුරු මෙම අභියාචනය අද විභාගයට ගත් අවස්ථාවේ දී ප්‍රසිද්ධ ලියැවිල්ලක් ලෙස එහි අභියාචක තිරුකුමාර් නඩේසන් මහතාට මුදා හැරීමට විරෝධතාවක් නැති බව අමාත්‍ය මණ්ඩල කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දුන්නේය. අදාළ වාර්තාව මුදා හැරීමට තොරතුරු දැන ගැනීමේ කොමිසම අද නියෝග කළ අතර එය අද දිනයේම තිරු කුමාර් නඩේසන් මහතාට ලබාදීමට කටයුතු කර තිබිණි.
2011 සිට 2015 මැයි 31 දක්වා කාලයේදී අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළව මුදිත ජයකොඩි ඇසෝසියේට් (පෞද්ගලික) සමාගමට මුදල් ගෙවීම හා සම්බන්ධ තොරතුරු ද තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ නියෝග පරිදි මුදා හැරීමට ආරක්ෂක අමාත්‍යංශය හා අමාත්‍ය මණ්ඩලය කටයුතු කළේය.
අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව තොරතුරු කොමිසම හමුවේ පෙනී සිටියේය.
මෙම තොරතුරු මුදා හැරීම තොරතුරු පනත යටතේ සිදුවූ වැදගත් සිදුවීමක්යැයි තොරතුරු පනත සම්බන්ධ ක්‍රියාකාරීහු කියති. මෙම නියෝගය සහ අදාළ ආයතනවලින් තොරතුරු මුදා හැරීමට කටයුතු කිරීමත් සමඟ ජාතික ආරක්ෂාව සහ පෞද්ගලිකත්වයට හානි වන බව කියමින් තොරතුරු මුදා හැරීමට මැලිකමක් දක්වන රාජ්‍ය ආයතනවලට යලි සිතාබැලීමට සිදු වනු ඇතැයි ද ඔවුහු පවසති. තොරතුරක් ප්‍රතික්ෂේප කළ හැක්කේ සෑමවිටම පනතේ ප්‍රතිපාදනවලට අනුව බව ද තොරතුරු පනත සම්බන්ධ ක්‍රියාකාරීහු කියති.
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීම සම්බන්ධ තොරතුරු මුදා හරියි
DahamS Wednesday, 03 April 2019 04:15 AM
දුම්රිය නෙවෙයිද ලිස්ට් එකේ පලවෙනි ???