IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ආණ්ඩුවේ සංවර්ධන වැඩ ඉදිරි දෙසතිය තුළ යළි අරඹනවා

(අංජුල මහික වීරරත්න) 

අන්තවාදී ත්‍රස්තවාදයට කිසි විටක රටේ සංවර්ධනය ආර්ථික දියුණුව හෝ එදිනෙදා වැඩසටහන් හෝ නතර කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රත්නපුරයේදී සහතික වූයේය. 

ආණ්ඩුවේ සංවර්ධන වැඩ සියල්ලම ඉදිරි සති දෙක ඇතුළත යළි අරඹන ලෙස තමා නියෝග දී ඇති බව කී අග්‍රාමාත්‍යවරයා මීට පෙර පැමිණි අර්බුදවලට සාර්ථක අයුරින් මුහුණ දුන්නා සේම අන්තවාදී ත්‍රස්තවාදය ද මුලිනුපුටා දමන බව අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය රට පුරා ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සඳහා ඇරැඹූ රන් මාවත් වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි. 

රන් මාවත් වැඩසටහන අරඹමින් රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයේ (ශ්‍රීපාද මාවත) වැඩ ආරම්භ කිරීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි. 

රුපියල් ලක්ෂ 23120ක ආයෝජනයකින්  මාර්ගය ඉදි කෙරෙයි. 

රත්නපුරයේ පැවැති සමාරම්භක උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය. 

අද රන් මාවත් වැඩසටහන යටතේ රටපුරා මාර්ග 100ක ඉදිකිරීම් ආරම්භ කෙරෙනවා. මේ ප්‍රදේශයේ දෙමුවාවත පාලමක් විවෘත කෙරුණා. 

පලාබද්දල යනු ශ්‍රී පාදස්ථානය සඳහා යන මාර්ගයයි. මා අධ්‍යාපන අමාත්‍ය ලෙස කටයුතු කළ යුගයේ පලාබද්දල පාසල දියුණු කිරීමට කටයුතු කළා. එය එකල ලංකාවේ හොඳම පාසලක් ලෙස තිබුණා. නමුත් දැන් එවැනි තත්ත්වය නැති බව විජේතුංග මන්ත්‍රීතුමා පැවසුවා.
ශ්‍රී පාදස්ථානය වටා දියුණුව ගැන සොයා බැලීමට මා මේ දින දෙක ගතකළා. නල්ලතන්නි ප්‍රදේශයට ගොස් නල්ලතන්නි නගරයේ දියුණුව පිළිබඳව ප්‍රජාව නගරය ඇති කිරීම ගැන නව නගර සංවර්ධනය ගැන සාකච්ඡා කළා. සීත ගඟුල සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වෙලා. 
පළමුවෙන්ම සීත ගඟුල ආරක්ෂා කිරීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය සමඟ සාකච්ඡා කළ යුතුයි. ඒ සැලසුම් සකස් කළා. ඉන් පසුව රත්නපුරයෙන් ශ්‍රීපාදයට පිවිසෙන පලාබද්දල මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වැඩ ආරම්භ කළා. 

ක්‍රමානුකූලව ඊළඟ වසර කිහිපයේදී ශ්‍රීපාදස්ථානය වටා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම අපගේ අරමුණයි. වැසිකිළි දීම ජල  යෝජනා ක්‍රම ලබාදීම ආදිය කළ යුතුයි. සනීපාරක්ෂක කටයුතුවල විශාල අඩුවක් තිබෙනවා. 

වසරකට ශ්‍රීපාදස්ථානයට මිලියන තුනහමාරක පමණ පිරිසක් වෙනවා. ඒ නිසා මෙහි අඩුපාඩු සෑදීමට ක්‍රියා කරගෙන යනවා. 

රන් මාවත් වැඩසටහන ඇරැඹීමේ දින තීරණය කළේ මාර්තු මාසයේදීයි. පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා මේ වැඩකටයුත්ත කල් දාන්නදැයි සමහරුන් මගෙන් විමසුවා. කල්දැමීමට කිසිම හේතුවක්  නැති බව මා දැනුම් දුන්නා. මා පොලිසිය සහ බුද්ධි අංශ සමඟ කතා කළා. 
සිද්ධියට සම්බන්ධ බෝම්බ පිපිරවීමට සිටි පිරිස මියගොස් ඇති බවත් අනෙක් අය අත්ඩංගුවට ගෙන සිටින බවත් ඔවුන් මට දැනුම් දුන්නා. දැන් කරන්නේ මොවුන්ට උදව් කළ අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කිරීමයි. තර්ජන නැති නිසා මේ වැඩකටයුතු කරගෙන යාමට අප කටයුතු කළා. 

නල්ලතන්නියේ දියුණුව සඳහා සැලසුම් සකස් කිරීමේ උත්සවයකටද මා සහභාගී වුණා. ඇල්පිටියේ ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයකටද මා සහභාගී වුණා. ජනාධිපතිතුමාත් අම්පාරේ උත්සවයකට සහභාගී වුණා. 

අප මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යනවා. අයි.එස්. ත්‍රස්තවාදය එල්ටීටීඊ ත්‍රස්තවාදයට වඩා වෙනස් බව කිව යුතුයි. මේ ත්‍රස්තවාදයේ විශාල කණ්ඩයමක් නැහැ. මේ කණ්ඩායම අවසන් වූ පසුව තවත් කණ්ඩායමක පැමිණීමද නතර කළ යුතුයි. 

පිපිරවීම්වලින් ත්‍රස්තවාදීන් බලාපොරොත්තු වන්නේ විශාල ජීවිත හානියක් කිරීමයි. දෙවැනි අරමුණ වන්න් රටේ සංහිඳියාව, සාමය නැති කිරීමයි. ඔවුන්ගේ තුන්වැනි අරමුණ වන්නේ රටේ සංවර්ධනය හා ආර්ථික දියුණුව නැතිකර දැමීමයි. 

මේ සියල්ල කරන්න බලන්නේ ඒ පිපිරීමේ බලපෑමෙන් පමණක් නොව රට සාමාන්‍ය තත්ත්වයකට පැමිණීමට ඉඩ නොදී කඩාවැටීම ඇති කිරීමටයි. 

අප මීට මුහුණ දෙනවා නම් පළමුවෙන්ම සාමාන්‍ය තත්ත්වයට යා යුතුයි. මෙරට සාමයත්, සංහිඳියාවත් එදා ආරක්ෂා කිරීමට හැකි වුයේ  පූජ්‍ය පක්ෂය නිසයි. එය අප පිළිගත යුතුයි. සිද්ධිය ඇතිවූ කතෝලික පල්ලිවල පූජකතුමන්ලා කාදිනල්තුමා ඇතුළු ක්‍රිස්තියානි පූජක පක්ෂය කළ දේශනා නිසා කිසිවකුත් වෙනත් කණ්ඩායමකට පහරදිය යුතු යැයි සිතුවේ නැහැ. 

එදා මා මහානායක හිමියන්ට දුරකතනයෙන් කතා කර සාමය ආරක්ෂා කර ගැනීම සඳහා උපකාර කරන්නැයි ඉල්ලීමක් කළා. මෙය වූයේ පල්ලි අතර වුවද වැඩිපුරම සිංහල ජනතාව ඉන්නේ ගම්මානවලයි. ගමේ පන්සලේ උපකාර නැතිව සාමය ආරක්ෂා කරන්න බැහැ. 
මුස්ලිම් මෞලවි පැමිණ කාදිනල්තුමා හමුවුණා. හින්දු ආගමිකයන්ද තව වැඩකටයුතු කළා. ඒ අනුව එදා අප සාමය ආරක්ෂා කළා. නමුත් දැන් යන එක් එක් ප්‍රවෘත්තිවලට කලබලවී සංහිඳියාව ප්‍රශ්න ඇතිකර ගන්න ඉඩදිය යුතු නැහැ. 

අප සංහිඳියාවද ආරක්ෂා කළ යුතුයි. ප්‍රධානතම කාරණය වන්නේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන ගොස් මෙරට ආර්ථිකය දියුණු කිරීමයි. ඒ සඳහා අපගේ සංවර්ධන වැඩ පටන් ගත යුතුයි. කිසි දිනෙක අයි.එස්.අයි.එස්. සංවිධානයට අපගේ සංවර්ධනය නතර කිරීමට, ආර්ථික දියුණුව නතර කරන්නවත් එදිනෙදා වැඩසටහන අඩපණ කිරීමටවත් ඉඩදෙන්නේ තැනැයි මා මෙහිදී අවධාරණය කරනවා. අප මීට මුහුණ දෙනවා. 

ආණ්ඩුවේ සංවර්ධනය අවශ්‍යයි. අප වියදම් කරන මුදල් සියල්ල යන්නේ ගමටයි. අප විශාල ව්‍යාපෘති කළ විට ඒ මුදල් බොහෝවිට යන්නේ ජනතාවගේ අතටයි. ආනයනය හැර අනෙක් සියල්ල මුදල් පරිහරණයට එකතු වෙනවා. මේ කාර්යයන් නතර කරනවා නම් මුදල් නැතිව ආර්ථිකය අඩපණ වෙනවා. ත්‍රස්තවාදීන් කරන්න උත්සාහ කරන්නේද එයයි. 

පසුගිය මාස කිහිපය තුළදී අපට ප්‍රශ්නය වෙනත් ආකාරයකට පැමිණ තිබුණා. දෙසැම්බර් මාසයේදී අයවැය සම්මත නොකළ නිසා අප්‍රේල් මාසයේදී සම්මත කරන්න සිදුවූ නිසා කොන්ත්‍රාත්කරුවන්ගේ සහ අනෙක් අයගේ බිල් ගෙවීමට එදා දුන් මුදල් මදි වුණා. 

සිංහල අවුරුද්ද වනවිට මෙරට මුදල් නැතිවනු ඇතැයි සමහරුන් සිතුවා. කෙසේ හෝ මා ගත් පියවර නිසා අප්‍රේල් මාසයේ මුල් සතියේ දුන් මුදලින් නැවත මෙරට ආර්ථිකයත් සිංහල අවුරුදු වෙළෙඳාමත් දියුණු වුණා. අපගේ සංවර්ධන වැඩ ඉක්මනින් අරඹන ලෙස දැනුම් දුන්නා. මන්ත්‍රීවරුන්ටත් දැනුම් දුන්නා. එවිට සමාජයට මුදල් ලැබෙනවා. 

ඔක්තෝබර් කුමන්ත්‍රණය නිසා ආර්ථිකය කඩා වැඩුණා. අප යළිත් බලයට පැමිණ කඩා වැටුණු ආර්ථිකය ඔසවා තැබුවා. සංචාරක ව්‍යාපාරය ඔසවා තැබුවා. දැන් ත්‍රස්තවාදය නිසා ආර්ථිකය කඩා වැටෙන්න ඉඩදෙන්නේ නැහැ. 

මේ අංශවල සංවර්ධන වැඩ කටයුතු සියල්ලම කරන්නැයි මා දැනුම්දී තිබෙනවා. අමාත්‍යාංශවල වැඩකටයුතු කරන ලෙස දැනුම් දුන්නා. අයි.එස්. ත්‍රස්තවාදයට සංවර්ධනයවත් ආර්ථික දියුණුවවත් කඩාකප්පල් කරන්නට ඉඩදෙන්න බැහැ එදිනෙදා  ජීවිතය නතර කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. 

ආණ්ඩුවේ සංවර්ධන වැඩ සියල්ලම මේ සති දෙක තුළදී කරගෙන යා යුතුයි. සියලු දෙනාට  මේ ගැන නියෝග නිකුත් කළා. විවෘත කිරීම් තිබේනම් ඒවා කරන්න. මුල්ගල් තබන වැඩසටහන්  ආරම්භ කරන්න තිබේ නම් ඒ කටයුතු කරන්න.  රැකියා දෙන්න. 

ඒ සමඟම ආණ්ඩුව පොද්ගලික අංශ සමඟ වැඩකරනවා.  මුදල් පරිහරණය ඇතිකර ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනවා. අතැම්විට සිංහල ප්‍රදේශවලට පැමිණ ගනුදෙනු කරන්නට මුස්ලිම්  ජනතාවත් බයයි. 

සිංහල දෙමළ ජනතාව මුස්ලිම් ප්‍රදේශවලට යන්න බයයි. නමුත් අප කටයුතු කරගෙන යා යුතුයි. සාමාන්‍ය තත්ත්වයකට රට පත් කරනවා.  එසේ සාමාන්‍ය තත්ත්වයකට පැමිණ එදිනෙදා කටයුතු ගෙනයමු. 

කුඩා කඩ සාප්පු, ව්‍යාපාර ක්‍රියාත්මක කරන්න මධ්‍යම පරිමාණයේ සහ විශාල ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට ආයෝජන ගැනීමට යළි කටයුතු කළ යුතුයි. විදේශ ආයෝජනවල ඇත්තේ මාසයක දෙකක පසුබෑමක් පමණයි. ලොකුම ප්‍රශ්නය ඇත්තේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධවයි. ගමනාගමන උපදේශන අනුව ලංකාවට පැමිණීම සුදුසු නැති බවට නිවේදන නිකුත් කෙරුණා. ඒ නිසා සංචාරකයන් රටින් පිටපුණා. 

ඇතැම් තැන්වල මැයි මාසය වනවිට සංචාරකයන් අඩුවෙනවා. නැගෙනහිර සහ මහනුවර ප්‍රදේශවල තවමත් සංචාරකයන් ඉන්නනවා. පළමුවෙන්ම ශ්‍රී ලංකාවට පනවා ඇති ගමන් උපදේශය ඉවත් කරගත යුතුයි. “අනතුරුයි” යන වචනය ඉවත් කරගත යුතුයි. 

ජුනි මාසයේ සිට ලංකාවේ සංචාරක වැඩකටයුතු පිළිබඳ ප්‍රචාරයක් ආරම්භ කිරීමට තීරණය කළා. සංචාරක ව්‍යාපාරයේ ඉන්න පිරිසට දැන් ණය සහනදී තිබෙනවා. ගෙවීම් ගැන සහන  දී තිබෙනවා. බැංකු වලින් ණය ගෙන තිබේනම් ඊටත් සහන දෙනවා. අගෝස්තු වනවිට සංචාරකයන් නැවත රටට ගෙනැවිත් වැඩකටයුතු ඇරැඹීමට බලාපොරොත්තු වෙනවා. 

අපට ප්‍රශ්න ගණනාවක් තිබුණා. විශාල ණය බරක් තිබුණා. ණය ගෙවීමට ද සිදු වුණා. ආදායමක් නොලබන අලාභ ලැබූ හම්බන්තොට වරාය තිබුණා. දැන් ඒ වරායේ  බර ඉවත් කරලා. දැන් ප්‍රදේශයේ කර්මාන්ත කලාපයක් ඇරඹිය යුතුයි. 

ඒ ප්‍රදේශයේ මහා මාර්ග පද්ධතිය දියුණු කරනවා. වැඩිපුරම විදේශ ණය ගෙවන්න සිදු වුණේ පසුගිය වසරේදීයි. දැන් ණය බර අඩුවන අවස්ථාවේදී හොඳ අස්වැන්නක් ලැබුණු අවස්ථාවේදී අප තවත් අර්බුදයකට මුහුණ දුන්නා. අප මේ අර්බුදයෙනුත් ගොඩ එනවා. 

ඉකුත් හතරවැනිදා ලැබුණු තොරතුරු ගැන ක්‍රියාත්මක නොවීම ප්‍රශ්නයයි. අප එය පිළිගත යුතුයි. මේ කඩා වැටීම ඇති වුණේ ඒනිසයි. 
සිද්ධිය වූදා මා ආරක්ෂක හමුදා සහ පොලිසිය මුණ ගැසුණුවිට ඔවුන් තර්ජනයට මුහුණ දීමට සූදානම් බව දැන ගන්න ලැබුණා. අප ඊට ඉඩ දුන්නා. පැය කිහිපයක් ගතවීමට පෙර දෙමටගොඩදී සිද්ධියේ ප්‍රධානම පිරිස අත්අඩංගුවට ගෙන ඔත්තු සේවා අනුව අනෙක් පිරිසත් අල්ලා ගැනීමට හැකියාව ලැබුණා. 

අපගේ  ආරක්ෂාව දියුණු  කරගෙන යා යුතුයි. විදේශ රටවලින් උපදේශ ලැබෙනවා. තාක්ෂණය ගැන කියනවා. 

මේ ත්‍රස්තවාදය එල්ටීටීඊ ත්‍රස්තවාදයට වඩා වෙනස්  ක්‍රියාවලියයි. ඒ අනුව අප ආරක්ෂක පියවර ගත යුතුයි. සිද්ධිය ගැන සියලුම දෙනා කනගාටු වෙනවා. අපට ඒ ගැන දොස් අසන්න සිදුවී තිබෙනවා. තාමත්  අපට බනිනවා. 

අඩුවක් වූ විට දරුවන් මවුපියන් නැතිවූ විට එවැනි  දේ වෙනවා. නමුත් අඩුපාඩුකම් හඳුනාගෙන ඉදිරියට යා යුතුයි. 

රන් මාවත් වැඩසටහන ඇරැඹීම ගැන කබීර් හෂීම් ඇමැතිතුමාට ස්තුතිය පළ කළ යුතුයි. ඒ අනුව ගමේ කුඩා මාර්ග ඉදිවෙනවා. කබීර් හෂීම් මහතා ඇමැතිකම් කරන්න පමණක් නොව ලෝවැඩ සඟරාවෙත් කවි කියන්නත් දක්ෂයි. එතුමා සමඟ තරගයට කවි කිව්වොත් මා පරදිනවා. ඔහු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකේය යයි අප කියන්නේ ඒ නිසයි. 

ඒ. ඒ. ජේතුංග මන්ත්‍රීතුමාත් විශාල වැඩකොටසකට අතගසා  තිබෙනවා. ඔහුට අවශ්‍ය රත්නපුර දියුණු කිරීම යයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය. 

මහා මාර්ග සහ මාර්ග සංර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා: 

රන් මාවත් වැඩසටහන ඇරඹීම සඳහා අප රත්නපුරය තෝරා ගත්තා. පසුගිය රජය සමයේ මාර්ග ඉදිකිරීමට ජනතාවගේ ඉඩම් බලෙන් පවරා ගත්තා. අප ඒ ක්‍රමය නතර කළා.

 ජනතාවට වන්දි ගෙවීමට කටයුතු කළා. පසුගිය රජය සමයේ   හම්බන්තොටින් පවරා ගත් ඉඩම්වලට වන්දි පවා ගෙව්වේ අප විසිනුයි. 
ගමනාගමනය පිළිබඳව කඩිනම් වැඩපිළිවෙළක් හැදීමට අප කටයුතු කළා. ඒ අනුව ගම්මානවල මාර්ග ද අප ඉදි කරනවා. භෞතික යටිතල පහසුම් පමණක් නොව සමාජ යටිතල පහසුකම් ද අප සංවර්ධනය කරනවා. 

රුපියල් ලක්ෂ 800 බැගින් අප සෑම මැතිවරණ කොට්ඨාසයකටම මුදල් වෙන්කර තිබෙනවා. 

වෙහෙර විහාර ප්‍රවේශ මාර්ග සඳහා මුදල් වෙන්කර තිබෙනවා. 

ශ්‍රීපාදස්ථානයට යන මාර්ගය පිළිසකර කිරීම ඉතා වැදගත් කාර්යයක්. රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව ගත්තේ ප්‍රශ්න වැළැක් සමගයි. විශාල ණය කන්දක් සමඟයි. ස්වාභාවික ආපදා දේශපාලන කුමන්ත්‍රණවලට මුහුණ දුන්නා. 

ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීමට ත්‍රිවිධ හමුදාවට හැකිවුණා. තව සතිකිහිපයක් තුළ එය සහමුලින්ම අතුගා දමනවා. රණවිරු දීමනා 500කින් වැඩි කරන්න අප කටයුතු කළා. 

2019 අවසන් වනවිට රට දියුණු කිරීමේ වැඩපිළිවෙළට ලංවීමට හැකියාව ලැබිණි. ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂ ආයෝජනය කළ මුදලට වැඩි මුදලක් අප විසින් ආයෝජනය කරනවා. 

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය: 

රන් මාවත් සමාරම්භක උත්සවය රත්නපුරයේ පැවැත්වීම ගැන ස්තුතිවන්ත විය යුතුයි. මේ යටතේ ශ්‍රීපාද මාර්ගය ඉදිකිරීම සුවිශේෂියි. 
ශ්‍රීපාදයට යන මාර්ග තුනක් තිබෙනවා. පැරණිම මාර්ගය පලාබද්දල මාර්ගයයි. 

යහපාලන රජයේ බිහි කිරීමට අගමැතිතුමන් සියලු ශක්තිය දුන්නා. අද පක්ෂ බේදයෙන් තොරව සංවර්ධන කටයුතු කරනවා. පක්ෂ භේදයෙන් තොරව ජනතාවට වැඩ කරන ලෙස අගමැතිතුමන් උපදෙස් දී තිබෙනවා. පසුගිය කාලයේ අපේ ජනතාවට රැකියාවක් තබා රැකියා ඇබෑර්තු පෝරමයක් දිහා බලන්නවත් ඉඩ දුන්නේ නැහැ. 

අදමාධ්‍ය නිදහස අවභාවිත කරමින් සිටිනවා. ළඟදී බලංගොඩ මුස්ලිම් පල්ලියේ කඩු 1000ක් තිබුණා යැයි වැරදි පුවත් පළ කළා. අවසානයේ අපට  එය නිවැරදි කරන්න පවා සිදුවුණා. 

මහින්ද රාජපක්ෂ අද මාධ්‍ය මර්දනයක් ගැන කතා කරනවා. ඔවුන්ගේ යුගයේ ඝාතනය වූ මාධ්‍යවේදීන්ගේ සාක්කි පවා ඔවුන් විසින් විනාශ කරමින් සිටිනවා. 

අද අධිකරණයට කොන්ද කෙළින් තබාගෙන සිටින්න පසුබිම සකස් කරලා. අන්තවාදී කල්ලියක් විසින් ඇති කළ ත්‍රස්තවාදය නැති කිරීමේ අභියෝග බාරගෙන තිබෙනවා. 

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ඒ. විජේතුංග මහතා:

පසුගිය වසර 20 තුළ මේ ප්‍රදේශයේ කැබිනට් අමාත්‍යවරුන් රැසක් සිටියද ශ්‍රීපාද පිවිසුම දක්වා මාර්ගය ඉදිකරන්න නොහැකි වුණා. නමුත් අප අද ඒ මාර්ගය ඉදිකිරීම ආරම්භ කළා. 

මාර්ග හදන මුවාවෙන් අප මුදල් සාක්කුවේදා ගන්නේ නැහැ. අගමැතිතුමා කිසි දිනෙක නෑ බෑ කිව්වේ නැහැ. ප්‍රදේශයේ සංවර්ධනය සඳහා නොපැකිලිව සහයෝගය දෙනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා: 

රන් මාවත් වැඩසටහන යටතේ කුඩා මාර්ග 6000ක් ලංකාව පුරා ඉදි කෙරෙනවා. මේ මාර්ග පද්ධතිය නිසා ගමේ ආර්ථිකය දියුණුවට පත් වෙනවා. අගෝස්තු 31 වනවිට මහා මාර්ග 6000ම ඉදි කිරීම අපගේ අරමුණයි. 

පළමුවෙන්ම ශ්‍රීපාද පිවිසුම දක්වා මේ මාර්ගය ඉදි කෙරෙනවා. බුදුන් දවසත් ඒදඬු තැනීම, මංමාවත් ඉදිකිරීම, දිවා රෑ පිං ලැබෙන කාර්යයක් ලෙස දක්වා තිබෙනවා. විහාරාරාමවලට යන මාර්ග පවා මේ වැඩසටහන යටතේ සංවර්ධනය කරනවා. 

මාර්ග ඉදිකිරීමේදී සොරකම් කරන මුදල නැතිකර තිබෙන බව අවධාරණය කළ යුතුයි. මිලියන දස දහසක් පමණ මේ ව්‍යාපෘතියට වෙන් කරලා. 

උත්සවයට ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 



අදහස් (13)

ආණ්ඩුවේ සංවර්ධන වැඩ ඉදිරි දෙසතිය තුළ යළි අරඹනවා

puncha Tuesday, 14 May 2019 06:36 AM

සංවර්ධනය දෝරේ ගලලා ඉස්ලාම් ත්‍රස්තවාදී බලු කුක්කන් දමාගෙන සිංහලයන් නැතිකරන හැටි බලන් හිටිය ඔබට සතුටුද?

:       2       340

anura Tuesday, 14 May 2019 07:56 AM

අවුරුදු හතරක් තිස්සේ පොල් ගෑවද? දැන්ද සංවර්ධනය පටන් ගන්න යන්නේ?

:       0       0

Raveendra Tuesday, 14 May 2019 12:54 PM

අනේ මේ මොනවද දොඩවන්නේ අපේ මේ පිං හාමි...?

:       0       0

යූ.ඩී. Tuesday, 14 May 2019 01:00 PM

ආයෙත් මහ බැංකු මංකොල්ලයක් වත්ද?

:       0       0

chandima Wednesday, 15 May 2019 04:17 PM

ඔය සතිදෙක රබර් වලින් නේද හදලා තියෙන්නේ? අාපු දවස්වල කිව්වෙත් සති දෙකකින් කියලා. වෙන එකක් තියා මහනගර සංවර්ධනයට කියලා ඇමැතිවරුත් පත්කරලා පින්පඩි ගෙවනවා...

:       0       0

chandima Thursday, 16 May 2019 04:33 PM

ගෝනි එළුවා වගේනේ? මුල පිටුවේ දාසයයි මාසයයි, ඇතුලට ඇවිත් බැලුවම අසුවයි මාසයයි.

:       0       0

Bandara Friday, 17 May 2019 11:37 PM

මාර සංවර්ධනේ... කියලා වැඩක් නැහැ. අවුරුදු ගාණක් රට ආපස්සට නම් අරගෙන ගිහිල්ලා තියෙනවා.

:       0       0

de silva Saturday, 18 May 2019 02:09 PM

පසුගිය අවුරුදු 4 1/2ම බැරිවුණා දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක කිලෝමීටරයකවත් වැඩ නිමකරලා ජනතා අයිතියට පවරන්න. ඔබතුමාලා විවෘත කරපු කඩවත දක්වා කොටසත් ඉදිකරේ ඉස්සර තිබුණු ආණ්ඩුව, ඉතින් මොකක්ද ඉදිරි සති දෙකේ වෙන ප්‍රාතිහාර්යය? මට හිතනවා සමහරවිට මෙතුමාගේ කැබිනට් එකේ ඉන්න රිෂා කිව්වද දන්නේ නැහැ. ඉදිරි සති දෙකේ අල්ලා දෙවියෝ ලංකාවේ ජීවමානව පහළ වෙලා.., ලංකාවේ තෙල් උල්පතක් මවනවා කියලා... එතකොට අපිට සල්ලි වල පීනන්න පුළුවන් කියලා, 21 වෙනිදා ඔහුගේ ගෝලයෝ බිලි පූජාවක් දුන්නේ එ්කට කියලා...

:       0       13

sena Sunday, 19 May 2019 02:22 PM

නිදහසෙන් පසු ලංකාවේ බිහිවූ නායකයන් අතරෙන් රටට ද්‍රෝහිවු නායකයන් මොවුන්ය. බුද්ධි අංශ විනාශ කිරීම නිසා සිදුවූ දෙය පසුගියදා දැක ගත හැකි විය.2015න් පසු කිසිම වැදගත් සංවර්ධනයකට මුල පිරුණේ නැත. මෙය හිතා මතාම කෙරෙන වැඩ පිළිවෙලකි . මොවුන් බලයට පත්කළ අය මීට වගකිවයුතුය

:       0       0

nihal Monday, 20 May 2019 04:39 AM

බයිල ගහනවා ...හිතේ තියෙන්නේ රට කාබාසිනියා කරන්න

:       0       19

Wijesundera grance Wednesday, 12 June 2019 12:50 PM

දෙසැම්බර් මාසෙම පටන් ගත්තනම් හොඳයි නේද?

:       0       0

kalum Wednesday, 03 July 2019 09:01 PM

දින 100 යෙන් අවේ.දැන් අවුරුදු 4 ගිය .කෝ ඡන්දෙ ලංවෙනකොට තමා මතක්වෙන්නේ ...

:       0       0

chandima Thursday, 11 July 2019 01:11 AM

යළි අරඹනවා කියන්නේ, කලිනුත් අරඹලා තිබුණද? ඒ කොයි කාලේද? අපි නම් දන්නෙත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අධිකරණ ඇමතිටත් වාරණයක්
2024 අප්‍රේල් මස 24 498 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 504 1

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1047 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 248 3

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 411 1

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1885 2

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1661 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site