IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආණ්ඩුව විසිරී ඇති බව හැන්සාඩ් වාර්තාවෙන් තහවුරු වෙනවා

(ඩයනා උදයංගනී)


                නව අගමැතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ විශ්වාසභංගය බහුතර මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්තෙන් සම්මත වූ බව හා ආණ්ඩුව විසිරී ගොස් ඇති බව එම පාර්ලිමේන්තුව රැස්වූ පසුගිය නොවැම්බර් 14, 15, දිනවලට අදාළ හැන්සාඞ් වාර්තා මගින් තහවුරු වන්නේ යැයි හිටපු අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා ලංකාදීපයට පැවසීය.


                පාර්ලිමේන්තුවේ වූ සිද්ධීන් ගැන කවුරුන් කුමන අදහස් දැක්වූව ද ඒ පිළිබඳ නිල ලියවිල්ල වන්නේ හැන්සාඩ් වාර්තාව බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.


                හඬ අනුව ඡුන්දය ගෙන තීරණයක්දීමට සිදුවූයේ මන්ත‍්‍රීවරුන් ඡන්දය ගැනීමට ඉඩනොදී ඝෝෂා කරන නිසා බවට හා හඬ අනුව යෝජනාව සම්මත වූ බවට කතානායකවරයා කළ ප‍්‍රකාශ එහි ඉතා පැහැදිලිව සටහන් වී තිබෙන බව ද පාඨලී චම්පික රණවක මහතා කීවේය.


                මේ හේතුවෙන් අමාත්‍ය මණ්ඩලය විසිරී ඇති නිසා අග‍්‍රාමාත්‍යවරයා, ඇමතිවරුන් හා ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, සභානායක ආදී තනතුරු නොමැති බවට කතානායකවරයා කළ ප‍්‍රකාශය ද 15 වැනිදා හැන්සාඞ් වාර්තාවේ දැක්වෙන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.


                මේ සියල්ල සිදුවූයේ මන්ත‍්‍රීවරුන් 122 දෙනෙකුගේ කැමැත්තෙන් බව කී හිටපු අමාත්‍යවරයා මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවය ඡන්දයට බියවූයේ ඔවුන්ට බහුතරයක් නොතිබූ නිසා බව ද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.


                තත්ත්වය එසේ තිබියදී තම බලය රැකගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවය පාර්ලිමේන්තුව තුළ මිරිස්කුඩු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ක‍්‍රියාත්මක කරවමින් සිටින බව කී ඒ මහතා එවැනි කණ්ඩායමක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ පවත්වයිද යන්න සැක සහිත බව ද කීවේය.


                පාර්ලිමේන්තු කාරක සභා පත්කිරීමේදී ද ඒවායේ වැඩි නියෝජනයක් බහුතරය සිටින කණ්ඩායමට හිමි විය යුතු බව ද හිටපු අමාත්‍යවරයා පැවසීය.
                මේ වන විට කැබිනට් මණ්ඩලය විසිරී ගොස් ඇති නිසා අග‍්‍රාමාත්‍යවරයාගේ කාර්යාල වියදම් කප්පාදු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙන බව කී හිටපු ඇමතිවරයා ඇමතිවරුන්ගේ කාර්යාල කටයුතු අත්හිටුවීමේ යෝජනාවක් 30 වැනිදාට ඉදිරිපත් කරන බව ද කීවේය.


                එවැනි ක‍්‍රියාමාර්ග මිස රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදු කිරීමේ ක‍්‍රියාමාර්ග නොගන්නා බව ද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.



අදහස් (10)

ආණ්ඩුව විසිරී ඇති බව හැන්සාඩ් වාර්තාවෙන් තහවුරු වෙනවා

gunarathna Wednesday, 21 November 2018 02:12 PM

දැන් ආණ්ඩුව විශ්වාසභංගයෙන් පරදයි කියනවා. නීති විරෝධී ආණ්ඩුවක් කියනවා. සත්‍යග්‍රහ කරනවා. විපක්ශයට වෙලා ඉන්නවා.. යන්නකෝ උසාවි...

:       103       510

සේනක Wednesday, 21 November 2018 02:42 PM

මේ අය උසාවියට යන්නත් බයයි, ඡන්දයකට යන්නත් බයයි. ඒකෙන්ම පැහැදිලියි ප්‍රතිඵලය වෙනස් උණොත් ඊලඟට මේගොල්ලන්ට මොකක්ද වෙන්නේ කියලා.

:       12       314

Bamunuarachchi Wednesday, 21 November 2018 04:40 PM

ආණ්ඩුව විසිරී තිබෙනවානම් යන්න මහජන ඡන්දයකට.

:       5       171

sam Wednesday, 21 November 2018 06:15 PM

විසිරිලා නම් යන්නකෝ මහජන ඡන්දයකට !

:       6       200

athula Wednesday, 21 November 2018 06:23 PM

අපිට නම් ඔය කවුරු ආවත් එකම දෙය තමයි වෙන්නේ

:       17       7

BamunuarachchiWednesday, 21 November 2018 11:17 PM

හිතුවක්කාර ලෙස ජනතාව පැටවූ බදු බර ඔබට ප්‍රශ්නයක් නොවෙයිද? විශ්‍රාම වැටුපක් නොමැති එහෙත් තම පාරිතෝෂික මුදල බැංකුවේ දමාගෙන ඒ පොලියෙන් ජීවත් වුණු ජනතාවගේ පොලියට බදු ගසා ඇමතියන් වැටුප් සහ දීමනා වැඩිකරගෙන ඔවුන්ට බදු නිදහස ලබාගැනීම අසාධාරණයක් කියා ඔබට සිතෙන්නේ නැද්ද?

:       0       0

jaya Thursday, 22 November 2018 01:48 AM

දැන් අලුත් අගමැති පත්කරන්න...

:       0       0

rocky Thursday, 22 November 2018 02:36 AM

බමුණු මහත්තයෝ ඔයා මේ ගොඩ පෙරකදෝරු තර්ක දැම්මට, ඡන්දයක් තියන්න බැහැ ව්‍යවස්ථාවේ හැටියට. අනිත් කාරණාව කොහොමද ඡන්දයක් වුනත් පවත්වන්නේ මෙවැනි ආණ්ඩුවක් යටතේද? ලස්සනට තියෙයි! පොහොට්ටුවෝ විතරක් නෙමෙයි මේ රටේ තවත් බහුතර පිරිසක් ජීවත් වෙනවා.

:       0       0

rocky Thursday, 22 November 2018 08:08 AM

කොහොමද ඡන්දයක් තියන්නේ?? මහින්දම මේ ලඟදි කියල තියනවනේ අවුරුදු 41/2 ක් යනතුරු ඡන්ද තියන්න ව්‍යවස්ථාව අනුව බැහැ කියල. ඊට ඉහළ සර්වඥ භාෂිතයක්ති තියනවද? .

:       0       0

Chandra Thursday, 22 November 2018 08:35 AM

හොර ආණ්ඩුවක් විසිරවන්න දෙයක් නැහැනේ . ඒක නීත්‍යානුකූල නැහැනේ . ඒ නිසා ජනතාවට පව් නොදී විසිරෙන්න කියන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 133 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 290 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1229 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 166 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 372 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 340 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site