IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ආණ්ඩුව ගැන තීරණයක් ගන්න මන්ත්‍රීවරු හෙට පාර්ලිමේන්තුවේදී රැස්වෙති

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුව ලෙස ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් හෙට (18) පස්වරුවේ රැස්වී තීන්දුවක් ගැනීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීරණයේදී හෙට පස්වරු 2.00ට රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමට නියමිත බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ලංකාදිපයට පැවැසීය.

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් කැබිනට් අමාත්‍යවරුන් අද (17) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගනු ලැබූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හැර පක්ෂ නායකයින් සහ සියලුම කැබිනට් අමාත්‍යවරුන් එක්ව සිටි බවත් ඔහු සඳහන් කළේය.

මෙම රැස්වීමේදී මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනවරම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත්  පැවසූ මනෝ ගනේෂන් මහතා ආණ්ඩුව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බවත් සඳහන් කළේය.

එමෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වනවාද, මහ මැතිවරණයක් පැවැත්වීමට සහයෝගය දෙනවාද ආදි කරුණු සම්බන්ධයෙන් අවසන් තීන්දුව අද පස්වරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හමුවේදී ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.



අදහස් (28)

ආණ්ඩුව ගැන තීරණයක් ගන්න මන්ත්‍රීවරු හෙට පාර්ලිමේන්තුවේදී රැස්වෙති

Laksitha Paris Sunday, 17 November 2019 05:11 PM

දැන් ඇති නේද? යන්න.. දැන් සැපයි

:       655       815

Laksitha Sunday, 17 November 2019 07:41 PM

මොකද ?

:       57       12

RaveendraSunday, 17 November 2019 07:47 PM

ඔයාලා නම් කියයි. අපි අනේ පව්.

:       0       27

NishanSunday, 17 November 2019 11:44 PM

ඔවුන්ව තෝරා පත් කොට තිබෙන්නේ ඔහු නියෝජනය කරන ජන කොටස. ඔබ ඊට අයිති නැති වුන පළියට ඔහොම කියන්න අයිතියක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය නැති පරිසරයක නම් ඔය වගේ ප්‍රකාශ කල හැකියි. මේ එවැනි යුගයක ආරම්භයද කියන එක නම් දන්නේ නැහැ.

:       607       656

suranjithMonday, 18 November 2019 05:20 AM

පලා යන නිවටයන් නොවන බව මතකයේ තබා ගන්න

:       37       115

lankasri Sunday, 17 November 2019 07:10 PM

දැන් ඉතින් රට සංවර්ධනේ කියලා කරනකොට නගින ජීවන බරට කරගහන්න පසුගිය ආණ්ඩුවෙන් පඩිවැඩි කරපු රුපියල් 10000ක් පරිස්සම් කරලා තියාගන්න. බඩු ගණන් ගියාට ගෑස් 2000 පැන්නාට ගණන් ගන්න එපා.

:       225       257

Chanak los angeles Sunday, 17 November 2019 08:12 PM

කලබල නොවන්න. දකුණේ ඡන්ද පදනම ගැන සිතන්න. උතුරේ ජය නියතයි. ඊළඟ ජනපතිවරණයේ ජය සහතිකයි..

:       293       315

Nalaka Sunday, 17 November 2019 11:00 PM

තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය මෝඩයන්ට නොවේ!!

:       0       115

සමන් ඔස්ට්‍රලියා Sunday, 17 November 2019 11:20 PM

දැන් ගියොත් හොඳයි නේද

:       118       252

suranjithMonday, 18 November 2019 05:22 AM

ඔස්ට්‍රේලියාවට ගියේ බෝට්ටුවෙන්ද?

:       108       30

NImal Kostha Sunday, 17 November 2019 11:26 PM

ආණ්ඩුව දෙන්නේ නැත්තම් ජනාධිපතිතුමා ගැසට් කරලා හරි බඩු මිල 40% ක් වත් අඩු කරන්න මහත්තයෝ. බහු ජාතික සමාගම් වලට කඩේ ගිහින් බඩු මිල අඩු නොකරපු යහපාලනයට මාස 3 කින් එන මහ ඡන්දෙදි ජනතාව තවත් හොද පාඩමක් උගන්නයි .

:       365       349

Ashan Monday, 18 November 2019 01:40 AM

නිමල්, බලාගෙන ඉන්න බඩු මිල අඩුකරනකං. යහපාලන රජය කොච්චර සහන දුන්නද මිනිස්සුන්ට? පඩි 20% වැඩිකල එකම රජය. ඒ වගේම බොහෝ බඩුවල මිලෙහි අඩුවීමක් තියෙනවා 2015 පෙර සංසන්දනය කරද්දි. 40%බඩු මිල අඩුකල රජයක් ලෝකෙ කොහෙවත් නැහැ.

:       625       525

vidya Monday, 18 November 2019 02:10 AM

මොකක් වුණත් කමක් නැහැ හරි තීරණයක් ගන්න.

:       0       30

සඳුන් Monday, 18 November 2019 02:25 AM

මහ මැතිවරණයකට තිබෙන ලොකුම බාධකය බලය අතහැරීමත් වඩා නවක මන්ත්‍රිවරුන් රැසකට අහිමිවන විශ්‍රාම වැටුපයි .... දෙපාර්ශවයම ඒකට පසුපසට අදිනු නියතයි.

:       1       61

soma dubayi Monday, 18 November 2019 02:29 AM

ගරු අගමැතිතුමනි ආණ්ඩුව නම් ගෝඨාභයට දෙන්න එපා, අපේ යහපාලන රජය දිගටම කරගෙන යන්න.

:       61       75

lalithm Monday, 18 November 2019 02:46 AM

මේ මොහොතේ බොහෝ දෙනෙක් ජයග්‍රහණයේ හිමිකරුවෝ වෙනවා. එහෙත් කාලය සියල්ල තීරණය කරාවී. ලෝකේ කොයිම ආණ්ඩුවක් වත් බදු නොගෙන දුවන්න බැහැ. බඩු මිල පාලනය වෙන්නේ අයකරන බදු සහ වෙළඳ වාසිය අනුව. එහෙත් එජාප නායක තුමා නම් දැන් අයින් වෙන්නම ඕනේ.

:       2       116

MANIRA Monday, 18 November 2019 02:52 AM

ජන වරමට හිස නමා සතර වරම් දෙවි නාමෙන් යන්න.

:       17       154

suranjith Monday, 18 November 2019 05:26 AM

ජනවරම දීල තියෙන්නේ ජනාධිපතිවරයා මාරු කරන්න මිස තව මස 10 ක් ඉන්න පුළුවන් ආණ්ඩුව මාරුකරන්න නොවන බවත් ඔබ තවම දන්නේ නැහැ නේද.?

:       114       124

jayath Monday, 18 November 2019 03:44 AM

සමහර කට්ටිය හිටියා වෙන රටවල ඉඳගෙන ගෝඨාගේ පරාජය ගැන හීන දැක්ක උන්නැහේලා දැන් ඇනුණාම ඊළඟපාර ජයක් ගැන හීන දකිනවා.. කමක් නැහැ සිහින දැකීම කාටත් තියන ශුද්ධ අයිතියක්. සජිත්ව පරාද කරේ වටේ හිටිය පොරවල්... මුලින්ම ඒ අය කිව්වා මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා.. ඊට පස්සේ සම්බන්ධන්ලා ලවා කියෙව්ව්ව පුළුවන් නම් උතුරේ ඡන්ද නැතුව දිනලා පෙන්නන්න කියලා. අනික තමයි ගෝඨා ගැන මේ උන්නැහේලාට කියන්න තිබුණේ සුදු වාහන කතාවයි.. සිටිෂන් ෂිප් එක ගැන විතරයි. මිනිස්සුන්ට එක අහල එපා වුණා. මේ දෙකම පට්ටපල් බොරු කියලා තේරුම් ගන්න රාජිතලා වගේ අය අන්තිම දවස්වල රඟදක්වපු නාටකත් ඉවහල් වුණා. අපූරුම වැඩේ සජිත්ව ප්‍රමෝට් කරපු බණ්ඩාරගම උන්නැහේත්, මාතර හාදයත්, ඒ විතරක් නෙමෙයි... සජිතුත් ආසනෙත් පරාදයි...! මොනවා වුණත් ඩොලර් වලට කහින, කොටින්ට කඩේයන එන්.ජී.ඕ. අයට (මෙරට සහ පිටරට) දැන් ඉතින් වෙන අතක් බලාගන්න එක ශරීර සෞඛ්‍යයට ගුණවෙන්න පුළුවන්..!

:       125       202

arjuna -Galle. Monday, 18 November 2019 03:48 AM

ප්‍රජාතන්ත්‍රවාදයට අනුව සියලුම දේ සිදුකළවිට දිනපු අයටත්, අනෙක් අයටත් යහපතක් ඉටුවේවි... ප්‍රජාතන්ත්‍රවාදයට අනුව සිතන්න, වැඩකරන්න, ලියන්න බලන්න. හැම මිනිසෙකුටම සතුටෙන් ඉන්න පරිසරයක් හදන්න ඕනෑ.

:       0       10

Ramendra Monday, 18 November 2019 03:57 AM

දිනපු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලඟින් තියාගන්න. ඒවා ක්‍රියාත්මක කළොත් රටට හොඳක් වෙයි. ඊයේ මැතිවරණ කොමසාරිස්තුමා කිව්වෙත් එයම නේද?

:       0       7

Nimal Monday, 18 November 2019 04:46 AM

දැන් ඊළඟට, පාර්ලිමේන්තු ඡන්දෙන් තුනෙන් දෙකත් දීලා පළාත් සභාත් දීලා කට ඇරගෙන බලාගෙන ඉන්න.. පාර අද්දරටවෙලා බස්එක එනකම්.. ඒ අය වෙඩිනොවදින වාහනවල පාරේ වැරැදි පැත්තේ යනකොට...

:       0       80

Mahesh Monday, 18 November 2019 05:00 AM

වඩාත් සුදුසු දෙය වන්නේ රජයක් පිහිටුවන්න නව ජනපතිවරයාට ඉඩදී විපක්ෂෙට යෑමය. ප්‍රාදේශීය සභාඡෙන්දේදි සහ ජනාධිපතිවරණය හරහාද දෙවරක් රජය ප්‍රතික්ශේප වී තිබේ. ජනාධිපතිවරයාට අවශ්‍ය විදියට පෙබරවාරි හෝ අගෝස්තු වෙන තුරු රජය ගෙනියන්න සහයෝගය දෙන්න. ඒවගේම රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත්වී දේශපාලනයෙන්ද සමුගත යුතුය. රටට වැඩකුත් නැත පක්ෂයට වැඩකුත් නැත. සජිත් හෝ අලුත් නායකයෙක් සමග කටයුතු කරන්න පක්ෂයට ඉඩ දිය යුතුය.

:       1       61

sudelmi Monday, 18 November 2019 05:53 AM

අපි බලන ඉන්නේ 1. මහා බැංකු හොරු හිරේට යවනකම් 2. බදු මිල අඩු කරනකම් 3. USA ගිවිසුම අහෝසිකරනකම් 4. රුපියලේ අගය වැඩි වෙනකම් බලන්න දැන් මොකද වෙන්නේ කියලා...

:       0       58

chinthana Monday, 18 November 2019 06:48 AM

කවුරු ජනාධිපති වුනත් අගමැති රනිල්. මේ ආණ්ඩුවට දුන් ජනවරම තවම ඉවර වෙලා නෑ. ඒ නිසා ජනවරම ඉවර වෙන තෙක් ඉන්න එක තමා සුදුසු. බහුතරය ආණ්ඩුවට තියනවා, වෙල්ගම ඇතුළු කීප දෙනෙකුත් ඉන්නවනේ එජාප පැත්තට.

:       4       2

Chandi Monday, 18 November 2019 06:52 AM

අයෙත් අවුරුදු 15ක් වත් යුඑන්පි එකට එන්න බැහැ.

:       55       32

chandu Monday, 18 November 2019 12:30 PM

ඔය යහපාලන ආණ්ඩුව ගත්තේ බොරු කියලා, මිනිස්සු ගොනාට අන්දලා, රත්තරන් අශ්වයින් ගැන කියලා, අර සෝභිත හාමුදුරුවෝ රවට්ටලා. යූ.එන්.පී. කෙනෙකුට දිනන්න බැරි නිසා මෛත්‍රීපාල වගේ පාවාදෙන්නෙක් හොයාගෙන මිනිස්සුන්ව ඇන්දුවේ. ඇවිල්ලා සාලාවේ අවි ගබඩාව පිපිරෙව්වා. මරු යහපාලනේ.... දැන්වත් ගෙදර යන්න.

:       0       21

Chanak los angelesTuesday, 19 November 2019 06:18 AM

එතකොට අර හිටපු අගවිනිසුරු කෙනෙක් අනේ මට සමාවෙන්න මම නිසයි අහවලා දැන් එළියේ ඉන්නේ කිය කියා ප්‍රසිද්ධියේ රට වටේම ගියේ ඇයි ආ? ඒවත් බොරුද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 881 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 168 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1049 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1089 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1380 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1230 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site