IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුකාරවරයා මාරු කරන්න එපා’යි මුතුහෙට්ටිගම ඉල්ලයි

 (යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද)
‘දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සඳුදා ඉඳලා අපට නැහැ. එතුමා මාරුකරන්න එපා කියා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලිමක් කළා..‘ යැයි ගාල්ල දිස්ත්‍රික් එ.ජ.නි. සංධානයේ මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා  පවසයි.

 අද (03) මන්ත්‍රිවරයාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය. මේ පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද කිවේය.

‘දකුණු පළාතේ ආණ්ඩුකාරවරයාගේ ග්‍රහයා නිච වෙලා.. මහවිශාල ශබ්දයක් දාගෙන ඇවිත් විශාල වැඩ කොටසක් කළා. නිදිමරාගෙන වැඩ කළා. ඒ  වෙනුවෙන් කැපවුණා. මහ ඇමැතිවරු, ඇමතිවරු හිටියත් නොකරපු වැඩ කොටසක් කළා. නමුත් එතුමා සඳුදා ඉඳලා අපට නැහැ.. ජනාධිපතිතුමාගෙන් ඉල්ලිමක් කළා එතුමා මාරුකරන්න එපා කියලා.

ජනාධිපතිතුමා එයට ඇහුම්කන් දුන්නා. තවත් අයගේ බලපෑම් තියෙනවලු හොරකම්, වංචා, දුෂණ තියෙනවා නම් ඕනෑම තීන්දුවක් ගන්න කියා... අපි කිව්වා රැකියා දීපු එවා ගැන ගැටළුවක් තියෙනවා නම් කියන්න කියලා.

 හිටපු ඇමතිවරු රැකියා දීපු විදියයි, මෙතුමා රැකියා දිපු විදියයි බලා තීන්දුවක් ගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට සාධාරණ විදියට ඒ කටයුත්ත ඉෂ්ඨ කරලා තියෙනවා. දකුණේ ආණ්ඩුකාරයා වෙනුවෙන්  අපි කොළඹට යනවා.

ජනාධිපතිතුමාගේ නිල නිවසට ගිහින් කියනවා මේක කරන්න එපා කියලා. මේ තරම් කැපවූ ආණ්ඩුකාරයෙක් නැහැ. මේ ඡන්ද පෙනිපෙනී  මාස කිහිපයක් ගොඩනගාගත්තු දේවල් සියල්ල විනාශ කරලා...  මම වත්, ජනාධිපතිතුමාවත් නෙවෙයි ඒ මිනිසුන් ටික හසුරුවා ගත්තේ  අලුතෙන් බඳවාගත්තේ, බැඳීමක් ඇතිකරගත්තේ  ආණ්ඩුකාරතුමා.. එතුමා ගියාට පසු මේ පැත්ත පාළුවෙලා යාවි... හිටපු ආණ්ඩුකාරවරු  ගොඩක් දකුණේ හිටියා සත පහක වැඩක් කළේ නැහැ. වැඩක් කරපු එකම මිනිහාගෙන් පළිගන්න හදන එකට අපි විරුද්ධයි. ඇමතිවරු නොකරපු වැඩ මෙතුමා ඉතා කෙටිකාලයකින් ඉටු කළා. දකුණේ ආණ්ඩුකාරයා  ඉවත් කරන්න එපා. ඒ විදියටම අපට ලබාදෙන්න කියලා ඉල්ලිමක් කරනවා. ඉල්ලා අස්වෙන්න කියන නියෝගය ජනාධිපති ලේකම් භාරදිලා... මා දන්නේ නැහැ උත්තර යැව්වාද කියලා? අපි ඉල්ලීමක් කළා සඳුදා වනතෙක් යන්න එපා කියලා..  කැපිලි කෙටිලා හැම තැනම අපේ පක්ෂයෙත් ඒක කරනවාට අපි කැමති නැහැ..‘‘ යැයි  මන්ත්‍රීවරයා පැවසීය.



අදහස් (4)

ආණ්ඩුකාරවරයා මාරු කරන්න එපා’යි මුතුහෙට්ටිගම ඉල්ලයි

Bamunuarachchi Saturday, 03 August 2019 10:47 AM

ඔය එන්නේ කතාව එළියට... පසුව අදහස් ලියන්නම්.

:       5       2

අසන්ක Saturday, 03 August 2019 01:23 PM

වැඩක් කරන්න කැපවුණු මිනිහෙක් අයින් කරනවා කියන්නේ හෙන ගහන අපරාධයක්....

:       0       22

MDSaturday, 03 August 2019 05:05 PM

එයාලා කරන පව් එයාලා ගෙනියයි. ඔබතුමා නිරපරාදේ හෙනගහන කතා කියලා පව් නොකර ගන්න. මෙය කාරුණික ඉල්ලීමකි. ස්තුතියි...!!!

:       0       0

රවින් Sunday, 04 August 2019 11:15 AM

මොකෝ සිංහරාජේ වන සතුන් ඉවරද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 226 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 89 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 156 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 190 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 262 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 364 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1497 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site