IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අවවාද දිය යුතු අයගේ දඩයම පොලිස් කූඩුවෙන් නතර වෙයි

( දිල්රුක්ෂි ග්‍රේරු)

ඇඳිරිනීතිය පවතින අවස්ථාවේදී   දඩයමේ ගිය  ගුරුවරයෙක්, හිටපු ප්‍රාදේශිය දේශපාලනඥයෙක්, යුද හමුදා සෙබළෙක් ඇතුළු සිව් දෙනකු  ගෝන මස් හා ගිනි අවියක් සමඟ  ලග්ගල පල්ලේගම රාවණාගම ප්‍රදේශයේදී  අද  (31) අත්අඩංගුවට ගත් බව ලග්ගල අඩවි වන කාර්යාලය කියයි.

ඔවුන් සතුව තිබී  ගෝන මස් කිලෝ 6 ක්, තලගොයි මස් කිලෝ 2 සහ ගිනි අවියක් වන අඩවි නිලධාරීන් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම  සැකකරුවන්ගෙන් ගුරුවරයා එම ප්‍රදේශයේම පාසලක ඉගැන්වීම් කරන පුද්ගලයකු බවත්  යුද හමුදා සෙබළා නොච්චියාගම ප්‍රදේශයේ  යුද හමුදා කඳවුරක සේවය කරන එම ගම්මානයේ පදිංචි  යුද හමුදා සෙබළෙක් බවත් අනාවරණය වී තිබේ.
 
හිටපු ප්‍රාදේශිය දේශපාලනඥයා පසුගිය කාලයේදී ප්‍රදේශිය සභාවේ සිටි අයකු වන අතර අනෙක් පුද්ගලයා  ලග්ගල  ප්‍රදේශයේම පදිංචි අයෙකි.
 
ඇඳිරිනීතිය පවතින අවස්ථාවේදී මෙවැනි ජාවාරමක් සිදු වන බව ලග්ගල අඩවි වන කාර්යාලයට ලැබුණු තොරතුක් මත විල්ගමුව අඩවි වන කාර්යාල නිලධාරීන් හා ඒකාබද්ධව  කළ වැටලීමකදී මොවුන් සිව් දෙනා අත්අඩංගුට ගත් බව අඩවි වන කාර්යාලය සඳහන් කළේය.
 
රටේ මෙතරම් අවදානම් තත්තවයක්  පවතිද්දි  ඇදිරිනීතිය පනවා ඇති අවස්ථාවන්හිදී මෙවැනි ක්‍රියාවන් සිදු කිරීමට සම්බන්ධයෙන් ඔවුන්ට දැඩි දඩුවම් පැනවීමට කටයුතු කරන බව ලග්ගල වන සත්ව අඩවි ආරක්ෂක ස්ථාන භාර නිලධාරී  එස්.ඩබ්ලිව් සංජීව මහතා  පැවසීය.



අදහස් (5)

අවවාද දිය යුතු අයගේ දඩයම පොලිස් කූඩුවෙන් නතර වෙයි

chandima Tuesday, 31 March 2020 10:40 AM

ඔය ඉන්නේ හරක් රැළක් වගේ එකට තුරුල්වෙලා. මෙච්චර කියද්දී.

:       1       13

Kuma Tuesday, 31 March 2020 12:58 PM

මොන ලෙඩ ආවත් කමක් නෑ පොටෝ එකට මූණ දාගන්න එපායැ

:       0       0

RaveendraTuesday, 31 March 2020 01:58 PM

සහතික ඇත්ත... අඩු තරමින් මෙම චායාරූපය ගත්ත අයටත් එය නොතේරීම අරුමයකි....

:       0       0

Wijaya Abeywardena Tuesday, 31 March 2020 12:11 PM

ලකුණු දෙනවා නම් ප‍්‍රසිද්ධ වෙන්න තියෙනවා නම්, සල්ලි දෙනවා නම් කොරෝනා නෙවෙයි, එබෝලා හැදුණත් එකට ඉන්නවා. මෙයාලා තමයි අනෙක් අයට මීටරයේ දුර කියලා දෙන්නේ. මෝඩයින්ටම ගිය රට...

:       0       7

Dilina Tuesday, 31 March 2020 12:59 PM

ඇත්තටම කරන්න ඕනා මේ වගේ අයගේ ජායාරූප මාධ්‍යවල පළකිරීම

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 66 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 346 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 1144 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 594 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 95 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1608 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site