IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


’අවමඟුලට ගිය අය අතරින් නව පොකුරක් මතුවුවෙහාත් නඩු දානවා’

විනීතා එම් ගමගේ

අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමඟුල් කටුයුතුවලට සහභාගි වූ කිසිවෙකුට හෝ කොවිඞ් 19 ආසාදනය වී නව රෝගීන් පොකුරක් මතුවුවහොත් නිරෝධායන පනතේ රෙගුලාසිවලට පටහැනිව යමින් කටයුතු කිරීම පිළිබදව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නඩු පවරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවයි.  

එම අවමඟුලේ කටයුතු සංවිධානය කරමින් සිටි එක් පුද්ගලයෙක් නිරෝදායන පනතේ නිසි බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවා දුරකතනයෙන් තර්ජනය කළේ යැයි තම සංගමය වෙත වාර්තා වී ඇතැයි ද හෙතෙම කියයි.

මියගිය අයෙකුගේ මෘත ශරීරය විකුණාගෙන කමින් දේශපාලන බලය ලබාගැනීම සදහා ඡන්ද සිඟමනේ යෙකෙනවාට අමතරව නීති ගරුක රාජ්‍ය නිලධාරින්ගේ රාජකාරිය බාධා කිරීමට තරම් සමහර පුද්ගලයින්ට බලය ලබාදී ඇත්තේ කවුරුන් දැයි සොයා බලා නිසි පියවර ගන්නැයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කියයි.

මෙම පිරිස සියලූ නිරෝධායන නීති හා සෞඛ්‍ය උපදෙස් අමු අමුවේ උල්ලංඝණය කළ බව රටම දන්නා  බවත් තවමත් රට අනතුරක පවතින අවස්ථාවක මෙවැනි විසූක දස්සන වලට එරෙහිව සමස්ත රට පුරා පක්ෂ විපක්ෂ සියලූ කණ්ඩායම් වෘත්තිකයන් සහ සියලූ ජන කොටස් පෙළ ගැසිය යුතු යැයි ද ඔහු සදහන් කරයි.

ආරම්භයේ සිටම කොවිඞ් 19 ව්‍යාප්තියට එරෙහිව දිවා රෑ නොබලා කටයුතු කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, ඇතුළු ⁣ක්‍ෂත‍්‍ර නිලධාරින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල, රෝහල් කාර්ය මණ්ඩල තවත් හෙම්බත් කරවන මෙවැනි අනවශ්‍ය කටයුතු රටට වැරදි පූර්වාදර්ශ සපයා ඇතැයි ද ඔහු ගේ අස්සනින් යුතුව නිකුත්  කරන ලද නිවේදනයක සදහන් වේ.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල, අනෙක් රාජ්‍ය අංශ මෙන්ම මහජනතාවද පසුගිය කාලය පුරා සිදුකල කැපකිරීම් තුට්ටුවකට මායිම් නොකරන මෙම අසික්තිත දේශපාලන ව්‍යාපෘතිය මියගිය තොණ්ඩමන් මහතාට කරන විශාල අගෞරවයක් බවත් මේ වැරදි ආදර්ශ නිසා සමස්ත ජනතාවගේ කැප කිරීම අඩුවී ඇතැයි පර්යේෂකයින් පෙන්වා දෙන බවත් ඔහු තම නිවේදනයේ සදහන් කරයි.  



අදහස් (82)

’අවමඟුලට ගිය අය අතරින් නව පොකුරක් මතුවුවෙහාත් නඩු දානවා’

saman Sunday, 31 May 2020 07:59 AM

ඔබතුමාට මගේ ආචාරය... රටේ නීතිවලට ගරු නොකරන මෝඩ කල්ලතෝනින් ඔවුන්ගේ මව්රට වන තමිල්නාඩුව දෙස බලාවත් පාඩමක් ඉගෙන නොගැනීම කණගාටුවට කරුණක්...

:       3       803

lalSunday, 31 May 2020 09:43 AM

කොන්දක් ඇති මිනිසුන් තවමත් සිටියි. “උස්තැන් දැක හැකිලෙන්නේ. මිටිතැන් දැක පුප්පන්නේ. නිවටුන් බව සිතමින්නේ. මගේ පුතා ලොකුවන්නේ“ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි කිව්වේ එහෙමයි.

:       2       310

lankaSunday, 31 May 2020 11:19 AM

ලොකුතුමා හිතුවේ මුඛවාඩම් නැතුව ගිහින් ඉන්දියන් කොඩියට ආචාර කරපුවාම රටේම ජනතාවගේ ඡන්දෙ ලැබෙයි කියලා...

:       2       161

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 31 May 2020 08:01 AM

මෙන්න සැබෑ මානව හිතවාදියෙක්. උපුල් රෝහණ මහතාටත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයටත්, අපගේ ප්‍රණාමය...!

:       14       807

විජිත් Sunday, 31 May 2020 08:27 AM

ඔව් සමිත, කාලයකින් උදාර මිනිසෙක් දැක්කා.

:       2       513

සමිත සේනක අලුත්ගමගේ.Sunday, 31 May 2020 08:56 AM

ඇත්තමයි විජිත්... ඒ මහතාගේ තිබෙන උදාර ගතිය තමයි උස් තැන් දැක හැකිලෙන්නේ නැති එක... ඒක බොහෝ අයට නැහැ. උතුම් මිනිසුන්ගේ ජාන වලින්ම තමයි එය එන්නේ. සිද්ධිය ගැන අපට පහදන්න කිසිම දෙයක් නැහැ. නියමෙටම සියළුම ටික ඇතුළත්ව තිබෙනවා. මෙවන් සිංහයන් තමයි අපගේ පාර්ලිමේන්තුව තුළ සිටින්නට අවශ්‍ය...

:       0       163

විජිත් Sunday, 31 May 2020 12:40 PM

සමිත, ඒ වගේ උත්තරීතර පාර්ලිමේන්තුවක් අපි චූටි කාලේ තිබුණා. දැන් ගෝල්ෆේස් එකේ තියෙන පරණ නමුත් මහාගාම්භීර ලෙස නැගීසිටින ඒ පාර්ලිමේන්තුවේ හිටියාලු බොහොම අවංක, උගත්, බුද්ධිමත්, රටට ආදරේ කළ, මහජන නියෝජිතයින්... නමුත් ජේ.ආර්. ගේ අලුත් සෝභන පාර්ලිමේන්තුව මට නම් හිතෙන්නේ "මහා ශාපයක් "කියලයි... මම ටිකක් හොයලා බැලුවා ඔය අලුත් පාර්ලිමේන්තුව විවෘත කළදා සිට අපේ රටට වුණු විනාශයන්... අපමණයි කියලයි මට නම් හැඟෙන්නේ... දවසක් මට මගේ හිතවත් මිතුරෙක් (මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ ආචාර්යවරයෙක්) ලස්සන කතාවක් කිව්වා. ඉස්සර අපේ පැරණි අය අතරේ " වාස්තු විද්‍යාවට බලපාන නොයෙකුත් මතවාද, ඇදහිලි තිබුණාලු. නවීන විද්‍යාවටත් සමහර ඒවා බොරු කියලා ඔප්පුකරන්න බැහැයිලු. එයා ඒකතාව අවසන් කලේ "දැන් බලන්න අපේ පරණ පාර්ලිමේන්තුව තියෙනකොට රට ලස්සනට ෆන්ක්ෂන් වුණා.. දියවන්නාවේ භූත මාලිගාව හදපු දවසේ ඉඳලා අපේ රට නැතිවුණානේ.. යුද්ධ කීයක්ද..? මිනී කීයක් මැරුණද..?

:       0       135

සමිත සේනක අලුත්ගමගේ.Sunday, 31 May 2020 02:02 PM

විජිත්, කතාව සහතික ඇත්ත. මාත් සිටින්නේ ඔය මතයේ... මාත් එවන් දේ ගැන පර්යේෂණ කරන කෙනෙක්. ගුප්ත විද්‍යා වගේ දේ බොරු නොවෙයි. ඒවාට හොරුන් රිංගලා. මනෝ විකාර කාරයින් ජනතාව රවටා මුදල් ගරනවා. සත්‍ය වෙනම දෙයක්. මේවැනි දුර්ලභ අවස්ථාවන් කිහිපයක් විද්‍යාත්මකව මා සොයාගෙන තියෙනවා. එක්තරා පුවත්පතක විශේෂාංගයක් ලෙස පලකිරීමට මගෙන් ඉල්ලා සිටියා. ඒත්, ඒක මේ රටේ කළ නොහැකියි. එයට හේතු ඔයා දන්නවා. එය පර්යේෂණ ග්‍රන්ථයක් ලෙස දියුණු රටකට දීමට සිතා සිටිනවා.

:       0       36

tharinduSunday, 31 May 2020 09:39 AM

හරක් හොරු සහ ආපනශාලා කප්පන්කරුවන් කීපදෙනෙක් ඇරෙන්න බහුතරයක් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු රාජකාරිය හොඳට ක්‍රියාත්මක කරනවා..

:       1       176

Dayan Sunday, 31 May 2020 08:11 AM

මේකේ මූලාරම්භය කලේ අගමැතිතුමායි.

:       74       1155

sandunSunday, 31 May 2020 10:05 AM

මේක විතරක් නොවෙයි .. ඔක්කොම විනාශ කලේ ගෝත්‍රිකයින්ම තමයි...!!!

:       216       519

චමින්දSunday, 31 May 2020 12:34 PM

දයාන් හරියටම හරි, අාප්ප වෙනුවට පුතා පත්කරනවා කිව්වම, එයාට රටේ නීතිත් අමතක වුණා නම් බලයක් ලැබුණොත් මොනවා නොකරාවිද?

:       0       203

Vipula Sunday, 31 May 2020 08:22 AM

දේශද්‍රෝහියෙක් වෙන්නද හදන්නේ?

:       234       510

jagathSunday, 31 May 2020 08:58 AM

විපුල ඔබ කිව්ව කතාව හරි... කිසිකෙනෙක් ඔබව අනුමත නොකරාට... රාජපක්ෂලා කරන වැරදි දෙයකට විරුද්ධව නැගී හිටි සියලු දෙනාගේ දෛවය වුනේ දේශද්‍රෝහීන් ලෙස ලේබලය යටතේ දඬුවමට ලක්වෙන්නේ...

:       205       461

samareSunday, 31 May 2020 09:13 AM

ඔබ හරි.. නරක වැඩ කරන රජය විවේචනය කිරීම වනාහි දේශද්‍රෝහී ක්‍රියාවකි.

:       170       484

විජිත් Sunday, 31 May 2020 08:24 AM

කාලයකින් අසන්නට ලැබුන නිර්භීත ප්‍රකාශයක්. මෙවැනි නිර්භීත ප්‍රකාශයක් කරන්න (මම බොහොම ගරුකරන මහත්මයෙක්..) අනිල් ජාසිංහ මහත්මයාටවත්, පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් මහත්මයාටවත් නොහැකි ඇයි කියන ප්‍රශ්නය මට තියෙනවා. දියුණු රටවල මේ වගේ දෙයක් වුනොත් වගකිවයුතු නිලධාරීන් ඉල්ලා අස්වෙනවා හේතුව සඳහන් කරලා.. මිනි විකුණාගෙන කන බිස්නස් එක හැර මේ රටේ පාලකයින් යයි කියාගන්නා මෝඩයින්ට වෙන මොනවාද කරන්න දන්නේ..? සමාවෙන්න ඒ ගොල්ලෝ දන්නා, කරන වැඩ ටිකක් නම් තියෙනවා. රටේ ඉඩම් විදේශිකයින්ට විකුණා මුදල් හොරකම් කිරීම, අල්ලස්, කොමිස් ගැනීම, රටේ ඉඩම් කොල්ල කා ගැනීම සහ මිතුරන්ට ලබාදීම. විදේශයන් සමග රටට අතිශයින්ම අහිතකර ගිවිසුම් ගැසීම, තමා වැනිම තමන්ගේ නූගත් මෝඩ දරුවන්ට උසස් තනතුරු ලබාදීම... ඒ වගේම තමයි තමන් වගේම මෝඩ රැලක් ආණ්ඩුවට එකතුකරගෙන රට කෑම. මේ අවාසනාවන්ත ඒ වගේම අවධානම් තත්වය රටවැසියන්ට වටහිලාද? නැද්ද? කියන්න මම දන්නේ නැහැ. එ්ත් දැනටත්... අපි පරක්කුවෙලා... කෝච්චිය ගිහින්..

:       17       711

පූජා Sunday, 31 May 2020 12:07 PM

විජිත්, ඔබතුමා සහ අනෙකුත් පාඨක භවතුන් ලියා අදහස් කියවීමේදී මගේ සිතටත් කිසියම් අදහසක් ආවා. ලංකාවේ "දේශපාලනය " තරම් අප්පිරියා විෂයයක් තවත් නැහැ මට නම්.. ඒත් යමක් කියන්නට සිතුණා.. බටහිර රටවල අප භුක්ති විඳින විවේචනය කිරීමේ නිදහස ඇත්තටම මෙහි තිබේද? පසුගිය දවසක නිරෝධායන නීති උල්ලංඝනය කළ ආණ්ඩුවේ උසස්ම නිලධාරියෙක් වූ " ඩොමිනික් කමින්ග් "මහතාව විවේචනය කල විවාදය අප සියලු දෙනාම අසාවෙන් නරඹපු වැඩසටහනක්. මට දැනගන්නට ලැබුණා ලංකාවේ රූපවාහිනී චැනල් වල පවා මේ ගැන සඳහන් වුණා කියලා. මාධ්‍යවේදීන් අසන ප්‍රශ්නවලට උත්තර දීගන්න බැරිව, ඔහු පත් වූ අපහසුතාවය අප මැනවින් දුටුවා. මාධ්‍යවේදීන්ගේ සහ ජනතාවගේ තදබල තර්කය වූවේ රජයේ උසස් අයට එක නීතියකුත්, සාමාන්‍ය මිනිසුන්ට වෙන නීතියක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලයි...

:       0       123

විජිත් Sunday, 31 May 2020 05:18 PM

ඔව් පූජා, ලංකාව තමයි ලෝකයේ සුන්දරම රට... ලෝකයේ අපි තැන් තැන් වල විසිරිලා ඉන්නේ. ඔබ ජීවත්වන රටයි, මම ජීවත්වන රටේ මම සිටින තැනයි අතර දුර (අහසින්) කිලෝමීටර් 350 යි. නමුත් කිලෝමීටර් 8500ක් දුර තියෙන ශ්‍රී ලංකාව ගැන මම හැම තත්පරයේම අවධියෙන් සිටින්නේ... මම සිටින රටේ "නිදහස, සමානාත්මතාවය සහ සහයෝගිතාවය" යන ත්‍රිත්වය මේ රටේ ව්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙන්නේ. ඒක එහෙම්මයි. කිසිම දේශපාලකයෙක් ඒවා උල්ලංගනය කරන්නේ නැහැ. කරලා බේරෙන්නත් බැහැ. ඔබ සිටින රටේ ව්‍යවස්ථාව ලිඛිත එකක් නොවෙයි.. සම්ප්‍රදායෙන් රැගෙන එන ඒ වගේම හැමකෙනෙකුම ගරු කරන උතුම් ව්‍යවස්ථාවක්... අපේ රටේ කොහොමද...? ඒ අය උදේ නැගිටින්නෙම "මොනවාද අද මම හොරකම් කරන්නේ " එහෙම නැතිනම් " කාවද අද මම නැති කරන්නේ " කියලා හිතාගෙන... ලස්සනට තිබුණු අපේ රටට අවාසනාව ගෙනාපු, මේ රට නැතිකරපු මේ මොලේ අමාරුකාරයින්ට මම දන්නා හොඳම සිංහලෙන් කියන්නේ "අසික්කිත දේශපාලුවන් ".. කියලා..

:       0       52

පූජා Monday, 01 June 2020 08:52 AM

දයාබර විජිත්, අප ජීවත් වෙන රටවල්වල මැතිවරණ කාලවල, ඔයා දැකලා තියෙනවද අපේ රටේ වගේ බහුරූ කෝලම්? මැතිවරණය තියෙනවාද? නැද්ද? කියලාවත් තේරෙන්නේ නැහැ. තමතමාට වෙලාව තිබෙන විදිහට ගිහින් ඡන්දය ප්‍රකාශ කරලා, සද්ද නැතිව ගෙවල්වලට එනවා. අපි පිටරටක ජීවත් වුණත්, සිතින් හැම තත්පරයේම බැඳී ඉන්නේ අපේ සුන්දර ලක් මාතාවගේ තුරුලේ. එහි වෙන දේවල් වලට හිත යටින් දුක් වෙමින්.. අපේ අනාගත පරපුරටවත්, රටක් ඉතුරු වෙයිද කියලා සැකයි මේ විදිහට ගියොත්.. මෙහි අපි භුක්ති විඳින ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මව්බිමේ නැති නිසා, ඔබේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන ලෙස, මම ඔයාගෙන් ආදරයෙන්, කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මොකද ඔයා අපිට වටිනා නිසා.. ස්තුතියි...!!

:       2       25

පූජා Tuesday, 02 June 2020 08:43 AM

විජිත්, ඔයා ඇතුළු අපේ මේ පිටුවේ අදහස් ප්‍රකාශ කරලා තියෙන අනිකුත් පාඨක බවතුන්ගේ අදහස් කියවීමේදී පෙනී යනවා ,බොහෝ දෙනෙක් අප රටේ වෙන "අසික්කිත " දේශපාලනය ගැන මොන තරම් කලකිරීමකින්ද අදහස් පල කරලා තියෙන්නේ කියල. මම ලන්ඩන් වලට ඇවිල්ලා දැන් ගොඩක් කල් .පවුල් පිටින් මෙහෙ ජීවත් උනත් ,ඔයා කීවා වාගේ මම මගේ උපන් රටට " ගොඩාක් "ආදරෙයි . ලංකාදීප පුවත් මගින් කියවන්නට ලැබෙන පුවත් හද කකියවන සුළුයි. ඒ කොහොම උනත් ඔයා වාගේ " සුන්දර මිනිසෙක් " මේ පිටුව හරහා අඳුනා ගැනීමට ලැබීම ගැන බෙහෙවින් සතුටට පත් වෙනවා.

:       2       25

විජිත් Tuesday, 02 June 2020 10:03 AM

පූජා, නන්දා මාලිනි මහත්මිය කාලයකට ඉහත ගැයූ... සුනිල් ආරියරත්න මහාචාර්යතුමා ලියපු.. අපිට ඉන්න දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන රංග දසනායකගේ පියාණන්වන අප අතරින් වියෝවුන සංගීතඥයෙකු වන සරත් දසනායක මහතා සංගීතවත් කල මේ ගීතයෙන් කියැවෙන්නේ අපේ රට මුහුණපා ඇති සෝචනීය බවයි.. දුක්බර කතාවයි.. ඔයාට හැකිනම් අහන්න.. ඉන්ටර්නෙට් හරහා www එකෙන් අහන්න.. ධර්මාධිකරණයට කැඳවීමි ස්වාමිනි මෑ.... මැගේ නම ලංකාය ඉන්දියන් සාගරේ වසන්නී මුසාවෙන් මුලාවී සිටින්නී විමුක්තිය නාමයෙන් හඬන්නී මැගේ නම ලංකාය.. උපත ලැබ බොහෝ කල් සොම්නසින් විසුවාය.. මෑ මල්වරව නාඹරව බබලමින් සිටියාය. මෑ සල්ලාල ශාපයෙන් බොහෝවර මිදුනාය.. මෑ සිත දුබල වූ දිනෙක වියවුලෙහි වැටුණාය... මෑ කුමරි බඹසර පුදා නෙක ගැහැට වින්දාය. මෑ සලෙළුනට රැවටෙමින් සිය රුහිරු පිදුවාය.. මෑ ඉසුරු සඳහා ඔවුන් උගසටද තැබුවාය. මෑ අසරණව අද මෙසේ මහ මගට වැටුණාය.. මෑ මැගේ නම ලංකාය..

:       0       30

පූජාTuesday, 02 June 2020 11:24 AM

විජිත්, මම එවෙලේම ඇසුවා.. හරිම හැගීම් බර ගීතයක්.. ඇහැට කඳුලක් ආවා.. අනේ විජිත් ඔයාට කරදයක් නැත්නම් , අර මට අහන්නට කීව " කුරුල්ලන්ගේ ගීතය " වගේ එකක් කියන්නකෝ. මම මුළු දවසම ඒ ගීතය රස විඳිනවා. අපේ ගෙදරින් මට විතරයි සිංහල තේරෙන්නේ. සිංහල අකුරක් කී බෝඩ් එකකින් හරි මතුවෙනකොට මට දැනෙන ප්‍රීතිය කියා නිම කරන්න බැහැ. සිංහල බසට, සුභාවිත සංගීතයට, මම "ගොඩාක් " ආදරෙයි. වික්ටර් රත්නායකයන්ගේ මියුරු ගීතයන් මට ගලපාගෙන අහන එක තමයි මගේ වැඩේ. ලොක් ඩවුන් එකෙන් පස්සේ වැඩට යන්නේ නැහැ ගෙදර ඉඳන් වැඩ කරනවා. හරිම පාළුයි විජිත්..

:       2       25

විජිත් Tuesday, 02 June 2020 01:03 PM

පූජා, මේ ගීතය ලියලා තියෙන්නේ මේ ලඟදි අප අතරින් වියෝවුන ...ඇති දක්ෂ නාට්‍යවේදියෙක්, උගතෙක් ( phd 2ක් තියෙනවා) සාහිත්‍යධරයෙක්, නළුවෙක් .. කොටින්ම කියනවා නම් පරිපූර්ණ කලාකාරයෙක්.. වන ජයලත් මනෝරත්න මහත්මයයි. ගායනා කරන්නේ මම බොහොමත්ම කැමති කටහඬක් තියෙන ලක්ෂ්මන් විජේසේකර මහත්මයයි. මම ලංකාවේ ඉන්නකාලේ ඒ කියන්නේ අවුරුදු 25- 30 කට විතර උඩදී ඇසුව ගීතයක්.. මේ තනුවේ තිබෙන රසවත් බව පදවැලෙන් තවත් රසවත් කරනවා. ඕනෑම වෙලාවක අහන්න පුළුවන් සරල ගීතයක්.. අහලා බලන්න.".සඳ කඩාවැටී වෙරළේ තරු පිපී රැයෙක සයුරේ සැඩසුලං නොමැති අහසේ ලොව නිසොල්මනේ නැවතී // ලිය ලතා පවනෙ හිනැහී තුරු බඳෙහි වෙලී පැටලී පෙර දිනෙක නොවූ පරිදි මෙය අසිරිමත්වු දිනකී සඳ කඩාවැටී වෙරළේ... සඳ තරුද රැඳුණු රැයෙහි ලොව මෙලෙස සොඳුරු වූයේ මා ලද නිසාද? ඔබගේ ආදරය දිනක සැඟවූ සඳ කඩාවැටී වෙරළේ... රචනය :- ජයලත් මනෝරත්න සංගීතය :- තිස්සසිරි පෙරේරා ගායනය :- ලක්ෂ්මන් විජේසේකර

:       2       25

පූජා Tuesday, 02 June 2020 03:26 PM

විජිත්, ශ්‍රී ලංකාවෙන් ගොස් පකිස්තානයේ සත්වෝද්‍යානයක දුක්විඳි ’කාවන්’ට නිදහස කියන ආටිකල් එකේ , ඔයයි මමයි දාපු කමෙන්ට්ස් කියෙව්වද ? ඔයාටයි මටයි එකම අදහස් ඇති වෙන්නේ ඇයි ?ආත්මීය බැඳීමක්ද ? අහන්න කියපු ගීතය ,අහන කොට මට ඇඩෙනවා. ඔයාව මට කාලයකට ඉස්සර හමු වුයේ නම්..? අයෙත් පාසැල් යන්නට තියෙනව නම් ?

:       2       60

විජිත් Wednesday, 03 June 2020 08:07 AM

කාවන්ට දමාපු කොමෙන්ට්ස් පත්තරයේ පලවෙලාද කියලා බැලුවේ ඔයා කීවට පස්සේ... පව් අසරණයා.. දැන් ඉතින් එයාට සුදුසු තැනක් හොයලා ,අලි කෙල්ලෙකුත් හොයලා දීලා, සෙට්ල් ඩවුන් කරලා දාමු.

:       0       25

පූජා Wednesday, 03 June 2020 07:18 AM

විජිත් ,මා ලීව කමෙන්ට් එක ඉල්ලා අස්කර ගන්නවා. ඔබට එයින් අපහසුතාවයක් වුවා නම් මට සමාව දෙන්න.

:       0       2

විජිත් Wednesday, 03 June 2020 10:04 AM

විකාරද..? මේ මොනවද ඔයා කියවන්නේ..? මට ඔයාගේ ඊමේල් ලිපිනය කොහොමද හොයාගන්නේ..?

:       0       21

පූජා Wednesday, 03 June 2020 08:05 AM

විජිත්, මට හිතෙන්නේ මේ හැම දෙයක්ම මායාවක්... අපි සතුට කියලා හොයන දේවල් වල තියෙන්නේ මායාවක්.. හරිම කලකිරීමක් දැනෙනවා.. මට මේවා ගැන හිතන කොට. හැම දෙයක්ම තිබුණත් මොකටද "සතුට " නැත්නම්? පුළුවන් නම් ගිහින් අර පොඩි මුව පැටියාගේ ආටිකල් එකට ගිහිල්ලා බලන්න. විශාරද නන්දා මාලිනියන් ගයන ගීතවල මොන තරම් සත්‍යක් ගැබ්වෙලා තියනවද?

:       0       10

පූජා Wednesday, 03 June 2020 01:43 PM

බලු සුරතලෙක් ඉන්නවාද කියලා දෙසැරයක්ම අහලත්, උත්තරයක් දීපු නැති කෙනා දැන් එනවා ඊමේල් ලිපිනය ගැන අහලා. මම හිතුවේ ලෝබ නැහැ කියලා. කාවන්ටත් පස්සේ නේ අපිව මතක් වුනේ... හොඳයි, හොඳයි එහෙම තමයි "සුන්දර" මිනිසුන් ඉන්න ඕනේ...

:       0       32

විජිත්Wednesday, 03 June 2020 02:11 PM

පූජා, බලු හුරතල් බලන්න පුළුවන් තැනක් නොවෙයි... පැරිසිය කියන්නේ. ලන්ඩන් තව හොඳයි. එපාර්ට්මන්ට් වල බල්ලෝ ඇතිකරනවා තමයි.. එත් ඒ සතාව වෙලාවට අවිද්දවන්න ඕනා .. එලියට ගෙනියන්න ඕනා. එහෙම බැරිවුනොත් ඒ සතා දුක් වෙනවා. අපිට ආදරේ නැතිවෙනවා. මම බව්වන්ට මාර ආදරයක් තියෙන්නේ. එත් මේ කොන්ක්‍රීට් වනාන්තරවල ඒ ගොල්ලන්ට දුක්දෙන්න මම ආසා නැහැ. අපේ මහගෙදරත් දැන් බව්වෝ හදන්නේ නැහැ. අපිට හිටිය රෝවර් කියන ග්‍රේට්ඩෙන් අසනීපවෙලා මැරෙනකොට එයා තාත්තා දිහා බලාගෙන අඬලා අඬලා මිය ගියේ. ඒ වර්ගයේ අය මැරෙනකොට එයා වැඩියම අදරේ කරන කෙනා ළඟ අඬ අඬාලු මැරෙන්නේ. අපි ඒ බව දන්නේ පස්සේ. එදා අපේ ගෙදර ඔක්කොම ඇඩුවා... කතාව ටිකක් දිගයි.. එයින් පස්සේ අපේ ගෙදර බල්ලන් හැදීම තහනම්..!!! මගේ මටම අවේනික වුන තියරියක් තියෙනවා.".ඔබ යමෙකුට ආදරේනම් ඔහු හෝ ඇයව සිරකර තියන්න එපා. නිදහසේ ඉන්න දෙන්න..ඔවුන් ඔබට ආදරේ නැතිනම් යන්න යාවි.

:       0       26

විජිත් Wednesday, 03 June 2020 02:36 PM

මම ලෝබයෙක් නොවෙයි තමයි.. ගිය අවුරුද්දේ වින්ටර් එකට ගත්ත අලුත්ම වින්ටර් ජැකට් එක ඒක අරගෙන සුමානෙකට පස්සේ පැරිසියේදී දැක්ක සිරියන් රිෆියුජි ගෑනු ළමයෙකුට දුන්නා. එදා මයිනස් 2 ක්ද කොහෙද..? මේ ළමයා නිකම් ගවුමක් ඇඳන් හිටියේ.. කට වෙව්ලනවා දැක්කා..ජැකට් එකයි, අතේ ගාගන්න ක්‍රීම් එකයි.. ක්ලිනෙක්ස් එකයි, තව යුරෝ 5 කුයි.. ඔක්කොම දීලා ශීතලේ ගෙදර ආවා... පහුවෙනිදා වැඩට ගියේ නැහැ...මට උණ. ඒ වුනාට මට අර ළමයා ගැන මතක්වුනාම මට මම ගැන පුංචි සතුටක් ආවා. ඔහොම තමයි ජීවිතය ගෙවෙන්නේ... ඒ ගෙවෙන හැම මොහොතකම අපිට යමෙක් වෙනුවෙන් යමක් කරන්න හැකිනම් මම හිතන්නේ අපි ලෝකෙට නය නැහැයි කියලා...

:       0       35

පූජා Wednesday, 03 June 2020 06:37 PM

විජිත් , මම විහිලුවට කියන ඒවා ගණන් ගණන් ගන්න එපා. ඔයා කරුණාවන්ත මහත්මයෙක් බව , ඔයාගේ සටහන් කියෙව්වාම මට තේරුනා. අපි මෙතනින් මේ සංවාදය නවත්වමු..හෙට මට එන්න වෙන්නේ නැහැ.. ඔයා ලියන ඒවා කියවනකොට, මට තේරුම් ගිය දෙයක් තමයි , ඔයාගේ හිත යට යම් දුකක් තිබෙන බව... සමහර විට මම වැරදි ඇති. මට මොකක් හරි දෙයක් මිස් වෙලා කියලා තේරෙන්නේ මට සුපුරුදු ජීවිතයට ,මෙහෙ අනුගත වෙන්න ටිකක් අමාරු නිසා..බොහෝ කාලයක් අපි ජීවත් වෙන්නේ මෙහෙ.අපි නැවතත් කොමන්ට් වලින් හමු වෙමු.

:       0       20

Prabha Sunday, 31 May 2020 08:30 AM

ජනාධිපතිට සොයා බලන්න කියන්නේ ඔහු තාම දන්නේ නැද්ද?

:       895       1038

Mr Don Sunday, 31 May 2020 08:32 AM

මේවට වගකියන්න ඕනේ ජනාධිපති.

:       1001       1606

සමරජීව Sunday, 31 May 2020 08:34 AM

ලංකාවේ හමුදාවන් සක්‍රීයව යොදාගත් නිසා, වර්ජන කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බලාපොරොත්තු වූ පරිදි රජය දණ ගස්සවන්න ඔවුන්ට බැරි උනා. දැන් ඉතින් තර්ජනය කරමින් උඩ පැන්නාට වැඩක් නැහැ. පෙරහැර ගිහින් අවසානයි. බල්ලන් බිරුවාට කන්ද පහත වෙන්නේ නැහැ කියන්නේ ඕක තමයි.

:       1429       61

karuSunday, 31 May 2020 09:04 AM

මේ රට හමුදා පාලනයක් තියෙන රටක් නොවෙයි කියලා ඔබ හොඳින් මතක තියාගන්න. මම ඔබ අසල සිටියා නම් අමතක නොවෙන්නම කියලා දෙන්න තිබුණා. අනික ඡන්දයෙන් පරදින්න තියෙන ආණ්ඩුවක් නිසා අපි බලාගෙන ඉන්නේ...

:       1115       2246

කමනි Sunday, 31 May 2020 09:05 AM

වහාම අංගොඩ මානසික රෝහලට යන්න.

:       62       237

එ සමන්Sunday, 31 May 2020 12:31 PM

සහතික ඇත්ත...

:       143       1

Sachith Sunday, 31 May 2020 08:44 AM

කාටද? ගියපු අහිංසක මිනිස්සුන්ටද? වගකිව යුත්තන්ට නඩු දානවා නම් දැනටම ඕනවට වැඩිය හේතු තියෙනවා. පිටරටක ඉඳලා නිරෝධායනේ වෙන්නේ නැතුව කෙලින්ම අාපු කට්ටියත් ඉන්නවා...

:       1       137

ධම්ම Sunday, 31 May 2020 08:45 AM

උපුල් රෝහණ මහත්මයාණෙනි, අප ඔබ සමගයි.

:       12       184

Siva Sunday, 31 May 2020 08:58 AM

නඩු දානවා නම් රටේ ජනාධිපතිගේ, අගමැතිගේ ඉඳන්ම නඩු දාන්න ඕනේ.. මේ කරපු මෝඩ, තකතීරු වැඩේට. ඉතින් මේ අසිරිමත් ලංකාවේ මේ ආත්මයේ දේශපාලකයින්ට විරුද්ධව නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන නිසා මේ කතාවත් තව ටික දවසකින් යටයන එක විතරක් වෙයි..

:       40       419

නන්නාදුනන හාදයා Sunday, 31 May 2020 12:46 PM

කොන්ද පණනැති නඩු කාරයන්... රජයට වැරැදි කරන බොරු නීති ඔස්තාර්ලා ඕන නැහැ... ඒ නඩු විසඳන්නට නන්නාඳුනන තුවක්කුකරු වෙලාවට ඒවි.. එයයි යුගයේ අවශ්‍යතාවය..!!!

:       1       361

Prasad Sunday, 31 May 2020 08:58 AM

මේවට වගකියන්න ඕන ජනාධිපති හා අගමැති.., ඔවුන්ගේ හැසිරීම අපි දකිනවා...

:       1542       2726

සෑම් Sunday, 31 May 2020 08:58 AM

නීතිගරුක සියළු රට වැසියන් ඔබ සමගයි. වහාම නුසුදුසු නායකයන් පලවා හරින්න පෙළ ගැසෙමු.

:       32       525

siri Sunday, 31 May 2020 09:03 AM

ඊළඟට බිලි බාගන්න හදන්නේ කවුද? ඒ ගොල්ලන්ගේ ලන්සු නම් මීට වඩා වැඩිවේවි.

:       4       129

Anura Sunday, 31 May 2020 09:09 AM

රට කරවන කට්ටිය රටේ මිනිසුන්ට එක නීතියක් දමා, තමන් වෙන නීතියකට අනුව ක්‍රියාකරන බව හොඳටම පැහැදිලියි. 2015ට කලිනුත් මෙහෙම පිස්සු නටපු හින්දයි ගෙදර යන්න වුනේ..

:       4       254

ranjith Sunday, 31 May 2020 09:10 AM

මහත්තයෝ.. මේවාට අපි කතිරයෙන්ම උත්තර දෙමු. කට්ටියව ගෙදරම යවමු.

:       30       1257

ප්‍රමෝද් Sunday, 31 May 2020 09:10 AM

අනේ මේ අය බයවෙලා තියෙන තරම...! මාස ගාණක්ම රට යන්නේ විජ්ජාවක් කියලා තේරෙන්නේ නැති හැටි...

:       209       159

mahinda Sunday, 31 May 2020 09:11 AM

මහජන සෞඛ්‍ය නිලධාරි සංගමයට මේ රටේ යහපත ගැන සිතන සියලු දෙනාගේ ආශිර්වාදය, ගෞරවය හිමිවිය යුතුයි. ඔවුන් අධිකරණයට යනවා නම් ඒ මේ රටේ සමස්ත පුරවැසියන් වෙනුවෙන් නිසා එහි බරපැන සඳහා යහපත් රටක් ප්‍රාර්ථනා කරනා සියලු දෙනාට ඊට දායක වීමට අවස්ථාව දෙන්න...

:       19       208

Buddika Sunday, 31 May 2020 09:28 AM

දයාන් කිව්ව දේ හරි ආරම්භකයා අගමැති තමයි. එතකොට රටේ දෙවැනි පුරවැසියා දුන් ආදර්ශය වැරැදියි.

:       15       249

kap Sunday, 31 May 2020 09:30 AM

ඔක්කොම රෝහණලා කතාවට දක්ෂයින් වගේ. බලමුකෝ වැඩ.. නමුත් වැරැද්ද දැකලා එ්ක ගැන නිර්භයව කතා කරපු එක ගැන උපුල් රෝහණ මහත්තයට ස්තුතියි...

:       0       126

de silva Sunday, 31 May 2020 09:50 AM

මේ රටේ සාමන්‍ය මිනිස්සු තමන්ට හැකි පමණින් කොරෝනා නීති ආරක්ෂා කරනවා. එමනිසා සාමාන්‍ය මිනිස්සු අතර මේ අවස්ථාවේදී කොරෝනා පැතිරීමක් නැත. මේවා කඩන්නේ දේශපාලකයන් සහ රජයේ නිලධාරීන්... දැන් කොරෝනා බෝවෙන්නේ ත්‍රිවිධ හමුදා කඳවරු තුළ සහ ඔවුන් විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථානවල.., (ඔය කියන විදිහට රට සිට එන විශාල පිරිසකට කොරෝනා හැදිලා එනවා කියන කතාව පිළිගන්න බැහැ. එ්කට හේතුව ඔවුන් රට තුළට ඇතුල් කරනකොට උණ සහ බාහිර කොරෝනා ලක්ෂණ තිබෙනවාද කියලා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරනවා) ඔවුන් නිසිලෙස උපදෙස් පිළිපදිනවා නම් එහෙම වෙන්න බැහැ. අන්තිමට දුක් විඳින්න වෙලා තිබෙන්නේ මුළු රටේම මිනිස්සුන්ට...

:       25       181

sena Sunday, 31 May 2020 09:52 AM

උපුල් මහත්තයා හරියටම හරි... මේක කරන්න පුළුවන් ඒ අයට විතරයි.

:       0       60

fairoos Sunday, 31 May 2020 10:01 AM

දේශද්‍රෝහියෙක් වෙන්නද හදන්නේ?

:       15       122

kule Sunday, 31 May 2020 10:08 AM

කොහොමත් සුළුජාතීන්ගේ වැඩිහරියකුත් මහා ජාතියේ සුලුපිරිසකුත් රජයේ නීතීන්වලට ගරුකරන්නේ නෑ.. 225 මීහරක් රැලේ අසුචි රස කරකර කන ඇම්බැට්ටයෝත් ඔය නීති ගණන් ගන්නේ නෑ...

:       1       159

Achini Sunday, 31 May 2020 10:19 AM

දුව රට ඉඳලා ආපු ගමන්ම මල ගෙදර යන්න අවසර දුන්නේ ජනාධිපති... පොඩි මිනිස්සුන්ට තමයි ඔක්කොම නීති

:       6       408

raviSunday, 31 May 2020 12:48 PM

ඉන්දියාවෙන් පොකුරක්ම අරන් එන්න ඇති..

:       7       152

නයනා Monday, 01 June 2020 01:43 AM

පසුගිය කාලයේදී ආ බොහෝ පුවත්වලට වූයේ මේ දෙයමයි. නිර්මාණ කරුවන්ට සහ ප්‍රතිචාර දක්වන්නන්ට හොඳින් වෙහෙස වූ පසුව, ඇත්ත පුවත ඉබේම එළියට එනවා. තොන්ඩමන්ගේ එක් දියණියක් නිරෝධායන වෙනවා. ඇය අවමඟුල් කටයුතු නරඹා ඇත්තේ වීඩියෝ තාක්ෂණයෙන්... මෙය නම් ඇත්ත.. අපි කලබල වුණා වැඩියි. සෙල්ෂියස් (කොරෝනා) කතාවත් ඒ අතර... අපේ රටටද වෛද්‍ය ප්‍රතිකාර සදහා විදෙස් රටවලින්ද රෝගීන් පැමිණෙනවා. මාලදිවයින ඇතුළු ඇතැම් සාක් රටවල් එ් අතර. බොහෝ අය නොදත් දෙයක් එය... ඇතැම් අයට අගේ නැතත්, අප රටේ දක්ෂ වෛද්‍යවරුන් සහ හොඳ රෝහල් තිබෙනවා.

:       119       4

Amula Sunday, 31 May 2020 10:23 AM

පොහොට්ටුව අටවපු උගුලට අයත් වැඩේ වරද්ද ගනී වගේ...

:       0       55

රනිල් වනිගසේකර Sunday, 31 May 2020 11:24 AM

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාටත්, මෙතෙක් රට වෙනුවෙන් අවංකවම නිර්භයව සත්‍ය හෙළදරව් කරමින් වසංගතයේ සැබෑ තත්වය රටට හෙළදරව් කල හරිත අලුත්ගේ සහ ක්‍රිෂාන්ත සොයිසා වෛද්‍යචාර්ය දෙපළටත් අපගේ ගෞරවනීය ආචාරය. ගෞරවය බලෙන් ගන්න බැහැ. ඔබලා අමරණීයයි. සැබෑ දේශප්‍රේමීන් ඔබලායි. යුද හමුදාපතිතුමාටත් අනිල් ජාසිංහ ඇතුලු අනිකුත් නිලධාරීන්ටත් කරන්න දෙයක් නැහැ. කට වහගෙන හිටියත් ඒ අයත් වීරයින් තමයි. දේශපාලනය ඔහොම තමයි. අපි නම් දේශපාලනය කරන්නේ නැහැ. හැබැයි රටට ආදරේ සැබැ වීරයන් කවුදැයි රට දන්නවා. මතක තියාගන්න මේ ශ්‍රී ලංකාව...

:       0       130

saliya Sunday, 31 May 2020 11:29 AM

කොන්ද පණ ඇති නිලධාරියෙක් වූ ඔබට අපේ ආචාරය...

:       0       111

Dayan Sunday, 31 May 2020 11:31 AM

කොරෝනා නීති යටතේ මෙම අවමඟුල් කටයුතුත් පැය 24ක් ඇතුළත කරන්නට තිබුණා. එය එසේ වූයේ නැහැනේ. අපේක්ෂාභංගත්වය වඩාත් තදින් දැණුනු අවස්ථාවක්...

:       0       151

නුවන්සර Sunday, 31 May 2020 11:38 AM

මෙය අත්වැරැද්දක් නෙවෙයිනේ. නව පොකුරක් ඇතිවූවත්, නැතත් සමාව දිය නොහැකි වරදක්...

:       0       140

කනිෂ්ක Sunday, 31 May 2020 11:50 AM

මෙයින් අපහසුතාවයට පත් වූයේ ප්‍රධාන වශයෙන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා හෝ යුද හමුදාපතිතුමා හෝ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා පමණක් නොවේ. කැපකිරීම් කළ අප ජනතාවද ඒ අතර ප්‍රධානයි.

:       0       81

Buddhika P Sunday, 31 May 2020 11:53 AM

ආණ්ඩුව තොන්ඩමන් වෙලා, තොන්ඩමන් ආණ්ඩුව වෙලා. මොන පක්ෂය බලයේ හිටියත් ජාතිවාදී පක්ෂ තමයි රජ කරන්නේ...

:       0       185

prasanna wimal Sunday, 31 May 2020 12:04 PM

මගේ උත්තමාචාරය...!!!

:       0       3

දයාන්ජය Sunday, 31 May 2020 12:06 PM

ඉපදුනේ ලංකාවේ. ඉගෙන ගත්තේ රෝයල් එකේ. එ්ත්, ඇතැම් ක්‍රියා දෙස බැලීමේදී මොවුන් හදවතින්ම ලාංකික නොවන බව පෙන්වා තිබෙනවා. මෙතුමාගේ සීයා නම් ඉන්දියානු ජාතිකයෙක්...

:       0       40

සංජීව Sunday, 31 May 2020 12:29 PM

මෙතැනදී අසාධාරණය වුනේ එදාවේල හොයාගෙන කාපු මිනිහට අාපහු කොරෝනා පොකුරු ඇවිත් රට lockdown කරලා තිබුනොත් කාටද පාඩුවෙන්නේ? ඔය ඡන්දෙ බලාගෙන ගේම ගහන අයියට හරි, මල්ලිට හරි නෙවෙයි. තව කඩේ යන අයටත් මොනවා හරි කටු කෑල්ලක් වැටෙයි නේ. අනේ ඉතින් අසරණයෝ පව්.

:       0       139

සෑම් Sunday, 31 May 2020 12:37 PM

රාජපක්ෂලා රජයේ සේවකයින්ගේ පඩියෙන් භාගයක් ඉල්ලන්නේ මේ වගේ ජෝගි නටන්න... කෙනෙක් සත පහක් දෙන්න එපා ආණ්ඩුවට... මේවට දැනට ඇමරිකාවේ තියනවා වගේ ජනතා නැගිටීමක් අත්‍යාවශ්‍යමයි...

:       0       74

BamunuarachchiWednesday, 03 June 2020 07:03 AM

මම පුර වැසියෙක් හැටියට කියන්නේ වැඩ නැතිව ගෙදර හිටිය එක දවසකට රජයේ සේවකයින්ට පඩි ගෙවන්න එපා. හලෝ රටේ ජනතාවගෙන් ලක්ෂ කීයද රජයේ සේවයේ ඉන්නේ...? අනික ජනතාවගෙන් ලක්ෂ 69 ඉන්නේ රාජපක්ෂලාගේ පැත්තේ... ඔබ මේ මොන බම්බුවක්ද කතා කරන්නේ? 1989 අහිංසක මිනිස්සු නැගිට්ටවලා කරගත්ත හරිය අපි දැක්කනේ... පාර දිගේ කොටුවල තිබුණු ඔලුවලින්... හලෝ ආණ්ඩුව කියන්නේ රාජපක්ෂලාට නොවෙයි ඔහෙලා වරද්දගෙන තිබෙන්නේ එතැන...

:       0       0

පිටිගල මිලානෝ Sunday, 31 May 2020 12:43 PM

කෝ අර දැඩි තීරණ ගන්නා වැඩකරන විරුවා, අපේ හමුදාපතිතුමා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා සහ දොස්තර මහත්තයා...? දකින්නත් ආසයි.

:       0       127

වොට්මෝර්Sunday, 31 May 2020 05:13 PM

අාරුමුගම් තොන්ඩමාන් ඉපදුනේ ඉන්දියාවේ. ලංකාවට ආවේ පස්සේ...

:       0       1

chuttaSunday, 31 May 2020 06:40 PM

පඩි කපන රණවිරුවා...//

:       0       23

සුසන්තා කාරියවසම් - මාතර Sunday, 31 May 2020 02:27 PM

කොරෝනා නිසා ලෝකේම ගැටළුව නීතිගරුක පුරවැසියන්ට. විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනයක් නැහැ. පාසල් වහලා. ටියුෂන් නැහැ. පෝයටවත් පන්සල් නැහැ. අම්මා තාත්තාට දරුවන් බලන්න යන්න නැහැ. දරුවන්ට දෙමාපියන් බලන්න යන්න බැහැ. ආදායමක් නැහැ. වියදම විතරයි. හිටි ගමන් දවසෙම ඇඳිරි නීති දානවා. උසාවි වැඩ මාස ගණන් කල් යනවා. හිර ගෙවල් පිරෙනවා. අඩුම ගානේ දඩයක්වත් ගෙවලා ගෙදර යන්න නැහැ. අපි කොහොම කැප කිරීම් කළත් දේශපාලකයින්ට මේවා තේරෙන්නේ නැහැ. හිතලා බලන්න. නැවත කොරෝනා කාරයෙක් මත වුණොත් අපි තව කොච්චර කාලයකින් නැගිටින්නද? පන්දාහෙන් පුලුවන්ද ජීවත් වෙන්න. එහෙම ඕනෙත් නැහැ. ඉක්මනින්ම රට යතා තත්වයට පත් කරන්න. දේශපාලකයින් වඩාත් ආදර්ශමත්ව නීතිගරුකව වැඩ කරන්න. සොයිසා මහත්තයා කීවා වගේ එක මළගෙයක් නිසා රටම ලෙඩ වෙන්න පුළුවන්... දැන්වත් ජනතාව ගැන හිතලා කටයුතු කරන්න...

:       0       8

කසුනි ක=මාරි අලව්ව Sunday, 31 May 2020 02:31 PM

ජීවත්ව සිටින අයගේ අමනවැඩ නිසා මියගිය තොණ්ඩමන්ටත් මිනිස්සු බනිනවා...

:       0       9

pradeepa Sunday, 31 May 2020 03:14 PM

මේ කතාකරන්නේ උපුල් රෝහණද? නැතිනම් අජිත් රෝහණද?

:       0       0

සමන්මලී Sunday, 31 May 2020 04:36 PM

මම පහුගිය සැරේ මෛත්‍රිට ඡන්දෙ දීපු එකටත් ඊට පස්සේ JVp එකට දීපු එකටත් සතුටු වෙනවා. පුදුම කලකිරීමක් මේ රටේ මිනිස්සු ගැන තියෙන්නේ... කරුමේ කියන්නේ මේ අයගේ මානසික වහල් බව බිඳින්න කාටවත් බෑ... එ්නිසා රාජපක්ෂලා තමුන්ට ඕනෑ දේම කරනවා.. කිසි ගානක් නැහැ..

:       63       72

BamunuarachchiWednesday, 03 June 2020 06:32 AM

ඔබ මොකටද අනික් මිනිසුන්ගේ මානසික වහල්භාවය ගැන කනස්සලු වෙන්නේ? අනික් මිනිස්සු ඔවුන්ට තිබෙන කුමක් හෝ මතයකින් ඉවත් නොවීමනේ ඔබ ඔය කියන මානසික වහල් බව... ඉතින් ඒ මිනිස්සු මොන බම්බුවකට ඔවුන්ගේ මතයෙන් ඉවත් වී ඔබ හරී කියන මතයට පිළිගන්නේ... ඔබ කොහොමද කියන්නේ ඔබ දරන මතය හරි අනික් මතය වැරදියි කියන්නේ? ඔබ ඔබේ මතය කියන්නේ නැහැනේ අපිට දැනගන්න. එක්කෝ ඔබට නිදිමතේ හැරෙන්න වෙන මතයක් නැහැ... එක්කෝ ඔබට තියන මතය කියාගන්න දන්නේ නැහැ. මේ ගොල්ලෝ ජේවීපී වහල්ලු. රටට කරපු මගුලකුත් නැහැ. ඒ ගොල්ලෝ කරගත්ත මගුලකුත් නැහැ...

:       0       0

BamunuarachchiWednesday, 03 June 2020 06:39 AM

ඈ හලෝ ගිය අවුරුදු හතරා මාරට යහ පාලකයින් කලේ කාට ඕනේ දේවල්ද? ජනතාවට ඕනේ දේවල්ද? හිටුකියලා බදු ගැසුවේ ජනතාවට ඕනේ නිසාද? ඔවුන්ට ඕනේ නිසාද? ඇමැතියන්ගේ පඩි වැඩි කරගත්තේ ජනතාවට ඕනෑ නිසාද? ඔවුන්ට ඕනේ නිසාද? බැංකු මංකොල්ල කෑවේ ජනතාවට ඕනේ නිසාද? ඔවුන්ට ඕනේ නිසාද? කියන්න බලන්න යහපාලකයන් ගිය අවුරුදු හතරා මාරට රටට කළ දෙයක්...

:       0       0

wije Monday, 01 June 2020 06:58 AM

පවුල් පාලනයේ අතුරු ප්‍රතිඵල. තුනෙන් දෙක ගත්තම තව තේරෙයි අපේ අයට... මේක නාඩගමක් කියලා බත් කන කවුරුත් දන්නවා.

:       61       127

Bamunuarachchi Tuesday, 02 June 2020 01:05 AM

මෙහෙම කියන්න තරම් හැකියාවක් රජයේ නිලධාරීන්ට ලැබීමම ලොකු වාසනාවක්...

:       0       17

BamunuarachchiWednesday, 03 June 2020 06:23 AM

’අවමඟුලට ගිය අය අතරින් නව පොකුරක් මතුවුවෙහාත් .......’ ඔක්කොම කඩා දානවා. ඒ රොක් වෙන්න ගිය වතු කම්කරු ජනතාව කිසියම් ප්‍රමාණයකට සීමා කළා. ඔයිට වඩා කරන්න ගියානම් විශාල කෝලාහලයක් වෙන්න තිබුණා. ඔවුන් ඔක්කොම අල්ලා නිරෝධායනය කරන්න පුළුවන් කමක් නැහැ. එමනිසා කොරෝනා හදා ගත්තොත් ඔහේ මැරිලා යන්න අත්හරිමු. නුවරඑළිය ලොක්ඩවුන් කරාවි. ජෙප්පෝ හදන්නේ බොරදියේ මාළු බාන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 86 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 23 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 9 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1509 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 310 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1477 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site