IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


අල් මුස්තෆා සරසවිය අවසර නැතිව පාඨාමාලා කළැයි යුජීසියෙන් දැනුම්දීමක්

එෆ්.අස්ලම්

ඉරානයේ අල් මුස්තෆා නැමති විශ්ව විද්‍යාලය ඌව පළාතේ සිදුකර ඇති උපාධි පාඨමාලාව සිය ආයතනවල අවසරයකින් හෝ අනුමැතියකින් තොරව පවත්වාගෙන ගොස් ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඌව පළාත් දමිළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා වෙත දැනුම් දී තිබේ.

එමෙන්ම මෙම සරසවිය විසින් සිදුකරන ලද උපාධි පාඨමාලාව පිළිගත් උපාධියක් ලෙස පිළිනොගන්නා බවත් එම උපාධියට අනුව රැකියා ද මෙරට තුළ දිය නොහැකි බවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවද දැනුම් දී තිබිණි.

බදුල්ල සරස්වතී ජාතික පාසල,පස්සර දෙමළ විදුහල,බණ්ඩාරවෙල දෙමළ මහා විදුහල සහ හපුතලේ දෙමළ මහා විදුහල කේන්ද්‍රගතව වසරකට අධික කාලයක් ඉරාන දේශපාලනය හා ඉස්ලාම් ධර්මය හා අරාබි භාෂාව සදහා උපාධි දේශන සිදුකර ඇති බවත් පළාතේ ප්‍රධාන ඉස්ලාම් මව්ලවිවරුන්ද මෙකී උපාධී පාඨමාලාව මූලධර්මවාදී ඉස්ලාම් න්‍යායන්ට අනුව සිදුකර ඇතැයි කියමින් ප්‍රතික්ෂේප කර ඇත.

එසේ තිබියදී බදුල්ල දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර්ගේ මැදිහත්වීමෙන් නීතිවිරෝධීව පාසල් උපයෝගී කරගනිමින් පාඨමාලාව සිදුකර තිබිණි.

මේ සම්බන්ධයෙන් ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා විසින් ආරම්භ  කර තිබෙන අතර ඒ සදහා වාර්තා කිහිපයක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම,උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් කැඳවා ඇත.

එම වාර්තාවලට අනුව මෙම විශ්ව විද්‍යාලය මෙරට ලියාපදිංචියකින් හෝ අවසරයකින් හෝ අනුමැතියකින් තොරව මෙකී පාඨමාලාවන් සිදුකර ඇතැයි පැහැදිලිව සදහන් කර ඇති බවට සෙන්දිල් තොන්ඩමන් මහතා අවධාරණය කළේය.

එමෙන්ම මේ පිළිබද පුළුල් විමර්ශනයක් සිදුකිරීම සදහා තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට සහ පොලිසියට පැමිණිල්ලක් සිදුකරන බවද අමාත්‍යවරයා සදහන් කර සිටියේය.

 



අදහස් (15)

අල් මුස්තෆා සරසවිය අවසර නැතිව පාඨාමාලා කළැයි යුජීසියෙන් දැනුම්දීමක්

Amila Thursday, 09 May 2019 12:05 PM

ඉරානයේ හෝ අන්තවාදී රටවල අයට කිසිම දෙයක් මෙහේ උගන්වන්න දෙන්න එපා වගේම වීසා දෙන එකත් අඩු කරන්න ඕන. අහලා තියෙන විදියට ඔවුන් ලංකාවේ පාරම්පරික මුස්ලිම් අය අදහන ආගමෙන් එහාට ගියපු අන්තවාදීන්. ඔවුන් වගේම සවුදි ආධාර සහ ණය එක්ක දෙන ගිනි ගෙඩි තමයි මේ. පාරම්පරික මුස්ලිම් උදවිය පෙරට ඇවිත් මේ අය එලවන්න උදව් වෙන්න ඕන. අනික පාලකයෝත් දැනගන්න ඕන මේ වගේ රටවලින් ආධාර උපකාර ගනිද්දී පරිස්සන් වෙන්න.

:       0       183

sena Thursday, 09 May 2019 12:34 PM

එතකොට මේ වැනි ආයතන ගැන හොයන්න UGC එකට හරි අධ්‍යාපන දෙපාර්තමේන්තුවට හරි බැරි වුණා ද ? නැත්නම් දේශපාලන බලපෑම් මත නිහඬව සිටියද ? මේවා මහා භයානක දේවල් නේද. මොළවලට වස දැම්මාම ඇඟ පුපුරවා ගන්නවා.

:       0       98

RaveendraFriday, 10 May 2019 03:27 AM

sena මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. හදිසියේ , තකහනියක් මෙය නිවැරදි කිරීමට උත්සහ කරන්නේ අවුරුදු කීපයක්ම මෙම කියන ආයතන පොල් ගෑවද යන ප්‍රශ්නය මතු කරමිනි.

:       0       5

Chandima Thursday, 09 May 2019 12:45 PM

බලපුවම අරයට මෙයාට වැරදි කිව්වට ඒකටත් අවසර දීලා මැදිහත්වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී උත්තමයෙක්.

:       11       319

janahitha Thursday, 09 May 2019 01:02 PM

අපේ අය ඔවැන්නක් කලා නම් කොහොමට හිටීද?

:       0       69

Thilina Thursday, 09 May 2019 01:11 PM

දෙයියනේ කොහොමද මේවා සිද්ධ වෙන්නේ?? වෙන රටකින් ඇවිත් මේ රටේ පාසල්වල උපාධි පාඨමාලා උගන්නනකම් මේ රටේ බලධාරීන් කොහෙද හිටියේ ?? ඒකටත් යහපාලකයෙක් සම්බන්ධ වෙලා. කාගෙ හයියක්ද තිබ්බේ කියලා දැන් පැහැදිලියි නේද ??

:       0       135

chandimaFriday, 10 May 2019 02:11 AM

යහපලානේ නෙමෙයි, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කෙනෙක් උදව්කල කියලා නේද තියෙන්නේ?

:       1       2

Perakum Friday, 10 May 2019 02:39 AM

නීතියක් පාලනයක් නැති මේ වගේ රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.

:       0       1

athuraFriday, 10 May 2019 04:42 AM

හැබැයි ඉරානෙන් සල්ලි අරගෙන උමා ඔය හදපු එක අවුලක් නැහැ නේද මහත්මයා.

:       17       1

prabha Thursday, 09 May 2019 02:21 PM

මේ බෝම්බ පිපිරිම සිදු උනේ නැත්නම් මේ කිසි කතාවක් එලියට එන්නේ නැතුව ඉදිරියටම යනවා. මට පෙනෙන හැටියට රටේ පාලකයන් කියල කොට්ටාශයක් ඉදලම නෑ

:       0       0

anura Thursday, 09 May 2019 06:15 PM

පිටරටක ගුරුවෘත්තියක් ලබා ගැනීමට උපාධි දැනුමක් තිබුණත් ලේසි නැහැ. ඉතාම තද පරීක්ෂණයකින් සමත් වී ඒ රටේ පාඨමාලාවක් කළ පසුයි එය ලබාගත හැක්කේ. නමුත් ලංකාවේ නම් පිටරටකින් එන ඕන කෙනෙකුට ලංකාවේ ගුරුවරයෙකු වීමට ඉතා පහසුය.

:       0       70

ranjith Thursday, 09 May 2019 11:17 PM

දැන් තමයි ඔක්කොම හොයන්නේ.

:       0       96

දිලුම් Friday, 10 May 2019 04:40 AM

මුළු ලෝකයේම කුණු ගොඩ ලංකාවයි. තව තවත් කුණු තිබේනම් ගෙනත් දාන්න..... සියළු කුණු බාර ගැනීමට සූදානම් පාලකයන්ද බුදියාගන ඒ ලිපි සඳහා අත්සන් කර අනුමැතිය දීමට සූදානම්.

:       0       2

Chanak los angeles Friday, 10 May 2019 05:19 AM

මේ ගිහින් තිබෙන විදිහට ලංකාව අරාබියට විකිණිලාද කියන්නත් බැහැ......

:       0       4

Rupawathie Friday, 10 May 2019 09:02 AM

කොන්දක් කියල දෙයක් ඔය ශරීර කුඩුවේ කොතැනක හරි තියෙනවා නම්... යකෝ ඕවාසේරම හමුදාව සතුකරගනිල්ලා.. නැතිනම් පහුවෙනකොට අපිව මරන්නේ උඩින් ඇවිත් ඇසිඩ් ගහලයි... මොලෙන් වැඩ ගන්න ඕනේ දැනුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 5 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 531 0

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 225 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 248 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 128 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 723 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 196 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site