IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘අල්ලස් දූෂණවලට දඬුවම් ලබන්නේ සාමාන්‍ය මට්ටමේ රාජ්‍ය සේවකයින්‘‘

(එෆ්.අස්ලම්)
 
අල්ලස්  දූෂණවලට සම්බන්ධ වන ඉහළ  නිලධාරීන් දඬුවම් වලින් බේරී සිටින බවත් සාමාන්‍ය මට්ටමේ රාජ්‍ය සේවකයන්  දඬුවම්වලට ලක් වන බවත් අල්ලස් පාලනය කිරීම සඳහා ඇති එකම මාර්ගය දූෂිත නිලධාරීන්ට දඬුවම් කිරීම පමණක් බවත් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

 
ප්‍රජාතන්ත්‍රවාදය සහ තිරසාර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අල්ලස හා දූෂණය අහෝසි කළ යුතු බවත් ඒ පිළිබඳව රාජ්‍ය නිලධාරීන් මෙන්ම මහජනතාව ද වගකීමෙන් කටයුතු කළ යුතු බවත්  ආණ්ඩුකාරවරයා කියා සිටියේය.
 
උතුරු පළාතේ අල්ලස් හා දූෂණ අහෝසි කිරීම සඳහා වූ ආණ්ඩුකාරවරයාගේ සංකල්පයකට අනුව, අල්ලස හා දූෂණය පිළිබඳව මහජනතාව සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් සංවිධානය කර  තිබිණි. 
 
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී පැවති එම සම්මන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දූෂණයට සම්බන්ධ වන ඉහළ  නිලධාරීන් දඬුවම්වලින් බේරී සිටින අතර සාමාන්‍ය මට්ටමේ රාජ්‍ය සේවකයන්  දඬුවම් වලට ලක් වන බවයි.
 
අල්ලස් පාලනය කිරීම සඳහා ඇති එකම මාර්ගය දූෂිත නිලධාරීන්ට දඬුවම් කිරීම පමණක් බව ආණ්ඩුකාරවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
 
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීහු, රජයේ නිලධාරීහු සහ සිවිල් සමාජ සංවිධානවල සාමාජිකවරු  මෙම වැඩමුළුවට සහභාගී වූහ.
 



අදහස් (6)

‘‘අල්ලස් දූෂණවලට දඬුවම් ලබන්නේ සාමාන්‍ය මට්ටමේ රාජ්‍ය සේවකයින්‘‘

Chanak los angeles Sunday, 15 September 2019 04:58 PM

ඒ බව මේ අවුරුදු 72 ක දේසපාලන ඉතිහාසය පුරාවටම ඔප්පු කර තිබෙනවා. එදා සිට අද දක්වා අල්ලස්, දූෂණ කළ එකදු දේශපාලනයෙකුදුවත් සිරගත වෙලා තිබෙනවද? හැබැයි ඒ වෙනුවට දේශපාලන දූෂකයින්ව අත්අඩංගුවට ගන්න එපා කියන අධිකරණ නියෝග නම් බාධාවකින් තොරව ගැනීමේ හැකියාව නම් හිමිවෙලා. අනේ කාලේ වනේ වාසේ...

:       0       131

rohana Monday, 16 September 2019 01:52 AM

එ්ක නම් සහතික ඇත්ත.. හිරේ ලගින්න ඕනෑ දූෂිතයින් ඔය ජනාධිපති වෙන්න දඟලන්නේ. අඩුමගානේ උසාවි එන්නේවත් නැතුව. ඒවාට වාරණ දාගෙන අපි කොහොමද ඒ වගේ එවුන්ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ...?

:       0       0

lalithm Monday, 16 September 2019 04:40 AM

තහනම් නියෝග ගන්න පොලිටික්කන් ගැන හොයලා බලපුවම තරම තේරෙනවා. නියෝග ගන්න වියදම් කරන්න පුළුවන් හොරුන්ට විතරයි. සාමාන්‍ය අයට ඒ වියදම් දරන්න බැහැ.

:       0       0

Gamarala Monday, 16 September 2019 04:44 AM

ආණ්ඩුකාරතුමනි, ඔබතුමා හැකිනම් සාමාන්‍ය කෙනෙක් හැටියට රජයේ කාර්යාලයකට ගිහින් බලන්න නිකන් වැඩක් කරගන්න පුලුවන්ද කියලා.

:       0       0

sandy123 Monday, 16 September 2019 06:35 AM

මුල හොදනම් ගහ ශක්තිමත්. ගහ ශක්තිමත් නම් ඵලදාව බඩ පුරවයි. නැතිනම් එයින් ලැබෙන සිසිලස සිත සුවපත් කරයි. මුළු යාන්ත්‍රණයම නිසා රටම වල පල්ලට ගිහින් හමාරයි. දුෂිත පාලකයින් ඉන්න රටක නිළධාරින් කෙසේ නම් දුෂිත නොවී ඉන්නද ?

:       0       0

sandy123 Monday, 16 September 2019 07:52 AM

මුල හොඳ නම් ගහ ශක්තිමත්. ගහ ශක්තිමත් නම් ඵලදාව බඩ පුරවයි. නැතිනම් එයින් ලැබෙන සිසිලස සිත සුවපත් කරයි. මුළු යාන්ත්‍රණයම කකුළු න්‍යාය නිසා රටම වල පල්ලට ගිහින් හමාරයි. දූෂිත පාලකයින් ඉන්න රටක නිලධාරින් කෙසේ නම් දූෂිත නොවී ඉන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 18 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 328 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2907 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 612 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1269 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 166 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site