(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා පදනම් ආයතනයට වසර 50ක් පිරීම නිමිත්තෙන් එම ආයතනයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ‘සී ටීවී (SEE TV)’ රූපවාහිනි නාලිකාව සහ ‘එස්.එල්.එෆ්. රේඩියෝ (SLF Radio)’ ගුවන් විදුලි සේවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ආරම්භ කෙරුණි.
දුරස්ථ අධ්‍යාපනයට සහ අධ්‍යාපනික වැඩසටහන්වලට විශේෂ ඉඩක් වෙන් කරමින් ආරම්භ කෙරුණු එම රූපවාහිනි නාලිකාව පියෝ ටීවී අංක 128 සංඛ්‍යාතය ඔස්සේ නැරැඹිය හැකි අතර ගුවන් විදුලිකාව වෙබ් අඩවිය ඔස්සේ පිවිසිය හැකිය.
ශ්‍රී ලංකා පදනම් ආයතනයට වසර 50ක් පිරීම නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආයතනයට පිවිසීම සඳහා නව ප්‍රවේශ දොරටුවක් ද විවෘත කරන ලදි.
එම ප්‍රවේශ දොරටුව ජර්මනියේ පළමු ජනාධිපති ෆෙඞ්ඩ්රික් ඊබට් මහතාගේ නමින් නම් කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකා පදනම් ආයතනය ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකා පදනම සහ ‘ද ෆ්රෙඞ්ඩ්රික් ඊබට් ස්ටිෆ්ටන්ග්’ ආයතනය අතර ඇති කරගන්නා ලද ගිවිසුමකට අනුවය.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ‘ඩිජිටල් ඡායාරූපකරණ පාඨමාලාව 2018’ හැදැරූ සිසු සිසුවියන් 140 දෙනකුගේ නිර්මාණ දැක්වෙන් ‘අයිමාර්ට්’ ඡායාරූප ප්‍රදර්ශනය ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.
මීට අමතරව ජනාධිපතිවරයාගේ අතින් ‘ද සිග්නේචර් ඔෆ් ද එක්ස්සෙකටිව් (Signature of The Executive)’ වෙබ් අඩවිය නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන ‘ස්මාර්ට් ශ්‍රී ලංකා’ වැඩසටහනේ තෙවැනි මධ්‍යස්ථානය ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. ‘ස්මාර්ට් ශ්‍රී ලංකා’ වැඩසටහන තරුණයන් සවිබල ගැන්වෙන වෘත්තීය සහ අධ්‍යාපන මාර්ගෝපදේශන වැඩසටහනකි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, ශාන්ත බණ්ඩාර, ජනාධිපති ලේකම් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ශ්‍රී ලංකාවේ වැඩබලන ජර්මානු තානාපති ඇන්ඩෘස් බර්ග්, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභපාති මහින්ද දේශප්‍රිය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති පී.ජී. කුමාරසිරි සිරිසේන, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සභාපති ජනාධිපති නීතිඥ සරත් කෝන්ගහගේ, ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහනේ අධ්යක්ෂ ජෙනරාල් එරික් වීරවර්ධන, තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.
(ඡායාරූප - ඉෂාන් සංජීව)
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අලුත් රූපවාහිනි නාලිකාවක් - ගුවන් විදුලි සේවයක් ජනපති අතින් ඇරඹේ
sirimal Thursday, 28 March 2019 06:18 PM
ඡන්දෙ එනකොට මේකත් ඡන්ද වැඩ වලට හරවා ගනීද දන්නේ නැහැ. අනිත් නාලිකා බොහොමයක්ම වාගේ එක කට්ටියකටනේ තල්ලුව.
rocky Friday, 29 March 2019 07:32 AM
නැතුව බැහැ නේ. පන්දම් අල්ලන වෙනත් මෙලෝ දෙයක් නොදන්නා නුගත් බංකොලොත් ආචාරියන් මහාචාරියන් සහ උවූන්ගේත් ඇම්බැට්ටයෝ ටිකක් දා ගත්තම වැඩේ ජිල්මාර්ට් එකට කෙරෙනවා.
Ranjan Friday, 29 March 2019 09:07 AM
මේ ගුවන්විදුලි සේවය වෙබ් ලිපිනය කරුණාකර දෙන්න ගූගල් මගින් සොයා ගත නොහැක.. ස්තුතියි!!!
Chanak Los angeles Friday, 29 March 2019 09:06 PM
එදා සරල ගොවියා අද කෝටිපතියා.. කොහොමද බොලේ ඒ ?
Prof. Dr. Edward M Perera Friday, 29 March 2019 10:36 PM
ශ්‍රී ලංකා පදනම් ආයතනයට 50 වසරක් සපිරුණු මේ සුවිශේෂ අවස්ථාවේ ඊට හදවතින්ම සුබ පතන අතරම මෙම ආයතනය හා මාගේ ජීවිතයත් අතර තිබු සුන්දර මතකයන්ද මේ අවස්ථාවේ සිහියට නැගෙනවා. ජර්මනියේ මාගේ පශ්චාත් උපාධි අධ්‍යාපනය අවසන් කොට 1981දී ලංකාවට පැමිණි පසු මා කළ ප්‍රථම රැකියාව පදනම් ආයතනයට සම්බන්ධවයි. එවකට ෆ්රෙඩ්රික් ඊබර්ට් පදනමේ අධ්‍යක්ෂක වූ ආචාර්ය පීටර් බර්න්ඩ් හා මමද එකම විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයන් වීමත් ජර්මනියේදී එවකට බලයේ සිටි සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සාමාජිකයින් සමග තිබු මිත්‍රත්වයත් හේතුකොටගෙන ආචාර්ය පීටර් බර්න්ඩ් ගේ උපදේශකයෙක් ලෙස වසරක පමණ කාලයක් පදනම් ආයතනයට මාගේ සේවය ලබා දීමට හැකියාව ලැබුණා.. ෆ්රෙඩ්රික් ඊබර්ට් පදනම විසින් රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳ ලංකාවේ පැවැත්වූ ප්‍රථම පාඨමාලාවට ඇතුල් වීමේ වාසනාව මටද හිමිවූ අතර ඒ හේතුවෙන්ම ජාතික රූපවාහිනියේ ආරම්භක සාමාජිකයෙක් වීමේ වරප්‍රසාදයද මා හට හිමිවූ බව මෙනෙහි කරන්නේ ස්තුති පූර්වක හද පිරි සතුටකින්...
rocky Saturday, 30 March 2019 02:19 PM
ඔය මහාචාර්ය මහත්තය දැන් කොහෙවත් වැඩ කරන්නේ නැද්ද? එහෙම නැත් නම් එන්.ජී.ඕ. එකකවත් වැඩ කරනවද?
ramani Saturday, 30 March 2019 05:18 PM
චතුරිකා සිරිසේන ඔය ටීවී කොම්පැනියේ මොනවද කරන්නේ...?