IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


අලුත් අවුරුදු උදාව ඉරිදා 2.09 ට

අලුත් අවුරුද්ද අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 2.09 ට උදාවෙයි.

එදින පූර්ව භාග 7.45 සිට එදින අපරභාග 8.33 දක්වා පුණ්‍ය කාලය වන බැවින් අප්‍රේල් මස 14 වැනි ඉරිදා පූර්වභාග 7.45 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමත්, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ, එනම් අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.09 සිට අපරභාග 8.33 දක්වා ආහාර පිසීම, වැඩඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටුකිරීමත් සුබපල ගෙනෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව කියයි.

 

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.42 ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා, හකුරු මිශ්‍ර කිරිබතක්ද, තිකුළු මිශ්‍ර (ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි යන කුළුබඩු දමා) අග්ගලා සහ කැවුම් ද පිළියෙළ කරගැනීම මැනවි.

 

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 03.54 ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කර, ආහාර අනුභව කිරීම මැනවි.

 

අලුත් අවුරුදු නැකත් සීට්ටුව පහත දැක්වේ.

 

 



අදහස් (9)

අලුත් අවුරුදු උදාව ඉරිදා 2.09 ට

Nandalal DE SILVA - France Friday, 12 April 2019 07:00 PM

සාමය, සතුට, සමාදානය රජ වන ප්‍රීතිමත්, අතමිට සරුවන සුභ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක් මගේ ශ්‍රී ලංකාවාසී නෑ හිත මිතුරන්ට උදා වේවායි කියා මේ දුර රටේ සිට ආදරයෙන් පතමි.

:       162       147

liyanageSunday, 14 April 2019 12:00 PM

ඕනෑම දෙයක් හදවතට එකගව විවෘත පිරිසිදු මනසකින් සුබවාදීව සිතා කළහොත් ඕනෑම දෙයක් සාර්ථක වේ. සුබ නැකත් ඇතිව කිළුටු මනසකින් කරන සියලු දේ අසාර්ථක වේ.

:       107       1

චමින්ද Saturday, 13 April 2019 12:31 AM

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කෙසේ කීවත් ආහාර අනුභවයට ඇති වේලාව නම් අනුවනම් ජ්‍යෝතිෂයට අනුවනම් සුදුසුයි කියන්න අමාරුයි

:       35       1

Kumar Saturday, 13 April 2019 04:07 AM

ඔය මොන නැකතකට අවුරුද්ද පටන්ගත්තත් ලංකාවට කිසිම සෙතක් සිදුවෙලා නැහැනෙ.

:       4       145

ravi Saturday, 13 April 2019 09:32 AM

ස්තුතියි සුබ අලුත් අවුරුද්දක්

:       35       0

Hafeel Sunday, 14 April 2019 05:11 AM

මෙතන අදහස් පලකරන අපි අතර විවිධ අදහස් තිබුනත්, අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ. ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා.

:       26       2

Perakum Sunday, 14 April 2019 08:17 AM

සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අවුරුදු නැකැත් කමිටුව මගින් යෝජිත නැකැත් වල බරපතල දෝෂයක් ඇති බව සමහර ජෝතිශ්‍යඥයින්ගේ මතයයි. මේ ගැන වහා සොයා බැලීම වටී.

:       42       1

Samathasena Aluthgamage (A.Samathasena) { World Cup Winner, FanArt Reviewiew- America. } Sunday, 14 April 2019 11:33 AM

ලැබුවාවූ සුභ නව වසර ලංකාදීප ගරු ප්‍රධාන කතුතුමා ඇතුළු සියලුම පුවත්පත් කලාවේදී භවතුන්ටත්, කාර්ය මණ්ඩලයටත්, මෙහි ලියන විචාරකයන්ටත්,අදහස් දක්වන සැමටත්, ලංකාදීප පාඨකයන්ටත් සියලු යස ඉසුරෙන් පිරි සුභ නව වසරක්ම වේවා !!!

:       0       23

Chanak Los angeles Sunday, 14 April 2019 03:40 PM

ලැබුවාවූ සිංහල හා හින්දු අවුරුද්ද සියලුම දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරේවා .. විශේෂයෙන් මිනිසුන් තුල පවතින ජාතිවාදී ආගම්වාදී අදහස් තුරන් වී ඔවුනට සත්‍ය වැටහේවා !

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 4 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 64 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 101 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 270 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 914 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින්
2024 අප්‍රේල් මස 23 1318 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site