IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අරලියගහ මන්දිරය භාවිතයට විරුද්ධව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නේ නෑ-අගමැති ලේකම්

(නාලක සංජීව දහනායක)

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තනතුර අහිමිවී තිබියදීත් අරලියගහ මන්දිරය භාවිත කිරීමට එරෙහිව කිසිදු නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු නොවන බව අග‍්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා අද (30) පැවසීය.

අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස අරලියගහ මන්දිරය තිබෙන්නේ තමන් බාරයේ බැවින් නව අගමැතිවරයාට එය බාරදීම තමන්ගේ වගකීමක් බව ලේකම්වරයා පැවසීය.

තනතුර අහිමිව තිබියදී යමෙකු මෙය භාවිත කිරීමෙන් යම් ප‍්‍රශ්නයක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ නීතිමය ක‍්‍රියාමාර්ග ගත හැකි බවද ඔහු කීය.

මෙය බරපතළ දේශපාලන කරුණක් බැවින් හැකි ඉක්මනින් අරලියගහ මන්දිරය නව අගමැතිවරයාට ලබාදීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් අග‍්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයකුට පෙරේදා ලිඛිතව දැනුම් දුන් බවද අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා වැඩිදුරටත් කීය.

ජනාධිපතිවරණය පරාජය වූ සැණින් මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිටවූ බවත් කී ලේකම්වරයා රනිල් වික‍්‍රමසිංහ මහතාද නිවසක් සොයාගත් පසු අරලියගහ මන්දිරයෙන් පිටව යනු ඇතැයි බලාපොරොත්තු වන බවද පැවසීය.

කොළඹ, මල් පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය ලේකම්කාර්යාලයේදී අද (30) පැවැති මාධ්‍ය හමුවකදී අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා මේ බව කීය.  



අදහස් (3)

අරලියගහ මන්දිරය භාවිතයට විරුද්ධව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නේ නෑ-අගමැති ලේකම්

Bamunuarachchi Tuesday, 30 October 2018 10:55 AM

නීති ක්‍රියාත්මක කරන්න එපා. වතුර, විදුලි බලය කපා හරින්න. එයාගේ ආරක්ෂාව පිණිස ආහාර ඇතුළට ගෙනයාම වළක්වන්න. බැරිම වුනොත් කනින් අල්ලා දොට්ට දමන්න...

:       0       0

laksman Tuesday, 30 October 2018 11:34 AM

මහින්ද මහතා පිටව ගියේ ඡන්දයකින් පරාදවෙලා. මෙතන වෙලා තියෙන්නේ බලය මංකොල්ල කෑමක්. පාර්ලිමෙන්තුවේ වැඩිබලය තිබෙන අය අගමැති කලයුතු වුනත් එය පරීක්ෂා කලේ නැතිව තනතුර අහිමිවුනා කීම මුසාවක්.

:       0       0

Bamunuaarachchi. Wednesday, 31 October 2018 01:59 AM

නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ කොහොමද? තවමත් බහුතර බලය තියෙන ලොව පිළිගත් අගමැති රනිල්නේ. කොහොමත් ගන්න බැරි එක එහෙමවත් කියමුකෝ...නේද ලේකම්තුමෝ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 250 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 308 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 85 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1052 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 274 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 327 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site