IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අර්ජුනගේ පැමිණිල්ල ගැන උසාවියට කරුණු වාර්තා කරයි

(ඉන්දිකා රාමනායක)

ඛනිජ තෙල් සංස්ථා මූලස්ථාන පරිශ්‍රයට ඇතුළුව සිටියදී  පිරිසක් තමන් ඝාතනය කිරීමට උත්සහ ගත් බවට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ල  සම්බන්ධයෙන් අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට කරුණු වාර්තා කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

සිද්ධිය වූ ඉකුත් (28) දින රාත්‍රීයේම අර්ජුන රණතුංග මහතා  පොලිස් මූලස්ථානයට පැමිණ මෙම පැමිණිල්ල  ඉදිරිපත් කර තිබුණි.

මෙම සිද්ධියට අදාල පැමිණිල්ල පොලිස් මූලස්ථානය කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කිරීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය  සිද්ධිය සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තා  කළ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම පැමිණිල්ලට අනුව පොලිසිය පරීක්ෂණ පවත්වා  සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිසිය සඳහන් කරයි.

දෙමටගොඩ පිහිටි ඛනිජතෙල් සංස්ථාවේ මූලස්ථාන  පරිශ්‍රයට ඉකුත් (28) පස්වරුවේ ඇතුළුව සිටි හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග  මහතාට එහි සේවකයන් පිරිසක්  විරෝධය දැක්වීම හේතුවෙන් ඇති වු උණුසුම් තත්ත්වය  දුරදිග යාමෙන්  ඔහුගේ ආරක්ෂාවට සිටි ඇමැති ආරක්ෂක පොලිස් නිලධාරියකු සිදුකළ වෙඩි තැබීමකින් සේවකයකු මියගොස්  තවත් සේවකයන් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.



අදහස් (0)

අර්ජුනගේ පැමිණිල්ල ගැන උසාවියට කරුණු වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න

දියත

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 85 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 265 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 57 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 15 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 63 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 561 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site