කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය 2020-2021 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් අයි.සී.සී.ආර්. ශිෂ්‍යත්ව සඳහා අයඳුම්පත් කැඳවා ඇත.
නේරු අනුස්මරණ, මවුලානා අසාද්, රජිව් ගාන්ධි සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය යන වැඩසටහන් යටතේ ශිෂ්‍යත්ව පිරිනැමේ.
නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඉංජිනේරු විද්‍යාව, විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව, වාණිජ්‍යය, මානව සමාජ විද්‍යාව සහ කලා ඇතුළු සියලු උපාධි පාඨමාල සඳහා අයඳුම්පත් කැඳවා තිබේ. එනමුත් වෛද්‍ය, පරිපූරික වෛද්‍ය සහ විලාසිතා නිර්මානකරණය යන විෂය මෛ වැඩසටහනින් ආවරණය නොවේ.
මවුලානා අසාද් ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඉහත කී විෂය ක්ෂේත්රවල ශාස්ත්‍රපති උපාධි පාඨමාලා සඳහා අයඳුම්පත් යොමු කළ හැකිය. එම ශිෂ්‍යත්ව වැඩසටහනෙන් ද වෛද්‍ය, පරිපූරික වෛද්‍ය සහ විලාසිතා නිර්මානකරණය යන විෂය ආවරණය නොවන අතර එහෙත් ඉංජිනේරු විද්‍යාව, විද්‍යාව සහ කෘෂිකර්මාන්තය යන විෂය ක්ෂේත්රවලට වැඩි ඉඩක් කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
රජිව් ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඉංජිනේරුකරුණ සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ උපාධි පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව පිරිනැමේ.
පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්ව වැඩසටහන වෛද්‍ය, පරිපූරක වෛද සහ විලාසිතා නිර්මාණකරණය හැර අනෙකුත් සියලු විෂය යටතේ ආචාර්ය උපාධි පාඨාමාලා සඳහා අයඳුම්පත් කැඳවේ.
ඉන්දීය රජයේ සුදුසුකම් සපුරන ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ ඉහළම විශ්ව විද්‍යාලවල උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අයඳුම්පත් තෝරාගැනේ. ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ අයඳුම්කරුවන් තෝරාගැනීම සිදු කෙරේ.
සියලුම ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සම්පුර්ණ පාඨමාලා කාලය සඳහා අධ්‍යයන ගාස්තු, මාසික ජීවන වියදම් දීමනාවක් සහ පොත් සහ ලිපි ද්‍රව්‍ය සඳහාවාර්ෂික ප්‍රදානයක් ලබා දේ. තෝරාගන්න අයදුම්කරුවන්ට විශ්ව විද්‍යාල තුළ නේවාසිකාගාර පහසුකම් සපයන අතර කිසිදු ශිෂ්‍යයකුට පෞද්ගලික ස්ථානයකට නවාතැන් ගැනීමට අවසර නොලැබේ. එසේම සියලු ශිෂ්‍යත්වලාභීන් සඳහා පූර්ණ සෞඛ්‍ය පහසුකම්, ඉන්දියාවේ ආසන්නතම ගුවන් තොටුපොළ වෙත ගුවන් ගාස්තු සහ ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල අධ්‍යාපන චරිකා සඳහා වාර්ෂික දීමනාවක් ද වෙනත් දීමනා රැසක් ද ලබා දේ.
සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන්ට නගර සැලසුම්, ජල සම්පාදන සහඋසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ www.mohe.gov.lk යන වෙබ් අඩවියෙන් අයදුම්පත් ලබාගත හැකිය. දෙසැම්බර් 16 වැනි දිනෙන් අයඳුම්පත් බාරගැනීම අවසන් වේ.
(055)
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අයි.සී.සී.ආර් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවේ