IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අම්බර කිලෝ 11 ක් කන්දකුලියෙන් අත්අඩංගුවට

(පද්මා කුමාරී කංකානම්ගේ )

තවමත් මිල තක්සේරු නොකළ,"අම්බර "නම් වටිනා සත්තව කොටස් කිලෝ 11 ක්,කල්පිටිය කන්දකුළිය වෙරළේ ධීවරයකුගේ බෝට්ටුවේ තිබියදී, ධීවරයා ද සමගින් අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.

මුහුදු ක්ෂීරපායී සතෙකු වන තල්මසාගේ සත්ත්ව කොටසක් වන මෙම අම්බර තමා සන්තකයේ තබා ගැනීම,වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වරදක් බව අත්අඩංගුවට ගත් කල්පිටිය පොලිසිය පවසයි.

අප මේ පිළිබදව කල්පිටිය වනජීවී දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක නිළධාරී මංජුල කුමාර මොරතැන්න මහතාගෙන් විමසූවෙමු.

"අම්බර නිෂ්පාදනය වන්නේ තල්මසාගේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුළේ.දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන රසායනික ප්‍රතික්‍රියා රාශියක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මෙම අම්බර නිෂ්පාදනය වන්නේ.පසුව තල්මසාගේ වමනය වශයෙන් හෝ මළ පහ සමගින් මේවා සාගරයට එකතුවෙනවා."

"ඉතා දුර්ලහ නිසා මේවා වටිනවා.සුවද විලවුන් නිෂ්පාදනය සදහා යොදා ගන්නා බවත් පැවසෙනවා."

සැකකරු සහ අම්බර පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.



අදහස් (16)

අම්බර කිලෝ 11 ක් කන්දකුලියෙන් අත්අඩංගුවට

විජිත් Friday, 24 April 2020 02:25 PM

මේ නිතිය මට නම් මහත්ම ප්‍රශ්නකාරිවුන එකක්... මේ ධීවරයා මුහුදු යන්නේ මාළු අල්ලන්න මිසක් තල්මස් දඩයමේ නොවන බව හොඳටම පෙනෙනවා. තල්මසාව අල්ලාගෙන මෙයා මේ ඇම්බර් අරගන්නෙත් නැහැ. එහෙම අරගන්න තල්මසා ඉඩ දෙන්නෙත් නැහැ. අනිවාර්යයෙන්ම මේවා තල්මසාගෙන් පිටවෙලා මුහුදේ පාවී පාවී තිබෙන ද්‍රව්‍යය... මෙය ස්වාභාවික ද්‍රව්‍යයක්. අයිතිකාරයෙක් නැහැ. මුලින්ම දකිනකෙනා අරගන්නවා. මේ ධීවරයා අහුලා නොගත්තත් වෙන ධීවරයෙක් අහුලා ගන්නවා. මේකත් හරියට මාලුවෙක් අල්ලනවා වගේ තමයි. කවුරුවත් නොදක්කොත් අවුරුදු ගණනක් ගිහිල්ලා හරි කාට හරි හම්බවෙනවා. එහෙම දෙයක්... ඒ කියන්නේ සමාජයට අහිතකර දෙයකුත් නොවන.. මේ ඇම්බර් මුහුදෙන් අහුලාගැනීම නීති විරෝධී කිරීම සාධාරණද...? මගේ හිතවත් මිතුරු මිතුරියන්ගේ ගව්රවනිය තීන්දුව මම බලාගෙන ඉන්නවා.

:       0       40

හරේන් Friday, 24 April 2020 02:48 PM

මේක ගන්නෙ සතාට හානියක් නොකර නම් ඒ මනුස්සයා අපරාධයක් කරලා නෑනෙ? මේක මත්ද්‍රව්‍යකුත් නෙවෙයි. මුහුදෙ පාවෙන දෙයක් ලඟ තියා ගැනීම අත්අඩංගුවට ගන්න හේතුවක් වෙන්නෙ කොහොමද?

:       0       3

de silva Friday, 24 April 2020 03:31 PM

මුහුදේ පාවෙන තල්මසාගේ බහිශ්‍රාවී ද්‍රව්‍ය ගොඩට ගෙනත් විකුණන එකේ වරදක් මම නොදකිමි

:       0       5

Kumar Friday, 24 April 2020 04:02 PM

මෙරටේ එවැනි දෙයක් හමුවුනොත් අයිති සොයාගත්තා කෙනාටයි. එතකොට අහසෙන් උල්කාපාතයක් තමාගේ වත්තට වැටුනොත් එකත් අයත් වන්නේ රජයටද?

:       0       3

විජේ Friday, 24 April 2020 04:41 PM

අපේ ලොකුමහත්තයා මැදිහත් නොවුනොත් තක්සේරු නොකල අම්බර කිලෝ 11 තක්සේරුවෙන් පස්සෙ රජයේ ජේශ්ට අම්බරුවෙක් අතට පත් වෙනවා වෙනවාමයි.

:       0       10

Mahesh Friday, 24 April 2020 04:58 PM

ඕක සතා විසින් පිට කරන දෙයක්නේ... ඇගේ කොටසක් නෙවේ.. ඔක නීතිවිරෝධී වෙන්න බෑ. සමහරවිට මේකේ වටිනාකම නිසා ඕකට ගේම් එකක් දෙන්න හදනවා වෙන්න පුලුවන්... පොලීසියේ සමහර අය පොඩ්ඩක් ඇහ ගහගෙන ඉන්න.

:       0       222

Pradeep Friday, 24 April 2020 05:04 PM

ඉතාමත් වටිනා දෙයක් කියලත් කියනවා... තල්මසාගේ වමනය හෝ මල සමග ශරීරයෙන් පිටවන බවත් කියනවා. එත් ඒවා තියාගැනීම හෝ විකිණීම තහනම්.. එච්චර වටිනා දෙයක් මහා මුහුදට සේදී යාමට නොදී ප්‍රයෝජනයකට ගැනීම නොවේද වටින්නේ..?

:       0       251

විජිත්Friday, 24 April 2020 07:51 PM

ඔබ බොහොම හරි ප්‍රදීප්, ඔය ප්‍රශ්නය මටත් තියෙනවා. මොකද මේ ධීවරයාට හදිස්සියේම මුහුදේ ගසා යන මේ ද්‍රව්‍යය හමුවන්නේ. ඔහු මේවා තල්මසාගෙන් බලෙන් ගන්න දෙයක් නොවෙයි. අනික මේ ඇම්බර් ඩ්‍රග්ස් වැනි මිනිසාට අහිතකර දෙයක් නොවෙයි. මේ ධීවරයා නොගත්තොත් කවදාහරි වෙනත් කෙනෙකුට මෙය හම්බවෙනවා. එසේත් නොවුනොත් කාලයාගේ ඇවෑමෙන් කැබලිවලට කැඩී කුඩා කොටස්වලට වෙන්වී යන්න පුළුවනි. මේ නීතිය කොයි කාලේ, කවුරු, මොනවා හිතාගෙන දැම්මත් මට නම් හිතෙන්නේ මහා පුදුම, ඒ වගේම බුද්ධියට නිගා දෙන නීතියක් කියලයි.

:       0       46

NandaSaturday, 25 April 2020 04:54 AM

ඇත්ත... මටත් තේරුම්ගන්න බැහැ...

:       0       6

lalithm Friday, 24 April 2020 07:33 PM

සත්වය මරා දමල හෝ වෙනත් උපද්‍රවයක් කරලා නැතිව මේවා හම්බවෙලා ධීවරයා සොයා ගත්ත නම් ඔහු වරදක් කර නැහැනේ? හම්බ වුනාම ගෙනත් කාටද භාර දෙන්න ඕනේ...? එතකොට මොනවා වේවිද? අපේ නිලධාරීන්? අපේ රටේ සමහර නීති විරෝධී කියන දේවල් හිතා ගන්න බැරි දේවල්. වල්ල පට්ට වෙළදාමත් ඒ වගේ. මගේ ඉඩමේ මම ගහක් හිටවුවොත් මට ඒක ආදායමක් ගන්න විකුනන්න බැරිනම් කව්ද ආයිමත් වවන්නේ? කළුවර ගස් වලටත් මේ වැඩේම වෙනවා. පුද්ගලික ඉඩමක පලයක් දැක්කොත් කපල විසි කරනවා. විකුනන්න කපන්න තහනම් නිසා. කංසා වුනත් එහෙමයි. ඔක්කොම තහනම්. එත් ආයුර්වේද බෙහෙත් වලට ගන්නවා. වවන්න තහනම් නම් පිටරටින් ගෙන්න ගන්න වෙනවා. පාලනයක් ඇතුව මේවා වැව්වොත් විදෙස් විනිමය උල්පත් වෙන්නේ නැතිද? බෙහෙත් සඳහා? අපි තහනම් කියන බොහෝ දේ දියුණු රටවල් විකුනනවා. මුව ගෝන මස් නවසීලන්තෙන් පිටරට යවන දේ. ටිකක් හිතමුද?

:       0       2

Prabha Friday, 24 April 2020 08:47 PM

ධීවරයෝ තල්මසාට අම්බර වමනෙ යනකල් බොන්න දීලා ...ඒකයි අත්අඩංගුවට අරන් තියෙන්නේ...

:       0       26

B. Anthony Saturday, 25 April 2020 12:46 AM

මේක තියාගැනීම තහනම් නෙවෙයි. වටිනාකම වැඩි නිසා මංකොල්ලකන්න හදන්නෙ. මාලුවගේ අප ද්‍රව්‍ය ධීවරයකුට එකතුකරලා ගන්න බැරිනම් ඒක උගෙ අම්මගෙ නීතියක් කියලයි කියන්න තියෙන්නෙ. අනිවාර්යයෙන් ඕකෙන් වැඩි කොටසක් අතුරුදහන් වේවි....!!!

:       0       61

Jude Saturday, 25 April 2020 04:43 AM

මොන යකාගේ නීතියක්ද මෙ? මෙවා සොයාබලා නීති පොතෙන් ඉවත් කළ යුතුයි. මෙවා සුද්දගේ නීතියද? ඔවා දැන් ඉවත් කරන්න ඔනේ... නැතිනම් මිනිස්සු හිනාවෙනවා රටෙ නීතියට ...

:       0       4

ravinSaturday, 25 April 2020 09:31 AM

ඔයිට වඩා ගෝත්‍රික නීති මේ රටේ දේශපාලුවන් හදාගෙන තියෙනවා මහත්තයෝ.අනිවාර්යයෙන්ම ඔය මොනවාද ඒවා එක්කෝ පොලිසියයි නඩුකාරයයි එකතුවෙලා විකුණාගන්නවා. නැත්නම් බඩුත් එක්කම නිදහස් කරන්න ලොකු ගණනක් අර දුප්පතාගෙන් ගන්නවා.

:       0       53

dayan ......... Saturday, 25 April 2020 11:13 AM

අම්බර කියන්නේ "රාජ අලියාගේ" මලපහ කියලයි මම අහල තියෙන්නේ... ඒ ගැන ඔබලාගේ අදහස් මොනවද ... ?

:       0       2

Samitha Senaka Aluthgamage. Sunday, 26 April 2020 10:52 AM

විජිත් මහත්තය ඇතුළු අනෙකුත් සැමගේ අදහස් හා මාද එකඟයි.

:       0       19

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 111 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1424 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1228 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 713 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1782 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 88 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site