IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අභියාචනාධිකරණ තීන්දුවට අනුව අමාත්‍ය මණ්ඩලයේ සියලු දීමනා අත්හිටුවයි

කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කරන ලද අතුරු නියෝගය අනුව අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්යමණ්ඩලවලට ගෙවන සියලු ගෙවීම් තාවකාලිකව නවතා දමා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කී බව ‘ද සන්ඩේ ටයිම්ස්‘ පුවත්පත වාර්තා කරයි. 

මේ අනුව අමාත්‍යවරුන්ට, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ගෙවන සියලු ගෙවීම්, දුරකතන සහ ඉන්ධන දීමනා ඇතුළු සියලු දීමනා මෙන්ම පෞද්ගලික කාර්යමණ්ඩලවලට ගෙවන ලද වේතන යනාදි සියල්ල පසුගිය සතියේ සිට තාවකාලිකව නවතා දමා ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සන්ඬේ ටයිම්ස් පුවත්පතට පැවැසීය. 

“මීට පෙර පවත්වන ලද උත්සව, ඉසවු යනාදිය වෙනුවෙන් ගෙවීම් කරන්නැයි ඉදිරිපත් කරන කිසිවකටද මුදල් ලබානොදෙන ලෙස උපදෙස් ලැබී තිබෙනවා” යැයි ද හෙතෙම කීය. 

පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනා සහ අභියාචනාධිකරණ තීන්දුව අනුව අමාත්‍යවරුන්ට කරන ගෙවීම් සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් පසුගිය සතියේදී ජනාධිපතිවරයාගෙන් කරුණු පැහැදිලි කරගෙන ඇති අතර ඒ අනුව ඉහත උපදෙස් ලැබී ඇත. 

අධිකරණ තීන්දුව අනුව කිසිදු ගෙවීමකට අවසර නොදෙන ලෙස ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදි උපදෙස් දුන් බව ද රත්නසිරි මහතා කීය. 

අභියාචනාධිකරණය දුන් අතුරු නියෝගය මගින් අමාත්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලවලට ගෙවීම් නොකරන ලෙස සෘජුව සහ විශේෂයෙන් සඳහන් නොකළද අග්‍රාමාත්‍යවරයා, කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් නිලතල දැරීමෙන් සහ අදාළ කටයුතුවලින් වැළැකී සිටි බව අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා පැවැසීය. 

ජනාධිපතිවරයා සහ ඔහුගේ ලේකම්වරයා ලබාදෙන නියෝග සහ උපදෙස් පමණක් පිළිපදින ලෙසද, මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ද පරිපාලන කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද කරුණු විමසන්නැයි සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලැබුණු බව ද අමරසේකර මහතා කීවේය. 

සන්ඬේ ටයිම්ස් ඇසුරිනි 

 (055)



අදහස් (33)

අභියාචනාධිකරණ තීන්දුවට අනුව අමාත්‍ය මණ්ඩලයේ සියලු දීමනා අත්හිටුවයි

chamath Sunday, 09 December 2018 10:23 AM

හොඳ තීරණයක්...

:       99       524

සනත් Sunday, 09 December 2018 10:24 AM

ඇති යන්තම් දැන්වත් නීතියට අනුව වැඩකරන්න හිතුව එක. හැබැයි ඉතිං ව්‍යවස්ථාව කියන්නේ රටේ උත්තරීතරම නීතිය කියලා හිතන්නේ නැතුව එ්ක උල්ලංඝනය කරලා රටම ප්‍රපාතයකට දැම්මා. එ්කට නම් අපෙන් සමාවක් ලැබෙන්නේ නැහැ.

:       381       3360

paraajithayaSunday, 09 December 2018 11:34 AM

මේකේ ඩිස්ලයික් දාන එකේ තේරුම, එම උදවිය අභියාචනාධිකරණ නියෝගයවත්, රටේ නීතියවත් පිළිගන්නේ නැහැ කියන එකද? නැතිනම් කඩේ යමින් ඔහේ හිතට ආපුදේ මෝඩකමට ප්‍රකාශ කිරීමද?

:       730       721

sandy123Sunday, 09 December 2018 03:06 PM

කණගාටු නොවන්න. වංක ලොවේ වංක පුද්ගලයින් අඩු වැඩි නැතුවම නැතුවාම නොවේ.

:       50       190

janahitha Sunday, 09 December 2018 01:58 PM

නීතිය සැමට එක විය යුතුය. අප යනු ජනතාවයි.. ලංකාදීපය කියවන ජනතාවයි.. යූඑන්පී සහ ඔවුන්ගේ සහචරයන් නොවේ. එබැවින් මහ බැංකු වංචා කරුවන්ටද රජයේ මුදල් විය පැහැදම් කිරීම් සපුරා තහනම් කළ යුතුයි.

:       276       477

jim kuru Sunday, 09 December 2018 10:33 AM

වැඩේ ටිකක් කචල් වගේ පේන්නේ... ඔහොම යන්, ඔහොම යං...

:       0       0

ලුම්බිණි Sunday, 09 December 2018 10:52 AM

අභියාචනාධිකරණය නිකුත් කරන ලද අතුරු නියෝගය අනුව අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්යමණ්ඩලවලට ගෙවන සියලු ගෙවීම් තාවකාලිකව නවතා දමන්න ඕනෙ නේන්නම්...

:       46       339

suddaMonday, 10 December 2018 01:14 AM

මේ විදිහට අගමැති සහ ඇමති මණ්ඩලය පත්කරේ ජනාධිපතිගේ වුවමනාවට නම් මේ වැරදි තීරණවලට වග කියන්න ඕනත් ඔහුමයි. දැන් දීමනා කපාහැරීමේ නියෝගය දීලා හරි වැඩක් කරා කිව්වට වැඩක් නැහැ. තමුන්ගේ මුල් වැරදි තීරණ නිසානම් අනික් දෙයත් වැරදියටයි සිදුවෙන්නේ. මේකත් අර බැඳුම්කරේ වගේ තමයි. තමුන්ගේ හිතුමතේට බහුතරේ නැති කෙනෙක්ට බලෙන් අගමැතිකම දීලා තමන්ගේ මිතුරන් දමා මහබැංකුව කොල්ල කන්න ඇරලා ඊට පස්සේ අනෙක් අය කෑගහනකොට විතරක් කොමිසමක් පත්කරලා මම වැඩකාරයා කියනවා. මේ ජනාධිපතිගේ තීරණ මඩේ හිටවපු ඉනි වගෙයි.

:       1       1

Raveendra Sunday, 09 December 2018 11:20 AM

හොඳ තීරණයක්... පින්ගුත්තරයෝ 225 ගේම දීමනා සදහටම නවත්තා දමනවා නම් කොතරම් අගේද ..? ගෙදරින් බත් ගෙඩිය ඔතාගෙන එන්න විදියට නීති හදන්න පුලුවන්නං මොන තරම් සුන්දරද? එතකොට ලක් වැසියන් සියල්ලන්ටම අවංකව රට වෙනුවෙන් සේවය කරන මහජන නියෝජිතයන් පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්...

:       0       0

Amila Sunday, 09 December 2018 11:28 AM

225ක් නිකන් අපරාදේ පාර්ලිමේන්තු යවන්නේ... මහ මැතිවරණයත් අහෝසි කරලා පළාත් සභාත් අහෝසි කරමු... ජනාධිපතිවරණය විතරක් තියමු. ඔනෙම නම් ප්‍රාදේශීය චන්ද ක්‍රමයත් තියාගමු. ආණ්ඩුවක් නෑ කියලා කිසිම රටේ වෙනසක් වුනෙත් නෑ.. අවුලක් වුනෙත් නෑ නේ. මහජන මුදල් ඉතුරුයි. අරයාට ගොඩ එන්න පුලුවන් අන්න එහෙම කරානම්. මිනිස්සු මල්මාල දාලා පිළිගනී.

:       56       708

සමන්සිරි Sunday, 09 December 2018 11:41 AM

බටහිර බලවේග ජයග්‍රහණය කළ වගයි. රට අස්ථාවර කිරීමේ උත්සාහය සියයට සියයක්ම හරි ගිය බව අද පවතින තත්වය අනුව පෙනී යයි.

:       1303       785

Amila Sunday, 09 December 2018 03:59 PM

පොඩ්ඩක් ගමේ නගරේ ඇවිදලා බලන්න. අපිට නන් වෙනසක් පේන්නේ නෑ. ඔය කියන අස්ථාවරභාවය තියෙන්නේ ඔබතුමගේ හිතේ... දොස්තර කෙනෙක්ව හම්බවෙන්න පරක්කු නොවී...

:       0       0

BamunuarachchiSunday, 09 December 2018 11:02 PM

සමන්සිරි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කළා 2015 චන්දවලදී මියන්මාරයට, නයිජීරියාවට හා ලංකාවට ඩොලර් මිලියන 595 වියදම් කලබව. ඒ කියන්නේ ලංකාවට ඩොලර් මිලියන 195 වියදම් කර තිබෙනවා මහින්ද මහතා පරදවන්න. ශමින්ද්‍ර ෆර්දිනන්ඩෝ ලියන ලද ලිපියක් පුවත් පතක ලියවෙනවා කියවන්න දැනුම ලබාගන්න.

:       0       0

Wijebahu Sunday, 09 December 2018 11:56 PM

බටහිර බලවේග වලට වෙන දේවල් නැතුව ඇති මේ ලංකාවටම හැමතිස්සෙම ඇඟිලි ගහන්නේ?

:       0       0

nishaMonday, 10 December 2018 02:15 AM

බටහිර බලවේගද කිව්වේ ව්‍යවස්ථා විරෝධී වැඩ කරන්න. යහපාලන මුල් කාලයේ බටහිර ජාතීන් සුහද වෙන කොට මොකද?

:       0       1

ROHAN DAYADARA paris Sunday, 09 December 2018 11:51 AM

රටට ආදරේ කරන නීතිගරුක විශිෂ්ඨ කාටත් ආදර්ශමත් උතුම් රාජ්‍ය නිලදරුවෙක් ... ඔබට චිරංජයතු .....!!!

:       0       0

dias Sunday, 09 December 2018 12:17 PM

යහපත් තීරණයක්....

:       0       0

Thushara Sunday, 09 December 2018 01:09 PM

අධිකරණයට ගෞරවය පුදකරන්න ඕනි ජනතාවගේ විශ්වාසය නැවතත් ඇති කළාට. මොන අඩුපාඩු තිබුණත් පසුගිය ආණ්ඩුව ස්වාධීන අධිකරණයක්, ස්වාධීන පොලිස් කොමිසමක්, මාධ්‍ය නිදහසත් ඇති කිරීමට යම් ක්‍රියාමාර්ග ගත්තා.

:       0       0

sachith Sunday, 09 December 2018 01:17 PM

ඔය විදිහට තිබ්බනම් අපේ අය යයිද මරාගෙන ඇමතිකම් ගන්න. එහෙනම් දේශපාලනේට එන්නේ අවංකව සේවයක් කරන්න උවමනාව තියෙන මිනිස්සු විතරයි. ගම් වල ඉන්න රස්තියාදු කාරයොයි, කුඩු, ගංජා මුදලාලිලා පාර්ලිමේන්තු එන්නේ නෑ..

:       0       0

de silva Sunday, 09 December 2018 01:23 PM

රනිල්ට රටේ සහ එජාපයේ බහුතරයක් මෙන් මමත් කැමති නැත. නමුත් මේ ප්‍රශ්න මොකවත් ඇතිවෙන්නේ නැහැනේ.. ජනාධිපතිතුමා මහින්ද මහත්මයා අගමැති කරන්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ ඔහුට බහුතරය තිබෙනවද කියලා පරික්ෂා කර බැලුවා නම් හොඳයි. ආර්ථිකය පසුගිය සති කිහිපය තුල කඩා වැටිලා, රටේ ගොඩක් දේවල් හරියට ක්‍රියාත්මක නොවී රට එක තැන පල්වෙලා ඩොලර් කෝටි ගණනක් පාඩු වෙලා, මේවා කරගහන්න වෙන්නේ බදු ගෙවන අපට නේද?

:       54       274

prem Sunday, 09 December 2018 02:31 PM

ඇමරිකාවේ USAID ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය ‘නූතනවාදී කිරීමට’ ඩොලර් මිලියන ගණනක්.. මහාචාර්ය ජයසුමනගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

:       803       271

BamunuarachchiSunday, 09 December 2018 10:47 PM

ඒ වගේම ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාෂකලා 2015 ඡන්දයේදී මියන්මාරයට, නයිජීරියාවට හා ලංකාවට ඩොලර් මිලියන 585 වියදම් කල බව. ඒ කියන්නේ ලංකාවට ඩොලර් මිලියන 195 වියදම් කර තිබෙනවා මහින්ද මහතා පරදවන්න.

:       0       0

PerakumMonday, 10 December 2018 12:31 AM

මේ හෙළිදරව්ව බලාගන්න හැටි අපටත් කියනවද.

:       0       0

shaniMonday, 10 December 2018 02:18 AM

ඇමරිකාවේ USAID ව්‍යාපෘතිය කියන්නේ දුප්පත් රටවලට උදව් කරන වැඩපිළිවෙලක්...

:       0       3

somapalaMonday, 10 December 2018 08:59 AM

ප්‍රේම්, ජයසුමන පස්සේ ගියොත් ඔයාටත් එයත් එක්ක වැලිකඩ යන්න වෙයි. පරිස්සමින්...

:       9       80

jaya Sunday, 09 December 2018 11:53 PM

මේ යන ක්‍රමය හොදයි. ජනාධිපති වරණයක් පමණක් ඇති.

:       0       0

Sanka Monday, 10 December 2018 02:36 AM

මේ බටහිර බලවේග කියන්නේ මොන යල් පැනපු කතාවක්ද? මෝඩ ඡන්දදායකයින්ව රවට්ටන්න හදාගත්තු පච කතාවක්. බටහිරට අපේ ලංකාවෙන් ගන්න තියෙන්නේ මොන කෙන්ගෙඩියද? ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ රටම රවට්ටනවා..

:       0       3

දිලුම් Monday, 10 December 2018 04:19 AM

ඇත්තටම මේ රටට උහුලන්න බැරි තරම් අපේ රටේ ජනතාවගේ ලේ මස් බොන 225රැලක් තවදුරටත් නඩත්තු කරන්න ඕනද කියන එක හිතල බලන්න මේක හොද වෙලාවක්. රජයේ අමාත්‍යාංශ අවංක ලේකම්වරු යටතට පත්කර ඔවුන්ට වැඩකිරීමට බලය දුන්නනානම් රටට කොයිතරම් මුදලක් ඉතිරි කරලන්න පුළුවන්ද කියල පත්තරේකින්වත් විශ්ලේෂණයක් කරල බැලුවනම් හොදයි. ඇමතිලට එකි මෙකි නොකී සියලු දීමනා දීගෙන උන්ගේ බිරින්දෑවරු හා දරුවන් ඇතුළු සැමට නිකං යැපෙන්න දීගෙන සියළු වියදම් දරාගෙන බුරුතු පිටින් උන්ව නඩත්තු කරන්න මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු වලින් රටේ සංවර්ධනයට කියා එකතු කරන මුදල් කොච්චර නම් වියදම් කරනවාද. ඒත් උන්ගෙන් රටට මෙතෙක් ලැබුනේ මොනවාද යන්න අප සැමට ප්‍රශ්නයක්. දැන් උන් නෑ කියා වෙසක් තියෙන්නේ බඩගෝස්තරවාදී ජාතිවාදී දේශපාලකයන්ට හා තම තමන්ගේ ජාත්‍යන්තර න්‍යාය පත්‍ර අපි වගේ දුප්පත් රටවල් පිට පටවන බලගතු රටවල්වල අපතයන්ට පමණි. මේ රටේ ජනතාවට කිසිම වෙනසක් හෝ පාඩුවක් වී නැත. ආයෝජකයින් කුට්ටි ගනන් කොමිස් මුදල් අමන දේශපාලුවන්ට පූජා කිරීමට සිදු නොවේ ආර්ථීකයට වුව මෙය අස්ථාවර යැයි හැගෙන්නේ මෙය පිලිගන්නට අප රටේ මෙතෙක් නීතියක් නැති නිසා මිස වෙනකක් නිසා නොවේ.

:       0       134

thisu Monday, 10 December 2018 08:07 AM

හොඳ තීරණයක්...

:       0       2

ravi Monday, 10 December 2018 09:21 AM

රනිල්ගේ කණ්ඩායම හෝ මහින්දගේ කණ්ඩායමවත්.. කිසිම වරප්‍රසාදයක් ලැබීමට නුසුදුසු බව ඉතාමත් කණගාටුවෙන් සඳහන් කරමු .. !!! යහපාලනයට අලුත් මුහුණුවරක් දිය යුතුයි.. !

:       0       11

chandana Monday, 10 December 2018 09:24 AM

සියයට 100ක්ම ඇත්ත..

:       0       7

asanka suraweera Monday, 10 December 2018 10:02 AM

ඇයි අපි නූගත් අසාර්ථක 225කට මෙච්චර දීමනා ගෙවන්නේ... දැනුත් රට යන්නේ කලින් ක්‍රමයටමනේ ඕගොල්ලෝ ඔහොම්මම ගෙදර හිටපුදෙන්... මේක තමා සල්ලි ඉතුරුකරන ක්‍රමය ඔහොම යමු..

:       0       2

dias Monday, 10 December 2018 11:12 AM

අපිට සල්ලි නැතිහින්දා මොවුන්ට පඩි නොගෙවා සිටිමි.. ජනාධිපතිටත් රුපියල් 10ක් දෙමු. මේ කාගැනවත් වැඩක් නැහැ. මහින්ද මහත්තයා සහ ගෝලබාලයින් ඇතිතරම් මුදල් හොයලයි තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1366 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 7157 4

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3716 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3061 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11737 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 8010 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site