(දයාරත්න ඇඹෝගම)
විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් ගෙවීම් අත්හිටුවා ඇති රුපියල් කෝටි 120 ක මුදල දේශපාලන මැදිහත් වීමකින් කොන්ත්‍රාත්කරුවකුට යළි ගෙවීමට උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණය වහාම අත්හිටුවන ලෙස ‘අපි පුරවැසියෝ සංවිධානය’ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට අද (11) ලිඛිතව පැමිණිලි කර තිබේ.
අපි පුරවැසියෝ සංවිධානයේ සම කැඳවුම්කරු හා ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට සිදුකළ පැමිණිල්ලේ මෙසේ ද සඳහන් වේ.
පසුගිය 2011 වසරේදී උතුරු මැද පළාතේ ඇතිවූ ගංවතුරින් හානියට පත්වූ මාර්ග පුනරුප්ථාපන කිරිම සඳහා රුපියල් කෝටි 300 කොන්ත්‍රාත්තුවක් අනුරාධපුරයේ කොන්ත්‍රාත්කරුවකුට පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පවරා තිබිණි.
ඒ අනුව මෙම මාර්ග පුනරුප්ථාපනයේ වැඩ 2012 වසරේදී අවසන් වූ අතර කොන්ත්‍රාත්කරු විසින් ඉදිරිපත් කළ පළමු බිල්පත් සඳහා රුපියල් කෝටි 140 ක මුදලක් ගෙවා තිබිණි.
පසුව කොන්ත්‍රාත්කරු විසින් දෙවන වටය සඳහා රුපියල් කෝටි 130 ක බිල්පත ගෙවීම සඳහා අධිකාරියට ඉදිරිපත් කර තිබූ අවස්ථාවේදී විගණන අංශ විසින් ඉදිකළ සියලු මාර්ග පරික්ෂාවේ දී අනාවරණය වී ඇත්තේ පුනරුප්ථාපනය කළ මාර්ග සඳහා එවන් වියදමක් කොන්ත්‍රාත්කරු විසින් දරා නොමැති බවයි.
මෙම මාර්ග ඉදිකිරිම් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ආචාර්යවරුන් විසින් සිදුකළ පරික්ෂණයේ දී මේ බව සනාථව තිබිණි. ඒ අනුව මෙම ගෙවිම් අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.
එහෙත් මැතිවරණ උණුසුම සමඟ කොන්ත්‍රාත්කරු හා එක්තරා දේශපාලන පක්ෂයක ප්‍රබලයින් පිරිසක් මෙම අත්හිටවූ මුදල නැවත ලබාගැනිම සදහා කටයුතු සිදුකරමින් පවතින නිසා එම ගෙවිම් වහාම අත්හිටුවන ලෙසත් පුළුල් පරික්ෂණයක් සිදුකර අදාළ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් ඉල්ලා සිටිමි.
මෙසේ නීතිවිරෝධී ආකාරයට මුදල් ගෙවීමට අර අදින පළාත් සංවර්ධන අධිකාරියේ වැඩ බලන සාමාන්‍යාධිකාරී එම තනතුර හෙබවීමට සුදුස්සකු නොවන බවත් මෙම ගෙවීම සිදුකිරිමට උත්සහ කරනුයේ ඔහුගේ තනතුර අවධිමත් ආකාරයට රැක ගැනීමට බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ ලිපියේ වැඩි දුරටත් සදහන් වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘අපි පුරවැසියෝ සංවිධානයෙන් ’ මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්