IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අපරික්ෂාකාරී රිය ධාවනයෙන් දිනකට රක්ෂිතවල සත්තු 100ක් මියයති

(ඩබ්. ඒ. පියතිලක)
 
ජාතික උද්‍යාන සහ රක්ෂිත හරහා ඇති මාර්ග භාවිතා කරන රියදුරන්ගේ අපරීක්ෂාකාරී රිය ධාවනයෙන් උරගයින්, උභය ජීවීන් සහ ක්ෂීරපායීන් ඇතුළු සතුන් දිනකට 100කට අධික ප්‍රමාණයක් මිය යන බව පොළාන්නරුව කලාප භාර  වනජීවී සහකාර අධ්‍යක්ෂක  ඩබ්. ඩී. එම්. ජී.  වික්‍රමසිංහ මහතා පැවසීය.
 
ඇතැම් සත්ව වර්ග  රක්ෂිතවලින් සහ ලංකාවෙන් සම්පූර්ණයෙන්ම වඳ වීමට ලක්ව ඇති බව ද ඒ මහතා කීය.
 
වනජීවී කලාප අධ්‍යක්ෂකවරයා මෙසේ පවසා සිටියේ දිනක් තුළ මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගය තුළ නරියෙකු, කලවැද්දෙකු සහ උරුලෑවෙකු රිය අනතුරුවලට ලක්ව මියයෑම සම්බන්ධව එම රියදුරන්ට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටින්නේ ඇයිදැයි ලංකාදීපය කළ විමසුකදීය.
 
ඒ පිළිබඳව අදහස් දැක්වූ වනජීවි අධ්‍යෂකවරයා මෙසේ ද පැවසීය.
 
“උද්‍යාන තුළ හෝ පිටතදී ස්වභාවික පරිසරයේ ජීවත්වන  ලොකු කුඩා ඕනෑම ජීවියෙකුගේ  භාරකාරත්වය තියෙන්නේ වනජීවී දෙපාර්තමේන්තුවටයි. ඒ නිසා එම සතුන්ට හානි කරන හෝ  මරණයට පත් කරන  ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න අපට අයිතියක් තියෙනවා. මේ උද්‍යාන හා රක්ෂිතවල සිටින වනසතුන් දඩයම් කරන අයව අත්අඩංගුවට ගැනීමටත් අපි නිතර නිතර මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. ඒ වුණත් සතුන්ට හානිවන ලෙස මේ උද්‍යාන සහ රක්ෂිත හරහා ඇති මාර්ග භාවිතා කරන රියදුරන්ට එරෙහිව නීතිමය කටයුතු කරන්න  අපේ රටේ කිසිම තාක්ෂණික ක්‍රමයක් නැහැ.   අලි  වැනි විශාල සතෙකු රථවාහනයක හැපුණහොත් එම රථයටත් විශාල අනතුරක් වෙන නිසා ඒ අයට පැනයාමට හැකියාවක් නැහැ. නමුත් කුඩා සතෙක් රථයක ගැටී මිය යනවා. නැතිනම් එම රථයටම දමා ගෙන රැගෙන යනවා  ඒ සතාගේ මස් කන්න.

මේ ජාතික උද්‍යාන හරහා ඉදිකර ඇති  සියලු මාර්ග අධිවේගී මාර්ගවලට සමානව ඉදිකර තිබීම නිසා රියදුන් අධික වේගයෙන් ධාවනය කිරීම නිසා මෙම සතුන් මිය යනවා. කවුඩුල්ල, මින්නේරිය, සොමාවැතිය, වස්ගමුව, අංගම්මැඩිල්ල,  මාදුරුඔය ජාතික උද්‍යානවල සහ මින්නේරිය, ගිරිතලේ , ත්‍රිකොණමඩු, හබරණ හුරුලු රක්ෂිතවල රථ වාහන අනතුරුවලින් දිනකට වනසතුන් 100කට අධික ප්‍රමාණයක් මිය යනවා.  එනිසා තව වසර පහක් පමණ කාලයක් ගිය පසු අප රටට පමණක් ආවේණික සතුන් මෙන්ම වෙනත් සතුන් ද සදහටම තුරන්වීමට පවතිනවා.
 
උද්‍යාන සහ රක්ෂිත හරහා ගමන් කිරීමේදී  අධික වේගයෙන් රිය ධාවනය නොකරන ලෙසත් අනතුරක් වී තුවාල ලබා හෝ මියගිය  සතුන් පිළිබඳව වහාම එම අනතුර වු ස්ථානය දන්වා 119 දුරකතන අංකයට හෝ වනජීවී කාර්යාලයකට , ළඟම ඇති පොලිසියට කතා කරන්නැයි කාරුණිකව  ඉල්ලා සිටිනවා” යැයි පොළාන්නරුව කලාප භාර  වනජීවි සහකාර අධ්‍යක්ෂක  ඩබ්. ඩී. එම්. ජී.  වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (7)

අපරික්ෂාකාරී රිය ධාවනයෙන් දිනකට රක්ෂිතවල සත්තු 100ක් මියයති

Raveendra Wednesday, 16 October 2019 04:34 AM

පාරේ යන තම වර්ගයා ගැන කිසිදු සැලකිල්ලක් නැති රියැදුරන් වෙනත් සතුන් කෙරෙහි කෙසේ සැලකිල්ලක් දක්වාවිද යන්න කතාකිරීමත් විහිළුවකි.

:       0       69

Amila Wednesday, 16 October 2019 04:42 AM

රියදුරන්ගේ අපරීක්ෂාකාරී රිය ධාවනයෙන් නෙවෙයි ඕවා වෙන්නේ මේයාලා දැනගන්න ඕන වැටවල් ගහලා, බෝඩ් ගහලා අවශ්‍ය ආකරයකට ආරක්ෂාව සපයන්න.

:       73       152

nishanthika Wednesday, 16 October 2019 05:32 AM

එම ප්‍රදේශයට පමණක් බලපාන විදියට රථවාහන වල වේගය පැයට කිලෝමීටර 40 හෝ 50 යොදන්න පුළුවන්. වෙනත් රටවල කරන්නේ එහෙම.

:       0       160

de silva Wednesday, 16 October 2019 06:34 AM

වනජීවී එක ඔය උද්‍යාන නරබන්න එන සංචාරකයන්ගෙන් ප්‍රකෝටි ගණනක් උපයා ගන්නවා , නිලධාරිනුත් අති විශාල සංඛ්‍යාවක් ඉන්නවා නමුත් සතුන්ට සාත්තු කරන එක ඉතා අල්පය, පායන කාලෙකට සතුන්ට වතුර ටිකවත් හරියට දෙන්නේ නැහැ , මේ ගොල්ල වාහනෙකට හැපිලා මැරෙන සතුන් ගැන කතා කරනවා නමුත් මේ ගොල්ලගෙ අනුදැනුම ඇතුව දඩයකර්යන් දිනකට සතුන් කියක් මරනවද ?

:       1       100

de silva Wednesday, 16 October 2019 08:06 AM

වන උද්‍යාන නරඹන්න එන සංචාරකයන්ගෙන් වනජීවී දෙපාර්තමේන්තුව වසරකට ඩොලර් කෝටි ගණන් උපයා ගන්නවා.මෙම මුදලින් වන උද්‍යාන වටකර, ආරක්‍ෂිත වැටවල් ඉදිකර සත්තු ටික ආරක්ෂා කරගන්න මොවුන්ට බැරි මොකද? එතකොට වන අලි ගම්මාන වලට වැදිලා ඒවා විනාශ කරන එකත් වලකිනවා.

:       0       50

nandana Wednesday, 16 October 2019 09:57 AM

සතුන්ට රිංගා යා නොහැකි වැටවල් සියලු වන උද්‍යාන වටා ඉදිකිරීම ප්‍රායෝගික දෙයක් නොවේ. මෙවැනි වනගත ප්‍රදේශවල, පරීක්ෂාකාරීව වාහන පැදවීම රියදුරාගේ වගකීමක්... නමුත්, පාරේ යන අනිකුත් මිනිසුන් ගැන නොතකන රියදුරන්, සතුන් ගැන අනුකම්පාවක් දක්වාවි යයි සිතිය නොහැකිය.

:       0       1

rohana kumara mendis Wednesday, 16 October 2019 11:12 AM

එත් ඒ උනාට රියදුරු බලපත්‍රය ගන්න ගියාම හෝ අලුත් කරගන්න ගියාම තියෙන නීති මාලාව.උදේ පාන්දර දෙකේ, තුනේ ඉඳලා මිනිස්සු පෝලිම් වල ඉන්නේ පරීක්ෂණ වලට. තනි කකුලෙන් හිටගන්න කියනවා. අත උස්සගෙන තනි කකුලෙන් හිටගෙන අනික් අතින් අනික් කකුල නමාගෙන අල්ලගන්න කියනවා. මගේ අම්මෝ එච්චර නීති තිබිලත් ඔය ඉතින් බලන්නකෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 89 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 139 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 85 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 176 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1974 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 551 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site