IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘අපේක්ෂා රෝහලේ බෙහෙත් හිඟය ගැන නොකියන්නැයි හිටපු සෞඛ්‍ය ඇමැති කීවා’

(ජයන්ත සමරකෝන්)

“මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් නැති එක ගැන කටහොල්ලන්නට එපා” යැයි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මැතිවරණයට පෙර තමාට දැනුම්දුන් බව එම රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ, වෛද්‍ය වසන්ත දිසානායක මහතා ලංකාදීපයට අද(01) පැවැසීය.
 
සෑම සතියකට වරක්ම රෝහලේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 30ක ලැයිස්තුවක් වෛද්‍ය සැපයුම් අංශයට යැවීම පිළිබදව උරණ වූ හිටපු අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබාදුන්නද, නව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවේ හිඟ බෙහෙත් පිළිබඳව තමාට වහාම දැනුම්දෙන්නැයි උපදෙස් ලබාදී ඇති බව යැයිද අධ්‍යක්ෂකවරයා කීය.
 
මේ වනවිටත් රෝහලේ පවතින ඖෂධ හිඟයට නව සෞඛ්‍ය ඇමැතිවරියගෙන් යටහපත් ප්‍රතිචාර ලැබී ඇතැයිද ඒ අනුව රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ පිටතින් මිලදීගැනීමට කටයුතු යොදා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
 
රෝහලේ වසර 19ක සේවා කාලයක් සපුරා ඇති තමන් මැතිවරණය සමයේ මාරුකර යැවීමට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබුණද, රාජ්‍ය සේවා කොමිසම වෙත අභියානයක් ඉදිරිපත් කර එය වළක්වා ගත් බවද ඔහු කීවේය.
 
හිටපු අමාත්‍යවරයාගේ ඖෂධ වංචාවක් පිළිබඳව ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීම මෙම ස්ථාන මාරුවට හේතුව බවද හෙතෙම කීය.



අදහස් (44)

‘අපේක්ෂා රෝහලේ බෙහෙත් හිඟය ගැන නොකියන්නැයි හිටපු සෞඛ්‍ය ඇමැති කීවා’

Rasika Sunday, 01 December 2019 06:01 AM

ඔන්න යහපාලන ආණ්ඩුවේ කරපු දේවල්... රාජිතගේ වගේම ඔක්කොම හොරුන්ගේ වැඩ එළිකරලා...

:       1112       6765

RaveendraSunday, 01 December 2019 09:23 AM

ඇමතියෙක් කියන්නේ මහජන ඡන්දෙන් තේරුණු කෙනෙකි. කෙසේ හෝ බලයේ සිටීමේ අරමුණ හැර වෙන කිසිදෙයක් නොමැතිබව නොරහසකි. නමුත් මෙහිදී අප කණගාටු විය යුත්තේ මහජන මුදලින් ඉහළටම ඉගෙනගත් " විශේෂඥ, වෛද්‍යවරයෙක් " මෙසේ දේශපාලුවෙකුගේ නූගත් බහට ඇහුම්කන්දී තම වලිගය හංගාගෙන අහිංසක රෝගීන්ට අවැඩක් සිදුකිරීමයි. අපගේ අදහස නම් මොහු කිසිසේත් වෛද්‍ය වෘත්තියට නොගැලපෙන බවයි. එසේම මෙයද අප සඳහන් කළ යුතුමයි. දැන් බලයේ ඉන්න ඇමතියෝත් මෙසේ හැසිරෙන්නේ නම් ඒ ඒ ඇමතියන්ට ඕනෑ විදියට නිලධාරීන් බයේ නකුට හංගාගෙන ක්‍රියා කරන්නේ නම් එවැනි නිලධාරීන් රජයේ සේවයට කිසිසේත්ම සුදුසු නැතිබව අපගේ අදහසයි.

:       1817       901

hasantha Sunday, 01 December 2019 06:28 AM

දෙගොල්ලොම වැරදි. මෙහෙම මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ. මෙතුමා ස්ථාන මාරු කිරීමක් කරයි කියලා කට වහන් ඉඳල වගේ කලින් ඉඳන්. ඇමතිට සහ දොස්තරට නඩු දැමිය යුතුයි.

:       88       660

sena Sunday, 01 December 2019 06:29 AM

"පිටතින් මිලදී ගන්න"? අන්තිම මොහත වෙනකල් ඕඩර් නොකර ඉඳලා අන්තිම මොහොතේ පිටතින් වැඩිමිලට අරගෙන කොමිස් කන පරණ ගේමට නොවෙයි වෙන්න ඇති...

:       5372       267

සඳුන් Sunday, 01 December 2019 06:41 AM

හැම බල පෙරලියක් සමඟම සමහර නිලධාරීන් මෙවැනි ප්‍රකාශ නිකුත් කරනවා. පැනීමට පෙර හැසිරෙන දේශපාලඥයන් මෙන් ටයි පොලු පාට වෙනස් කරනා මෙවන් නිලධාරීන්ගෙන් පරෙස්සම් වීමට බලයට පත් දේශපාලන අධිකාරිය සමත් විය යුතුයි...

:       5305       540

Ruhunu Sunday, 01 December 2019 06:49 AM

රාජිත ඔයා...

:       9       4914

දිමුත්Monday, 02 December 2019 06:29 AM

ඇයි පුදුමද?

:       1       25

sandy Sunday, 01 December 2019 06:55 AM

ඇත්ත බොරුව ඔබම දනී. නොදන්නා දේට වැඩි අදහස් ලියන්න හොඳ නැත.

:       3       184

නිරා Sunday, 01 December 2019 07:16 AM

අනේ බොස් නිකන් පච නොකියා ඉන්න. ඔය අමාත්‍යාංශයේ සැපයුම් අංශයක් තියෙනවා නේද? රාජ්‍ය නිලධාරීන් ලෙස තමන්ගේ සේවය ඒ කාලේම කරා නම් ඒකයි වටින්නේ. දැන් නිකන් බොරු ටෝක් දෙන්නැතුව...

:       4857       379

pathirana Sunday, 01 December 2019 07:17 AM

සර් නිතර නිතර චුට්ට චුට්ට බෙහෙත් ගන්න ගියාම ලොකු වියදමක් යන එක ඔබතුමාට තේරෙන්නේ නැත්ද? එහෙම නැතිනම් කොමිස් කුට්ටිය නිසා නොතේරෙනවා වගේ ඉන්නවාද?

:       4120       228

රවින් Sunday, 01 December 2019 07:17 AM

දේශපාලන ගේම්... කොහොම වුණත් පිටින් ඖෂධ ගන්න රෝහල්වල අය කැමතියි. කොමිස් හලෝ කොමිස්...!!!

:       2249       349

johan Sunday, 01 December 2019 07:25 AM

ඔබතුමාලා රාජිතව එලවාගන්න හැදුවේ ඕකටනේ - එකපාරට ඕඩර් කරලා ගන්නකොට බෙහෙත් තියෙනවා කොමිස් නැහැ. ටික ටික පිටින් ගන්නකොට බෙහෙත් කෙසේවෙතත් කොමිස් තියෙනවා. ඒ.එල්. වලට ඒ3 නැති වුණාට මේ රටේ ඉන්න ඔක්කොම හරක් නෙවෙයි සර්...

:       1742       512

Akila Sunday, 01 December 2019 07:28 AM

ඔය වගේ දේශපාලකයන්ට අාපහු පාර්ලිමේන්තුව පැත්ත පළාතේවත් එන්න දෙන්න එපා...

:       17       1435

vije Sunday, 01 December 2019 07:45 AM

මමත් පොඩිකාලේ ටික ටික බඩු ගේන්න කඩේ යන්න හරි කැමතියි. යනයන සැරේට අම්මගෙන් ගාණක් ගන්නවා සීනි බෝල කන්න. දොස්තරලා වුණත් පැණිරස දේවල් වලට කැමැතියිනේ...

:       1864       1024

Ton7000Sunday, 01 December 2019 08:24 AM

රාජිතගේ සෙට් එකම බැහැලා වගේ. සැපයුම්කරුවන් එක්ක වසරකට ගිවිසුමක් ගහපුවාම මිල වෙනස් වෙන්නේ නැහැ. සතියෙන් සතිය ලිස්ට් එක යවන්න වෙන්නේ බඩු එන්නේ නැති නිසානේ. මේ දොස්තර ගැන දන්නේ නැතිනම් ලෙඩ්ඩුන්ගෙන් අහලා බැලුවා නම් හොඳයි. නැතිව දත් දොස්තරට උදව්වට සල්ලි වලට කොමෙන්ට් දාන්නේ නැතිව...

:       54       413

vijeSunday, 01 December 2019 09:23 AM

මෙතන කාටවත් කඩේයාමක් නැහැ. අවශ්‍ය ප්‍රමාණය නියමිත කාලයට නොලැබුනොත් පිටින් මිලදීගෙන සැපයුම්කරුගෙන් ඊට සමාන මුදලක් අයකරගැනීමයි සාමාන්‍ය පිළිවෙත... නමුත් දුප්පත් මිනිස්සුන්ගේ සල්ලිවලට පිටින් බෙහෙත් ගන්න වෙන්නේ නියමිත වෙලාවට සැපයුම් කොන්ත්‍රාත් එක ලබා නොදුන්නාම, ඉතින් කොන්ත්‍රාත් එකේ මූලික වැඩකරන්නේ දොස්තරලා මිසක් ඇමති නෙවෙයිනේ... එතකොට මෙතන කව්ද හොරු?

:       326       127

ramaniSunday, 01 December 2019 12:25 PM

දතා ගැන කව්ද නොදන්නේ...?

:       27       49

DNH Sunday, 01 December 2019 07:58 AM

කෝ U.N.P. සහ දෙමළ කට්ටිය? මේවට මොනවා හරි ලියපල්ලකෝ....

:       70       1342

SENASunday, 01 December 2019 08:21 AM

මොනවා ලියන්නද? මෙයාලා කොමිස් කන්න සැපයුම් අංශයට ඕඩර් එක වෙලාවට නොදී බොරු හදිස්සියක් මවලා පිටින් බෙහෙත් ගන්නවා. මං පහරන හොරුන්වත් ඔහොම වැඩ කරන්නේ නැහැ.

:       21       244

උදය Sunday, 01 December 2019 08:07 AM

කොන්දක් නැති පරිපාලන නිලධාරීන් රටකට සාපයක්. පොඩි මිනිහට පුප්පන්න නම් පුළුවන්..

:       1086       110

ටි ඉන්දික Sunday, 01 December 2019 08:10 AM

පිටින් බේත් ගේන්න ගහපු ගේම් එකක්. දැන් හරි වගේ බේත් ගැන දන්න මිනිහා.. නිසා කළමණාකරණය කරලා බේත් ලබා දුන්නා.. දැන් නටවන්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ..

:       1104       102

සමීර Sunday, 01 December 2019 08:14 AM

මම අපේක්ෂා රෝහලට බෙහෙත් ගන්න යන්නේ... මේ කෙනා හදන්නේ කොමිස් ගහන්න. රාජිත ඇමතිවරයා කටයුතු කරපු ආකාරය නිවැරදියි..

:       1121       166

rana Sunday, 01 December 2019 08:16 AM

රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ, වෛද්‍ය වසන්ත දිසානායක මහතාණෙනි, පාරේ ගැහැණු වගේ හැසිරෙන්න එපා. අරයා කිව්වා, මෙයා කිව්වා, මොනවද මේ? ඉගෙන ගත්ත කෙනෙක් කියන කතාද?

:       1112       241

Jayantha Sunday, 01 December 2019 08:57 AM

අපේක්ෂා රෝහලේ ඉන්න දොස්තරලා නම් මාර හොරුන් ගොඩක්... මේ ළඟදී මගේ මල්ලිගේ ගෙදර වත්තේ වැඩ කරන මනුස්සයට පිළිකා හැදිලා වෙදකම් වලට රෝහලට ගෙනිච්චම එතන බෙහෙත් ලියපු දොස්තර නෝනා කියලා මෙතන තියන බෙහෙත් වල ප්‍රමිතියක් නැහැ. ඒකනිසා බෙහෙතක් ලියා දීලා කියලා තියනවා. මේක පිටින් අරන් එන්න කියලා. මල්ලි එතන වැඩ කරන ෆාමසිස්ට්ගෙන් අහලා තියනවා මෙතන තියන බෙහෙතේ ප්‍රමතිය ගැන. එයා කියලා ඒ බෙහෙත සහ ලියාදීපු බෙහෙතයි දෙකේම ප්‍රමිතිය එකයි. ඔන්න බලන්න මේ අයගේ වැඩ. මේක වුනේ මැතිවරණ දවස්වලයි.

:       122       186

dinesha Sunday, 01 December 2019 09:06 AM

බොහොම කණගාටුයි. මෙතන අදහස් දාන හුඟදෙනෙක් මෙතුමා කව්ද කියලාවත් නොදැන අදහස් පළකිරීම ගැන. බොහොම දක්ෂ, අවංක රෝහලේ අධ්‍යක්ෂකවරයෙක් විශේෂඥ, වෛද්‍ය වසන්ත දිසානායක මහතා කියන්නේ...

:       165       156

BandaraSunday, 01 December 2019 09:44 AM

ඔය කෝක තිබුණත් කොන්දක් නෑ....

:       21       94

Rata Perta Sunday, 01 December 2019 09:08 AM

බෙහෙත් නැති වුණාම ඕඩර් කරන්නේ නැතුව ඇමතිට කිය කියා ඉන්න නම් මේ අය මොකටද? සාමාන්‍ය පෙළ පාස් ළමයෙක් දැම්මා නම් හරි, පොඩි පඩියකට? මිනිස්සු හොඳටම කෙරුවාව දන්නා අන්දන්න හදන්නේ මොකටද කියලා හොඳටම තේරෙනවා.

:       134       57

lanka Sunday, 01 December 2019 09:24 AM

දැන් දොඩවනවා... ආත්ම ගෞරවයක් තියනවද? ඒක නැත්තම් මේක...

:       32       37

sam Sunday, 01 December 2019 09:30 AM

රාජිත හැම ආණ්ඩුවකටම එකතුවෙලා එයාගේ මඩිය තර කරගත්ත එක තමයි කළේ..

:       2       71

Bandara Sunday, 01 December 2019 09:33 AM

යහපාලනය දෝරෙ ගලනවෝ...

:       3       69

Nandalal DE SILVA - FranceSunday, 01 December 2019 10:30 AM

එහෙම වුණත් 2015 වෙනකම් තිබුණු රාජපක්ෂ පාලන දෝරේ ගලපු හැටි නොදන්නේ නම් ඒ අද ඊයේ ඉපදුණු බබාලා විතරයි...! කොහොම වුණත් ඒකේ හිටපු ඇමැතිවරුනුත් මේ රජයේ ඉන්න නිසා ගෝඨා රජය කොහොම දෝරේ ගලාවිද කියා බලන්න... තව ටික කාලයක් යාවි. එතකන් පටි තද කරගෙන, බෙහෙත් නැතුව ඉන්න බලමු...

:       122       45

jagath Sunday, 01 December 2019 10:22 AM

ලංකාවේ දොස්තර මෆියාවත් එක්ක ගැටෙන්නට පුලුවන් කොන්දක් ඇති එක මිනිහෙක් තමයි රාජිත සේනාරත්න. මොහු නැවතත් සෞඛ්‍ය ඇමැතිවරයා කළ යුතුයි.

:       145       171

saman wimalaSunday, 01 December 2019 11:13 AM

කව්ද කිව්වේ? අර රවලා තියෙන කෙනාද?

:       1       5

KonaraMonday, 02 December 2019 01:41 PM

වඩිගපටුණ නැට්ටුවන් එක්ක ගැටෙන්නටත් පුළුවන් මෙයාට විතරයි.

:       0       26

සංජීව Sunday, 01 December 2019 10:42 AM

අනේ මෙහෙමත් දොස්තරලා. දොස්තරලද නැත්තම් කොන්දොස්තරලාද කියලා සැකයි. කාලෙන් කාලෙට එන ඇමතියාව බබා කරගෙන මඩිය තරකරගන්න හදනවා. මෙච්චර කල් කට වහන් ඉඳලා දැන් කියනවා රාජිත නරකයි, පවිත්‍රා හොඳයි කියලා. ලබන සතියේ ආණ්ඩුව පෙරලිලා ආයෙත් රාජිත ආවොත් කියයි දැන් පවිත්‍රා නරකයි, රාජිත හොඳයි කියලා.

:       3       82

Nimal Sunday, 01 December 2019 10:49 AM

රාජිත මම නිදොස් කොට නිදහස් කරන ලද කෙනෙක් නොවේ. ඔහුගේ වරදක් ඇතොත් ඊට නිසි පියවර ගත යුතුයි. රාජිතට බලය තිබෙන කාලෙත් මේ දොස්තරලා බැනර් ගැහැව්වා රජයේ ඉස්පිරිතාල ඉදිරිපිට රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු කියලා. රජයේ වෛද්‍ය සංගමය රාජිත සමග නිරතුරුව ගැටුණා. රාජිත හෘද රෝගීන්ට ස්ටෙන්ට් ඇසේ සුද ඉවත් කරන ලද රෝගීන්ට කාච පිළිකා රෝගීන්ට සියලුම බෙහෙත් වර්ග නොමිලේ ලබා දෙන්නට පටන්ගත් පසු රජයේ දොස්තරලා ඔහු සමග වෛර බැන්ද බවයි අපිට අසන්නට ලැබුණේ. අද පළවැනිද දොස්තරලාට අද සෞඛ්‍ය ඇමති හෝ ඊට ඉහළ නිලධාරියෙක්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු කියාලා බැනර් ගහන්න...

:       5       70

Nimal Sunday, 01 December 2019 10:54 AM

අසරණ පිළිකා රෝගීන්ගේ යහපත වෙනුවෙන්ම පෙනී සිටි සොක්‍රටීස්ගේ සැබෑ ශ්‍රාවකයෙකු නම් ඔහුට කාගේවත් බලපෑම් ඉදිරියේ නිශ්ශබ්දව සිටිය නොහැකිය. අත්‍යාවශ්‍ය බෙහෙත් හිඟකම රෝගීන්ගේ ජීවිතවලට තර්ජනයක් වූවානම් ඔහුට කිසිඳු බලයක්, බලපෑමක් ඉදිරියේ නිහඬව සිටිය නොහැක. එම නිසා මේ කතාව පිළිගත නොහැකියි. ඒ මක්නිසාදයත් මේ වෛද්‍යවරයා තම වගකීම් බිය නිසා පැහැර හැර ඇති නිසයි.

:       9       64

Bishan Sunday, 01 December 2019 11:15 AM

බයියොනේ ඉතිං...

:       3       2

Kumara Sunday, 01 December 2019 11:16 AM

දැන්ද ඔය කට ඇරුණේ... කොන්දක් තියනවද බලන්න..?

:       2       11

isurandi Sunday, 01 December 2019 11:29 AM

මේ කව්රුත් පක්ෂග්‍රාහී බව නම් කැපිලා පේනවා.

:       0       5

sirisena Sunday, 01 December 2019 01:13 PM

මේ දොස්තර බබෙක්ද? සේරම එකවල්ලේ පොල්...

:       0       6

RaveendraSunday, 01 December 2019 11:13 PM

නිකං බබෙක් නොවේ මොංගල් බබෙක්.. ලැජ්ජයි කරන රැකියාවටත්... අනේ මේවගේ දොස්තරලා..

:       24       4

surangaPHI Sunday, 01 December 2019 05:16 PM

වසන්ත දිසානායක කියන්නෙ මාධ්‍ය මගින්ම පුම්බපු චරිතයක් විතරයි.. අපේක්ෂා රෝහලේ වෛද්‍යවරු 500කට ආසන්න ප්‍රමාණයක් වැඩකරනවා...බාහිර රෝගී අංශය පැය24 වෛද්‍යවරයෙක් තියන්න බැරිවුණා. බොරුවට විවේක කාමරයක් නෑ කියලා අදටත් ඒක එහෙමමයි... අදටත් වාට්ටු 4කට රාත්‍රී රාජකාරිවලට දාලා‍ තියන්නේ එක දොස්තරයි. ඒ වෙනුවෙන් කී දෙනෙක් අතිකාල ගන්නවද කියලා මුලින් බලන්න වාට්ටු දෙකක ලෙඩ්ඩු දෙන්නෙක් එකවර බෑඩ් වුණොත් බඩු බනිස්...ගොඩක් වාට්ටු වල රෑට ලෙඩෙක් මැරුණත් දොස්තර එන්නේ ලෙඩා ලඟ හිටියේ නෑ කෙනෙක් නම් විතරයි.. නැත්නම් ඩෙත් එක ලියන්නේ පහුවදා උදේ... රෝහලේ කසල බැහැරකිරීම සහ කලමණාකරනයන් කෙරෙන්නේ ඉතා දූෂිත මට්ටමින් කුණු රෝහල අතුලෙම ගිනි තියනවා. පිරිසිදු කිරීම් අංශයේ ඉඳලා පෞද්ගලික කොන්ත්‍රාත්කරුවා දක්වා රෝහල ඇතුලේ අනවසර ඉදිකිරීම් කරලා පදිංචි වෙලා ඉන්නේ. මහත්තයා උදේ පාන්දරත් සන්ග්ලාස් දාගෙන ෂෝ එකට වෝඩ් රවුන්ඩ් කරනවා දැකලා තියනවා දැකලා තියනවා.

:       331       401

maalaka Tuesday, 03 December 2019 12:59 AM

මේකේ "dislike" බුරුතු පිටින් දාලා තියෙන්නේ දොස්තරලයි, සෞඛ්‍ය සැපයුම් අංශයේයි කට්ටිය වෙන්න ඇති. කොමිස් කුට්ටි ගැන කතා කරනකොට හුඟක් රිදෙනවා ඇති, පව්

:       68       73

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2657 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 7305 4

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3725 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3066 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11750 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 8022 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site