IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අපේක්ෂා රෝහලට යන්ත්‍ර දෙකක් ගන්න අවබෝධතා ගිවිසුමක්

(හර්ෂණ තුෂාර සිල්වා)

මහරගම අපේක්ෂා රෝහලට පිළිකා සඳහා ප්‍රතිකාර කෙරෙන යන්ත්‍ර දෙකක් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ‘ෆයිට් කැන්සර් සමාගම’ අතර අවබෝධතා ගිවිසුමකට අද  (1) අත්සන් තැබුවේය.

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා එම ගිවිසුමට අත්සන් තැබූ අතර ‘ෆයිට් කැන්සර් සමාගම’ වෙනුවෙන් එහි සභාපති දේශමාන්‍ය එම්. එස්. එච් මොහමඞ් මහතා එම ගිවිසුමට අත්සන් තැබීය.

මහරගම අපේක්ෂා රෝහලට පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගන්නා ටොමෝතෙරපි සහ ලීනියර් ඇක්සලරේටර් යන යන්ත්‍ර මිලදී ගැනීම සඳහා එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි. මෙම අවබෝධතා ගිවිසුම යටතේ එම යන්ත්‍ර දෙක මිලදී ගැනීම සඳහා අරමුදලක් ස්ථාපිත කිරීමට නියමිතය. 

‘ෆයිට් කැන්සර් සමාගම’ යනු දේශමාන්‍ය එම්.එස්.එච් මොහමඞ් මහතා ආරම්භ කරන ලද අරමුදලකි. මොහමඞ් මහතා ‘ෆයිට් කැන්සර් ට්‍රස්ට් (ගැරන්ටි) ලිමිටඞ් සමාගම ආරම්භ කරන ලද්දේ සිය පුතුගේ අභාවයෙන් පසුවය. මොහමඞ් මහතාගේ එකම දරුවා වූ ඔහුගේ පුතා පිළිකා රෝගයේ පීඩා විඳිමින් සිට මරණය වැළැඳ ගත්තේය. සිය පුතුගේ ඉල්ලීම පරිදි මහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා මොහොමඞ් මහතා ෆයිට් කැන්සර්’ අරමුදල ස්ථාපිත කළේය. 

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, එම අමාත්‍යාංශයේ ලේකම් නිමල් බාලසූරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වසන්ත දිසානායක, ෆයිට් කැන්සර් කණ්ඩායමේ උප සභාපතිවරුන් වන රුක්මන් වීරරත්න, අනිල් සතාස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. 

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා

 

 



අදහස් (11)

අපේක්ෂා රෝහලට යන්ත්‍ර දෙකක් ගන්න අවබෝධතා ගිවිසුමක්

Mahee Monday, 01 April 2019 10:15 PM

මොහමඩ් මහතාගේ උතුම් සත්කාර්යයට මේ සටහන උපහාරයක් වේවා.

:       2       113

ඇත්ත සත්‍යපාල Monday, 01 April 2019 10:27 PM

දේශමාන්‍ය එම්.එස්.එච් මොහමඞ් මැතිතුමනි ඔබට ඔබ අදහන ආගම අනුව අල්ලා දෙවියන්ගේ පිහිට ලැබේවා ! එහෙත් දිගින් දිගටම මෙවැනි කටයුතු කිරීමෙන් ඇමැතිවරුනට ලැබෙන කොමිස් මුදල ලැබීම අහිමිවීමේ කෝපය ඔබට "අනුකම්පාව භූමිකම්පාවක්" ලෙස පැමිණිය හැක. මේවා කඩාකප්පල් කිරීමට, අසාර්ථක කිරීමට ගන්නා උත්සාහයන් ඉදිරියේදී එන බව දැනුවත්ව සිටින්න. අපේ ආගම අනුව ඔබතුමාට බුදු සරණයි !

:       12       101

කරුණාපාල Tuesday, 02 April 2019 06:41 AM

ඇත්ත සත්‍යපාල -හක්කේ බුදු බන තබාගෙන, බොක්කේ දඩමස් තබාගෙන කටින් බුදුරැස් පිටකරන අයෙකු බව වගෙයි අපට නම් පෙනෙන්නේ. කෙසේ හෝ මොහොමඩ් මහත්මයා සෞඛ්‍ය ඇමතු තුමා සමග එක්ව කටයුතු කරමින් සිටිනවා, එයට ලංකාවේ දොස්තර මාෆියා සංගමයේ අයගේ ඇස් වලට ඉදිකටු වලින් අනින බව හා සමාන බව අපි දන්නවා, එත් මේ ඇත්ත සත්‍යපාල මහත්තයා කුලියට කහින්නේ ඇයිද කියලයි මට හිතා ගන්න බැරි?

:       87       69

kujitha Tuesday, 02 April 2019 01:16 AM

ඉතාමත් ඉහලින් අගය කල යුතු සමාජ සත්කාරයක්, පින් ගොඩක් ලැබෙන වැඩක් . මෙවැනි පුත්ගලයන් සමාජයේ අගය කිරීමට ලක්විය යුතුවේ .

:       0       22

Oshan Tuesday, 02 April 2019 03:40 AM

මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍යම MRI scan යන්ත්‍රයක් ලබා දීමට ඇමතිතුමා අතපසු කරන්නේ ඇයි ?

:       3       48

Mangalika Tuesday, 02 April 2019 04:05 AM

පාසල් මට්ටමින් දරැවන් දැනුවත් කර සතියක් "කැන්සර් සතිය "යනුවෙන් නම්කර දරුවන් දවසක වියදම් කරන තේ පානය වෙනුවෙන් වෙන්කරන රැපියල් 50 එකතු කරන වැඩසටහනක් පාසල් මට්ටමින් දියත් කරීම. මේ සදහා වැඩ පිලිවෙලක් මම ඇතුළු පිරිසක් සුදානම් කරමින් සිටිනවා.

:       63       114

Amila Tuesday, 02 April 2019 05:02 AM

පාර්ලිමේන්තුවේ ලිෆ්ට් නන් ක්ෂනිකව ගත්තා මේවට තමා තටම තටම ඉන්නේ !

:       0       21

ප්‍රීති Tuesday, 02 April 2019 05:12 AM

Mangalika කවුද ඔයා? අහිංසක පාසල් දරුවන්ගෙන් හිඟා කාලා ගානක් පර්ස් එකට දමා ගන්නද ඔයා මේ දඟලන්නේ? ඔය වගේ සුන්දර වචන එලියට දමලා, ගානක් කඩා ගන්න හොර තක්කඩි තමයි ලංකාව පුරාම ඉන්නේ? රජයේ රෝහල් වලට මෙවැනි යන්ත්‍ර දුන්නාම වෙන්නේ, පෞද්ගලික රෝහල් වලට ආදායම අඩු වෙනවා. ඕක ටික දවසකින් කැඩුනා කියලා පැත්තකට විසිකර දමන්න ඔය සිටින අය පසුබට වන්නේ නැහැ. ඔය යන්ත්‍ර මිලදී ගැනීමේදී මුදල් අක්‍රමික තාවයක් සිදුවෙන බව කියමින්, මෝඩ ජනතාව නොමග යවමින් වෛද්‍ය සංගමයේ දොස්තරලා වැඩ වර්ජනයක් කරන්න දැනටමත් සැලසුම් කරලා ඇති?

:       9       210

sumith Tuesday, 02 April 2019 05:56 AM

මංගලිකා ඔයා මොකටද අහිංසක දරුවන්ගේ තේ පානයට පික් පොකෙට් ගහන්න හදන්නේ, කියන්නකෝ මැති ඇමති ගොල්ලට එයාල හොරට විකුණන ඩියුටි ෆ්‍රී වාහන බලපත්‍රය ඕකට දෙන්න කියලා.

:       0       31

රොෂාන් Tuesday, 02 April 2019 08:16 AM

අනේ, මංගලිකා ඇයි මේ ඔයා ඇදගෙනම නාගන්නේ? G M O A ඔයාට මේ දිරච්ච ලනුව දුන්නේ?

:       0       2

මංගලිකා Tuesday, 02 April 2019 01:00 PM

බොහොම දුෂ්කර පලාතක දරුවෙකුගේ ජීවිතයක් බේරගන්න ඒ පැත්තෙ පාසල් කීපයක දරුවො එකතු උනා මේ ආකාරයට අප සමග. එදා ඒ දරුවා ඒ උතුම් සත්කාරයට එයාලව එකතු කරගත්තා කියලා ඇස් වල කදුළු පුරවගෙන ස්තුති කලා. දෙමාපියනුත් පින් දුන්නා. ඒ වගේම මමත් පිලිකාවෙන් දුක් විදපු අම්මා කෙනෙක්. මගෙ දරුවො දැන් ලැබෙන හැම මොහොතකම ආධාර කරන්න පුරුදු වෙලා ඒ තවත් එක අම්මා කෙනෙක් රැකගන්න චේතනාවෙන්. ඒ අත්දැකීමයි මම ගෙනාවෙ. සමාවෙන්න මට වැරදි අදහසක් ගෙනාවනම්..දරුවන්ව මේ සත්කාරයට පුංචිවට හෝ දායක කරගන්නවට මම හිතුවා අපේ දෙමාපියන් කැමති වෙයි කියලා..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 52 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 155 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 734 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 83 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 251 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 241 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site