IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අපේක්ෂකයා නම් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී

(අංජුල මහික වීරරත්න)

පුළුල් බලවේග එකතු කරගත හැකි වැඩපිළිවෙළක් සහ ඒ සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන සැමට  තමා ප්‍රකාශ කළැයි ද ඒ සියළු කරණා සළකා බලා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ජනපතිවරණ අපේක්ෂකයා නම් කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ අද (15) පැවැසීය.

එජාප ඡන්ද පදනම මත පමණක් ජයග්‍රහණය කිරීම අසීරුවිය හැකි බව කී අග්‍රාමාත්‍යවරයා  ජනාධිපතිවරණය ජයගැනීමට සෙසු මිතුරු බලවේගවල සහය දිනාගැනීම අනිවාර්ය බව ද සඳහන් කළේය.

 "ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ගන්නට බලාපොරොත්තු වන සියළුම අපේක්ෂකයන්ට දිනන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවැසීය.

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (15) කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කළ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබේ.

එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයා කවුරුන් විය යුතුද යන්න මෙහිදී සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ අවධානයට ලක්වී ඇති අතර 2015 ජනාධිපතිවරණයේ දී එකඟ වූ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහ ජනවර්ග ප්‍රශ්නයට සාකච්ඡාමය දේශපාලන විසඳුමක් ලබා දීම යන ප්‍රධාන ඉල්ලීම් ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න ගැන ද මෙහිදී සාකච්ඡා වී තිබේ.


මෙහිදී අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල නා හිමියන් සඳහන් කර ඇත්තේ "මෙම ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවයි. කවර අපේක්ෂකයකු ඉදිරිපත් කළද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සන්ධානය සහ වැඩපිළිවෙළ මෙහෙයවිය යුතු බවත්, එමෙන්ම ඉදිරියේ දී ගොඩනගන ආණ්ඩුවකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය අත්‍යවශ්‍ය බවත් දඹර අමිල හිමියන් ප්‍රකාශ කර ඇත.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සමන් රත්නප්‍රිය, සුනිල් ද සිල්වා, රාජා උස්වැටකෙයියාව, ආචාර්ය ජෙහාන් පෙරේරා, ප්‍රියදර්ශනී ආරියරත්න ඇතුළු සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

 



අදහස් (47)

අපේක්ෂකයා නම් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී

Dayan Sunday, 15 September 2019 11:37 AM

රනිල් නැතුව මේ පක්ෂය ගෙනියන්න පුළුවන්ද? මම එජාප කාරයෙක් හෝ වෙනත් පාක්ෂිකයෙක් නෙවෙයි මම රටේ දේශපාලන තත්වය ගැන විමසිලිමත්.. පක්ෂයක විනයක් තිබිය යුතුයි. කවුරුත් එකමුතු නොවී කොටසක් වෙනම අපේක්ෂකයෙක් එම පක්ෂයෙන් ඉල්ලනවා කියලා නටන්න පුලුවන්ද? සජිත් පස්සෙන් යන කට්ටිය පක්ෂය තමන්ගේ අතට අරගෙන. මෙයාලට කියන්නේ රෙබෙල්ස්ල කියලනේ. රනිල් නායකයා නොවෙන්න මෙයාලා මෙලහට වැඩේ දීලා...

:       6602       3734

kamaniSunday, 15 September 2019 05:30 PM

මේ බලන්නේ මේ රට ඇමෙරිකාවට පාවාදෙන්නයි.

:       1       4

Chanak los angelesMonday, 16 September 2019 08:36 PM

චිනෙට අයිති වෙනවට වැඩිය හොඳ නැද්ද ?රටේ දැන් තිබෙන හොඳේ මොකක්ද ?

:       0       0

somaMonday, 16 September 2019 08:13 AM

මේ මගුල් වැඩක් නැහැ. බදුර්දීන් හරි, හිස්බුල්ලා හරි සපෝට් කරන අපේක්ෂකයා පරදවමු.

:       1       115

nimalMonday, 16 September 2019 08:30 AM

උස නම් ජනාධිපති අපේක්ෂක මිටි නම් අගමැති අපේක්ෂක කළා නම් මෙලහට තෝරාගෙන ඉවරයි.

:       0       16

Akila Sunday, 15 September 2019 12:15 PM

තෝරගන්නම අමාරු නම් රුපියලේ කාසියක් ගෙනැල්ලා ටොස් එකක් දැම්මා නම් හරි...

:       30       284

BamunuarachchiMonday, 16 September 2019 08:09 AM

ඔය ටොස්වලට විශේෂ කොඉන්ස් තිබෙනවා.. එක්කෝ දෙපැත්තේම හෙඩ් නැතිනම් දෙපැත්තේම ටේල්.

:       25       1

Dr. Vajira Fernando Sunday, 15 September 2019 12:22 PM

2015 මේ සිවිල් සංවිධානවලට නායකත්වය දුන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන්. එ්ත් බලයට පත් වී නොබෝ දිනකින්ම සිරිසේන හා රනිල් යුගලය උන්වහන්සේ බලාපොරොත්තු වූ සියලු ප්‍රාර්ථනා බිඳ දැම්මා. ඉතින් තවත් රනිල් පස්සේ ගිහින් මේ අයට ලබාගන්න පුළුවන් දෙයක් තියෙනවද? දැන් කළයුතු එකම දෙය විකල්ප වැඩපිළිවලක් ඇති ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සමග එක්වී මේ රට අලුත් මාවතකට හැරවීමට කටයුතු කිරීමයි.

:       2250       1793

Sarath rSunday, 15 September 2019 06:08 PM

පක්ෂය ඉතා දුෂ්කර අවසථාවල බේරාගෙන ඉදිරියට ගෙනගියේ රනිල්. ඔහුගේ කළමනාකරණ හැකියාව සහ පරිනත දේසපාලන දැනුම නොමැති උවහොත් පක්ෂය දෙකඩවී විනාශවීම අනිවාර්යයෙන්ම සිදුවේ.

:       1       0

krishantha jayasingha Sunday, 15 September 2019 12:25 PM

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල නා හිමියන් සඳහන් කර ඇති අදහස ඒකමතිකවම ස්ථිර කරමි. මොකද මේ සටන ලෙහෙසි නැහැ. එ්කයි සත්‍ය කතාව.

:       1175       1661

janahithaMonday, 16 September 2019 03:20 AM

මේ රටේ නායකයන් පත්කිරීමට ජනතා වරමක් දී නොමැත.

:       0       1

LebbeMonday, 16 September 2019 05:54 AM

ලිට්රෝ ගෑස් ටිකක් ගහලා ගත්තනම් හරි

:       5       266

ලසන්තTuesday, 17 September 2019 11:23 AM

ඔය කියන්නේ අර ලිට්‍රෝ එකෙන් මාසිකව මොනවද ගත්ත කෙනා ගැනද?

:       0       0

Upali Sunday, 15 September 2019 12:25 PM

කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කරන්නේ රනිල්, ජනාධිපති අපේක්ෂකයා පත් කරන්නේ කෘත්‍යාධිකාරි මණ්ඩලයයි. එතකොට අපේක්ෂකයා කව්ද කියලා දන්නවනේ...?

:       18       736

WasudewaMonday, 16 September 2019 11:54 AM

ඔය කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අපේක්ෂකයා තේරුවොත් අනිවාර්යයෙන් තේරෙන්නේ රනිල් බව ඕන මෝඩයෙකුට තේරෙනවා. මොකද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්නේ එයාගේ ගොට්ටෝ. රහස් ඡන්දයෙන් අපේක්ෂකයා තේරීම ඉතාම සුදුසුයි. ඒක නොතියන්නේ රනිල් පරදින නිසයි. මේක මහා අපරාධයක්... රටම ඉල්ලන තරුණ නායකයෙක් වන සජ්ත්ට තැන දීලා නම්බු පිටින් ගෙදර ගියානම් පක්ෂයටත් හොඳයි, රටටත් හොඳයි.

:       826       306

ගමගේ Sunday, 15 September 2019 12:30 PM

හොඳ සාකච්ඡාවක් වෙන්න ඇති, මොකද ආපු අය බොහෝ උගත් තනතරු සොයමින් පැති මාරු නොකරන පිරිසක් නිසා. පක්ෂයේ මහජනයා අතර ජනප්‍රිය පුද්ගලයා සජිත්. ඔහු ඕනෑම කෙනෙක් පරදා ජනාධිපති ඡන්දෙන් දිනන්න පුළුවන්. එහෙත් සජිත්ට පුරුදු මුදල් වියදම පමණයි. එමනිසා දින්නයින් පස්සේ රට දියුණු කර ඉදිරියට ගෙනයන්නට නම් ඔහුට තනි තීරණ ගන්න බැරිවන විදියට නීති සකස් වියයුතුයි. උගත්, වැදගත් උදවිය එකතු වූ කමිටු සංගම් වල උපදෙස් ක්‍රමසම්පාදනවලට අනුව ජනාධිපති ඉදිරි වැඩ කටයුතු කළ යුතු පරිදි රටේ නීති සැකසිය යුතුයි. එය ඡන්දෙට කලින් සිදුවිය යුතුයි. අනික ගිය ආණ්ඩුවේ කෙරුවාව බැලුවාම, ඒ පැත්තෙන් එන එක්කෙනා නපුරෙක්, එයා දිනුවොත් ජනතාවට බියෙන් සහ පීඩනයෙන් තමයි ඉන්න වෙන්නේ...

:       3238       4337

saliya Sunday, 15 September 2019 12:35 PM

මධ්‍යස්ත පුද්ගලයෙක්. කරු..! හැමෝම එක් වේවි...!!!

:       2309       2436

P. IlangaratneSunday, 15 September 2019 01:04 PM

පිස්සුද සාලිය? කරුගේ වයස ගැන හිතන්න. මේක විහිළුවක් නෙවෙයි. බුද්ධිමත් තරුණ නායකයෙක් අවශ්‍ය කාලයක් මේක...

:       587       2611

kuleSunday, 15 September 2019 04:04 PM

අගමැතිතුමා එම පුරප්පාඩුව සඳහා පත්වෙන බව ව්‍යවස්ථාවේ සඳහන් බවත් දැනගන්න.

:       177       147

LalSunday, 15 September 2019 03:43 PM

කරුගේ මධ්‍යස්ථකමින් ඇති ප්‍රයෝජනය මොකක්ද මේ රටට. කරු වයසයි. අළුත්වෙමින් පවතින ලෝකය ගැන කොයින්ද අවබෝධයක්...? සාලිය වැන්නන්ට කරුගේ මධ්‍යස්ථකම ගැන පැහැදුණාට, අපට අවශ්‍ය දැක්මක් ඇති නායකයෙක් මිස, යල්පැනපු අදහස් ඇති පුද්ගලයින් නොවේ...

:       290       1279

AmilaMonday, 16 September 2019 01:53 AM

කරූ යනු ප්‍රතිපත්තියක් නැති මනුස්සයෙක්.. යූඑන්පි එකෙන් මහින්ද ගාවට ගියා.. ඊට පස්සේ ආයෙත් පැන්නා යූඑන්පී එකට. එහෙම අය කිසිලෙසකවත් රටේ ඉහළම පුටුවට සුදුසු නෑ. අනික 79ක් වෙනවා.. මේක මහල්ලන්ගේ කාලය නොවේ.. රටට අවශ්‍ය නූතන තාක්ෂණය එක්ක යන්න පුලුවන් තරුණ නායකයෙක්..

:       0       207

chandimaMonday, 16 September 2019 10:52 PM

ඔය එකී මෙකි හැමෝම පාර්ලිමේන්තුවේත් උන්න, ඇමති මණ්ඩල වලත් උන්න. ඒ සේරම හවුලේ තමයි පසුගිය අවුරුදු ගණනාවක්ම රට වැනසුවේ. නිකන් බොරුවට මුණු මාරු කරලා වැඩක් වෙන්නේ නැහැ. ඒ එන්නෙත් ඔය නඩේම තමයි. එත් ඉතින් වලේම වැටෙන්න ඕනනම් ඇස් පියාගෙන ගියාට කමක් නැහැ.

:       0       0

sirimal Sunday, 15 September 2019 12:57 PM

"ලිච්ඡවී පාලනය" කියන්නේ ඕකනේ. අයියා මලෝ එකතුවෙලා වලව්වේ කෑම කාමරේදී තීන්දු තීරණ ගන්නවා වගෙයි නෙවේ,.. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වැඩ කරන්නේ. පිටතින් එක එක්කෙනා මොන මොන අදහස් පලකෙරුවත් ඒවා සියල්ලම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර එහිදී කවුද සුදුසු කියා තෝරා බේරා ගැනීම තමයි සුදුසුම ක්‍රමය. එතකොට කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කරලා තියෙන්නේ රනිල්ගේ හිතවත්තු කියල‍ා. ඒ කතා කියන්න තිබුනේ මණ්ඩලය පත්කරපු දවස්වලයි. කෙසේනමුත් ප්‍රේමදාස මහත්තයා "බෙල්ල කැපුවත් ජනාධිපතිවරණයට එනවා එනවාමයි" කියමින් මේ කරන්නේ පක්ෂය දෙකට තුනට කඩා විරුද්ධවාදීන්ට ජයග්‍රහණය පූජා කිරීම කියලයි සමහරු කියන්නේ... එතුමා සමඟ සිටිය කණ්ඩායමත් එන්න එන්නම අඩුවෙන බවත් කියනවා. දැනට සජිත් සමඟ ඉන්නේ කබීර්, මංගල, මලික් සහ මද්දුම බණ්ඩාර යන හතර දෙනා විතරයි කියලයි කියන්නේ. ඒ අතර කබීර් අයින්කර පක්ෂයේ සභාපතිකම කිරිඇල්ලට දෙන්න යන කතාවකුත් ඇහෙනවා. මේවා කොතනින් කෙලවර වෙන ප්‍රශ්නද කියා අපි නම් දන්නේ නැහැ. මේවා පස්සේ ඉන්නේ මේවාට වියදම් කරන, මාධ්‍ය ප්‍රචාර නොඅඩුව ලබාදෙන, රනිල්ට විරුද්ධ පක්ෂයෙන් පිට අය බවනම් පැහැදිලියි.

:       1441       934

nisha Sunday, 15 September 2019 01:04 PM

රට විකුණපු නපුරු සමනලයෙක්ද? සා.පෙළ අසමත් අයෙක්ද?

:       633       613

Amila Sunday, 15 September 2019 01:39 PM

බළලුන් ලවා කොස් ඇට බානවා කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ..

:       11       208

ආන්ජලෝ නුගාරා Sunday, 15 September 2019 01:58 PM

අපේ සහොදර ජනතාවගේ දැඩි ජාතිවාදි ක්‍රියා නිසයි සිංහල ජනතාවට සිතෙන්නේ අපි නේද? බහුතරය කියලා. ඔය උගත්තු මුලින්ම උපදෙස් දියයුත්තේ ඒ දේශපාලනයට. නැත්නම් සිංහල ජනතාවට ජාතිවාදය සිතෙන්නේවත් නැහැ.

:       21       114

එරා Sunday, 15 September 2019 02:48 PM

කෘත්‍යාධිකාරි මණඩලය පත් කරන්නෙත් රනිල්මයි. මාර ප්‍රජාතන්ත්‍රවාදය. මහින්ද කළා වගේ අලුත් පක්ෂයක් හදලා වැඩේ පටන් ගනිමු. රනිල්ට වෙන්නේ මෛත්‍රිට වෙච්ච වැඩේමයි. විපක්ෂ නායකකමවත් නැතිවේවි...!!!

:       460       1797

CHANDIMA Sunday, 15 September 2019 02:55 PM

ඔන්න මල්ලිලා බලාගන්න තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ලංකාවේ වැඩකරන විදිය. නායකතුමා අපට කියනවා පොඩි සාමාජික මුදලක් ගෙවලා ඒ ගොල්ලන්ගේ පක්ෂයේ සාමාජිකත්වය ගන්න කියලා. ඉන්පස්සේ නායකතුමාම කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පත්කරනවා. ඉන්පස්සේ ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයට කියනවා ජනාධිපති අපේක්ෂකයෙක් පත්කරන්න කියලා, ඔය එකකටවත් සාමාජික අපිට ඡන්දෙ දෙන්න අයිතියක් නැහැ. ඉන්පස්සේ ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්ම ජනතා නියෝජිතයන් වෙන්න සුදුසු හිතමිත්‍රාදීන් නම් කරනවා. ඒ සමහරු පක්ෂයේ පැත්ත පළාතේවත් නොහිතපු අහසින් පාත්වූ කට්ටිය. අන්තිමේ අපි, සාමාජිකයින්ට කියනවා මෙන්න මෙයාට ඡන්දෙ දෙන්න කියලා. පක්ෂයේ සාමාජික අපට පක්ෂ නායකයා තෝරන්නවත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයට තෝරන්නවත්, අපේක්ෂකයන් තෝරන්නවත්, පක්ෂ ප්‍රතිපත්ති තෝරාගන්න හෝ සංශෝධනය කරන්නවත් ඉඩක් නැහැ. අන්තිමේ ඡන්දෙ දවසට කියනවා ජනතාවට මේ ජනතා නියෝජිතයින්ට ඡන්දෙ දීලා පාර්ලිමේන්තු එවන්න කියලා. මෙදාපාරත් පක්ෂ සාමාජිකයින් කැමතිකෙනා වෙනුවට අර මණ්ඩලේ කැමති කෙනා තෝරන්නයි යන්නේ. මේ කොලේ වහලා ගෙනියන ඒකාධිපති ක්‍රමය අපේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැති එක රටේ අවාසනාවක්. මේ පාරත් තව අවුරුදු 5ක් රට කන්න යන්නේ...

:       44       518

senaMonday, 16 September 2019 04:39 AM

මෙයාලා එහෙම දෙයක් වත් කරනවා. මේ සැරේ ඡන්දෙ ඉල්ලන්නේ අහවල් සහෝදරයා අපේ වහල්ලු එයාට සේවය කරත යුතුයි කියලා... වෙනස එ්කයි.

:       70       45

chandimaMonday, 16 September 2019 12:03 PM

බෙල්ලේ වැළදාගන්නවට වැඩියෙන් ලිඳේ පනින එක හොඳයි කියනවා වගේ කතාවක්නේ..? ඒ ගොල්ලෝ සහෝදරයෝ පත්කරන එක මුළුමනින්ම වැරදියි. එ්ක හරි කියලා කොහෙවත් කියලා නැහැ. ඒ නිසා මේක තරමක් හොඳයි කියන්න පුලුවන්ද? මේකත් මුළුමනින්ම වැරදියි. පාක්ෂිකයන් ගොනාට අන්දවලා ඒකාධිපති ක්‍රමයට බලය ලබාගැනීම...

:       0       0

CHANDIMA Sunday, 15 September 2019 03:16 PM

මේ දක්වාම බොරු බලුපොරයක් පෙන්නලා අපිව රවට්ටන්න හදනවා. රටේ ආර්ථිකය ගොඩගන්න කරන සැලැස්මවත්, පක්ෂයේ ප්‍රතිපත්තිවත්, මොනවද කියලා නැහැ. අන්තිම මිනිත්තුවේ මොනවා හරි බොරු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් පෙන්නලා අපේ ඡන්දෙ ඉල්ලයි. ඉන්පස්සේ තවත් කාලයක් අපිට වෙන්නේ කට පියාගෙන ඉන්න මේ ගොල්ලෝ රට වනසන හැටි බලාගෙන... මේ මොන වෙස්මුණු දාගෙන ආවත් එන්න යන්නේ පසුගිය අවුරුදු විසි තිස් ගානක්ම රට වනසපු හොරුමයි.

:       27       171

Kamal Weeratunga Sunday, 15 September 2019 03:19 PM

අපි අන් අයට අපහාස කරන්න... පළමුව ඒ කියන්නේ අනුන්ගේ ඇහේ තියන රොඩ්ඩ අරන් දාන්න කලින් තමාගේ ඇහේ තියන් පරාලය ගලවා දාන්න කියලයි.

:       4       104

chandimaMonday, 16 September 2019 05:40 PM

මොන පරාලද, මේ බෝට්ටුව පිටින් ගිලිලා මැරෙන්න යන වෙලාවේ?

:       0       0

chamath Sunday, 15 September 2019 03:21 PM

මොන කෙනා ආවත් පරදිනවා..

:       1018       1656

banda Sunday, 15 September 2019 07:29 PM

අලියා අන්ත පරාජයකට පත් වෙන බව සිකුරුයි

:       0       10

lankasri Sunday, 15 September 2019 08:23 PM

මේ දෙගොල්ලෝම ජනතාව අන්දවනවා. අල්ලේ නටවනවා. මේ පාර ජනතාව හරියට ගේම දුන්නේ නැත්නම් දත නියාවන් ඉන්න තමයි වෙන්නේ. නාගා ගේමු.. රට කාපු සේරමලා ගෙදර යවමු.

:       0       0

වික්‍රම Monday, 16 September 2019 12:30 AM

රනිල් මහත්තයෝ පොඩ්ඩක් වටපිට බලන්න. පොත පත කියන උගත් නායකයනේ ලෝකේ කිසිම වැදගත් රටක දේශපාලන නායකයෙක් ඔහොම එල්ලිලා හිටියද කියලා අවුරුදු 30 ගණනක් තමන්ගේ මිනිස්සු වෙනුවෙන් හිරබත් කාපු මැන්ඩෙලා බලයේ හිටියේ එකපාරයි ප්‍රංශයේ හිට්ලර්ගෙන් බේරගත්ත ඩිගොල් දාලා ගියා.. යුද්ධය දිනපු චර්චිල්ව මිනිස්සු පැරැද්දුවම දාලා ගියා එංගලන්තේ යකඩ ගැහැණි මාගරට් තැචර් බලයේ ඉද්දීම පක්ෂේ තීරණයට අවනත වෙලා ගෙදර ගියා මොනවත් වුනේ නැහැ. තමන්ගේම පක්ෂයේ හිටපු පතාක නායකයෝ වූ ඩඩ්ලි, ජේ.ආර්. ආදර්ශයට අරගන්න ඔය පක්ෂේ සිංහල බෞද්ධ විරෝධී, ටයි කෝට් අදින සාමාන්‍ය මිනිස්සුන්ගේ සිතුම් පැතුම් අඳුනන්නේ නැති, තත්වයට පත් කළාට ඔබට සමාවක් නැහැ.

:       4       13

Borhan Monday, 16 September 2019 03:19 AM

මේ අවුරුදු 72 ක දේශපාලන ඉතිහාසය පුරාවටම එදා සිට අද දක්වා මාරුවෙන් මාරුවට අපේ සල්ලි මංකොල්ලකාපු අසාර්ථක යල් පැන ගිය දේශපාලකයන්ට තරුණයින්ගේ හැගීම් තේරුම් ගන්න බැරි බව ඔප්පු කර තිබෙනවා. අළුත්වෙමින් පවතින ලෝකය ගැන හොද අවබෝධයක් ඇති නායකයෙක් නූතන තරුණ පරපුරේ සැබෑ හැගීම් තේරුම් ගත්ත උගත් බුද්ධිමත් විනයගරුක සමාජ අත්දැකීම් ඇතී යහපත් ඉතා සාමකාමි නායකයෙක් ප්‍රජාත්‍රන්ත්‍රකව ගෞරවයෙන් රට නිවැරදි දිශාවට පෙළ ගැසිය හැකි රටට අවංකව ආදරේ කරන දේශපාලනික දැක්මක් ඇතී අනෙකාගේ මතයට ගරු කරන කොන්ද පණ තියෙන පොළවේ පය ගහලා ජිවත් වෙන පරිණත නායකයෙක් පත් කරන්න අත්වැල් බැඳ ගමු. මෙය තමයි විය යුත්තෙ බලවේගයකට වෙනස් විය යුතුමයි. ඡන්දදායකයා තේරුම් ගත යුතුයි . පක්ෂ පාට නැතිව පෞද්ගලික මතවාදයන් නිවැරදි කර මානුෂීය සැබෑ මහත්මා ගතිගුණ දේශපාලන සමාජයක් ගොඩනගන්න රටේ සෑම පුරවැසියෙක්ම ජාතියක් ලෙස අප පෙළගස්සමු. මෙම අවකාශය නිසි ලෙස භාවිත කළොත් ලංකාවේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි විපර්යාසයක් වනු ඇත.

:       0       0

Chathuranga Monday, 16 September 2019 03:32 AM

මොන මොන කතා කීවත් මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක මේ රට විනාශ කළා, එක්සත් ජාතික පක්ෂය සිංහල ජාතිය විනාශ කළා... මේ අයට කැමති එවුන් තවම ඉන්නවනේ.

:       0       0

චමින්ද Monday, 16 September 2019 03:50 AM

මෙහිදී පළමුව ඉහළ අධ්‍යාපනයක් තිබෙන (අවම වශයෙන් පංති සාමාර්ථයක් සහිත උපාධියක් ඇති ) කෙනෙක් තෝරාගතයුතු අතර එවැනි අයකුට රටේ අනාගතය ගැන නිවැරදි දැක්මක්හා නිර්මාණශීලී හැකියාවක්ද තිබිය යුතුය. එවැනි කෙනෙකුට මිස වෙනත් කෙනෙකුට අපේක්ෂකත්වය දීමෙන් මෙරටට කිසිදිනක ගොඩ ඒමක් නැත. ගගේ ගසාගෙන යන කෙනා දිවි රැකගැනීමට තණකොල ගසේත් එල්ලෙනවා.නමුත් ගසාගෙනම යනවා. එ් නිසා තණකොල පඳුරක් සුදුසු නැහැ ශක්තිමත් ගහක් තෝරන්න.

:       0       0

ramendra` Monday, 16 September 2019 05:43 AM

වැඩකරන පන්තියට මොනවද මේ කට්ටිය කරලා තියෙන්නේ? අද මුළු රටේම තරුණයන් මෑන්පවර් කියලා ශ්‍රම සූරාකන ක්‍රමයට මේ දෙගොල්ලම අරගෙන ගිහින් තියෙන්නේ, අපිට අද අවශ්‍ය වැඩකරන පන්තිය නියෝජනයක්... නැත්නම් කම්කරු ප්‍රඥප්තිය සම්මත කරන නායකයෙක්... හැමදාම මේගොල්ලෝ කම්කරු පන්තියේ චන්දය අරන් හම්පුතලව පෝසත් කරන එක තම කරන්නේ. ජීවන වියදමට හරියන වැටුපක් පුද්ගලික සහ රාජ්‍ය අංශයට තියෙනවද?

:       27       13

thushara Monday, 16 September 2019 06:11 AM

පහුගිය දවස්වල 226 ම ගෙදර යවමු කියපු කට්ටියද කමෙන්ට් කරන්නේ ?

:       0       127

JayaMonday, 16 September 2019 10:36 AM

ඒ 225ම ගෙදර යවමු කිවේ පාට කණ්ණාඩි ටික හංගගෙන. මේ පාට කණ්ණාඩි කාරයනුත්, ඔය 225 අතරේ කිසිම වෙනසක් නැහැ.

:       0       18

amila Monday, 16 September 2019 08:03 AM

මේ මනුස්සයා ඉන්නකන් පක්ෂයටවත් රටටවත්, අපිටවත්, අපේ දරුවන්ටවත් කිසිම අනාගතයක් වත් වගතුවක්වත් නැහැ.

:       1075       1123

thilakasiri Thursday, 19 September 2019 06:24 AM

වාසුදේව සජිත්ට පාවෙන බුද්ධිමත් ඡන්ද ලැබෙන්නේ නැත. ඒ නිසා සජිත් දාලා බලන්න සජිත් පරාදවෙනවා. ගෝඨාභයට සජිත්ට වඩා පාවෙන ඡන්ද තියනවා. රනිල්ටත්, කරුටත්, ෆොන්සේකාටත්, පාඨලීටත්... සජිත්ට වඩා බුද්ධිමත් පාවෙන ඡන්ද ලැබෙනවා...

:       0       0

thilakasiri Thursday, 19 September 2019 06:50 AM

P. Ilangaratne දාලා බලන්න කරූ දිනනවා. සජිත් දැම්මොත් පරදිනවාමයි. තරුණයෝ කෙරෙහි විශ්වාස කරන්නේ පළපුරුදු නැති අය පමණයි. වැඩිහිටි පරිණත පළපුරුදු අය කෙරෙහි උගත් පළපුරුදු වැදගත් මිනිසුන් විශ්වාස කරනවා. තරුණයෝ හොඳ බර වැඩ කරන්න හා වේගවත් වැඩ කරන්න. බුද්ධිමත් තීන්දු තීරණ ගන්න වැඩිහිටියන් තමයි සුදුසුම. තරුණයන් ජේවීපියටයි. ඒකයි කවදාවත් ජේවීපියට දිනන්න බැරි. පේනවනේ විශ්ව විද්‍යාලයට ගිහින් තියන විදිහට ඉගෙනගන ඉවරවෙලා තනතුරු දරලා තමන් ඉගනගන්න කාලේ දුටු අපහසුතා මතු පරපුර වෙනුවෙන් පුර්ණ කරනවා වෙනුවට පොලිසියෙන් කදුළු ගෑස් කකා ඉල්ලීම් ඉල්ලනවා. පාර දිගේ වැඩකරන මිනිස්සුන්ට වැඩ නිමවා ගෙදර යන්නවත් බැහැ. ඒ තමයි ජව සම්පන්න වේගවත් පළපුරුදු නැති තරුණ තීන්දු තීරණ වල හැටි. රාජ්‍ය නායකයන් වයෝවෘද්ධ විය යුතුයි. රජකාලේ රජ්ජුරුවන්ගේ පුරෝහිතයන් ලෙස හිටියේ එවැනි සෘෂිවරු. වර්තමාන විශ්ව ගම්මානයේ රටක සජිත්ලා වගේ රාජ්‍ය නායකයින්ට තැනක් ඇත්තෙම නැහැ. රනිල් වගේ අය තමයි පිළිගන්නේ. බලන්නකෝ එක ටලිෆෝන් කෝල් එකෙන් ලෝකේ ඕනෑම නායකයෙක් හැසිරවිය හැකි ලංකාවේ ඉන්න එකම පුද්ගලයා රනිල්. සජිත්ට පුලුවන්ද? වැඩිහිටියන්ට ගරු නොකරන කාලයක් මතුවීගෙනයි එන්නේ...

:       0       0

thilakasiri Thursday, 19 September 2019 07:37 AM

මේක බුදුන් වහන්සේ දේශනා කල නිවන නොවෙයි බල කාමය නොහොත් බල ලෝභයයි. මෙය මුලාවකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 257 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 34 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1687 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 338 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1570 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1538 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site