IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අපේක්ෂකයා තේරීම කළ යුත්තේ නාම යෝජනා කැඳවීමේ නිවේදනයෙන් පසුවයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තේරීම කළයුතු වන්නේ මැතිවරණ කොමිසන් සභාව විසින් ජනාධිපතිවරයාට නාම යෝජනා කැඳවීම පිළිබඳ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව යැයි එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පැවැසීය.

ජනාධිපතිවරණයට නිල වශයෙන් නාම යෝජනා කැඳවීමට පෙර අපේක්ෂකයා නම් කිරීමට පක්ෂ ව්‍යවස්ථාව අනුව බලයක් නැති බවද නානායක්කාර මහතා සඳහන් කළේය.

ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නාම යෝජනා කමිටුවක් පත් කරන අතර ජනාධිපති අපේක්ෂකයා තෝරා ගනු ලබන්නේ එම නාම යෝජනා මණ්ඩලය විසින් බව කී ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා එම නාම යෝජනා කමිටුව විසින් ජනාධිපති  අපේක්ෂකයා තෝරාගත් පසුව ඒ තැනැත්තාගේ නම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කළයුතු බවද සඳහන් කළේය.

අදාල ප්‍රතිපාදන සහිත පක්ෂ ව්‍යවස්ථාව සකස් කරනු ලැබුයේ මෙරට පළමු විධායක ජනාධිපති වූ ජේ.ආර් ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා බවද නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා වැඩිදුරටත් කීය.



අදහස් (12)

අපේක්ෂකයා තේරීම කළ යුත්තේ නාම යෝජනා කැඳවීමේ නිවේදනයෙන් පසුවයි

Jaya Thursday, 29 August 2019 11:42 PM

අපරාදේ කියන්න බැහැ ව්‍යවස්ථාව අකුරටම රකින සෙට් එක. ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවෝ.

:       64       115

Sanka Friday, 30 August 2019 02:15 AM

මේ නීති ලේකම් පොළොවේ පය ගහල ඉන්න කෙනෙක්ද? මේ කියන්නේ මොන හාස්‍යට කාරණයක්ද? තරගයක් දිනන්නනම් නායකයා පත්කලයුත්තේ හැකිතරම් ඉක්මනින්.මොකද ජනාදිපති වරණය සදහා මුළු රටම ආවරණය වන පරිදි සැලසුම හදන්න ලොකු කාලයක් උවමනය්.සජිත් පොඩි මිනිහට යමක් කරලා රටේම චන්ද පදනම හදාගෙන දැනට ඉස්සරහින්ම ඉන්න කෙනා.ඔය කොන්ද නැති නායකයා දැන් ගේම් ගැහුවා ඇති.මොකද බහුතර ජනතාව ඉල්ලන්නේ සජිත් බව මුළු රටම දන්නවා.

:       720       604

රවින් Friday, 30 August 2019 03:00 AM

ඔවු ජේ .ආර්. හදපු විවස්තාවන් ඔක්කොම බරපතලයි. උඩින් බොහොම ලාවට උජාරුවට පෙනුනට යටින් නම් බරපතලයි. අවස්ථා ගණනාවකදී එතුමා විසින්ම කියලා තිබුනාලු අපේ ආණ්ඩුක්‍රම විවස්තව ලෝකයේ බලගතුම එකක් කියලා. වැරදි අතකට පත් වුවොහොත් රටේ අගාදය කියලත් කියලා තිබුනා වගේ මතකයි. අද අපි ...........

:       1       150

athuraFriday, 30 August 2019 05:45 AM

ඒක ඇත්ත.හැබැයි ඒක වෙනස් කරන්න තරම් මොලයක් තියන කෙනෙක් අද ඇත්තෙ නැහැ.හැමෝම කරන්නේ ඒ මනුස්සයට බැන බැන ඒක කරේ තියාගෙන යන එක තමයි.

:       1       161

කේ.පර්සි Friday, 30 August 2019 07:55 AM

මුන් වැල් බයිලා ගහන්නෙ.සජිත් ඇමතිතුමනි ඕවට රැවටෙන්න එපා.ඔබට සහයෝගය නොදෙන හැම එකාගෙම සිහිනය වී තියෙන්නෙ ජනාධිපතිවිමටයි.ඒ නිසා ඔවුන් එන්න කියන හැම අවස්ථාවකම සාකච්ජා කරන්න.ඔබ ඔබේ ගමන යන්න.ඔබට හිතවත් රටපුරා බිම් මට්ටමේ නායකයින් සුදානම් කරන්න.ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවු වහාම රට නගන හොරුන්ගෙන් තොර පාලනයක් ජනතාවට ඉදිරිපත් කර ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණ සටනට යන්න.ගමේ නගරයේ හැම දෙනාගේම පැතුම ඔබයි.අනිවාර්යයෙන්ම ඔබට තරුණ ජන්ද සහ පාවෙන ජන්ද ලැබෙනවා ස්ථිරයි.කොළඹ දිස්ත්‍රික්කය යම් හෙයකින් පරාජය වුණත් ඔබට දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්ක වලින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගත හැකියි.

:       116       4

LebbeFriday, 30 August 2019 11:30 AM

උදේට ලැවරියා කාලා තියෙනවද පර්සි. අපිට ඕනේ රටට වැඩක් කරන්න පුළුවන් ජනාධිපති කෙනෙක් මිස රෙදි අපුල්ලන ඩෝබි කෙනෙක් නෙමෙයි.

:       0       115

යාපාFriday, 30 August 2019 07:51 PM

සංස්කෘතික අරමුදලෙන් කෝටි ගණන් හොරාකාපු, නිධන් ටිකෙන් පිටරට බැංකු ගිණුම් පුරවාගෙන ඒවායින් ඉතාම සොච්චමක් වියදම් කර ඊට වඩා ලක්ෂ ගුණයක් මාධ්‍ය සංදර්ශනවලට වියදම් කරන උසනම් සිකුරිටි, මිටිනම් කම්කරු පදනම මත රැකියා දෙන හොරෙක්, මිනීමරුවෙක්, අම්බරුවෙක්, සාමාන්‍ය පෙලවත් නැති කෙනෙක‍් කොහොමද රට කරන්නේ?

:       0       9

Bamunuarachchi Friday, 30 August 2019 09:44 AM

ජනාධිපතිවරණයෙන් පසුව තේරුවත් කමක් නැත, නොතේරුවත් කමක් නැත.

:       0       0

Ajantha Friday, 30 August 2019 12:47 PM

තව චූට්ටක් ඕනේ... එතකන් ඉන්න...

:       0       0

kavantissa Friday, 30 August 2019 05:21 PM

පරදින ගුටිකෙලියට අඳින අමුඩේ දිග වැඩියි.

:       0       25

සිරිබිරිස් Saturday, 31 August 2019 01:19 AM

මෙන්න නියම නීති උපදේශකයෙක්... මෙයා කියනවා පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස්කලේ ජේ.ආර්. කියලා. නමුත් 1975 තිබීමට නියමිතව තිබූ 1977දී පැවැත්වූ මහා මැතිවරණයට ජේ.ආර්. අපේක්ෂකයින් පත්කර කැන්වසින් ගොස් සූදානම් වුනේ 1973 සිටයි. දැන් පක්ෂයේ ක්‍රියාකාරකම් බැලුවම තවත් දින ගණනකින් හෝ වැඩිම වුණොත් මාසයක් ඇතුළත ජනාධිපතිවරණයට නාමයෝජනා බාරගන්න වෙනවා කියා කොමිෂමේ සභාපතිවරයා ප්‍රකාශකලා. එහෙම තිබියදී අපේක්ෂකයා තේරීම ඔහොම පමාකරමින් සිට නාමයෝජනා කැදවීමෙන් පසුව අපේක්ෂකයා තේරීම අතීසාරයට අමුඩගැසුවා වගේ වුනොත් තමයි වැඩේ. අතීතයේ කියමනක් තිබුණා අද කළ යුතු වැඩය හෙටට කල් නොතබනු කියලා. බුදු හිමියන් දේශනාකලේ අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං කියලයි..

:       0       0

Sugath Premalal Saturday, 31 August 2019 04:34 AM

එක්සත් ජාතික පක්ෂයේ ලොක්කන් ටික බලතණ්හාවෙන් පොර කනවා. එ්කෙන්ම හිතාගන්න පුළුවන් ඔවුන් රට ගැන නෙවෙයි හිතන්නේ. තම පුද්ගලික ජීවිතේ ගැන විතරයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 2 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 308 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1031 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2465 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1668 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 977 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1445 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site