IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


’අනවශ්‍ය අතගැසීමකින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අනිසි ලෙස පත්කරලා’

(එෆ්.අස්ලම්)

දෙමළ ජාතික සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පිළිබඳ තීරණය  අනවශ්‍ය පාර්ශවයක අතගැසීමත් අනිසි ලෙස ගෙන තිබෙන බවත් ඒ ගැන  අප්‍රසාදය පළකරන බවත්  ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පක්ෂයක් ලෙස තීරණය කළ යුතුව ඇති  කාරණය කාගේ අතගැසීමෙන් අත්තනෝමතිකව තීරණය වූයේද යන ප්‍රශ්නය තමා තුළ පවතින බවද සේනාධිරාජා මහතා කීය.

දෙමළ ජාතික සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා තවරාසා කලයිඅරසන් මහතා පත්කිරීමත් සමග එම සන්ධානය තුළ පැන නැගී ඇති අර්බුදකාරී තත්වය  සම්බන්ධයෙන් දෙමළ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සේනාධිරාජා මහතා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සේනාධිරාජා මහතා මෙසේද කීය.

''කලෙයිඅරසන් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සදහා පත්කිරීමට මම විරුද්ධ නැහැ.නමුත් මට තියෙන ප්‍රශ්නය ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පක්ෂයක් විදිහට ගත යුතු ඒ තීරණය කවුරුන් විසින් ගත්තේ ද කියන එකයි. දෙමළ ජාතික සන්ධානයේ සෙසු හවුල්කාර පක්ෂ දෙක සමගින් සාකච්ඡා නොකොට අනවශ්‍ය පාර්ශවයක් විසින් මේ පිළිබද තීරණය අත්තනෝමතිකව ගෙන තිබෙනවා.

මම මේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය භාර ගැනීමට හිතන් හිටියෙ නෑ. නමුත් තමිල් අරසු පක්ෂයේත් වෙනත් විවිධ පාර්ශව වලිනුත් ඒ ධූරය මට බාර ගන්න කියල ඉල්ලපු නිසා මම ඒ ධූරය බාර ගන්න එකග වුණා. නමුත් මම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා යෝජනා කළේ ශෂිකලා රවිරාජ් මහත්මියවයි.

ගැසට් කර තිබෙන දෙමළ ජාතික සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය යළි සංශෝධනය කිරීම  ගැන ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂය තුළ තවදුරටත් සාකච්ඡා වෙනවා'' යැයිද සේනාධිරාජා මහතා කියා සිටියේය.



අදහස් (0)

’අනවශ්‍ය අතගැසීමකින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අනිසි ලෙස පත්කරලා’

ඔබේ අදහස් එවන්න

දියත

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 199 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 102 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 72 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 304 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 321 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 620 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site