IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


අනුරාධපුර රෝහලේ ලක්ෂ 63 ක් හොරු ගනිති


(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සරප් නිලධාරියාගේ කාර්යාල කාමරයේ ලිපි ගොනු කිහිපයකට ගිනි තබා ගණකාධිකාරිවරයාගේ මුදල් සෙප්පුව කඩා එහි වූ රුපියල් 6,300,000ක මුදලක් අද(03) සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
 
රෝහලේ සනීපාරක්ෂක කම්කරුවන් විසින් ගණකාධිකාරිවරයාගේ නිලකාමරය සහ සරප් කාර්යාලය සුද්ධ පවිත්‍ර කිරීමේදි සරප් කාමරයෙන් දුමක් පිටව යනු දැක ඒ පිළිබඳව රෝහල් පොලිසියට දන්වා ඇත.
 
පරීක්ෂා කිරීමේදී එහි ලිපි ගොනු කිහිපයක් ගිනි ගෙන තිබූ බව පොලිසිය කියයි.
 
ගණකාධිකාරිවරයාගේ කාමරය පරීක්ෂා කිරීමේදී එහි තිබු මුදල් සේප්පුව විවෘත කර තිබූ බවත් එහි තිබු මුදල් කිසියම් පිරිසක් විසින් සොරා ගෙන ඇති බවද අනාවරණය වී තිබේ.
 
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝහල් අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා කියාසිටියේය.
 
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (15)

අනුරාධපුර රෝහලේ ලක්ෂ 63 ක් හොරු ගනිති

abaran Sunday, 03 March 2019 06:47 AM

හොරකම සහ ලිපිගොනු ගිනිතැබීම යන කරුණු දෙකේ සම්බන්ධයක් ඇති..

:       0       120

sena Sunday, 03 March 2019 07:03 AM

පිටින් ආපු හොරු නම් මොකටද ලිපිගොනු ගිනි තියන්නේ, මේක ඇතුලේ ගේමක්..

:       0       124

saman Sunday, 03 March 2019 07:25 AM

සරප් ගේ වැඩක්... අැයි බැංකුවේ නොතිබ්බේ..

:       1       9

ලෙස්ලි හර්බට් විජේසිංහ Sunday, 03 March 2019 07:41 AM

හොරා ඉතින් සරප් එයාම තමා.... ලක්ෂ 63ක් තමන් ළඟ තියාගෙන ඉන්නේ ඇයි? බැංකුවේ නොදමා අනික හොරු ෆයිල් ගිණි තියන්නේ ඇයි?

:       1       11

සිරිබිරිස් Sunday, 03 March 2019 07:54 AM

රජයේ නැත්නම් මහජනතාවගේ මෙපමණ මුදලක් රෝහලේ ගණකාධිකාරිවරයාගේ සේප්පුවේ තබාගත්තේ කුමටද? මෙහි කිසියම් වංචාවක් සිදුව තිබෙන බවක් පේනවා. මේ රටට නිදහස ලැබීමට පෙර දිසාපතිවරුන්ට නම් මෙලෙස මුදල් රඳවා ගැනීමට හැකියාවක් තිබුණත් වෙනත් කිසිම රාජ්‍ය නිලධාරියෙකුට එලෙස තබාගැනීමට හැකියාවක් තිබුන බවක් අසා නැහැ... මෙම මුදල සිකුරාදා හවසත්, සෙනසුරාදා දිනත් එකතු වූ මුදලක් ලෙස ගණකාධිකාරි පැවසිය හැකි වුවත් රජයේ රෝහලකට එතරම් මුදලක් ලැබීමට හේතුවක් නොමැති විය හැකි අතර ඉතා දියුණු බැංකු ක්‍රමයක් තිබියදී මෙවැන්නක් සිදුවීම මුදල් පැහැර ගැනීමටම සිදුකළ ක්‍රියාවක් බව පැහැදිලිය.

:       0       133

ගමගේ Sunday, 03 March 2019 08:04 AM

මෙතරම් මුදලක් ලඟ තබා ගැනීම ගැන පළමුව පරික්ෂා කොට වහාම දඬුවම් දියයුතුයි. අනිත් අතට මුදල් සොරා ගන්න ඇත්තේ මේතරම් මුදලක් තියෙන බව දන්නා අයෙක්.. බොහෝවිට මේ දෙකටම වැරදිකරු එක්අයෙක් විය හැකියි.. මෙවන් මහජන දේපල සොරාගැනීම් වැනි දේවල් නොවන්නට උපරිම දඬුවම් නඩු කල්මරන්නේ නැතුව දිය යුතුයි.. අපේ ප්‍රසිද්ධ නඩු උසාවිවල පල්වෙවී කල් යන එක තමයි ප්‍රවෘත්තිවලින් බොහෝවිට පෙනෙන්නේ.. එ්ක අපරාධ වැඩිවෙන්නට බලපාන දෙයක්... මොකද වැරදිකරුවන් නිදැල්ලේ සිට තවත් මහ අපරාධ වැරදි කරන නිසා...

:       0       25

upali Sunday, 03 March 2019 08:07 AM

ලක්ෂ 63ක් සේප්පුවේ තබාගත්තේ කුමන හේතුවකටද?

:       0       11

Sarasi Sunday, 03 March 2019 08:10 AM

මෙච්චර මුදලක් බැංකු සේප්පුවකවත් අනාරක්ෂිතව ගොඩ ගහගෙන ඉන්නේ නැහැ. මෙතන අනිවාර්යයෙන්ම ඇතුළතින් තොරතුරක් හෝ උදව්වක් නැතිව මෙහෙම දෙයක් සිදු වුණා යයි හිතන්න අමාරුයි. කොළඹ මහරෝහලේවත් මෙහෙම මුදල් ගොඩ ගැහෙන්නේ නැතිව ඇති. හොරු කොහොමද මෙතරම්ම මුදලක් සේප්පුවේ ගොඩ ගැහෙන දවස හරියටම දැනගත්තේ?

:       2       13

hesa Sunday, 03 March 2019 08:14 AM

මේ කෝලාහල, ගිනිතැබීම්, ගොඩනැගිලි විනාශ කිරීම් පිටුපස දේශපාලන සංවිධාන ඇති කියලයි දැන් දැන් හිතෙන්නේ. ඒ අය නීතියේ රැහැනට හසු නොවූවද, ස්වභාවධර්මය විසින් විපාක ඵල දෙනවා ඇස් ඉදිරිපිටම. කර්මය පසුපස එලවනවා අපට පෙනිපෙනීම..

:       0       2

සෙනෙවි Sunday, 03 March 2019 08:55 AM

කැඩුවට වෙන්න බැහැ.. යතුරින් අැරියා වෙන්න පුළුවන්. අයකැමිතුමාට තමයි වගකියන්න වෙන්නේ... ඩුවල් කන්ට්‍රෝල් නෙවේ නම්..

:       0       2

hesaSunday, 03 March 2019 01:18 PM

අද රු. ලක්ෂ 63ක් කවුද නිකම් සේප්පුවක දාලා තියන්නේ.. සැලසුම් කළ හොරකමක්ම තමයි.

:       0       1

ranjith Sunday, 03 March 2019 12:48 PM

ලේසිම වැඩේ තමයි හොරා ජරා වැඩකරලා කාට හරි කියලා මෙහෙම ලිපිලේඛන වංචා කරන එක... රජයේ නිලධාරියෙකුගේ වගකීම නේද රජයේ දේපල ආරක්ෂා කිරීම... ඒ සඳහා අතිකාල දීමනා නොයෙක් දීමනා ගන්න කට්ටියත් ඇති නේද? මේ වගේ හොරුත් එල්ලුම් ගහේ යැව්වේ නැත්නම් රටම ඉවරයි.

:       0       1

ranjith Sunday, 03 March 2019 12:49 PM

මේ තරම් මුදලක් ගෙනත් සේප්පුවේ දාලා තියන්න ඇත්තේ ගන්නම හිතලා වෙන්න ඇති...

:       0       5

Chanak Los angeles Sunday, 03 March 2019 07:12 PM

බය නැතිව කියන්න මුදල් සොරා ගත්තේ මියගිය නැයෙකුගේ සොහොන් ගෙය හදන්න කියා ඒ සමගම අත්අඩංගුවට නොගන්න කියා උසාවි නියෝගයක් ගන්නත් අමතක කරන්න එපා .. නීතිය සැමට සමානයි කියනවනේ .

:       0       7

MO Sunday, 03 March 2019 08:25 PM

මේක සැලසුම් සහගතව කල වංචාවක්. ඔතන ලක්ශ 63ක් තියෙන්න බෑ. දිනපතා ටික ටික හොරකම් කරල එකවුන්ට් එක බැලන්ස් කරනකොට අඩුව අහු වෙන නිසා ලිපි ගොනු ගිනි තියලා 630000.00ක් හොරකම් කරලා කියනවා. එයාගෙ ගාන පිලිගන්න වෙනවා ලිපි ගොනු නැති නිසා. අනේ අපේ ලංකාව. තාම පොත් වල ගණන් ලියනවද? සෞඛ්‍යය ඇමතිතුමනි රෝහල් වලට පරිගණක ලබා දෙන්න.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 132 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


ජනපති චමරිට කතා කරයි
2024 අප්‍රේල් මස 18 289 0

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික


ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි
2024 අප්‍රේල් මස 18 500 0

’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්


අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 490 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 1336 1

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1483 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site