(එම් .සුසිල් ප්‍රියන්ත )
වදවීයාමේ දැඩි තර්ජනයට ලක්වි ඇති ලංකාවේ කරන්දෙණිය හා ඒ අවටට පමනක් ආවේනික විල් මුව වර්ගයේ මුව පැටියකු රැලෙන් අතරමංව කරන්දෙණිය තුනේ කණුව ප්‍රදේශයේ නාමල් වසන්ත මහතාගේ ගෙවත්තට පැමින සිටියදි අද (27) උදේ අල්ලාගත් බව හික්කඩුව වනජීවි කාර්යාලය කීවේය.
රැලෙන් අතරමංව සිටියදි අල්ලා ගැණුනු මේ විල් මුව පැටියා මාස තුනක් පමණ වයසැති එකකු බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීවේය.
අධි සංරක්ෂිත සත්වයකු වන මේ සත්වයා පිලිබදව 1990 දශකයේ පමණ ලංකාවෙන් අසන්නට නොලැබුණු බවත් එහෙත් 2007 වර්ෂයේදී පමණ යලිත් මේ මුව විශේෂය ලංකාවේ සිටින බවට තොරතුරු ලැබුණු බවත් එම ප්‍රකාශකයා කීවේය.
ලපටි කුරුඳු දලු කැමට දැඩි රුචියක් දක්වන මේ මුව වර්ගය කුරුඳු ඉඩම් සිය වාසස්ථානය කරගෙන සිටින බවත් ඒ නිසාම මේ සත්ව විශේෂය කුරුදු ඉඩම් බහුලව තිබෙන කරන්දෙණියේ දක්නට ලැබෙන බවත් ඔහු කීවේය .
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අධි සංරක්ෂිත විල් මුව පැටියකු සොයා ගනී
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 27 May 2020 08:40 AM
අනේ ! හරි හුරතල් මුව පැටියා. දැක්කම හරි ආදරේ හිතෙනවා. මෙයට, විජිත් හෝ පූජා හරබර රසවත් වදන් එකතුකරාවි...
විජිත් Wednesday, 27 May 2020 09:31 AM
සමිත මල්ලි,.. මෙයාව හමුවුණු ඉඩම අයත් 'නාමල් වසන්ත' මහත්මයාට අපි දහස් වරක් ස්තුතිවන්ත වෙන්න ඕනෑ, නිරුපද්‍රිතව මෙයාව ආරක්ෂාකර ගත්තාට.... මස් වැද්දෙකුට අහුවුණා නම්... එහෙමත් නැතිනම් කුරුඳු ඉඩමක් අයිති, (හැමෝම නොවෙයි) නපුරෙකුට මේ චුට්ටව අහුවුණා නම් චුටියි කියලා බලන්නේ නැහැ ...කෙලින්ම කුස්සියේ "මස් ඇතිලියේ" තමයි පිහින පිහින ඉන්න වෙන්නේ. මොකද.. මේ චූටි හාදයා කෑමට ගන්නේ "කුරුඳු දළු"ලු... මේ සත්තුන්ගේ ජිවිතයේ සුන්දරම කාලය මෙයයි. අම්මත් සමග සෙල්ලම් කරමින්.. දුව පැන.. ලෝකය ගැන ඉවෙන් ඉගෙන ගන්නා කාලය... දැන් ඉතින් ඒ සිහින ඔක්කොම බොඳවෙලා වගේ.. වනජීවී මහත්වරුන් මෙයාව ලොකු මහත් කරලා පරිසරයට හුරුකරලා නැවතත් එයා අයිති පරිසරයටම මුදාහැරියොත්.. එයාට එයාගේ මගහැරුණ ලෝකය නැවතත් හමුවේවි.. සමහරවිට එයාගෙම සහෝදර සහෝදරියන් හමුවේවි... ආයෙත් ඒ ගොල්ලන්ගෙම නිදහස් සුන්දර ලෝකයට... නමුත් දුර්ලභ ජීවියෙක් නිසා වනජීවී ආයතනය මෙයාව සත්ව උද්‍යානයකට " කොටු " කලොත්... මේ අපි කාටවත් වරදක් නොකල අහිංසකයා සදාකාලික හිරකාරයෙක් වේවි.. මිනිසුන් නමැති නපුරු සතුන්ගේ නෙත් සිත් පිනවන්නට.. මියයන තුරුම.. හදවතින් හඬන ... අසාධාරණයට ලක්වූ තවත් ජීවිතයක් වේවි...
සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 27 May 2020 10:14 AM
විජිත් මහතා, ඔබතුමාගේ පාරිසරික විග්‍රහය ඉතාමත්ම අගෙයි...! එයට ස්තූතියි. මා සිතනවා මා ඔබතුමාට වඩා වයසින් වැඩියි කියා. ඒ වගේම ඔබතුමා මට වඩා නුවණින් වැඩියි.
පූජා Wednesday, 27 May 2020 09:51 AM
ඔයාව මට ගොඩාක් දැනෙනවා... අහිංසක මුවැත්තියේ... ඔයා කොච්චර දුර හිටියත්, හමුවෙන්න බැරි වුණත්, මට මේ තරම්ම ඔයාව දැනෙන්නේ... අපි කවදාහරි මේ වාගේ මුණ ගැහිලා ඇති... ඔයාව තුරුල් කරන්, ඔයා කෑමට ප්‍රියකරන කුරුඳු දළු ටිකක් කවාගන්න ආසා හිතුණත්, මම ඉන්නේ ගොඩාක් ඈතකයි සුරතල් මුව පැටික්කියේ...
විජිත් Wednesday, 27 May 2020 10:54 AM
පුජා, ඔයා බොහොම සංවේදී විදිහට " දැනෙන්න " ලස්සනට මේ සටහන ලියලා තියෙනවා. හැබැයි පුංචි අවවාදයක් දෙන්නම්... ඔයා ඔයාගේ මේ පුංචි පැටික්කිට කවන්න " කුරුඳු දළු " කඩලා කුරුඳු වතු අයිතිකරයින්ට අහුවුනොත්... අපිට බැහැ පොලිසි ගානේ රස්තියාදු වෙන්න ඔයාට ඇපදෙන්න. මොකද අපි ඉන්නේ ගොඩාක් දුර...
. පූජාWednesday, 27 May 2020 12:12 PM
ඇප දුන්නේ නැති වුණාට කමක් නැහැ. ලස්සන පදවැලකින් අලංකාර වුණු ගීතයක් ගැන අපට කියන්නකෝ.. ඔයාට හදවතට "දැනෙන" මියුරු ගීත ගැනත් ලියන්න පුළුවන්නේ...
පූජා Friday, 29 May 2020 04:40 PM
විජිත්, මම ඔයාගෙන් ඉල්ලුව ගීතය තාම දුන්නේ නැත්තේ, මාත් එක්ක තරහ වෙලාද? ( virus pandemic) එකක් පැතිරෙන මේ වෙලාවේ, හිතට දැනෙන එකම සතුට, අර ඔයා කීව (කුරුල්ලන්ගේ ගීතය) වගේ ලස්සන ගීතයක් රස විඳීමයි. මට ඒ වාගේ ලස්සන ගීතයන් හොයා ගන්න අමාරුයි. එයින් මා විඳින සතුට අපමණයි. "සන්තුට්ඨි පරමං ධනං " කියලනේ ධර්මයේත් සඳහන් වෙන්නේ... දුන් නැත්නම් කමක් නැහැ... මම අායෙත් ඔයාට කරදර කරන්නේ නැහැ...
lanka Wednesday, 27 May 2020 10:50 AM
කට ගොඩක් සුවඳ ඇති.... කුරුඳුනේ කන්නේ....
දෙනෙත් Wednesday, 27 May 2020 10:58 AM
මෙයාලාටම කන්න වෙනමම ප්‍රදේශයක කුරුඳු වවලා හරි මෙයාලව රැකගන්න කටයුතු කරන්න.
පූජා Wednesday, 27 May 2020 11:57 AM
විජිත් මහතාගේ, කමෙන්ට් එක කියවද්දී එයට මේ ඌන පුරණයත් එක් කරන්නට සිත් වුණා. අම්මත් සමග සෙල්ලම් කරමින්.. දුව පැන ලෝකය ගැන ඉවෙන් මෙන් ඉගෙන ගන්නා සුන්දර ළමා කාලයේ, මේ අහිංසක මුවැත්තිය මෙන් ජීවත් වූ අහිංසකාවියන් කී දෙනෙක් නම්, මිනිසා නම් කුරිරු මස් වැද්දන්ගේ ගොදුරු බවට පත් වී මෙලොව හැර ගියාද..? නපුරෙකුට අසු නොවී මේ චුට්ටා බේරුණු එක ගැන, සමිත සේනක මහතා සහ විජිත් මහතා සමඟ අපිත් බොහෝ සේ සතුටට පත් වන්නෙමු. පරිසරයට ආදරය කරන මිනිසුන්ගේ සිත්, අතිශයින්ම "සුන්දර " බව අසා ඇත්තෙමි. විජිත් මහතාට මගෙන් මල් මිටක්.!!!
සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 27 May 2020 01:46 PM
ඔබතුමියටත්, අප දෙදෙනාගෙන් මල් මිටක් !!!
පූජා Wednesday, 27 May 2020 09:09 PM
විජිත් මහත්මයා , මේ ගීතයට මම හරිම කැමතියි . .. ලොවම එපා වී... ලොවම කලකිරී...දැවී දැවී හිදිනා වේලේ.....ඔබේ දයාබර එකම වදනකින්...මගේ ආත්මය සුවපත් වේ.... ලබා නොමිනිසුන් නගනා ගෙරවුම් මුවැත්තියක සේ බියපත් මොහොතේ. ..විශාරද නන්දා මාලිනියන් ගයන මේ මියුරු ගීතය අද කාලේ ඇසෙන සමහර අරුත් සුන් ප්‍රේම විලාපයන් වලට වඩා කෙතරම් ලස්සනද ? ..
කපුරුහාමි Wednesday, 27 May 2020 12:29 PM
මේ වගේ අහිංසක සත්තුන්ට ගිනි බිඳින අයත් අපේ රටෙත් ඉන්නවනේ...