IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(සිතුම් චතුරංග)
 
යාපනය, පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේ තිබී ටී.එන්.ටී නැමති අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ හතරයි ග්‍රෑම් 500 ක් රැගෙනයාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනකු අද(22) යාපනය අරියාලෙයිහීදි අත්අඩංගුවටගත් බව පලෙයි පොලිසිය කියයි.
 
සැකකටයුතු පුද්ගලයින් දෙදෙනකු පිළිබඳ පලෙයි පොලිස් නිලධාරීන් හා යුද හමුදාව වෙත ලැබුණ තොරතුරක් මත කළ සොයාබැලීමකදී අදාළ පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර නිලධාරීන් පැමිණෙන අවස්ථාවේ ඒවා රැගෙන ආ පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයෙන් පලාගොස් සිටි බව පොලිසිය පැවසීය.
 
පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයින් යතුරු පැදියකින් පලාගොස් ඇති බවට ලැබුණ තොරතුරු මත පොලිසිය හා යුද හමුදාව එක්ව කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
 
පොලිසිය පැවසූවේ සැකකරුවන් මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බෝම්බ නිශ්ක්‍රීය කරන කණ්ඩායමක සමාජිකයින් වන අතර මෙම පුපුරණ ද්‍රව්‍ය  මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේදී සොයාගත් පුපුරණ ද්‍රව්‍ය බවය.
 
සැකකරුවන් කුමන අරමුණක් සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙනයාමට උත්සහ කළේද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවද පොලිසිය පැවසීය.
 
අත්අඩංගුවටගත් සැකකරු මීසාලේ, එළුදුමට්ටුවාල් හා අරියාලෙයි පදිංචි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්ය.
 
සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (6)

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

JANAKA Monday, 22 June 2020 10:26 AM

පුපුරන ද්‍රව්‍ය ඉවත් කරන්න ඉන්නෙත් හිටපු කොටි. මේ අය කොයි තරමක් මෙ විදියට අරගෙන ගිහිල්ලා තියෙනවද දන්නේ නැහැ. හෙට අනිද්දා වනවිට දෙමළ දේශපාලකයින් කියයි අහිංසක ගොවියන්ගේ පොහොර මිටි සමග අත්අඩංගුවට අරගෙන බොරු චෝදනා ඉදිරිපත් කරනවා කියලා...

:       1       199

මෝ Monday, 22 June 2020 11:39 AM

එන පොට හරිනෑ. හුටමා හමුදා කඳවුරු ඉවත්කරලා ජාතික ආරක්ෂාව ඈලියාවට යැවීමේ ප්‍රතිඵල... ආරක්ෂක ලේකම්තුමනි, ප්‍රමාද වුනොත් ආයෙත් රටම අනාතයි. වහාම ආරක්ෂාව තරකරන්න ඔය බිම් බෝම්බ හොයන කොට හම්බවුණා කියන කතාවලට අහු නොවි. කට්ටිය දැන් ගේමට ආයෙත් සෙට් වෙන පාටක් තමයි පේන්නේ... ඒකයි කරුණාගේ කටත් ඇරුනේ...

:       1       60

sadis Monday, 22 June 2020 12:45 PM

ඡන්දෙ ළංවෙන්න, ළංවෙන්න තව තව බඩු හම්බවෙයි. ඡන්දෙ ඉවර වෙනකම්...

:       82       42

jagath Monday, 22 June 2020 02:58 PM

පටන් ගත්තා විතරයි... කිලෝ දහස් ගණන්... ඡන්දෙ ළංවෙනකොට ඉවසන්න.

:       82       20

kithsiri Monday, 22 June 2020 02:59 PM

මේ ආරම්භය... අගෝස්තු මුල බලන්නකෝ... තොග ගණන් ලැබේවි.

:       59       20

iran Monday, 22 June 2020 03:46 PM

මේවා තමයි ඡන්ද උපක්‍රම.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 56 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 374 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 464 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1251 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2698 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1785 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1451 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site