(කාංචන කුමාර ආරියදාස)
දිවයිනේ අධිකරණ පහකින් විවෘත වරෙන්තු 10 ක් නිකුත් කර ඇති හිටපු පොලිස් කොස්තාපල්වරයකු අද (17) සැකපිට අත්අඩංගුවට ගත් බව සීගිරිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.
ජනතාව රවටමින් මුදල් වංචා කළ සිද්ධීන් ගණනාවක් සඳහා මතුගම,කළුතර, අනුරාධපුර, මහනුවර, දොඩංගොඩ යන අධිකරණ වලින් මෙම පුද්ගලයාට විරුද්ධව නඩු පැවැත්වෙන බවත් අධිකරණය මගහැර සිටිමෙන් සැකකරුට විවෘත වරෙන්තු නිකුත් කර ඇතැයි සීගිරිය පොලීසිය කියයි.
පොලොන්නරුව, කොළඹ, හා දිවයිනේ විවිධ ප්‍රදේශවල වසර 15 ක පමණ කාලයක් පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයේ යෙදී සිටි අයෙකු බවද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අනෙකුත් අධිකරණ වලට යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සීගිරිය පොලිසිය කියයි.
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.
පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අධිකරණ 5 කින් වරෙන්තු ලැබූ කොස්තාපල්වරයකු අත්අඩංගුවට
Hafeel Tuesday, 17 December 2019 12:06 PM
මෙදා පාරත් ඇප ලැබුනොත්......................
රවින් Tuesday, 17 December 2019 12:17 PM
නියම හොරා පොලිස්.