IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අත පොහොට්ටුව සමග ගිවිසුම් අත්සන් කරයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර  අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මීට සුළු මොහොතකට පෙර සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි  මහලේකම් දයාසිරි ජයසේකර සහ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් සහ යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ.  

මෙම ගිවිසුම් අත්සන් තැබීම කොළඹ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද පෙරවරු 10.42ට පමණ යෙදුණු සුබ මොහොතින් සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, නිදහස් පක්ෂ   ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ඡායාරූපය-ඩයනා උදයංගනී ) 

(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (14)

අත පොහොට්ටුව සමග ගිවිසුම් අත්සන් කරයි

sunil Thursday, 10 October 2019 05:38 AM

අද නිවාස අමාත්‍යංශයේ සියලු සේවකයන් කොළඹට කැඳවලා උදේ රැස්වීමකට... හවස් වරුවට ගෝල්ෆේස් දක්කන්න හදන්නේ... මැකෝ නිදිද?. මේ අයට වැටුප්, ප්‍රවාහන දීමනා සමග රැස්වීම්වලට යන්න අවස්ථාව...

:       240       195

සෙන්දේ Thursday, 10 October 2019 05:39 AM

හොරු හොරු කියපු අයවලුන් යහළුවන් වී ඇත.. මේ ආකාරයෙන්ම u.n.p. එකේද නිරුවත එළිවෙන දවස වැඩි ඈතක නැත. විකල්පය වටා මිනිසුන් එකතුවීම වළක්වන්නට බැරිය..

:       29       337

San80Friday, 11 October 2019 03:58 AM

එය නිහඩ විප්ලවයක්... හැකිතරම් ජනතාව දැනුවත් කරමු...

:       0       1

විකල්පයක් උදෙසාFriday, 11 October 2019 11:52 AM

ආලෝකය කරා පියනගමු. අඳුරෙන් එළියට පැමිණීමට දල්වමු විදුලි බුබුලක්....

:       0       0

Rizwan Thursday, 10 October 2019 05:48 AM

හොරු සමග හෙළුවෙන්..

:       3       324

ranababu Thursday, 10 October 2019 05:49 AM

කුණු තියන තැනට තමයි තව කුණු එකතුවන්නේ, ඒ නිසා මේකේ පුදුම වෙන්න හෝ සතුටු වෙන්න දෙයක් නැහැ. තමන්ගේ පැවැත්ම ගැන හා තියන නඩු ටික බේරගන්න ගහපු සන්ධානයක්.... සරලව කියනවා නම් නඩු බේරා ගැනීමේ පෙරමුණක් මේක...

:       3       128

saman Thursday, 10 October 2019 06:02 AM

ඊයේ සජිත් ළඟ තියාගෙන තේනුවර කිව්වා ”රණවිරු ගායට ” ළඟදීම බෙහෙත් දෙනවා කියලා...

:       70       56

saliya Thursday, 10 October 2019 06:13 AM

ශ්‍රීලනිපය වෙනුවෙන් අත්සන් කරන මොහු ශ්‍රී ලංකා කාරයෙක්ද? මෙයා කරන කියන දේ පිළිගන්න ඕනෑද? නව තරුණ නායකත්වයක් අවශ්‍ය වී ඇත.

:       0       119

Indi Thursday, 10 October 2019 06:16 AM

රට දියුණු කරන්න ගිවිසුම්..!!! 

:       1       13

Sapumal. Thursday, 10 October 2019 06:47 AM

සිරිසේන මහතාට අගමැතිකම නොදුන් නිසා කඩාගෙන ආවා. ඒ නිසා පොහොට්ටුව බිහිවුණා. ශ්‍රීලනිපය දියවුනා. යුඑන්පීයේ පිහිටෙන් ආවත් කළගුණ සැලකීමක් ලෙස එයද දිය කරා. තමන්ව පොලව යටට යවනවා යයි කී අය සමග නීතියට පටහැනි හොර ආණ්ඩුවක් පිහිටෙව්වා. දැන් සියල්ලම අමතක කර නැවත එකතු වුනා. රෙදි ඇඳගෙන එය එක්වරම කරන්න බැරි නිසා ගිවිසුම් ගසා ඊළඟ මහා ඡන්දය වෙන විට ඔක්කොම කට්ටිය ශ්‍රීලනිපයෙන් අත ලකුණෙන් ඉල්ලනවා. ඕක තමයි සත්ත්‍ය. ඒ උනාට එය රටට පෙන්වන්නේ වෙනත් ආකාරයකින්. මේ වගේ නරි කපටි දේශපාලුවන් ඉන්නා ලොව එකම රට සිරිලංකාව වෙන්න ඇති.

:       4       144

sirimal Thursday, 10 October 2019 10:17 AM

කෝ අපේක්ෂකයා? සිංගප්පූරුවේ ඉඳගෙන සජීවීව එකතුවෙන්න ඇති මගේ හිතේ... සමහරුන්ට නම් පෙර යම් දිනයක හිතේ සාංකාවෙන් යුතුව අනුභව කළ "බිත්තර ආප්ප" දැන් වමාරන්නයි වෙන්නේ... එදා රාජපක්ෂලා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් ලෙසය. ශ්‍රීලනිපය ප්‍රධාන පක්ෂය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඔවුන්ගේ පෙරමුණ විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතෙක් කල් වැට උඩට වී සිටි අය අද පොහොට්ටුව වෙත යන්නේ කිසිදු පෙරමුණකට සම්බන්ධවීමට නොව "රාජපක්ෂ පවුලේ සීමා සහිත සමාගමකට" එකතු වීමටයි. අද අනුරාධපුරයේ දුමින්දගේ ගෙදරටම ගෝඨාභය පියමන් කර ඇත. ඒ සමඟම සබීතාගේ ගොඩනැගිල්ලේ ප්‍රශ්නය දැන් ඉතිහාසයට එක්වෙනු ඇත. මහින්ද ලඟට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසට දැන් වෙන්නේ ඉදිරි මැතිවරණවලදී මහින්ද දෙන දෙයක් බාරගන්නට ගෝඨාභාගේ මිරිහාන බංගලාවේ පිළිකන්නට වී බලා ගෙන ඉන්නටය. දැන් වුවමනා හරිය සිදුවී අවසාන නිසා මහින්ද නම් විපක්ෂ නායක නිල නිවසට ඒ කිසි කෙනෙක් තවදුරටත් වද්දා ගන්නේ නැත. අවසානයේ කිවයුත්තේ බණ්ඩාරනායක මහතා මෙතරම් අභිමානයෙන් බිහිකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරිවෙන්නට දෙයක් දැන් නැති බවයි. ප්‍රේමදාස නම් දැන් හිනාවෙනවා ඇත්තේ අනිත් පැත්තෙනි...

:       0       241

dhammika perera Friday, 11 October 2019 01:26 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය 1956 ඉදන් 1977 වෙනකම් බණ්ඩාරනායක පවුල, 1994 ඉදන් අයිත් ඒගොල්ලෝම , ඊට පස්සේ ඒක රාජපක්ෂලාට වික්කා. අලුත් තරුණ නායකත්වයකට පහුගිය අවුරුදු හැට ගාන පුරාවට ඉඩක් තියා බලාපොරොත්තුවක් වත් තිබුනේ නෑ 2015 වෙනතුරු.

:       0       0

jagath wikrama Friday, 11 October 2019 07:37 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මළගම පොහොට්ටුවට දෙයි අවසන් කටයුතු කරන්න .

:       0       0

karuna Friday, 11 October 2019 07:39 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මළගම පොහොට්ටුවට බාරදීමේ අත්සන් තැබීම

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 6883 4

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3715 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3057 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11735 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 8002 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3052 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site