IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අත්හැර දැමු මැණික් පතලකට වැටී අක්කා-නගෝ මරුට

(ක.ග.කරුණාරත්න)

ඇලහැර,කිරිඔය ප‍්‍රදේශයේ පිහිටි නිවෙසක් පිටුපස අත්හැර දමා තිබූ මැණික් පතලකට ඇද වැටීමෙන් එකම පවුලේ කුඩා දැරියන් දෙදෙනෙකු අද (17) සවස මරුමුවට පත්වී ඇතැයි බකමූණ පොලීසිය කියයි.

පසුගිය දිනවල පැවැති වර්ෂාව නිසා ජලයෙන් පිරී තිබූ බව කියන  එම පතල් වළට වැටී සිටි දැරියන් දෙදෙනා ගොඩට ගෙන රෝහල් ගතකර ඇතැත් ඒ වනවටත් මියගොස් සිටි බවද පොලීසිය සඳහන් කලේය.

අවුරුදු 05 සහ 07 යන වයස්වල පසුවන මේ දැරියන් දෙදෙනා අක්කා සහ නංගී බවද ඔවුන් මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී  දිය පිරුණු වළට ඇද වැටෙන්නට ඇතැයි සැක කරන බවද විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීහු කියති.

මියගිය දරු දෙදෙනාගේ මරණ සම්බන්‍ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණ සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ හෙට(18) බකමූණ රෝහලේදී පැවැත්වීමට නියමිතය.

බකමූණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
 



අදහස් (5)

අත්හැර දැමු මැණික් පතලකට වැටී අක්කා-නගෝ මරුට

Pradeep Monday, 18 May 2020 02:30 AM

මේ දරුවන්ගේ දෙමව්පියන් කොයිතරම් නොසැළකිලිමත්ද කුඩා දරු දෙදෙනෙක් සිටින නිවස අසල අනාරක්ෂිත වලක් තබා ගැනීමට තරම්....?

:       17       25

saman Monday, 18 May 2020 03:45 AM

වල වහන්න බැරි නම්, වල වටේට වැටක් ගහන්න බැරි උනාද තාත්තට ? අපරාදේ පොඩිදරුවෝ. නොසැළකිලිමත්කම කාගේද?

:       0       5

චමින්ද Monday, 18 May 2020 06:30 AM

පතල් සදහා බලපත්‍ර දීමේදී කොන්දේසියක් තියෙනවා පතල් වැසිය යුතු බවට... එහෙම තිබුනත් ඒ ගැන මැණික් අධිකාරියේ අවධානයක් සිදුවෙලා නැහැ කියන්න පුළුවනි. ඒ වගේම මැණිකක් ලැබුනාම ඒ පිරිසට උන්හිටි තැන් අමතක වෙනවා අපි දැකල තියෙනවා. මේවාට නිවෙස් හිමියාත් වගකිව යුතුය...

:       0       4

Raveendra Monday, 18 May 2020 07:43 AM

අනේ පව් රත්‍රන් දුපැටව් රටට අහිමිවීම. දරු දෙදෙනාට නිවන්සුව අත්වේවා !!! මෙම පතල අත්හැර දැමු එකක් වුවත් එය සදහා බලපත්‍ර ලබාගත් තිරිසනාට නීතිමය කටයුතු කල නොහැකිද ?

:       0       14

Samitha Senaka Aluthgamage.Monday, 18 May 2020 11:19 AM

රවීන්ද්‍ර මහතා නිවැරදියි. මැණික් පතලක් මෙසේ අනතුරුදායක ලෙස නිරාවරණයව තියන්නට රටේ නීතිය අනුව කිසිසේත් බැහැ. මෙයට පොලීසියද වගකිව යුතුයි. අසරණ දරුවන්ගේ මියයාමෙන් පසුව පවසා ඇත්තේ පරීක්ෂණ පවත්වන බවයි. තම රාජකාරිය ඉටුකිරීමට නොදත් පොලීසිය දැන් පවත්වන කෙහෙල්මල් පරීක්ශනේ මොකක්ද කියලයි අහන්නට වෙන්නේ. පරීක්ෂණ ....

:       0       25

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 564 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 874 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 512 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1385 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 72 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 19 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1542 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site