IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අතුරුදන් වූවන් වෙනුවෙන් උතුරේ කලු කොඩි එසවෙයි

(රොමේෂ් මධුෂංඛ)
              
අතුරුදන් වූවන් විසින් විසඳුම් ඉල්ලා ආරම්භ කළ  සත්‍යග්‍රහයන්ට වසර 2 ක් පිරුණද මෙතෙක් විසඳුම් නොමැති වීම හේතුවෙන් අද (25) උතුරු පළාත පුරා හර්තාලයක් ආරම්භ කර තිබේ.

මේ අනුව වව්නියාව , කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම් හා යාපනය යන දිස්ත්‍රීක්කයන්හි කලු කොඩි ඔසවමින් සියලු වෙළඳසල් වසා දමා ඇති අතර ඇතැම් දිස්ත්‍රික්කයන්හි දමිළ පාසල්හිද වසා දමා ඇත.

එමෙන්ම උතුරු පළාතේ සිදු කෙරෙන බස් ධාවනය ද සම්පූර්ණයෙන්ම නවතා ඇති අතර පළාතෙන් පිට ප්‍රදේශවලට පමණක් බස් ධාවනය වීම හේතුවෙන් උතුරු පළාතේ ගමනාගමන කටයුතු සිදු කළ රජයේ සේවකයින් ඇතුළු බොහෝ පිරිසක් අපහසුතාවයන්ට පත්ව සිටියහ. 

උතුරු පළාතේ අද දින රජයේ ආයතනයන්හීද රජයේ සේවකයින් බොහෝ පිරිසක් අඩුවීම හේතුවෙන් දෛනික කටයුතු අඩාල වී ඇති බවද වාර්තා වෙයි.

යුද්ධය හේතුවෙන් අතුරුදන් වූවන් විසින් මේ වන විට වව්නියාව, කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වසර දෙකක් ගත වුවද මෙතෙක් අතුරුදන්වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබීම හේතුවෙන් අද දිනයේදී උතුරු පළාතේ හර්තාලයක් ආරම්භ කිරීමට පියවර ගැණිනි.

ඒ සඳහා උතුරේ වෙළඳ සංගම්,බස් සංගම් ඇතුළු විවිධ වෘත්තීය සමිති සහය ලබා දුන් බවට හර්තාලය  සංවිධානය කරන ලද අතුරුන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටියේය.

 



අදහස් (14)

අතුරුදන් වූවන් වෙනුවෙන් උතුරේ කලු කොඩි එසවෙයි

KANDEPOLA Monday, 25 February 2019 05:06 AM

'අතුරුදන් වූවන් විසින් විසඳුම් ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහයන්ට වසර 2 ක් පිරුණද? සත්‍යග්‍රහයක් අරඹලා තියෙන්නේ අතුරුදහන් වුණු අයමනේ. එතකොට කවුරුවත් අතුරුදහන් වෙලා නැහැනේ.

:       32       138

Nishantha Monday, 25 February 2019 05:15 AM

එතකොට දකුණේ අතුරුදන් වුවන් ගැන මොකද කියන්නේ.

:       18       239

විමලේ Monday, 25 February 2019 05:32 AM

ඇයි දෙයියනේ අපේ එකෙක්වත් මුන්ගෙන් අහහ්නේ නැත්තේ මොකද කගේ වරදින්ද අතුරු දහන් වුනේ කියා. අපේද වරද අපිට ඕන නිසානේ යුද්ද කලේ. අනික අපේ හමුදාවල අයයි ඔය කිසිවකට සම්බන්ඳ නැති අපේ අහිංසක මිනිස්සු කොපමණ අතුරු දහන් වුනාද ?

:       0       198

HafeelMonday, 25 February 2019 07:30 AM

එ්කනේ... යුද්ධය කියන්නේ විනාශය තමයි. කොටිත් දෙමළ, සිංහල, මුස්ලිම් කතෝලික දාස් ගණන් පැහැරගැන ගිහින්, වද හිංසා දීලා, බලහත්කාරයෙන් ලේ අරන් ඝාතනය කළා. ප්‍රභාකරන්ට විරුද්ධ මත දරපු ඔවුන්ගේ නායකලා වන මහත්තය, යෝහි අදටත් තොරතුරු නැහැ. නමුත් අපේ දේශපාලකයන්ට මේවා පැහැදිලි කරලා කියන්න පණ නැහැනේ.

:       0       97

Banda Monday, 25 February 2019 05:35 AM

අතුරුදන් වූවන් විසින් විසඳුම් ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහයන්ට????????----- මේක මරුනේ

:       0       84

theshan Monday, 25 February 2019 05:48 AM

රාජ්‍ය ආයතන සහ පාසල් වහන්නේ කොහොමද? කාගේ බලයක් ඇතුවද? මේවා වහාම සොයා බැලිය යුතුයි.

:       0       124

Arsad Monday, 25 February 2019 06:23 AM

පාර්ලිමේන්තුවේ ඉන්න දෙමල කොටිහිතවාදී මැති ඇමති ලගේ උවමනාව මිස දෙමල ජනතව ගේ උවමනාවන් නොවේ. අපි ගියා යාපනයේ, ඒ අය කතා කලහම් හැමෝගෙම මතය උනදෙවල් වල ට LTTE එක වගකියුතු අතර අද අපි සතුටෙන් කරදරයක් නැතුව නිදහසේ ජීවත් වෙනවා. අදත් හමුදාව අපිව ආරක්ෂා කරනවා.

:       0       131

ලුම්බිණි Monday, 25 February 2019 06:46 AM

අතුරුදන් වූවන් වෙනුවෙන් රජය මෙතෙක් කරපු දෙයක් නැහැ කියලා තමයි මමත් හිතන්නේ...

:       142       8

BamunuarachchiMonday, 25 February 2019 10:33 AM

මේ රජය මොනවා කරන්නද? රටේ යුද්දයක් තිබුන බවවත් මේගොල්ලෝ දැනගෙන සිටියේ නැහැ. තෙල් මිල නැග්ගාද රුපියල බාල වුනාද ආර්ථිකය කඩා වැටුණාද නැහැ ඉතින් මේගොල්ලෝ කොහොමද රටේ යුද්දයක් තිබුන බව දන්නේ. මේගොල්ලෝ හිතුවා දැන් මහින්දගේ කාලේ එයත් යුද්දය වවාගෙන කාලා අපිට කන්න ඉතිරි කර දේවී කියලා. ඉතින් අතුරුදන් වුවන් කියලා ජාතියක් ගැන මේගොල්ලෝ දන්නේ නැත.

:       0       6

මංජුල බිරැට් Monday, 25 February 2019 06:49 AM

යුද්ධය කාලයේදි මියගියා කියලා මරණ සහතික දිලා දැම්ම නම් ඉවරනේ... හැමදාම වහලා තිබ්බත් අපට මොකද?

:       0       131

de silva berlin Monday, 25 February 2019 08:41 AM

අතුරුදහන් වුණා කියන මනුෂ්‍යයෝ දහස් ගණනක් යුරෝපේ වෙනත් නම් වලින් ජීවත්වෙනවා. සමහරු වෙනත් නම් වලින් හොර උප්පැන්න පවා සකසාගෙන එම රටවල් පුරවැසිභාවය පවා ලබාගෙන එහෙ ජීවත්වෙනවා. ලංකාවට යනවා එනවා 80% හොරකම් සිදුවෙන්නේ එහේ.. තානාපති කාර්යල සහ ලංකාවේ ආගමන විගමන නිලධාරීන් දැනුවත්ව, අල්ලස් ගන්න නිලධාරීන් ඉන්නකම් මේ රට හදන්න බැහැ. විශේෂ අධිකරණ 10 හෝ ඇතිකරලා නඩු ඉක්මණට අහලා මේ අල්ලස් ප්‍රශ්නය විසඳුවොත් ලංකාවේ ආර්ථිකය ලබන අවුරුදු කිහිපය තුළ 5% වැඩි වර්ධනයක් පෙන්නුම් කරාවි...

:       0       207

Chinthaka Monday, 25 February 2019 08:52 AM

එතකොට හමුදා සොල්දාදුවන් අතුරුදහන් වුනේ නැද්ද?

:       0       63

BamunuarachchiMonday, 25 February 2019 11:28 AM

සොල්දාදුවන් හෙවත් අපේ හමුදාව අතුරුදන් කළා. ත්‍රස්තයින් හෙවත් දෙමළ හමුදාව අතුරුදන් වුනා වෙන රටවල් වලට... එ්කයි වෙනස...

:       0       0

Bamunuarachchi Monday, 25 February 2019 10:22 AM

ඇයි දැන් ඒ ගොල්ලෝ ඉන්න රටවලින් ලියුම් සල්ලි එවන්නේ නැද්ද? අපි නම් එහෙම කළා. ඉතිරිටික පසුව ලියන්නම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 36 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 367 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 688 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 253 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 217 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 258 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site