(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
අතුරුදහන් කරන ලද පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පවත්වන්නැයි නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ප්රජාතන්ත්රවාදී ඡන්ද විමසීම්වල හරය රඳා පවතින්නේ ඡන්ද විමසීම් නීති ශක්තිමත් වේ නම් පමණක් බැවින් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද නව ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයා සඳහන් කළේය.
සභාපතිවරයා මේ බව පැවසුවේ ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීම සඳහා එම කොමිෂන් සභා කාර්යාලය වෙතට අද (17) පස්වරුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයින් කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා මෙසේ ද සඳහන් කළේය.
“මේ අවස්ථාවේ බලයේ සිටින ජනාධිපතිවරයා ප්‍රථම වරට නිර්පාක්ෂිකව ක්‍රියා කිරීම සම්බන්ධව අපේ ස්තුතිය එතුමාට ගෞරවයෙන් පුද කරනවා. මෙම ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වීමට හැකිවූයේ අපේක්ෂකයින් මෙය පෝස්ටර්, කටවුට්, පොලීතින් ආදියෙන් තොර ඡන්ද ව්‍යාපාරයක් වශයෙන් පැවැත්වීමට මුල් අවස්ථාවේ සිටම ප්‍රකාශ කළ බැවිනි. එම සියලු අපේක්ෂකයන්ට අපේ අවංක ස්තුතිය පළ කරමු. අපි ඡන්ද විමසීමේ පෝස්ටර් යුද්ධය ජයගතිමු.
මෙම ඡන්ද විමසීමේදී අපි අංශ කිහිපයකින් අසාර්ථක වූ බව ද ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. ඉන් ප්‍රධාන කරුණ වන්නේ පෞද්ගලික හා රාජ්‍ය මාධ්‍ය හැසිරීම පාලනය කිරීමට නොහැකිවීමයි. රජයේ මාධ්‍යවල නීතිවිරෝධී ලෙස ක්‍රියා කළ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාකිරීමට කොමිෂන් සභාවේ බලතල අනුව ක්‍රියා කිරීමට කොමිෂන් සභාව කටයුතු කරනු ඇත. එසේ වුවත් පෞද්ගලික මාධ්‍ය පාලනය සඳහා නීති රීති පැනවීම හෝ එම ආයතන දේශපාලන පක්ෂයකට පක්ෂපාතීව කටයුතු කරන බව ප්‍රකාශ කරන ලෙස ඔවුන්ට නියම කළ යුතුය.
මෙම ඡන්ද විමසීමේදී ත්‍රිවිධ හමුදාව හෝ පොලීසිය දේශපාලන කටයුතුවල යෙදුණු බවට තොරතුරු නැතත් එම නිල ඇඳුම් ධාරීන්ගේ නිල ඇඳුම් සහිත ඡායාරූප සහිවත ප්‍රචාරණ කටයුතු ඉදිරියේදී හෝ නොකිරීමට ක්‍රියා කරන්නේ නම් මැනවි යැයි අපි යෝජනා කර සිටිමු. මාණ්ඩලික නිලධාරීන්, වෘත්තීයවේදීන් ඉතා සුළු සංඛ්‍යාවක් ප්‍රදේශවල දේශපාලන කටයුතුවල නිරත වනු දැකීම හා රාජ්‍ය සම්පත් පරිහරණය කළ බවට පැමිණිලි ලැබීම ඉතා කණගාටුදායක කරුණකි. එම නිලධාරීන්ට එරෙහිවද ආයතන සංග්‍රහයේ විධිවිධාය හා කොමිෂන් සභා විධාන අනුව ක්‍රියා කරනු ලැබේ.
මෙම ඡන්ද විමසීමේදී වෙනත් ඡන්ද විමසීම්වලට වඩා ආගමික පූජ්‍ය පක්ෂයේ දේශපාලන මැදිහත්වීම ප්රකටව කැපී පෙණිනි. උන්වහන්සේලාටත් අනෙකුත් සිවිල් පුරවැසියන්ට මෙන් දේශපාලන අයිතිවාසිකම් තිබේ. එසේ වුවත් ඡන්ද විමසීම් කාලය තුළ ස්වකීය ආගමික සිද්ධස්ථාන තුළ දේශපාලන රැස්වීම් පැවැත්වීමට හෝ ආගමික උත්සවවලදී දේශපාලන කතා පැවැත්වීමට නීතියෙන් අවසරයක් නැත.
නව ජනාධිපතිතුමනි, ඔබේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කටයුතු කරන ලෙස රටේ ජනතාව වෙනුවෙන් අප සියලු දෙනා ඉල්ලා සිටිනවා. මෙම ප්රජාතන්ත්රවාදී ඡන්ද විමසීම්වල හරය රඳා පවතින්නේ ඡන්ද විමසීම් නීති ශක්තිමත් වේ නම් පමණි. එම ප්රජාතන්ත්රවාදී සමාජය පවත්වාගැනීම ඔබතුමා වෙත පැවරෙන නමුත් එය ඔබට තනිව පැවරෙන වගකීමක් නොවේ. ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ගේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඔබතුමා ප්රජාතන්ත්රවාදී රටක් ලෙස පවත්වා ගැනීමට රට මෙහෙයවනු ඇතැයි අපි අපේක්ෂා කරමු.”
මෙම අවස්ථාවට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු සෙසු ජනාධිපති අපේක්ෂකයින් සහ මැති ඇමතිවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘අතුරුදන් කළ පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න’
Bamunuarachchi Sunday, 17 November 2019 12:16 PM
අනේ මැකෝ පළාත් සභා ඡන්දය අපිට එපා.. 13ට කලින් තිබුණු විදිහට රට පාලනය කරමු.
Pujitha Sunday, 17 November 2019 02:59 PM
සල්ලි කීයක් ඉතුරු වුණාද? ඔහේගේ තාත්තගේ සල්ලිද පළාත් සභාවලට වියදම් කරන්නේ...?
Raveendra Sunday, 17 November 2019 11:19 PM
මැකෝගේ මෙම කතාව බොහොම වැදගත් මෙන්ම අර්ථවත්ය.
NASRUDIN Monday, 18 November 2019 07:15 AM
ගරු මැකෝ ඔබගේ කැපකිරීමට ප්‍රණාමය පළ කරමි.