(පාලිත ආරියවංශ)
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අගරදගුරුතුමන් වෙනුවට ‘අදරදගුරු’ ලෙස පැවසීමෙන් වූ වරදට සමාව ගන්නා බව බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
බදුල්ල තැපැල් සංකිර්ණයේ දී අද (23) පැවැති සමගි ජන බලවේගයේ බදුල්ල ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් මේ බව ප්‍රකාශ කළේය.
ඇත්ත ඇතිසැටියෙන් දැකීමට හරි දේ හරි ලෙස දැකීමටත් වැරදි දේ වැරදි ලෙස දැකීමටත් දෙමාපියන් තමන්ට උගන්වා ඇති බවත් කොතෙක් මඩ ගැහුවත් තමන්ගේ කට වසා ගැනීමට සුදානම් නැති බවත් කිසිවෙකුටත් බිය නොවන අතර සමගි ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කරන බවද සදහන් කළේය.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අගරදගුරුට බැන වැදීම ගැන හරීන් සමාව ගනී
Kamal Tuesday, 23 June 2020 12:18 PM
සමාව ගත්තාට කමක් නැහැ. අපිත් දන්නවා දේශපාලකයින්ට කඩේ ගියා කියලා... ඉස්සර හැමදාම වොයිස් කට් දුන්නා හැමදේටම... දැන් මොකකටවත් සද්ද නැහැ. සමාව ගත්තාට කමක් නැහැ.. ඇත්ත කියපු කෙනාට කොන්දක් තිබුණු එකට. මමත් කතෝලිකයෙක් තමයි.
suresh saparamadu Tuesday, 23 June 2020 12:32 PM
අඩු කළේ වතුර සෙලවේ...
mahesh sampath Tuesday, 23 June 2020 12:33 PM
නිවැරැදි කිරීමක්... ජයග්‍රහණය නොව පරාජය තහවුරු කරන බව...
benadick perera Tuesday, 23 June 2020 01:00 PM
තවම බැරිවුණා පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට සහනයක් අරගෙන දෙන්න. දේශපාලකයින්ට කඩේ ගියා විතරයි. පොඩි වචනයකට ඒ තරම් සිත් අවුල් කරගන්න ඕනෙ නැහැ. කිව්ව කෙනත් මේ වගේම කතෝලිකයෙක්...
Sam Tuesday, 23 June 2020 01:08 PM
දේශපාලකයන්ට කඩේ ගියාට කතෝලික මිනිස්සු දන්නවා පාස්කු ප්‍රහාරයේ කවුද ලකුණු දාගත්තේ කියලා.. කවුද ත්‍රස්තවාදීන්ව පඩිදීලා යොදාගෙන කළේ කියලා. ඒක තමයි මීගමුව පරාදවුණේ.. අපි දේශපාලනයට කඩේ යන්නේ නැහැ. හරි අය තෝරලා ඡන්දෙ දෙනවා.
කල්ප Tuesday, 23 June 2020 06:35 PM
මිගමුවේ පරාද වූනේ දෙමල මුස්ලිම් ඡන්ද වලින් මීගමුවේ දෙමල මුස්ලිම් ඡන්ද පදනමක් තියනවනේ.
NadeeraWednesday, 24 June 2020 01:49 AM
සරල ප්‍රශනයක්.... සල්ලි දීලා මේ ප්‍රහාරය මෙහෙයවුවානම් ඒකට ප්‍රධාන දේශපාලන පක්ශයක අපේශක, කෝටිපති වියාපාරික ඊබ්‍රහීම් සහ ඔහුගේ පිටරටවල ඉගෙනගත්තු පුත්තු යොදාගනියිද? ඊබ්රහීමලා මේක සල්ලි වලට කලාම කියමුකෝ. තමන්ගේ මුලු පවුලම මරාගෙන මැරෙන්න කෝටිපති ඊබ්රහීමලා කීයක් විතර ගන්න ඇද්ද? ඊට වඩා අඩු අවදානමකින් , අඩු වියදමකින් මේ ප්‍රහාරය එල්ල කරන්න වෙන මිනිස්සු මේ ලංකාවේ හිටියේම නැද්ද?
Dasa P Tuesday, 23 June 2020 01:15 PM
සමාව ගත්ත එක හොඳයි. ඒත් කතාව ඇත්ත.
මිලාන් ප්‍රනාන්දු Tuesday, 23 June 2020 01:22 PM
මම ඉතාම බැතිමත් ක්‍රිස්තියානි කරුවෙක්... ඒත් හරීන් මෙහිදී කියපු දේ හරි. අප බොහෝදෙනෙක් වත්මන් කාඩිනල් ගැන ඉන්නේ ඒ මතයේම තමයි. ලංකාවේ බෞද්ධ භික්ෂූන් වගේ ක්‍රිස්තියානි ආගමේ කාඩිනල්ලා දේශපාලනය කරේ නැහැ මීට පෙර... ඒත් දැන් නම් එහෙම නෙමෙයි. අප මෙය අනුමත කරන්නේ නැහැ. මට තියෙන කණගාටුව එතෙක් මෙතෙක් ලෝකේ බිහිවූ ඉතාම ප්රගතිශීලී පාප්තුමාවන වත්මන් පාප්තුමාගේ කාලයේ ලංකාවේ බිහිවූ ප්‍රතිගාමීම කාඩිනල් බිහිවීම...
shivaniTuesday, 23 June 2020 01:57 PM
ඔයාලගේ ආගමේ ආගමික නායකයින්ට අපහාස වන විදිහට කතාකරන්න කියනවද? අනික හරීන් මිනිස්සුන්ගෙන් සමාව ගන්නේ නැද්ද? තමුන් ඔය ප්‍රහාරය වෙන බව දැනගෙන පල්ලියට කිව්වේ නැති එකට..
vishakaWednesday, 24 June 2020 05:45 AM
මතක නැතිද මහින්දගේ නෝනත් එදා පල්ලි නොගිය බව...? හරින් දැනගෙන කිව්වේ නැහැ කියන්නේ කොහොමද? රාජපක්ෂලාත් දැනගෙන වාසියට නොකියා හිටියා වෙන්න පුළුවන්...
sharm warnWednesday, 24 June 2020 11:43 AM
ඔබ හරි හරීන්ගේ තාත්තා කිව්වා කියලා පල්ලියට ගියේ නැහැ කියන්න. ඒත් එයාට ඉගැන්නුවේ ගෙදරින්ද කියලා අහන්න තමයි තියෙන්නේ. මහින්දගේ නෝනා පල්ලියේ පූජාවට යන කෙනෙක් නොවේ. එයා නොගිය එක ප්‍රශ්නයක් කරගන්න හදන්නේ එළිපිට කියපු එක්කෙනාගේ වැරැද්ද පේන්නේ නැද්ද? එයාට කාඩිනල්ට කියන්න තිබුණා නම් එදා ජීවිත කීයක් බේරිලාද? හරීන් වක්‍රව උදව් කරලා තියෙනවා කියලා හිතෙන්නේ මට විතරද?
මෝTuesday, 23 June 2020 08:26 PM
සමාව අරං වැඩක් නෑ. ඉල්ලා අස්වෙන්න.
Rata Perata Tuesday, 23 June 2020 02:12 PM
මෙයාගේ නම් මොලේ පරීක්ෂා කරන්න වෙයි වගේ...
නුවන් Tuesday, 23 June 2020 02:29 PM
කරපු ප්‍රකාශයට නම් සමාව අරගෙන නැහැ.
GarasarapaWednesday, 24 June 2020 06:15 AM
ඔව් සමාව ගත්තේ වෙච්ච ස්පෙලින් මිස්ටේක් එකට විතරයි .
Pradeep Tuesday, 23 June 2020 02:30 PM
තාත්තා උගන්නලා තියෙන්නේ තමන්ගේ වාසියට විතරක් ඇත්ත ඇති සැටියෙන් දකින්න වෙන්න ඇති. වෙන මොනවත්ම ඕන නෑ මහත්තයෝ.. පාස්කු ප්‍රහාරය හොඳාකාරවම දැනදැනත් ඔයයි ඔයාගේ තාත්තයි හැසිරුණු හැටි අපිට තවමත් මතකයි. තව තවත් තමන් මහා ලොකු සුදනෙක් කියලා කියා ගන්නේ නැතුව කට වහගෙන ඉන්නවා නම් ඒක නම්බුකාරයි. ඔයා විතරක් නෙමෙයි. දැනට දේශපාලනයේ ඉන්න සියළු දෙනාම ඔබ වගේම තමයි.
mahee Tuesday, 23 June 2020 02:34 PM
කාදිනල්තුමා දේශපාලනේ ගන්න ගැන කතා ඕන නෑ පාස්කු ඇටෑක් එක ගැන හරියට නීතිය ක්‍රියාත්මක කළා නම්. තමන්ට බලේ තිබිලා තමන්ගේ කාලෙ වෙච්ච දේට සාධාරණයක් කරන්න බැරිවුණා.
RaveendraTuesday, 23 June 2020 04:51 PM
ඒ වුණාට තාත්තා කියලා තියෙනවනේ එදා දවසේ එළියටවත් යන්න එපා කියලා... ඉතින් මම ඇඳ යටම හිටියා.. ඇයි ඔහෙලට ඉරිසියාද?
Ana Tuesday, 23 June 2020 03:22 PM
කතාව ඇත්ත වුණාට අනෙක් පක්ෂය නියමෙට වාසි ගන්නවා. අපේ රටේ ජනතාව ආගමික නායකයන් විවේචනය අනුමත කරන්නේ නැහැ. ඒක දන්න සට කලට දේශපාලකයින් ජනතාව රවට්ටන්න ඛොරු ආගම් භක්තිය පෙන්නනවා.
Tharaka Tuesday, 23 June 2020 04:54 PM
මෙකේ කතෝලික කියලා කියාගෙන කාදිනල් තමුන්ට අපහාස කරපු එක හරි කියන වන්දිභට්ටයින් ගැන ඇත්තටම කණගාටුයි. අපි බෞද්ධ.. ඒත් අපිත් උන්වහන්සේට ගරු කරනවා. නොබියව අදහස් ප්‍රකාශ කරන එකට.. බෝම්බ ගහලා මිනිස්සු මරද්දී ඒ ගැන දැනගෙන කිසිම පියවරක් නොගෙන ඉද්දී උන්වහන්සේ ඒක විවේචනය කරද්දී, කාටද දේශපාලන වාසි යන්නේ කියලා බැලුවේ නැහැ. කඩේ යන අයට ඕනෑවෙලා ඇත්තේ... කමක් නැහැ මිනිස්සු මැරුණාට එදා ආණ්ඩුව හොඳයි කියන එක වෙන්න ඇති. එදා පාර්ලිමේන්තු කමිටු දාලා කරපු බොරුව ඇස් ඉස්සරහ බොරු වෙද්දිත් උන්වහන්සේට අපහාස කරන මිනිස්සුන්ට කවදාවත් ස්වර්ගය නම් දකින්න ලැබෙන එකක් නැහැ.
alex Tuesday, 23 June 2020 05:21 PM
කඩේ යන එක ගැන කිව්ව කතාව ඇත්ත. ඇයි පාස්කු ප්‍රහාරය ගැන ඡන්දේ කාලේ විතරක් කතා කරන්නේ? පහුගිය කාලෙම සද්දේ නැතුව හිටියා. දුටිමි පූජකයින්, නොදිටිමි මෙවන් පූජකයින්...
විජේ Wednesday, 24 June 2020 12:41 AM
අනේ නිකං යන්න පව් නොදී. තවත් එක බලලෝභී, අවස්ථාවාදී, කුහක වැඩක්.... දෙමව්පියන් මොනවා ඉගැන්නුවත් ඉගෙනගෙන තියෙන්නෙ මවාගත්ත, බොරු හිනාවකින් අහිංසක මිනිස්සු රවට්ටන්න.
Bamunuarachchi Wednesday, 24 June 2020 02:10 AM
දෙමාපියන්ගෙන් ඉගෙන ගත්ත දේ කරන්න ගිහිල්ලා තමයි මෙහෙම වුනේ. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඇත්ත මොකක්ද කියා හරියට දැන ගැනීමේ හැකියාවක් තිබෙන්න ඕනේ. ඒ බැරි කෙනා වැරදිදේ දකින්නෙත් හරිදේ කියලා. කොහොමත් ඔබට කතෝලික ජනතාවගෙන් සමාව ලැබෙන්නේ නැත.
rana Wednesday, 24 June 2020 04:38 AM
මීට අවුරුදු ගාණකට පෙර නුවර කුඹල් පෙරහරට කැරොල් ගායන කණ්ඩායමක් අාවේ කාගේ අදහසකටද?
Helen Wednesday, 24 June 2020 04:49 AM
කාදිනල් තුමන් හට පහර දෙන්නට සිංහල සහ කිතුනු නම් වලින් පෙනී සිටින අය අදහස් පළ කර ඇත. කාදිනල් තුමන් හට හෝ / හා බුද්ධ පුත්‍රයන් වහන්සේලා හට අවමන් කිරීම ඔන්ලයින් කර්මාන්තයක් බවට පත්ව ඇත. මේ සයිබර් මෙහෙයවන්නන්ට අනුව ආගමික නායකයන් අන්ධයන් ගොළුවන් ලෙස කටයුතු කළ යුතුය.
නෙවිල් Wednesday, 24 June 2020 05:13 AM
බය නැතිව ඕනෑ දෙයක්ද කියන්න පුලුවන්... ඡන්දෙ ඉල්ලන්නේ නෑනේ... එන්නේ ජාතික ලැයිස්තුවෙන්.
de silva Wednesday, 24 June 2020 06:17 AM
එවකට ආරක්ෂක ඇමැතිකම දරපු සිරිසේන මහත්මයා මෙම ප්‍රහාරයේ වගකීම බාරගන්න ඕනෑවෙන කවුරුවත් නොවේ...
wimal Wednesday, 24 June 2020 06:34 AM
හැමදාම කළේ බොරුව පස්සේ යාමයි. පසුගිය අවුරුදු 4ම රට ආගාධයට ඇද දැම්මේ මේ වගේ අය... අහිංසක මිනිස්සු රවට්ටගෙන ඡන්දය අරගෙන. දැන් ඉන්න අය මෙයාලට ඡන්දෙ දෙන්නේ නැහැ. හැමෝටම තේරුණා රටේ අන්තවාදීන් ඉන්නේ මොන පැත්තේද කියලා.. දැන් අපේ රට ගොඩනගන්න කාලයයි. මිනිසුනේ හොඳට හිතලා බලලා ඡන්දය පාවිච්චි කරන්න. මේක තමයි අවස්ථාව...
kavinda Saturday, 27 June 2020 08:12 AM
පුන්නක්කු කන්නේ කවුද කියලා බලාගන්න ආසාවෙන් ඉන්නේ ඡන්දෙ දවස එනකන්...