IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අගමැති ලේකම්ගෙන් පැය 5 ක් ප්‍රකාශ ගනී

( තිළිණි ද සිල්වා )

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ල පිළිබඳ ලැබී ඇති පැමිණිල්ලට අදාළව අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා  අද (27) වත්මන් රජයේ ආයතනවල සිදුවී  ඇතැයි කියන දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පැය පහකට ආසන්න කාලයක්  ප‍්‍රකාශයක් ලබා දී ඇත.

අදාළ ගොඩනැගිල්ල බදු ගිවිසුමක් මත කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති අතර ඊට අදාළ කැබිනට් පත‍්‍රිකාව අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත   එවකට සිටි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කළ බවට එම පැමිණිලි විභාගයේ දී කොමිසම හමුවේදී අනාවරණය වී තිබූ අතර එම කරුණ සම්බන්ධයෙන් සමන් ඒකකනායක මහතා ගෙන ප‍්‍රශ්න කර , ප‍්‍රකාශ සටහන් කර ගත් බව ජනාධිපති කොමිසමේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා අද  පෙරවරු 9.00 සිට 2.00 දක්වා එම කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් හමුවේ ප‍්‍රකාශ ලබා දී ඇතැයිද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් කීය.

පාර්ලිමේන්තු කාරක සභා පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන ගිය ‘‘ගොවිජන මන්දිරය’’  පවරා ගැනීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් 2015 සැප්තැම්බර් 21 වැනිදා  ඉදිරිපත් කළ බවත්,  පසුව එවකට කෘෂිකර්ම ඇමැති වූ දුමින්ද දිසානායක මහතා 2015 දෙසැම්බර් 1 වැනිදා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් රාජගිරිය ඩී.පී.ජේ. ගොඩනැගිල්ල ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේ යැයි ද අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා පොලිස් ඒකකයට පවසා ඇත.

එලෙස කැබිනට් අනුමැතියකින් ලබා ගත් ඩී.පී.ජේ ගොඩනැගිල්ල වසරක් පමණ කුලී ගෙවමින් හිස්ව තබා ගැනීම එහි නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවයක් බව ද අග‍්‍රමාත්‍ය ලේකම්වරයා කොමිසම හමුවේ වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

මේ අතර අමාත්‍ය මණ්ඩල අනුමැතියට පිටින් කටයුතු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු ශල්‍යාගාර අත්වැසුම් ලබා ගැනීමේදී සිදුව ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය අද (27) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ගෙන් ද පැය 4 ක පමණ කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් ලබා ගෙන ඇත.



අදහස් (4)

අගමැති ලේකම්ගෙන් පැය 5 ක් ප්‍රකාශ ගනී

chandima Tuesday, 27 August 2019 03:37 PM

මහ ගල් ඉබ්බෙක් නේද? පැය පහක්ම අහලත් යන්තන්වත් හරියමන් දෙයක් අහගන්න බැරි වෙලා?

:       0       1

Rohana Tuesday, 27 August 2019 04:59 PM

ජනතාවගේ බදු මුදල් අන්තිම ශතේට ලබාගෙන ආණ්ඩුව කරන නාස්තිකාර වැඩවල තරම කොහොමද?

:       0       1

jayath Wednesday, 28 August 2019 04:53 AM

මේ රට -මේ සිස්ටම් එක කුණුවෙලා තියන තරම පෙන්වන කැඩපතක් මේ සිදුවීම . මේක නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය කියල අංග බේරගන්න හැදුවට මේවට මුල් උනේ ඒ අය නෙමි . වෙච්ච දේ සක් සුදක් සේ පැහැදිලියි ඒ වගේම මේ හින්ද බැංකු ගිණුම් තර වෙච්ච කට්ටිය ගැනත් දන්නෝ දනිති . හැබැයි ලස්සනම දේ මේ කාටවත් , කව්රු ආවත් මොනවත් වෙන්නේ නැහැ මොකද මුන් ඔක්කොම එකයි ඔය සත්‍යය මේ රටේ මිනිස්සු තේරුම් ගන්නකන් රට මෙතන මයි

:       0       5

Cham_Lee Wednesday, 28 August 2019 09:29 AM

කොමිෂන් තියා මෙයාලට වෙන මුකුත් දීලා හරියන්නේ නැහැ. වරදක් කරලා තියෙනව නම් කෙලින්ම යවන්න නීතිය හමුවට. මේ ඔක්කොම නාස්ති කරන්නේ අපි මහන්සිවෙලා හම්බ කරන සල්ලි. ඇයි දෙවියනේ අපි මේ වගේ පාලකයන් ඉන්න රටක ඉපදුණේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 978 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2181 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2535 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1286 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 329 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2447 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 284 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site