IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අගමැති පුටුව වෙනස්වීමෙන් රූපවාහිනිය කැළඹෙයි

(නාලක සංජීව දහනායක සහ සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමත් සමඟම ජාතික රූපවාහිනී සංස්ථා පරිශ‍්‍රයේ අද (26)  රාත‍්‍රීයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති විය.

මේ හේතුවෙන් ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු ද ඇණහිටියේය. විකාශනය අද මධ්‍යම රාත‍්‍රීය පසුවනතුරුත් එය යථාතත්ත්වයට පත්ව තිබුණේ නැත.

මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍යතනතුරට පත්වීමත් සමඟම ජනමාධ්‍ය මංගල සමරවීර, රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, චතුර සේනාරත්න යන එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කණ්ඩායමක් තවත් පිරිසක්ද සමඟ ජාතික රූපවාහිනී පරිශ‍්‍රයට පැමිණ එහි රැඳී සිටිනු දක්නට ලැබුණි. පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළු විශාල පිරිසක් ද රූපවාහිනී සංස්ථාව ඉදිරිපිට රැකවල්ලා සිටියහ.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ඉන්දික අනුරුද්ධ, සනත් නිශාන්ත, ප‍්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතුළු පිරිසක් රූපවාහිනි සංස්ථා පරිශ‍්‍රයට පැමිණීමත් සමඟ එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරු රූපවාහිනි සංස්ථා පරිශ‍්‍රයෙන් ඉවත්ව ගියහ. ඉවත්ව ගිය මැති ඇමතිවරුන්ට එහි රැස්ව සිටි පිරිස් හූ හඬකින් සංග‍්‍රහ කළහ.

අනතුරුව රූපවාහිනී සංස්ථාවට ඇතුළු වූ ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්ඩායම පිවිසුම් දොරටුවේ සවිකර තිබූ අගමැතිවරයාගේ ඡායාරූපය ගලවා ඉවත් පියවර ගත්හ. අනතුරුව රූපවාහිනී සංස්ථාවේ සේවකයන් සමඟ කෙටි පිළිසඳරක නිරතවූ ඒකාබද්ධයේ පිරිස් පසුව එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

ඡායාරූප - ඉෂාන් සංජීව

 



අදහස් (15)

අගමැති පුටුව වෙනස්වීමෙන් රූපවාහිනිය කැළඹෙයි

රජින්ද Friday, 26 October 2018 07:40 PM

මෙවැනි දේවල් සාමාන්‍ය ජනතාව ලෙස අපි මීළඟට පත්වන භාරකාර ආණ්ඩුවෙන් බලාපොරොත්තු නොවෙමු. කලහකාරී හැසිරීම්, වුවමනාවටත් වඩා ඉහවහා ගිය ප්‍රීතිය නිසා විකාර වඩා නොකළ යුතුය. ජනතාව ඔබලාගේ පිස්සු වැඩ නොව සැලසුම්සහගත ක්‍රමවත් වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙයි. එනිසා දැන්වත් බාල බොළඳ වැඩ වලට අත නොගසා සිහිබුද්ධියෙන් මහින්ද මහත්මයා තම පිරිස මෙහෙයවනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. සාමාන්‍ය ජනතාව ලෙස අප මේ සිදුවීම් දෙස උපේක්ෂාවෙන් බලා සිටින්නේ මහින්ද මහත්මයා ගැන ඇති විශ්වාසය නිසා බවත් දන්වා සිටිමු.

:       0       0

susil Friday, 26 October 2018 07:48 PM

කාලකන්නි දේශපාලනය විසින් මාරුවෙන් මාරුවට විනාශය කරා දක්කා ගෙන යන අප පුංචි කාලයේ සිට ආදරය කල අපේ ආදරණීය නාලිකාව....

:       0       0

Mf Friday, 26 October 2018 10:55 PM

මෛත්‍රිපාල උන්නැහේ ඔබට සතුටුයිද දැන්... හිටන් මාර වැඩ කරන්නේ ඉඳලා හිටලාඔබතුමාත් 2020 වෙනකොට ගෙදර තමයි... මහින්ද මහත්තයා දැන් හිටන් ගැන හොඳට දන්න නිසා ආයෙත් ලේකම් ධුරයක් ගෙවනවා බොරු හිටන්...

:       0       0

Perera Saturday, 27 October 2018 12:39 AM

මෙහෙම මල කෝලම් ලෝකෙට බලාගන්න පුළුවන් ලංකාවෙන් විතරද මන්දා?

:       0       0

ධම්ම Saturday, 27 October 2018 01:01 AM

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ඉන්දික අනුරුද්ධ, සනත් නිශාන්ත, ප‍්‍රසන්න රණවීර වගේ අය ලඟට ගැනීම ගැන මහින්ද මහත්තයා දෙවරක් සිතිය යුතුය...

:       0       0

SAM Saturday, 27 October 2018 01:21 AM

දෙගොල්ලොම විකාර කරන්නේ.

:       0       0

athura Saturday, 27 October 2018 02:19 AM

ඔන්න මහින්ද මහත්තයාගේ කට්ටිය නියමෙට වැඩේ පටන් අරගෙන...

:       0       0

toyota hilux 2008 Saturday, 27 October 2018 02:38 AM

අපි වගේ තුන්වෙනි ලෝකේ රටක මේ වගේදේවල් පේනවා.. ඒ කියන්නේ අපේ රටේ මිනිස්සු නූගත් එක මේ පින්තුරවලින්ම පේනවා.. මෝඩයින් වගේ නටනවා. එ්ත් හරියට කන්න, බොන්නවත් නැති මෝඩ සිංහලයින් බහුතරය... ඔය ගොඩක් නටන හැමෝම ජීවත් වෙන්නේ හරියට කන්න, අඳින්නවත් නැහැ. එ්ක මේ ඇඳුම්වලින් වගේම මුහුණු වලින්ම අපිට පේනවා. මේක තමයි නූගත්කම කියන්නේ... උසස්පෙළ පාස් වුණාට මොලය නැහැ.. බුද්ධිමත් නැහැ. කරන්න දෙයක් නැහැ. අපි මේ රටේ ඉපදුනාට දුක්වෙනවා හැරෙන්න මේ රටේ කිසිම පක්ෂයක්වත්, දේශපාලකයෙක්වත් වැඩකට නැහැ. ජේ.වී.පී එක පොඩ්ඩක් හොඳයි වගේ පේනවා.. එ්ත් විශ්වාස නැහැ..

:       0       0

pakeer Saturday, 27 October 2018 03:18 AM

මේ අය නිකන් ගෝත්‍රිකයෝ වගේ.

:       0       0

KANDEPOLA Saturday, 27 October 2018 03:24 AM

මේ ජඩකම තව කොතෙක් කලක් මේ රටේ ජනතාවට අත්විඳින්න වෙයිද දන්නේ නෑ...

:       0       0

naushi Sunday, 28 October 2018 09:08 AM

ගණන්කාරයින්ගේ යුගයේ ආරම්භය...!!!

:       118       324

SumanasekaraMonday, 29 October 2018 05:15 AM

රට වෙනස්වීම හොඳයි... ඉවත්කිරීම නරකයි...

:       32       5

රාජුන් Sunday, 28 October 2018 09:38 PM

දැන් ඡන්දයෙන් ආණ්ඩු පෙරලන, ආණ්ඩු පත් කරන, අගමැතිලා තෝරන කාලය ඉවරයි. අනේ රටකට ගිය කලක්!

:       13       145

Aruna Monday, 29 October 2018 10:18 AM

මහජනයාට දැන් ඉල්ලන්කන්න ඉතා පහසුයි.

:       5       90

ranjith Thursday, 01 November 2018 11:35 PM

ඡන්ද නොතිබ්බ එකේ ප්‍රතිවිපාක ඒ අයටම බූමරංගයක් වී ඇත...

:       7       45

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1861 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 946 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 748 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 360 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 623 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 565 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site