IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අගමැති තිරුපති කෝවිල වැඳ පුදා ගනී

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්හි ඓතිහාසික තිරුපති කෝවිල වැඳ පුදා ගත්තේය.

කොළඹ සිට ගුවනින් චෙන්නායි නුවර බලා ගිය අග්‍රාමාත්‍යවරයා එතැන් සිට විශේෂ හෙලිකොප්ටර් යානයකින් තිරුපති ගුවන් තොටුපොළ බලා පැමිණියේය.

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍ය එන්.අමරාන් රෙඩි ප්‍රමුඛ ප්‍රාන්තයේ ඉහළම නිලධාරින් විසින් පිළිගත් බව ඉන්දීය පුවත් ඒජන්සි වාර්තා කර තිබිණි.

තිරුපති කෝවිල වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුයේ එහි පාලක සභාවේ ප්‍රධානියකු වන අනිල් කුමාර් සිං ප්‍රමුඛ නිලධාරීන් විසිනි.

ඓතිහාසික තිරුපති කෝවිලට රාජ්‍ය නායකයින් ඉටු කරන බරට බර පුජාවටද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සහභාගීවි ඇතැයි ඉන්දීය පුවත් ඒජන්සි වැඩිදුරටත් වාර්තා කර තිබිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද තිරුපති වන්දනාවට සහභාගී වූවාය.



අදහස් (31)

අගමැති තිරුපති කෝවිල වැඳ පුදා ගනී

smn Sunday, 03 March 2019 04:14 PM

අපේ රාජ්‍ය නායකයන්., නායකයන් වෙන්න හිතාගෙන ඉන්න උදවිය.. මේ හැමෝම මේ දවස්වල තිරුපති ගිහිල්ල පූජා පවත්වනවා… අම්මපා එහෙ වැඩ ඉන්න දෙවියෝ කාට ඡන්ද දමයිද මන්දා..? මේ උදවිය අපි ලඟට ආවත් නැතත් දන්නවා මොකක්ද කරන්නේ කියලා.. අපි නම් දෙනවා වෙලාවට ගේම..!

:       18       332

Bamunuarachchi Sunday, 03 March 2019 04:33 PM

2020 දී පැරදිලා ගෙදර යන්න වෙන එක තිරුපති නොවෙයි මහා බ්‍රහ්මයාටවත් බැරිය...

:       515       831

RanilMonday, 04 March 2019 05:10 AM

මහින්ද 2015 දී ගෙදර ගියා වගේ

:       27       82

Sanath KandyTuesday, 05 March 2019 04:42 AM

මේ රටේ ඉහලම පුරවැසියෝ තුන් දෙනාම මිත්‍යා විශ්වාස පස්සේ දුවද්දී රට ගොඩ යයිද? මිනිසුන්ගේ විදු ඇස පාදන නායකයෙක් කවදා බිහිවෙයිද? අපි තවම ඝන අන්ධකාරේ.

:       0       67

Bamunuarachchi Sunday, 03 March 2019 04:41 PM

බරට බර ගොම තමයි දෙන්න තිබෙන්නේ 62 කගේ ගොම කොහේ දාන්නද?

:       1019       1366

sirisena Monday, 04 March 2019 11:59 AM

2006 දී තිරුපති කෝවිල ඇතුළු වෙනත් කෝවිල් සෝදන්නට වූයේ මොන හෙතුව නිසාද කියා බමුණා ටිකක් සොයා බලන්න. 2006න් පසු හිටපු එතුමා තනිවම තිරුපති වඳින්නට යන හේතුව සොයාගන්නට හැකිවේවි...

:       0       39

de silva Sunday, 03 March 2019 04:57 PM

අනිවාර්යයෙන්ම ඡන්දයක් ළඟ ඇති, ඡන්දෙ ළඟ වුණාම තමයි මේ කෝවිල මතක් වෙන්නේ...

:       0       19

Raveendra Sunday, 03 March 2019 05:24 PM

225ම ඔතනට යනකොට කාටද ආඩම්බර. තම තමන්ගේ බරට බර ගෙනියනකොට අපේ 225 මොනවා අරගෙන යයිද මන්දා? එතකොට මෙයා තමන්ගේ බරට සරිලන මොනවද ගෙනිච්චේ?

:       26       407

සනා ද බෝයි Sunday, 03 March 2019 05:41 PM

නොපෙනෙන දෙවියන් වැන්දේ කුමටද නිවසේ දෙවියන් අම්මා.

:       0       131

RavendraMonday, 04 March 2019 12:59 AM

සහතික ඇත්ත

:       0       67

sirimal Sunday, 03 March 2019 06:25 PM

අපරාදේ සල්ලි.

:       19       173

Amila Sunday, 03 March 2019 06:51 PM

අපරාදේ බරට බර කියලා මෙයාව කෝවිලට තියාගන්න කිව්වා නම් හරි. රටටත් එතකොට හොදයි පක්ෂේටත් හොදයි

:       337       568

Nandalal DE SILVA - France Sunday, 03 March 2019 06:51 PM

මොනවද දෙවියන් වෙනුවෙන් රනිල්ගේ බරට පුජා කරේ? පාර්ලිමේන්තුවේ දැනට සිටින බරෙන් වැඩිම පුද්ගලයා රනිල් නොවෙයි නේද? විරුද්ධ පක්ෂයේ ඉන්නා සමහර මන්ත්‍රීන් දිහා බැලුවම එයාලට කිසිම ආහාර අහේනියක් නැති බව පේනවා! පාර්ලිමේන්තු කැන්ටිමේ අඩු මුදලකට වට්ට්යක් පිරෙන්න කන අය වගේ හොඳට පේනවා! පහුගිය දිනක මගේ ආච්චි අහනවා මේ දරුවා කන්නේ මොන සමූපෙන් ගන්න හාල්ද කියල. ඒ උන්දැටත් හැම දේම දැනගන්න ඕන. රනිල් තිරුපති දෙවියන් වන්දනා කර ඉල්ලා සිටියේ මොනවද?

:       353       65

RaveendraMonday, 04 March 2019 04:09 AM

මේ ගොයියාගේ පළමු ඉල්ලීම නම් අම්බරුවන් 225 ටම පොදු ඉල්ලීමක් නිසා ඒ පිලිබදව සදහන් කිරීම වැදගත් වේ. රටේ අමරණිය නායකයා වීමට සියලු ඉඩ ලබාදෙන මෙන් දෙවියන්ට කන්නලව් කිරීම. මහජන බදු මුදල්වලින් අමරණිය ලෙස නොමිලේම ජීවිකාව ගෙනයාම.අනිත් ඇම්බැට්ටයන් 224 ත් ප්‍රර්තනාවන් මේවාය.

:       0       0

Mahee Sunday, 03 March 2019 07:27 PM

තමන්ගේ සැබෑ දෙවියන් මහජනතාව බව නොදන්නා මොවුන් ඒ දෙවියන් සතුටු කරනු වෙනුවට, ඡන්ද බලය නැති දෙවියන් ඉදිරියේ වැඳ වැටෙන්නේ ඇයි? බිය නිසා, බලය අහිමි වේය යන බිය නිසා නොවේද?

:       56       406

Rata Perata Sunday, 03 March 2019 09:47 PM

මහින්දත් ඔය ඔක්කොම වැඳලා, වශී බෝතල් අරගෙනම තමයි ගෙදර ගියේ.

:       12       368

Menaka Sunday, 03 March 2019 09:54 PM

රනිල්ගේ ඇද කුද දවස ගානේ මතක් කලේ නැතිනම් බමුනුතුමාට නින්ද යන්නේ නැහැ.

:       562       590

chandima Sunday, 03 March 2019 10:26 PM

මේ පාරවත් පඩියෙන් කියක් හරි පඬුරු දැම්ම නම් දෙවියන්ගේ ආශිර්වාදේ ලැබෙයි. ඔය දෙවියන්ව රවට්ටන්න බැහැ.

:       0       39

gam Sunday, 03 March 2019 11:31 PM

බලය වෙනුවෙන් ඕන දෙයක් කරාවී

:       102       168

ලුම්බිණි Sunday, 03 March 2019 11:52 PM

මම හිතනවා මේක පුද්ගලික ගමනක් නම් අගමැතිතුමා පුද්ගලික මුදල් වලින් වියදම් කරන්න ඇති කියලා. කොහොම වුනත් මෙවැනි බොළඳ ක්‍රියා වලින් වාසි එම දේවාලයට පමණි.

:       66       231

මායිමේ banda Monday, 04 March 2019 02:57 AM

මේ වගේ අය නායකත්වයට සුදුසුද තවම බොරු දේවල් පිටිපස්සේ යනවා

:       33       104

hira Monday, 04 March 2019 04:04 AM

රටේ පාලකයෝ අන්ද භක්තිකයෝ වෙලා. සර්වබලධාරී දෙවියන් ඇතුළු සෑම දෙවියෙක්ම ඇයි මිනිසුන් ඉදිරියට නොපැමිණෙන්නේ.

:       1       145

මංගල Monday, 04 March 2019 04:30 AM

රත්තරං කිලෝ 80 ක වියදම කීයද?

:       53       192

Bandula. Monday, 04 March 2019 06:06 AM

අනේ මන්දා! ඔය කොතන වැඩ ඉන්න දෙවියන් ලගට ගියත් අපිට මාරයා අත වැනුව දවසට යන්නම වෙනවා. ඒක නවත්වන්න සක්කර දෙවියන්ටත් බැහැ, කලානම් යම් පවක් එකට දඩුවම ලැබෙනවම තමා. වරදක් නොකලානම් මොකටද බයවෙන්නේ?

:       0       97

Nuwan Monday, 04 March 2019 07:51 AM

බරටබර පූජාවට මහේන්ද්‍රන්ව පූජා වට්ටියක තියලා දෙන්න තිබුනේ...

:       32       148

NASRUDIN Monday, 04 March 2019 08:05 AM

අනුකරණයද? අන්ධානුකරණයද?

:       0       0

රනිල් Monday, 04 March 2019 09:21 AM

මේකට විරැද්ධව කතා කරන අය ලංකාවේ කෝවිල් කීයක් වඳිනවද? එකෙක්ගේ නමත් බමුණා...

:       73       91

dias Monday, 04 March 2019 03:11 PM

මහින්දත් මේ ළඟදී ඉන්දියාවට ගියේ කෝවිල් වැඳ පුදා ගෙන එන්ට තමයි.

:       12       43

Sumith Monday, 04 March 2019 05:26 PM

කොහේ ගියත් අද සෙට් එක ගෙදර...

:       20       1

Ruwani Monday, 04 March 2019 05:29 PM

2015 සිට 2019 වෙනකම්... මෙලෝ රහක් නැහැ..

:       42       14

Sumith Tuesday, 05 March 2019 05:17 AM

අර්ජුන්ට පඬුරක් දාන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 49 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1304 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 388 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 824 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 118 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 23 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site