IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘අගමැති - ජනපති හා විපක්ෂනායක එක මේසයක හිඳ ජනතාව ඇමතිය යුතුයි’

(විනීතා එම් ගමගේ)
          
රට ස්ථාවර නම් හා ජන ජීවිතය සාමන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යා හැකි නම් ජනපති අගමැති හා විපක්ෂනායක තිදෙනා එක මේසයකට පැමිණ ඒ බව ජනතාවට ප‍්‍රකාශයක් කළ යුතු යැයි මාර්තු 12 ව්‍යාපාරය කියයි. 

එමෙන්ම දේශපාලන භේදයකින් තොරව ඒකාබද්ධව පවතින තත්ත්වයට මුහුණ දෙමින් රටේ ආරක්ෂාව හා අනාගතය වෙනුවෙන් පියවර ගන්නා බවට ද ඔවුන් තිදෙනා වහා ප‍්‍රකාශයක් කළ යුතු යැයි මාර්තු 12 ව්‍යාපාරයේ සම කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට ප‍්‍රකාශයක් කරමින් පැවැසීය. 

ජාතික ව්‍යසනයක් බැවින් සියලූ දෙනා එක හඬක් නංවමින් රට වෙනුවෙන් තම කැපවීම පෙන්වනු ඇතැයි  ජනතාව අපේක්ෂා කරන බව කී හෙට්ටිආරච්චි මහතා එහෙත් තවමත් දේශපාලන වාසි තත්ත්වයන් දෙස බලමින් දේශපාලඥයින් කටයුතු කරන බවක් පෙනී යන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.



අදහස් (16)

‘අගමැති - ජනපති හා විපක්ෂනායක එක මේසයක හිඳ ජනතාව ඇමතිය යුතුයි’

Raveendra Friday, 10 May 2019 12:27 PM

මක්කීවා... මේ උන්නැහේට වෙනත් රටක ප්‍රශ්නයක් ගැන මතක් වෙලාද මන්ද? ඔය " හරක් ටික " එකතු කරගන්නවාට වඩා පහසුයි ලාහෙට "රිලව් " එකතු කරන එක.

:       2       245

sirimal Friday, 10 May 2019 12:34 PM

අගේ කළයුතු හොඳ අදහසක්. ඒ වුණාට මේ වෙච්ච සන්තෑසිය උපයෝගී කරගෙන ආණ්ඩුව පෙරලලා බලය අල්ලාගන්න කටයුතු කරන කට්ටිය ඔය වැඩේට කැමති වෙයිද?

:       278       1175

PerakumFriday, 10 May 2019 01:20 PM

ඉතින් සිරිමල් ඒකෙන්ම පේනවානේ මේ කට්ටිය වැඩ කරන්නේ රටේ අභිවෘධිය පිණිස නොවන බව.

:       24       146

ඈපා Friday, 10 May 2019 02:56 PM

අමුතුවෙන් ආණ්ඩුව පෙරලන්න ඕනෑ වෙන්නේ නෑ. සිරිමල්.. ආණ්ඩුව ඉබේම පෙරලෙනවා ළඟදීම..

:       256       226

sirimalFriday, 10 May 2019 08:02 PM

මට දැන් ඔය කතාව අහල අහල එපාවෙලා තියෙන්නේ.

:       0       0

sirimalSaturday, 11 May 2019 08:40 AM

ආණ්ඩුව සතියෙන් පෙරලනවා, මාසෙන් පෙරලනවා, පෝය දෙකෙන් පෙරලනවා කියලා දැන් කී වතාවක් කිව්වද? ඒ විදිහට එක වතාවක් ආණ්ඩුව පෙරලලා දවස් 52ක් නටපු නාඩගම අපි දැක්කනේ...

:       103       216

max Friday, 10 May 2019 12:48 PM

මීටත් වඩා භයානක වූ LTTE තස්ත්‍රවාදය මුලිනුපුටා දැමීමට එවකට පැවති රජය කටයුතු කළ වෙලේ, එකතු වෙනවා තබා අකුල් හෙලීමටම කටයුතු කළ විපක්ෂයක් තිබූ ඉතිහාසයක් උරුම අපට, මාර්තු 12 ව්‍යාපාරයේ මේ යෝජනාව ක්‍රියාත්මක වේදැයි සැකයි.

:       6       275

Sumith Friday, 10 May 2019 01:21 PM

අවුරුදු 4ක් වෙනවා. රටට ජනතාවට කිසිම සෙතක් නැ

:       250       370

ranjith Friday, 10 May 2019 01:32 PM

හොඳ අදහසක්... බලමු රටට ආදරේ කරන කණ්ඩායමක්ද? එහෙම නැත්නම් දේශපාලන බල තණ්හාව නිසා හැමදාම තමාම බලේ ඉන්න හිතාගෙන ඉන්න අයද, එහෙම නැතිනම් බලේ ගන්න තණ්හාවෙන් ඉන්න කොටසක්ද කියලා ජනතාව අද මේ දෙගොල්ලොම ප්‍රතික්ෂේප කරන තැනට ඇවිල්ලා..

:       1       17

Kumara Friday, 10 May 2019 02:01 PM

අපි බලාගෙන ඉමු. අමතනකම්...

:       0       50

lanka Friday, 10 May 2019 02:28 PM

ලංකාවේ විපක්ෂය සැමදාම බල්ලට ගොස් තිබුණි. රටේ ප්‍රගතියට වඩා ඔවුන් සැමවිටම සිතුවේ තිබෙන ආණ්ඩුව පෙරලා නැවත බලයට පැමිණෙන්නේ කෙසේද යන්නයි. එබැවින් මෙවැනි අවස්ථාවකදීවත් ඔවුන් එකමුතුවේ යයි සිතිය නොහැක.

:       257       414

තාරක. Friday, 10 May 2019 02:34 PM

මහතාණෙනි, තවත් වැදගත් නේද එම වෙලාවේම ප්‍රධාන ආගම් නායකයින් ඇතුලුව ලංකා ජාතිකයින් ඇමතීම...

:       15       26

RaveendraFriday, 10 May 2019 02:50 PM

තාරක මයා වෙත, ඔබගේ වැදගත් අදහස් අප අගය කරන්නෙමු. කොහෙවත් යන කිසිසේත්ම නොපෑහෙන " හිවලුන්ට " එකට එකතුවී රට වෙනුවෙන් ක්‍රියා කරන්න කියනවට වඩා....

:       19       26

විජිත් Friday, 10 May 2019 04:02 PM

බණ ටෝකින්... තුන් දෙනාම නිර්වස්ත්‍රයෙන්නේ ඉන්නේ. හොරු සමග විතරක් නොවෙයි ත්‍රස්තවාදීන් සමගත් හෙළුවෙන්...

:       13       71

RaveendraFriday, 10 May 2019 04:52 PM

සහතික ඇත්ත. සීතලට වස්ත්‍ර ඇගේ ඔතාගෙන ඉන්නේ...

:       17       48

ranjith Saturday, 11 May 2019 02:35 AM

අද ඉන්න මේ තුන් දෙනාට නම් එහෙම එක මේසයක වැඩිවෙලා රටේ අභිවෘද්ධිය ගෙන කතා කරන්න වුවමනාවක් ඇතිද කියන්න අමාරුයි. අනාගතේදීවත් එවන් උගත් පෞරුෂයක් තියෙන නායකයන් මෙරට බිහි වුණොත් අපේ දරු මුණුබුරන්ට සතුටෙන්, සාමයෙන් ඉන්න පුළුවන් රටක් හැදෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 358 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 748 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 872 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 635 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 176 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1807 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site