(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්ව විද්‍යාලයේ පාලනධිකාරිය කටයුතු කළ බව එහි ලේඛාධිකාරි අබ්දුල් සතාර් මහතා පැවසිය.
තාක්ෂණ පීඨයේ සිසුන් පස්දෙනෙකුගේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය භාවය අහෝසි කිරිම සහ සහ පන්ති තහනම් කරන ලද සිසුන් ගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා තාක්ෂණ පීඨයේ සිසුන් විරෝධතා පැවත්වු අතර එයට පිළිතුරක් නොලැබීම හේතුවෙන් සිසුන් විසින් පරිපාලන ගොඩනැගිල්ල අත් පත් කරගෙන ඇත.
මෙම ගැටළුකාරී තත්ත්වයන් හේතුනේ විශ්ව විදයාල පාලනාධිකාරීය මෙම තීරණය ගෙන තිබේ.
මෙම පරිපාලන ගොඩ නැගිල්ල අත්පත් කර ගැනිමත් සමඟම විශ්ව විද්‍යාලයේ පරිපාලනය මුලුමනින්ම බිද වැටි ඇති බවද ලේඛාධිකාරිවරයා කීය.
දැනට දින 08 ක පමණ කාලයක් මෙම විශ්ව විද්‍යාලය තුළ කිසිම පරිපාලන කටයුත්තක් කිරිමට නොහැකි වු අතර එම නිසා විශ්ව විද්‍යාලය පවත්වා ගෙන යෑමට නොහැකි වු නිසා මෙම පියවර ගත් බවද සදහන් කළේය.
මෙම විශ්වවිද්‍යාලය තුල අධ්‍යනය කරන සිසුන් සදහා භාණ්ඩ මිලදී ගැනීම් සිදු කිරිමට ඇතත් මෙම විරෝධය හේතුවෙන් එම කටයුතුද ඉටු කිරීමට නොහැකි වු බවද ලේඛාධිකාරිවරයා පැවසිය.
මේ පිළිබද විරෝධය දක්වන සිසුන්හු පවසනුයේ ආසාධාරණ ලෙස සිදුකරන ලද ශිෂ්‍ය භාවය අහෝසි කිරිම සහ පන්ති තහනම ඉවත් කරනතුරු මෙම අරගලය ඔවුන් දිගටම පවත්වන බවයි.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අග්නිදිග සරසවිය දින නියමයක් නොමැතිව වසා දමයි
dias Wednesday, 24 October 2018 10:50 AM
අද රජයේ විශ්ව විද්‍යාල වලින් ඉහෙනගත් අයගෙන්, රටේ සමස්ත ශ්‍රම බලකායට අත්‍යවශ්‍ය වන්නේ ඉතාමත් සුළුතරයකි. එබැවින්, මෙවැනි ආයතන වසා තැබීමෙන් රටේ ආර්ථිකයට විශාල හානියක් සිදු නොවේ. අද රටට අවශ්‍ය වන්නේ මුදල් ගෙවා තමන්ට කැමති අධ්‍යාපනයක් ලබා ගත හැකි ආයතන බිහි කිරීමයි. මක් නිසාද යත්, එවැනි ආයතන වල ඉගෙන ගන්නා සිසුන් අධ්‍යාපනයේ වටිනාකම දන්නා බැවිනි.
සතයපාලWednesday, 24 October 2018 12:29 PM
මුදලට විකුණන උපාධියට වඩා රාජ්‍ය විශ්වවිද්‍යාලවල නොමිලේ ලබාදෙන උපාධිය ගුණාත්මක භාවයෙන් ඉහළයි. මෙතන ප්රශ්නය වෙන්නේ රාජ්‍යයද, පෞද්ගලිකද කියන ප්‍රශ්නයට වඩා රාජ්‍ය විශ්ව විද්‍යාලවල පරිපාලනයට පත්වන උදවියට ටික කාලයක් යනවිට අමතක වෙනවා තමන් මෙම ආයතන වල භාරකාරයින් බව... ඉන්පසුව ඔවුන් තමන් අයිතිකරුවන් සේ සිතමින් කටයුතු කරන්න පෙළඹෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ සිසුන් හා පරිපාලන අතර ගැටුම් නිර්මාණයවීමයි...
SamWednesday, 24 October 2018 12:47 PM
ඔන්න කිව්වා ලොකු ගොන් කතාවක්..............