(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හංවැල්ල පහත්ගම ව්‍යාපාරිකයකු සහ ඔහුගේ රියදුරෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘අංගොඩ ලොක්කා’ නමැත්තාගේ සමීපතම පාතාල සඟයන් තිදෙනෙකු අද(29) අංගොඩ මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරුවන් සමග ඝාතනය සිදු වූ දින ව්‍යාපාරිකයාට තර්ජනය කිරීමට යොදාගත් ජංගම දුරකථනය, සිම්පත් දෙකක්, හැඳුනුම්පතක් සහ යතුරුපැදියක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
ඉකුත් 25 වැනි දින මෙලෙස ඝාතනයට ලක් වූයේ වාද්දුවගේ විජිත් ප්‍රේමලාල් හෙවත් සුබෝධ නමැති 43 හැවිරිදි ව්‍යාපාරිකයා සහ ඔහුගේ රියැදුරු වන පාදුක්ක ගලගෙදර පදිංචිව සිටි මුරුතේට්ටුව ගමආරච්චිගේ රවිදු නමැති 32 හැවිරිදි අයවලුන්ය.
ව්‍යාපාරික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතන කර ඇතැයි අනාවරණය වී තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයා හඳුනාගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු අංගොඩ ලොක්කා නමැත්තාගේ උපදෙස් මත එම ව්‍යාපාරිකයාට තර්ජනය කළ බව හෙළි වී ඇත.
ඔහුගෙන් කළ ප්‍රශ්නකිරීමේදී සෙසු සැකකරුවන් දෙදෙනාවද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය කියයි.
විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක
යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා
අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘අංගොඩ ලොක්කා’ගේ සඟයෝ 3ක් අත්අඩංගුවට