(මොහොමඩ් ආසික්)
මහනුවර-යාපනය ඒ-9 මාර්ගයේ අකුරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් කොටසේ මාර්ගය දෙපස කිසිදු ගව මස් කඩයක් සඳහා මින් ඉදිරියට අවසර ලබා නොදීමට ප්‍රාදේශීය සභාව තීරණය කර ඇති බව අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් මහතා කීය.
එම මාර්ගය දෙපස ගව මස් කඩ සඳහා ඉල්ලීම් නොකරන ලෙස ගව මස් ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.
අකුරණ ප්‍රාදේශීය සභාවේ අද(11) පැවති මාසික මහ සභා රැස්වීමේදී, ගව මස් කඩ සදහා බලපත්‍ර ඉල්ලා ඉදිරිපත්ව තිබූ ඉල්ලුම් පත් කිහිපයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් මහතා එසේ කීය.
අකුරණ මේල්චේන ප්‍රදේශයේ මෙයට පෙර පවත්වාගෙන ගිය නමුත් බදු මුදල් නොගෙවීම නිසා දැනට වසා දමා ඇති ගව මස් කඩයේ බලපත්‍රය නැවත ඉල්ලා ලිපියක් ඉදිරිපත්ව ඇති බවත් ඒ -9 සහ අවට මාර්ගය ආසන්නයේ ගව මස් කඩ සඳහා බලපත්‍ර ඉල්ලා තවත් ඉල්ලුම්පත් කිහිපයක්ද ඇති බවත් සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් මහතා මෙහිදී කීය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක අජ්මීර් ෆාරුක් සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඒ.ආර්.එම්. සරූක් මහතා සඳහන් කළේ අකුරණ ප්‍රදේශය මේ වන විටත් ගව මස් කඩ වැඩි ප්‍රමාණයක් පවතින බැවින් අලුතින් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරුන් වන අනුරුද්ධ ජයසුන්දර සහ චමින්ද තිලකරත්න යන මහත්වරුන් සඳහන් කළේ මේවන විටත් මහා පරිමාණ ව්‍යාපාරිකයින් ගව මස් වෙළඳාම ජයට කරගෙන යන බවත් මේල්චේන ප්‍රදේශයේ දුප්පත් පුද්ගලයකු වසා ඇති මස් කඩයට නැවත බලපත්‍රයක් ඉල්ලා ඇති බවත් ඒ ගැන සානුකම්පිතව සිතා එය ලබා දිය යුතු බවත්ය.
කෙසේ නමුත් දැනට වසා ඇති මස් කඩය සඳහා අය විය යුතු හිඟ බදු මුදල් අය කර ගැනීමෙන් පසුව ඒ සඳහා නැවත බලපත්‍රය ලබා දීමටත් ඒ -9 මාර්ගයෙන් පිට කර ඇත් ඉල්ලීම් සම්බන්ධයෙන් පරිසර කමිටුව හරහා පරීක්ෂණයක් පැවැත්වීමටත් කිසිදු හේතුවක් මත ඒ -9 මාර්ගය දෙපස ගව මස් කඩ බලපත්‍ර ලබා නොදීමටත් සභාව නැවතත් තීරණය කළේය.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
’අකුරණ ගව මස් කඩ සඳහා අවසර නැහැ’
Bamunuarachchi Tuesday, 11 August 2020 01:49 PM
තිබෙන ගවමස් කඩ ටිකත් ඉවත් කරන්න.
Asanga Tuesday, 11 August 2020 02:32 PM
අපෝ තියන ප්‍රමාණය හොඳටම ඇති. ඒවත් නිසි ප්‍රමිතියේ නැහැ. හුඟක් වෙලාවට මේවා ප්‍රදර්ශනය වෙන්නයි විකුණන්නේ...