IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අකුරුගෙදර ගම්වැසියන්ට ඡන්දය දාන්න යන්න බස් රථ

(විනීතා එම් ගමගේ)

ගාල්ල දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගම්මානයක් වන නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ මිල්ලව, අකුරුගෙදර ගම්මානයේ වැසියන්ට ඡන්ද මධ්‍යස්ථානය ඇති දුර වන කිලෝ මීටර් 50 පැමිණීම සඳහා බස් රථ යොදන්නැයි පැෆරල් සංවිධානය කළ ඉල්ලීමට අනුව මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක වී බස් රථ යොදවා ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම් දීම මත මේ සඳහා බස්රථ යොදවා ඇත්තේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගිනි.

අකුරු ගෙදර ගම්මානය සඳහා ඡන්ද මධ්‍යස්ථානය මිල්ලව කණිෂ්ඨ විද්‍යාලයේ වන අතර එහි පැමිණීම සඳහා ගම්වැසියන් කිලෝ මීටර් 50 ක් පමණ දුරක් බස් රථ තුනකින් පැමිණීය යුත්තේ පල්ලේගම, දෙණියාය මොරවක හරහා මිල්ලවටය.

නොඑසේ නම් ඔවුන් කිලෝමීටර් තුනක පමණ දුරකින් සිංහරාජ වනාන්තරය හරහා අනාරක්ෂිත මාර්ගයක් ඔස්සේ පැමිණිය යුතුය.

අකුරු ගෙදර ඡන්ද දායකයන් 191 දෙනෙක් සිටින අතර විශාල වියදමක් කාලයක් හා දුරක් ගෙවා දමමින් ඡන්දය දෙනු වෙනුවට මේ පිරිස කරන්නේ ඡන්ද පොළ වෙත නොපැමිණ සිටීමය.

මේ පිළිබඳව පැෆරල් සංවිධානය වෙත වාර්තා වීමෙන් පසු තමන් ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිලි කළ බවත් පසුව ඔහු ප්‍රදේශීය ලේකම් කාර්යාලය හරහා එම ගමට බස් රථයක් යෙදවීමට කටයුතු යොදා ඇති බවත් පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.



අදහස් (4)

අකුරුගෙදර ගම්වැසියන්ට ඡන්දය දාන්න යන්න බස් රථ

Gamarala Friday, 15 November 2019 03:38 PM

අලුතින් පත්වන ජනාධිපතිතුමාගේ පළමු කාර්ය වියයුත්තේ මෙවැනි දුෂ්කර ගම්වල ජීවත්වන ජනතාවට පහසුකම් ලබාදීමයි. මොකද ඔවුන් රටට බරක් නොවන වැසියන් නිසයි...

:       0       68

siri Friday, 15 November 2019 07:21 PM

මෙම පුවත ඊයේ පලවුවෙන් එයට අද දින යහපත් ප්‍රතිචාරයක් ලැබීම ගැන සතුටු වෙමි. ඒවගේම මොවුන්ගේ හෙට දිනය ගැනත් එසේම වේවා!

:       0       1

Amila Saturday, 16 November 2019 02:32 AM

අති දුෂ්කර ගම්මානද, කටුක දිවි ගෙවන ජනතාවද, තවමත් මෙරට සිටින බව කොන්ක්‍රීට් වනාත්තර ඉදිකරන නායකයන් දැන්වත් තේරුම් ගත්තොත් ලොකු දෙයක්...

:       0       0

senith Saturday, 16 November 2019 04:41 AM

අනිත් දවස් වලට යන්න ඕන නැද්ද? මේ අයට ඡන්දෙ විතරද ඕනේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 109 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 289 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 719 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1005 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 361 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 175 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site