IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


සයිටම් ජන රැළියෙන්

(ඡායාරූප-ඉෂාන් සංජීව)

මාලබේ සයිටම් ආයතනයට විරෝධය පළකරමින් අද (04) කොළඹ කොටුවේ දී පැවති රැළියේ සහ විරෝධතා පාගමනේ අවස්ථා කිහිපයක්.

වැඩිදුර කියවන්න http://www.lankadeepa.lk/latest_news/10254



අදහස් (28)

සයිටම් ජන රැළියෙන්

j.a.anura jayakody Friday, 04 August 2017 04:01 PM

කඩිනම් මහවැලිය පටන් ගන්න කාලෙත් මේ වගේ බූරුවන්ට අඳින සරසවි සිසුවනුයි හිටියනම් අපි තාමත් කුප්පි ලාම්පුවක් පත්තුකරන් හූල්ලනවා.

:       3470       3364

රොෂාන් Friday, 04 August 2017 04:14 PM

වර්තමානයේ ලංකාවේ ජන රැලි හා නරි රැලි දෙකම එක වගේ නේද? නරි හු කියනකොටත් පැත්ත පළාතේ කනක් ඇහිලා ඉන්න බැහැ.

:       156       1327

chandradeva Friday, 04 August 2017 04:16 PM

මේ රටේ උගතුන් බිහි වෙනවාට විරුද්ධව යන කුහක විරෝධතා පාගමන. ජය වේවා!

:       1569       1309

samira Friday, 04 August 2017 05:21 PM

මහත්වරු මතක තියාගන්න මේ ළමයි සටන් කරන්නේ මේ නිදහස් අධ්‍යාපනය බේරගන්න මේ හොරුන්ගෙන් රට බේරගන්න මොකද්ද මේකයි මහවැලියයි අතර තියෙන සම්බන්ධය

:       1357       1403

kasunSaturday, 05 August 2017 05:38 AM

මහත්තයෝ නිදහස් අධ්‍යාපනය කියන එක පොඩ්ඩක් තේරුම් කරලා දෙනවද? ප්‍රමිතියක් නැති වෛද්‍ය ආයතන විතරක් වසා දැමීම නිදහස් අධ්‍යාපනයද? එතකොට වෛද්‍ය නොවන ඉතුරු සිසුන්ට සාධාරණයක් ඉටු වෙනවද? එසේ නම් ප්‍රමිතියක් නැති සියලු උපාධි කඩ වසා දැමිය යුතුයි නේද? මිට කලින් එවැනි උපාධි කඩ දානකොට මෙම වෛද්‍ය සිසුන් නිදාගෙනද හිටියේ. පැහැදිලිවම ආර්මාර්ථකාමි කුහක පිරිසක්. තමන්ගේ වැඩේ වුණානම් හරි. ඉතිරු සිසුන්ට හෙන ගැහුවත් කමක් නෑ. රටම කුලප්පු කරගෙන තමන්ගේ වාසියට විතරක් වැඩ. දුටු තැන එලවන්න ඕනෑ මෙවැනි අනුන්ගේ ප්‍රශ්නයකදී උදවු නොකරන වෛද්‍ය සිසුන්ව..

:       1010       1132

ගයා Saturday, 05 August 2017 09:05 AM

අනික රට යන සිසුන් කමක් නෑනේ.... තියෙන කුහකකම මිසක් වෙන මොකක් ද? ඒ ළමයි තමන්ගේ රටේම තමන්ගේ දෙමාපියන් සමගම ඉන්න එක ගැනත් ඉරිසියාවෙන් වගේ ඉන්නේ.

:       225       181

NuwanSaturday, 05 August 2017 05:46 AM

නිදහස් අධ්‍යාපනය බේරගන්න කරන්න තියෙන එකම හරිම දේ තමයි නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල පෙන්නලා රටේ ආර්ථිකයට දායක වෙන එක... ඉක්මණින්ම... නිකන් ලැබෙන මහපොළ හෙවත් අපේ බදු මුදල් කකා ඉන්න කාලේ වැඩිකරගන්න එක නොවේ. වෙන දියුණු සමහර රටවල වගේ අධ්‍යාපනය සඳහා ණය මුදලක්, රැකියාවක් කරන විට කපාගන්න විදියට දෙන්න ඕනේ... මේ සහනාධාර ක්‍රමය අපි හැමෝටම බරක්.

:       388       620

ගයා Saturday, 05 August 2017 09:12 AM

අනිත් හැම උපාධියක් ම තියෙනවා .... වෛද්‍ය උපාධියට විතරක් නිදහස් අධ්‍යානය නැති වෙන්නේ කොහොමද?

:       0       126

sampathSunday, 06 August 2017 11:06 AM

ඔබ හරියට හරි... අනිත් හැම දෙයක්ම තියෙනවා. නමුත් ඒ අයගේ සේවාවන් වෙනස් වෛද්‍යවරයෙක් කියන්නේ ඔවුන්ට වැඩියෙන් ගොඩක් වගකීම් ඇති සේවාවක් ... සල්ලි තියෙන පලියට එ් තැනට එන්න පුළුවන් වුණොත් අපි ඉවරයි.

:       2       0

sahanSunday, 06 August 2017 07:10 AM

බලය තිබියදී රට හොරා කෑ දේශපාලකයෝ හා කිසිම දවසක බලයට එන්න බැරි අනිත් මිනිසුන්ට ඊර්ෂ්‍යා, වෛර කරන විප්ලවවාදියෝ ටිකක් එක්ක එකතුවෙලා රට මහපාරට ඇද දමන්න දඟලන අයට පහර දෙන්න පෙරට එන්න. දෙමව්පියනි ඔබේ දුව, පුතා මේ නඩයෙන් බේරගන්න. මේවා පසුපස ලංකාවේ ප්‍රධාන පාසල්වල ඉගෙන ගත්ත දෙමව්පියන් වැදගත් රැකියා කල පවුල්වල දරුවන් නැත. ගස්ගෙඩි කඩන කෙනාගේ දරුවා අනිත් දරුවන්ට සමාජයට වෛර කරයි. මේවා පසුපස සිටින්නේ ඔවුන්, සහෝදර භාෂාවෙන් අමතන්නන් හා පරාජිත හොරුන්ය.

:       2       32

thanathura sinhalaSunday, 06 August 2017 01:38 PM

ඔබ ගියේ වන මැද අසරණ මහ විද්‍යාලෙටද? කැම්පස් එහෙකට පය ගහන්න බැරි වුණ ඔයා එළියේ ඉඳන් කෑ ගහන්න එපා! මොකද කොළඹ අශෝක, ආනන්ද, නාලන්ද, රෝයල්, ඩී.එස්. වල සහෝදරයෝ අපි එක්ක ඉන්නවා. ගණන් කරන්න බැරි තරම් සටන් බිමෙත් ඉන්නවා. එහෙම එකේ වැස්සකට ඉස්කෝලේ නොගිය ඔයා නම් හොඳයි කණාටු පොල් ගහක දිරපු අතු කඩන්න..

:       2       0

vidya Friday, 04 August 2017 07:53 PM

ළමයිනේ පාර හරස් කරන්නේ නැතිව ගමකට ගිහින් දිය හින්දිච්ච වැවක් හාරලා පෙන්වන්න. රටේ මිනිසුන්ට බොන්න තියන වතුරටික තමයි ඊළඟ සැරේ පාරේ වැඩි වෙලා ඉන්නකොට ඔය ලමයිට විදින්නේ. ජයකොඩිගේ කතාවේ ඇත්තක් තියනවා.

:       1       495

ජෝසප් පෙරේරා Saturday, 05 August 2017 05:34 AM

5 වන පින්තූරයේ රාලහාමිට උම්මා දීමට තැත් කරන සිසුවාට දත නියවා ඔරවන පොලීසියට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි.

:       1       377

nimal Saturday, 05 August 2017 05:40 AM

වෛද්‍ය ශිෂ්‍යයන්ට අනිත් ශිෂ්‍යයන් කොච්චර උදව් කලත් අනිත් සිසුන්ගේ ප්‍රශ්න වලට වෛද්‍ය සිසුන් උදව් නොකරන බව පෙන්වන නිදසුනක්. නිදහස් අධ්‍යාපනය රකින්න නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පමණක් වසා දැමීම විසඳුමක් නොවේ. සයිටම් ආයතනයෙම නිසි ප්‍රමිතියක් නැති ඉංජිනේරු උපාධි ඇතුළු තව උපාධි රැසක් ලබා දේ. නමුත් වෛද්‍ය ශිෂ්‍යයන් ඉල්ලන්නේ වෛද්‍ය විදයාලය පමණක් අහොසි කරන ලෙසයි. මන්දයත් ඔවුන්ට අනුව පුද්ගලයෙක් මිය යන්නේ වෛද්‍යවරයෙක්ගේ වරදකින් පමණි. නමුත් සත්‍ය තත්වය නම් වෛද්‍යවරයෙක්ගේ වරදකින් මිය යන්නෙ වරකට එක පුද්ගලයෙකි. නමුත් ඉංන්ජිනෙරුවෙක්ගේ වරදින් එක වර මිනිසුන් දහස් ගණනක් මිය යා හැකිය. තත්වය එසේ තිබියදි වෛද්‍ය ශිෂ්‍යයන් අනෙකුත් උපාධි වල ප්‍රමිතිය ගොඩ නැගිමට සහයක් නොදීම ආත්මාර්ථකමකි. මෙම පොස්‍ටුව මගින් සයිටම් ආයතනයෙ වෛද්‍ය විද්‍යලය හෝ ඉංන්ජිනේරු විද්‍යාලය වසා දමන ලෙස ඉල්ලීමක් නොකෙරේ. සිදු විය යුත්තේ සියල්ලගේම ප්‍රමිතිය ඇති කිරීමයි.

:       34       286

තරිඳු Saturday, 05 August 2017 09:09 AM

නිකන් බොරු කියන්න එපා. සයිටම් එකේ ඉංජිනේරු උපාධි ගත්ත කෙනෙක් දැන් පී.එච්.ඩී. කරනවා ජපානයේ. එහෙට තෝරා ගත්තෙත් ලෝකෙන්ම ළමයි 6 දෙනයි .. හොඳ ට ම දන්න නිසයි කියන්නේ .. මිනිස්සු මේ බොරු ප්‍රතිචාර බලා ඇත්ත කියලා හිතයි ..

:       160       135

kariyawasam Saturday, 05 August 2017 05:54 AM

නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් තමයි, නිදහස් අධ්‍යාපනය බේරගන්න දගලන්නේ ....

:       0       144

Roshan Saturday, 05 August 2017 11:40 AM

ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යයි. නමුත් සයිටම් කියන්නේ ඇමතිලටයි සල්ලි කාරයෝ කිහිප දෙනෙක්ටයි තමන්ගේ ළමයි ලොකු කමට දොස්තරල කරන්න දාපු ආයතනයක්. එකෙන් වෙන්නේ දුප්පත් රෝගීන් අසරණ වෙන එක. සල්ලි තියන අය කවදාවත් සයිටම් දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නේ නෑ.

:       118       1

ගයා Saturday, 05 August 2017 12:14 PM

දැන් එතකොට චීන, බංගලි, බෙලරූස් බලලාද ගන්නේ...?

:       0       80

aseSaturday, 05 August 2017 12:17 PM

ඔය ඉරිසියාව ඇයි?

:       0       99

Roshan Saturday, 05 August 2017 11:44 AM

සයිටම් එකේ ප්‍රමිතිය නැති කමින් ලොකුම අවාසිය වෙන්නේ එකේ ඉගෙන ගන්න දක්ස ළමයින්ට. එහෙම නැතුව රාජිතගේ ලේලිටවත් බස් ගැමුණු ගේ දුවටවත් නෙමෙයි. ප්‍රමිතිය හදපු ගමන් ඔය ගොඩක් අය එලියෙ.

:       85       1

කුසුම් Saturday, 05 August 2017 12:58 PM

කසුන් නිමල් වෙනත් ප්‍රමිතියක් නැති උපාධි ආයතන වලට එරෙහිව පෙරමුණ ගත යුත්තේ ඒ ඒ ක්ෂේත්‍රයේ සෘජුවම වගකීමක් තිබෙන අදාළ සිසුන් නොවෙයිද? මේ දරුවන් අඩුතරමින් තමන්ගේ ක්ෂේත්‍රයට අදාලව හෝ රැකිලා තිබෙන නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරනවා. අනිත් උපාධි ආයතනත් අහෝසි කරන්න කියලා එතකොට මේ දරුවන්ම විතරක් පන්ති වර්ජනයේ ඉන්න ඕනෑද? අනෙක් සිසුන් තම උපාධිය නිම කරන අතරේ....

:       129       1

කුසුම් Saturday, 05 August 2017 01:02 PM

කෙසේකීවත් සයිටම් ඉංජිනේරු පීඨය ගැනත් දන්නෝ දනිති කියලා තමා කියන්න තියෙන්නේ...

:       111       137

බද්රානි Saturday, 05 August 2017 09:32 PM

සමහරුන්ගේ ටිකිරි මොලේ තරමටනේ සිතුවිලිත්... කුසුම්, හුරතලේට බෙහෙත් ගන්න කෙනෙක් වගෙයි කතාවෙන් පෙනෙන්නේ?

:       0       0

kasunSunday, 06 August 2017 08:34 AM

කුසුම් ඔබ වගේ ළිං මැඩියන් හිතාගෙන ඉන්නේනම් පුද්ගලයෙක් මිය යන්නේ වෛද්‍යවරයෙක්ගේ වරදකින් පමණි. නමුත් සත්‍ය තත්වය නම් වෛද්‍යවරයෙක්ගේ වරදකින් මිය යන්නේ වරකට එක පුද්ගලයෙකි. නමුත් ඉංන්ජිනෙරුවෙක්ගේ වරදින් එකවර මිනිසුන් දහස් ගණනක් මිය යා හැකිය.

:       0       0

sahan Sunday, 06 August 2017 07:14 AM

පොලිස් නිලධාරියාගේ හා විශ්ව විද්‍යාල සිසුවාගේ ඡායාරූපයෙන් බොහෝ දේ කියවේ. මේකේ මූලික වැරැද්ද ගම්වල අයගේ දරුවන් සමාජයට වෛර කරන කොටස විශ්ව විද්‍යාලයටයාම, ඔවුන් අනිත් සමාජයට හිරිහැරයක්...

:       0       1

කුසුම් Sunday, 06 August 2017 07:23 AM

බද්රානි, ලබා උපන් හැටියට ලැබුණු ටිකිරි මොලෙන් තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. මොනවා කරන්නද? කථාවේ හැටියට ඔබතුමියගෙ නම් මහෞෂධ නුවණ ඉක්මවන නුවණක් තියෙනවා වගේ. හරිම සතුටුයි. මෙවන් මහා දැනමුත්තියන් සිටියත් අපේ රට තවම ණය පියවාගන්න රටේ සම්පත් විකුණන බදු දෙන තැනට වැටිලා නේද කියලා. අපි නම් චූටි ටිකිරි මොල තියන කට්ටියනේ...

:       0       0

කුසුම් Sunday, 06 August 2017 11:15 AM

කසුන් මම කියලා තියෙනවද ඉංජිනේරුවෙක්ගේ වරදින් මිනිසුන් මිය යා නොහැකියි කියා? නැවත කියවා බලන මෙන් ඉල්ලා සිටිනවා.

:       0       0

Bimal Sunday, 06 August 2017 12:34 PM

මේ වගේ කුහක ගති ඇති අය නිසා තමයි තමන්ගේ සහෝදරයෙකුගේ දරුවෙකුවත් ඉගෙන ගන්නවාට අකමැති. පුළුවන් නම් මුළු ලෝකයේම පුද්ගලික අධ්‍යාපන ආයතන වසා දමන්නකෝ !

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18247 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9409 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site