IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රට රැක දුන් විරුවනට ආශිර්වාද පතා මහ සඟරුවන පිණ්ඩපාත චාරිකාවක්

(ජායාරූප - ඉෂාන් සංජිව)

අගනුවර බෞද්ධ සංවිධානය එකමුතුව දේශය රැකදුන් රණවිරුවන් පවාදෙන "දේශිය යුධ අපරාධ පනත" පාර්ලිමේන්තුවට ගෙන එන තීරණාත්මක මොහොතේ දේශය රැකදුන් රණවිරුවන්ට ආශිර්වාද පතා මහ සඟරුවන සියක් නමකගේ පිණ්ඩපාත චාරිකාවක් ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයෙන් අද (05) ආරම්භ කර පැවැත්විණි.



අදහස් (18)

රට රැක දුන් විරුවනට ආශිර්වාද පතා මහ සඟරුවන පිණ්ඩපාත චාරිකාවක්

Deepal Nirosh Wednesday, 05 July 2017 09:34 AM

දැන් ඉතින් මහජනයාට පීඩාකාරී ලෙස අවේලාවේ මහමඟ පිඬුසිඟා වඩිනවා යැයි කියා අතුරු තහනම් නියෝගයකුත් දමයිද දන්නේ නෑ...

:       20       437

ලක්සිරි Wednesday, 05 July 2017 09:39 AM

දේශපාලකයින් වෙනුවෙන් කඩේ යන තවත් එකක්..

:       592       285

thapassi himi Wednesday, 05 July 2017 10:15 AM

මුළු රටම ඉවරයි. රණවිරුවන් පාවා දෙන කිසිම කෙනෙකුට, ලක් පොළවෙන් කිසිමදාක සමාවක් නෑ. සම්බුද්ධ ශාසනය අවසන් වෙන්නේ ලක් පොළවෙන්... මේ පොළව එදත්, අදත්... ආරක්ෂා කලේ සඟ රුවනයි.

:       10       127

ලුම්බිණි Wednesday, 05 July 2017 10:16 AM

දන් බෙදන කොට හාමුදුරුවරු බිම බලා ගෙන ඉන්නවා කියලා තමයි මම අහලා තිබුනේ....

:       157       19

victor Wednesday, 05 July 2017 10:39 AM

වර්ජන, පා ගමන්, විරෝධතා, දැන් පිණ්ඩපාත.... අනේ මන්දා... මිනි මරුවා නම් දඬුවම් විදින්න ඕනෑ.

:       133       63

srimala Wednesday, 05 July 2017 10:50 AM

රට රැක දුන් විරුවන්ට ආශිර්වාද කිරීම ඉතා හොඳයි.., නමුත් රණවිරුවන්ව ඉස්සරහට දාගෙන අපරාධකාරයින්ව රකින්න යනවා නම් එය හොඳ වැඩක් නෙමෙයි.

:       241       254

jayampathi Wednesday, 05 July 2017 11:02 AM

"අතුරුදන් කිරීම්වලින් වැළැක්වීමේ පනත" මේක එපා කියන්නේ ඇයි? ඒ කියන්නේ මහ සඟරුවනට ඕන වෙලා තියෙන්නේ මේක රටට ඕනේ කියන්නද ? නැතිනම් මෙවැනි අයව රැක ගන්නද?

:       124       16

sahan Wednesday, 05 July 2017 04:15 PM

රටේ සාමාන්‍ය මිනිසුන්ට බණක් දහමක් කියලා දුන්නා නම් හොඳයිනේ...

:       0       29

Budhdhadasa Wednesday, 05 July 2017 06:04 PM

අපේ හාමුදුරුවනේ අර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලේ බෞද්ධ ළමයි සන්විදාන කරපු පිරිත් පින්කමට පහර දීලා කඩාකප්පල් කරපු අබෞද්ධයින් ගැනත් පියවරක් ගන්න කියල රජයට බලකරනවානම් අපි හැමදාම ඔබ තුමන්ලාට ගෞරව කරනවා..

:       0       3

ප්‍රීති Wednesday, 05 July 2017 06:51 PM

ඇස් ඇති බොහො දනා තුන්වන පින්තුරය දැක යමක් සිතන හෙයින්, මම කිසිත් නොලීයෙමි..

:       0       12

SusilThursday, 06 July 2017 01:18 PM

ඇත්ත, ලබාදෙන දේ දිහා නෙවෙයි බලන්නේ...

:       0       0

රවීන්ද්‍ර Wednesday, 05 July 2017 08:15 PM

හාමුදුරුවරු දන්නදේටයි, නොදන්නදේටයි හැම එකටම කතාකරන එකනම් එච්චර හොඳ නැහැ.. මේකට රණවිරුවන් පටලවන්නේ ප්‍රගීත් මහත්තයලා අතුරුදහන් කරපු අය බේරා ගන්නයි. නොදන්න පනත් ගැන කතා නොකර දන්න බුදු දහම හරියට අනුගමනය කළා නම් කමක් නෑ..

:       0       8

Susil Thursday, 06 July 2017 05:11 AM

අතුරුදහන් කියන්නේ 'ගහල දැම්මා' කියන එකද? ඉතින් මේක පාණාතිපාතා ශික්ෂාපදයටත් විරුද්ධද?

:       0       0

Saman Thursday, 06 July 2017 05:13 AM

සමහරවිට ඔය කරඬුවේ ධාතූන් වහන්සේලා 'අතුරුදහන්' වෙලා ඇති නේද?

:       0       15

Sen Thursday, 06 July 2017 05:19 AM

කලින් නිවුස් එකේ තිබුන විදියට මේකත් ඒවගේ දෙයක් තමයි.

:       0       0

Mahasebavi Thursday, 06 July 2017 07:50 AM

මෙහෙම පිණ්ඩපාත චාරිකාවක් නම් බුදුන් වහන්සේ වදාරා නැත. මේවා ගැන ඇත්තේ කලකිරීමකි.

:       0       0

sam Thursday, 06 July 2017 07:57 AM

සරත් ෆොන්සේකා මහතාව නිරපරාදේ හිරේ දාපු වෙලාවේ මුකුත් නොකළ හාමුදුරුවරුන්ට මේ හදිසියේ රණ විරුවෝ මතක් වුණේ මොකද කියලා දන්නෝ දනිති..

:       0       1

alwis Thursday, 06 July 2017 10:15 AM

ඉතිහාසයේ පටන් ඕනෑම විපතකදී මහා සංඝරත්නය ඉදිරියට වැඩම කරලා අපේ ශ්‍රී ලංකාව බේරගත්තා. දරුවන්ගේ උපතේදීත්, ලෙඩ වුණාමත්, පිරිත් කියල ආශීර්වාද කරන්නෙත්, අවසානයේදී මරණයේදී පාංශුකූලේ දෙන්නෙත් මහා සංඝරත්නය තමයි. ඉතින් මේ වගේ නීති ගෙනල්ලා සිංහල ජාතිය වනසන්න හදන අවස්ථාවක මහා සංඝරත්නය ඉදිරිපත් වීම උන්වසන්සේලාගේ යුතුකම. ලක්ෂ හැට දෙකක් ඡන්දය දීලා බලාපොරොත්තු වුණේ සිංහල ජාතියත්, බුදුදහමත් ආරක්ෂා කරන පාලනයක්. මෙම රටේ සුළුජාතීන්ට ආරක්ෂාකාරීව ජීවත් වෙන්න පුළුවන් සිංහල ජාතියත්, බුදුදහමත් තියෙන තුරු පමණි. එය නැතිවන දාට කිසිම කෙනෙකුට ආරක්ෂාවක් නැති බව දැනගත්තොත් අපි ඔක්කොමටම යහපතක් වේවි.!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site