IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


යාපන සරසවි සිසුහු මහවිරු සතිය සමරති

(රොමේෂ් මධුෂංඛ)

නොවැම්බර් 27 වැනිදාට යෙදෙන මහවිරු දිනයට සමගාමීව නම් කර තිබෙන ‘මහවිරු සතිය‘ වෙනුවෙන් යාපනය සරසවියේ ඇතුළු උතුරු පළාතේ ස්ථාන කිහිපයක සැමරුම් පැවැත්විණි.

යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඊයේ (21) රාත්‍රියේ ප්‍රතිමාවක් සකස් කර විදුලි පහනක් දල්වා මහවිරු සතිය ආරම්භ කිරීමට එහි සිසුන් පිරිසක් විසින් පියවර ගෙන තිබුණි.

මේ අතර වන්නි විලාන්කුලම් ප්‍රදේශයේදී මහවිරු සොහොනක් අසල පහන් දැල්වීමට මිය ගිය මහවිරුවන්ගේ ඥාතීහු කටයුතු කළහ.

1982 වසරේ නොවැම්බර් 27 වැනිදා කොටි සංවිධානයේ ප්‍රථම සාමාජිකයා වූ කර්නල් එස්.ශංකර් නැමත්තා මිය යාම මූලික කර ගෙන මහ විරු දිනය නම් කර තිබේ.

 



අදහස් (12)

යාපන සරසවි සිසුහු මහවිරු සතිය සමරති

KANDEPOLA Wednesday, 22 November 2017 07:37 AM

රජයෙන් වෙන් කරන ලද මුදල් වලින් නිදහස් අධ්‍යාපනය ලබමින්, විශ්ව විද්‍යාල සිසුන් රටේ මහා භීෂණයක් ඇතිකළ ත්‍රස්තවාදීන් සමරන තෙක් මේ පාලකයන් කට බලියන් ඉන්නේ බයටද? නැත්නම් නිවට කමටද? එසේ නැත්නම් මෙයට ඉඩදීම 'සංහිඳියාව' යැයි පාලකයන් වරදවා වටහාගෙනද?

:       51       483

Thilak NawaWednesday, 22 November 2017 10:07 AM

හා හා කන්දෙපොල,.. ඕවා කියන්න එපා. සංහිඳියාව නොවැ...

:       45       240

chamalThursday, 23 November 2017 05:49 AM

මේක අද ඊයේ වෙන එකක් නෙමෙයි. ඕගොල්ලන්ගේ මහා රජාගේ කලෙත් ඕව උනා. ඒගොල්ලෝ හැම අවුරුද්දෙම ඕක කරනවා. 2015 වෙනකන් නිදගෙනද හිටියේ................

:       226       164

samSaturday, 25 November 2017 04:32 AM

චමල්ට පිස්සු ඩබල් වෙලා වගේ. කොටි යාපනේ පාලනය කරන කලේ ... ඒ අයට ඕන දේවල් කළා. අපි ඔක්කොම එ්ක දන්නවනේ... අද මේක කරන එක නවත්තන්න කොන්දක් තියෙන පාලකයෝ නැති එක ගැන අපි ලැජ්ජා වෙන්න ඕනේ. සංහිඳියාකාරයෝ ලඟදීම ඕක කොළඹ ඇවිත් කරයි. කට අැරගෙන බලන් ඉන්න !!!

:       0       78

රූපසිංහ Wednesday, 22 November 2017 10:21 AM

කොටි සංවිධානය යනු ජාතිවාදී සංවිධානයකි. එය කවුරුත් දනිති. නමුත් උතුරේ කොටි හිතවාදීන් කොටි සැමරීමට දින වෙන් කරගෙන් උත්සව සවිධානය කිරීමද ජාතිවාදී වැඩපිළිවෙලකි. නමුත් දකුණේ මෙවැන්නක් කළා නම් එය ජාතිවාදී වීමට ඉඩ තිබුණි. උතුරට පමණක් මෙය ජාතිවාදී නොවී වීර සමරුමක් සේ ආණ්ඩුව දකින්නේ කෙසේද?

:       20       1025

Hafeel Wednesday, 22 November 2017 10:52 AM

ඇයි මෙතන කර්නල් ශංකර් කියලා හඳුන්වා දෙන්නේ? ඔවුන් ත්‍රස්තවාදීන්. කිසිසේත්ම පිළිගත් හමුදාවට තියන නිලතල වලින් ත්‍රස්තවාදීන්ව හඳුන්වා දෙන්න සුදුසු නැහැ. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ඇතුළු ඔවුන් අපේ හමුදාවට කියන්නේ සිංහල හමුදාව කියලා. ඔවුන් කොහොමටත් ශ්‍රී ලංකා හමුදාව කියලා කියන්නෙම නැහැ....

:       25       785

රුවන් Wednesday, 22 November 2017 11:21 AM

ජේවීපී එකට ඉල් මහ විරුවෝ සමරන්න පුලුවන්නම්... අැයි මෙයාලට බැරි? දෙගොල්ලොම වෙනසක් නෑ. දෙගොල්ලොම කලේ රට විනාශ කරපු එකයි.

:       181       386

කරුණාජීව Thursday, 23 November 2017 01:45 PM

රුවන්, ඔබ කුමන නිර්නායකයක් මගින්ද JVP සහ LTTE සමාන කලේ? පන්ති අරගලය සහ බෙදුම් වාදය ගැන ඉගෙනගෙන ඇවිත් මොනවා හරි ලියන්න. කට මත දොඩවන්න එපා..

:       75       109

රුවන්Friday, 24 November 2017 05:05 PM

කරුණාජීව: පන්ති අරගලය හින්ද වෙන්න අැති දුප්පත් මිනිස්සු ගමන් බිමන් යන බස් ගිනි තිබ්බෙ. පන්ති අරගලය හින්ද වෙන්න අැති විරුද්ධ දේශපාලන මත තිබ්බ මිනිස්සුන්ව මරල දැම්මෙ. අපි මැරිල ඉපදිල නෑ. දෙගොල්ලොම කලේ රට විනාශ කරපු එක 88/89 කාලෙ. ඒක තමයි නිර්නායකය

:       76       0

saman Wednesday, 22 November 2017 06:52 PM

ගම්පොල කටිනෙට ගල් ගහනකොට කට බලියන් හිටපු මුස්ලිම් ඇමතිලා ටිකත් , කොටි සමරන වෙලාවේ කට බලියන් ඉන්න ටී එන් ඒ අයියල ටිකත් හරිම සංහිඳියා කාරයෝ.

:       0       69

sanju Wednesday, 22 November 2017 10:37 PM

මේ රුවන්ල වගේ මෙලෝ රහක් නැති උදවිය නිසා තමි රටට මෙහෙම වෙලා තියෙන්නේ.

:       161       193

Kasun Thursday, 23 November 2017 12:08 PM

අපරාදේ කියන්න බෑ අපි අයයි එයාලගේ දෙමව්පියනුයි උද්ඝෝෂණ උපවාස කලේ SAITAM වහන්න. ඒ කියන්නේ තමන්ගේම කෙනෙක්ට වල කපන්න.

:       3       462

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18249 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1235 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1618 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site