IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහා නගරයේ අවුරුදු උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ඩයනා උදයංගනී

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ ‘සූර්යාභිෂේකය‘  මහා නගරයේ මහා අවුරුදු උත්සවය අති උත්කර්ෂවත් අයුරින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා පිටියේදී අද (08) පෙරවරුවේ ආරම්භ විය.   
                
හෙළ සිරිත් විරිත්වලට මුල්තැන දී ආරම්භ වූ මෙම අවුරුදු උත්සවය සාම්ප්‍රදායික අවුරුදු ජන ක්‍රීඩා, මෙන්ම තවත් තරග රැසකින් සමන්විත විය.  දිවයිනේ නන් දෙසින් පැමිණි සිංහල, දෙමළ මුස්ලිම් සියළු ජන කොටස් විශාල සංඛ්‍යාවක් මෙම අවුරුදු උළෙල සඳහා සහභාගී වී සිටීම ද විශේෂත්වයකි.  
 
  අමාත්‍ය චම්පික රණවක මහතාගේ  සංක්ලපයකට අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි.
 
මෙයට සමගාමීව  වෙළඳ සල්පිලක් ද දවස පුරා පැවැත්වෙන අතර සන්ධ්‍යාවේදී මියැසි ප්‍රසංගය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සංස්කෘතික සංදර්ශනය කතානායක කරූ ජයසූරිය  මහතාගේ ප්‍රධානත්වයෙන් ටොරින්ටන් චතුරස්‍ර පරිශ්‍රය, සහ ආකේඩ් පරිශ්‍රය ආශ්‍රිතව සංවිධානය කර තිබිණි.



අදහස් (16)

මහා නගරයේ අවුරුදු උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

sam Sunday, 08 April 2018 12:37 PM

කිරිබත් කකා ඉඳලා හරියනවද? රට ගොඩ ගන්න වුවමනාවක් නැහැ වගේ...

:       3       326

HafeelMonday, 09 April 2018 10:29 AM

ඔව් සෑම්, අර ජනාධිපතිගේ කඩු, දැඩි තීන්දු තීරණ නම්, පේන්න නං නැහැ වගේ...

:       0       78

upali Sunday, 08 April 2018 03:33 PM

ටයි මහත්වරු අවස්ථාවට ඔබින විදිහට ඇඳුම් ඇන්දා නම් වඩාත් වටිනවා.

:       108       56

kiki Monday, 09 April 2018 12:56 AM

මේ රටට ඉන්න තවත් පිළිකාවක්.. ඊයේ රෑ මහ සංගීතයට සෙනඟ 27යි .. අයියෝ සල්ලි !!!

:       1       112

upul Monday, 09 April 2018 03:08 AM

ගොඩක් අමාත්‍යාංශ වලින් කරන්නෙ මේ වගේ පුහු වැඩ තමයි. ආණ්ඩුවෙ සල්ලි වලින් අවුරුදු උත්සව තියන්නෙ ගෝලයන්ට ගසා ගෙන කන්න දෙන්න තමයි.

:       0       154

Lapaya Monday, 09 April 2018 04:29 AM

රට ගිනි අරන් පාලකයෝ කිරි බත් කනවා. නියමයි මේ ආඩි හත් දෙනා සමග අලි බබා සහ හොරු හතලිහ. හරි හමන් එක පාලකයෙක් නැති එකේ වරද. කැබිනට් කචල් මණ්ඩලේ ඉන්න සේරම හිතන් ඉන්නේ උන් සේරම පාලකයෝ කියලා. මේ අයව පත් කරපු අය දැන් උද බලාගෙන බකන් නිලාගෙන ඉන්නවා.

:       0       163

saman k Monday, 09 April 2018 04:30 AM

රටම ස්වයන්පොෂිත කරලා කියල හිතාන වෙන්න ඇති අවුරුදු සමරන්නේ.

:       0       51

sisira Monday, 09 April 2018 04:47 AM

බොරු දේවල් ?

:       0       20

lalithsjm Monday, 09 April 2018 05:06 AM

මේ සැරෙත් අවුරුදු අපිව කනවා...... මේ ගොල්ලන්ට රජ මගුල්.

:       0       107

Pa-Ra Monday, 09 April 2018 05:20 AM

කිසිම අදායමක් නැති අපට එදාවේල කන්න සල්ලි හොයන්නේ බොහෝ අමාරුවෙන්, එහෙව් එකේ මොන අව්රුදුද? එදාට අල වෙළෙන්දත් නිවාඩු අපි බඩගින්නේ...

:       0       12

abaran Monday, 09 April 2018 05:24 AM

රටේ මිනිස්සුන්ගේ ආදායමේ හැටියට හොඳට කාල, ඇඳල ඉන්ට තිබුනා නම් හැමදාම අවුරුදු තමා....

:       0       46

Shan Monday, 09 April 2018 06:37 AM

මේවා තම අපේ රටේ නායකයන්ට තියෙන අනිත් වැඩ, හොරකම් කරන එකයි. කල්ලි නඩත්තුවයි හැරුණාම... මේ වගේ විකාර කාරයින් ටිකක්... අනිත් එක මේ වගේ දෙපිට කාට්ටුවෙක් මේකට ගෙනැල්ලා, ලබන අවුරුද්දත් නැතිවෙයි.

:       0       126

rama Monday, 09 April 2018 07:06 AM

එක එක දේවල්වලට සල්ලි ගෙවගෙවා පාලකයින් කිරිබත් කනවා. අපේ රටේ තව දුෂ්කර ගම්මාන කොච්චර තියෙනවාද යන්න පාරක් නැත.. බොන්න වතුර නැත. ඉන්න ගෙයක් දොරක් හදාගන්න සල්ලි නැත. හරි හමන් ආදායමක් නැති මිනිස්සු කොච්චර ඉන්නවද? ගොවියාට පොහොර නැත. ළමයින්ට පාඩම් කරන්න ලිඝ්ට් නැත. එහෙව් රටේ පාලකයින්ට සුර සැප අයියෝ රටේ සල්ලි?

:       0       74

Rohan Monday, 09 April 2018 08:28 AM

ඉතිහාසයේ පත්වුණ අසාර්ථකම ජනාධිපති. බොරු වැඩ කර කර කාලේ කනවා

:       0       151

sisili bisili Monday, 09 April 2018 09:04 AM

රටම ගිනි ගනිද්දී මෛත්‍රිපාල කිරිබත්කෑවා වගේ...

:       0       46

Sathya Monday, 09 April 2018 10:23 AM

මහ නගරේ ට්‍රැෆික් එකේ රටට වැඩ කරන්න තියෙන කාලය, විදේශ විනිමය දීලා ගෙනෙන තෙල් දීලා දියවෙලා යනවා. කිසිම සැලැස්මක් නැතිව ගොඩනැගිලි ඉදි වෙනවා. හොරු, මිනීමරුවෝ රජ කරනවා. නැති බැරි කෙනා බදු ටික ගේවල තුන් වේල කන්නේ කොහොමද කියලා කල්පන කරනවා. අනික් අය කොහොම වුනත් කමක් නෑ.. ඔබතුමාලා වෙලාවට සැමරුම් ටික සමරලා, තොරණ් බැඳලා, සැප වාහන එහෙම අරගෙන ජීවත් වෙන අය තමයි වටින්නේ...

:       0       66

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1542 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site