IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට සතියක් පාර්ලිමේන්තුව තහනම්

(ආරියරත්න රණබාහු)

පාර්ලිමේන්තු සභා ගැබේ අණ නොතකා ක්‍රියා කළ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 63කින් සම්මත විය. ඒ අනුව සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ යෝජනාවක් අනුව සතියක කාලයක් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව තහනම් කෙරිණි.

යෝජනාවට පක්ෂව ඡන්ද 85ක් ද විපක්ෂව ඡන්ද 22ක් ද හිමිවූ අතර මන්ත්‍රීවරු 114 දෙනකු ඡන්දය අවස්ථාවේ සභා ගැබේ නොසිටියහ. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඡන්ද විමසීමෙන් අනතුරුව කථානායකට ආචාර කර දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සභාවෙන් පිටව ගිය අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ද ඉන් අනතුරුව සභා ගැබෙන් ඉවත්ව ගියහ.

(ඡායාරූපය හර්ෂ ද සිල්වාගේ ටිවිටර් ගිනුමෙනි)



අදහස් (35)

මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට සතියක් පාර්ලිමේන්තුව තහනම්

ravin Wednesday, 08 March 2017 10:58 AM

පාර්ලිමේන්තුවතුල විනයක් නැති නම් රටතුල විනයක් තිබියහැකිද? ලෝකයේ ඕනෑම රටක දියුණුව සඳහා විවස්ථාදායකය . විධායකය හා අධිකරණය යන අංශ තුනතුල විනය ඉතා ඉහල මට්ටමක පැවතිය යුතුවේ.

:       353       1111

සුසිල් Wednesday, 08 March 2017 11:04 AM

අපේ රටේ මිනිස්සු නිදහස බුක්ති විදන්න දන්නේ නෑ. වැඩි හරියක් නොදියුණු අය. පාර්ලිමේන්තුවෙත් එහෙමයි. අපේ රටේ වෙන්න ඇති උද්ඝෝසණ වැඩිම රට. කොළඹ ගිහින් වැඩක් කර ගන්න බෑ. නිදහස ප්‍රජාතන්ත්‍රවාදය තුල මිනිස්සු අසීමිතව පිස්සු නටනවා. මමත් සිංහල බෞද්ධ. එහෙත් අපේ රටේ මිනිසුන් වෛරයෙන් වෙලිලා බලන්න මාධ්‍යයෙන් අදහස් දක්වනකොට මිනිස්සුන්ගෙන් මුහුණු වල තියෙන වෛරය. හැමදාම එකම ආණ්ඩුව තියෙන්නේ නෑ. බහුතර කැමැත්තට ඉඩදීලා පරාජිත අය ඉවසන්න වෙනවා. නැත්නම් අපේ දරුවන්ට රටක් නැතිවෙයි. අදාල බලධාරියන්ගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. කරුණාකරලා රටේ විනය හදන්න. නැත්නම් මෙහෙම නිදහස දුන්නොත් ඒවා නිසි ලෙස බුක්ති විදින්න නොදන්න න මෝඩ මිනිස්සු නිසා රට නැති වෙයි.

:       1357       1371

ranjith Wednesday, 08 March 2017 11:09 AM

පාර්ලිමේන්තුවේ ඉන්න මේ වගේ වයසක අයවත් සංවරව හැසිරිය යුතුය එත් ඔක්කොටම වැඩ නැති විදියට හැසිරෙන්නේ අඩුගනනේ මොන්ටිසෝරි ලමෙක්ගේ දකින්න තියෙන සංවර කම මේ වයෝවුද දේශපලකාන්ගෙන් කවදාවත් දකින්න තිබුනේ නෑ. මහජන මුදලින් වැටුපක් දීමනා ගොඩක් ගන්නවා රටට ආදර්ශයක් සහිතව වැඩ කරන්න බැරි මොකද විපක්ෂයේ විතරක් නෙවෙයි ආණ්ඩු පක්ෂයේ උනත් පාර්ලිමේන්තුවේ වැරදි ලෙස හැසිරෙන අය මේ වගේ පිටතට දැමිය යුතුය හොද දෙයක් මේ අරම්ඹ කරලා තියෙන්නේ.

:       492       325

hafeel Wednesday, 08 March 2017 11:14 AM

චන්ද 22න් කොහොමද රජය පෙරලන්නේ? දැන්ම තේරෙනවනේ. කොහොම හරි සතියක තහන්චියෙන් සුළු මුදලක් රජයට ඉතුරුකළ හැකි.

:       454       270

සම්පත් පතිරණ Wednesday, 08 March 2017 11:24 AM

පාර්ලිමේන්තුවේත් දැන් ප්‍රජාතන්ත්‍රවාදය නෑ

:       1012       1331

pp Wednesday, 08 March 2017 11:46 AM

පාර්ලිමේන්තුවේ ඉන්න මේ වගේ වයසක අයවත් සංවරව හැසිරිය යුතුය එ්ත් ඔක්කොටම වැඩ නැති විදියට හැසිරෙන්නේ අඩුගනනේ මොන්ටිසෝරි ලමෙක්ගේ දකින්න තියෙන සංවර කම මේ වයෝවෘධ දේශපාලකයින්ගෙන් කවදාවත් දකින්න තිබුනේ නෑ.

:       722       698

ඔසන් සලාම් Wednesday, 08 March 2017 12:00 PM

පාර්ලිමේන්තුවේ තිබෙන සම්ප්‍රදායන්වලට ගරු කිරීමට වයෝවෘද්ධ මන්ත්‍රීවරුන් දන්නේ නැතිනම් නවක මන්ත්‍රීවරුද දන්නේ ? මෙම විමල් හබය කතානායකතුමා ගත් තීරණය ඔහුගේ තනි තීරණයක් නොවන බව ඔහු කී අතර එ.ජ.නි.පෙරමුණ යටතේ ජා.නි.පෙ තරඟ වැදුනේ තනි පක්ෂයක් ලෙස සන්ධාන ගතව නොව කිසිදු ගිවිසුමකට අත්සන් නොකර නම් ඔවුන් ශ්‍රී.ල.නි.පයේ මන්ත්‍රීවරයෙකු මෙන් සැලකිය යුතුය යන සරල තර්කය මොවුන්ට තේරෙන්නේ නැත්තේ ඇයි?

:       251       371

sumaneris Wednesday, 08 March 2017 12:28 PM

වෙලිච්ඡා වට්ටක්ක ගෙඩියක්

:       169       172

Rikii Wednesday, 08 March 2017 12:32 PM

හරියට ඉස්කොලේවත් ගිහින් නැති ගොන්නු ටිකක් පාර්ලිමේන්තුවට දාගෙන නටන නැටිල්ලක්. ලැජ්ජයි.

:       79       634

AA Wednesday, 08 March 2017 12:38 PM

මේ වගේ වයසක අයත් හැසිරෙන්න දන්නේ නැති එක ලොකු ප්‍රශ්නයක්. මෙයාගේ මොලේ වයස සමග දුර්වල වෙලාද ?

:       296       315

සෙනෙවි Wednesday, 08 March 2017 12:52 PM

කතානායක අපක්ෂපාතී නොවීම නිසා සභාව පාලනය කර ගැනීමට නොහැකිව බොහෝ ප්‍රශ්ණ අනාගන්න ස්වරූපයක් පෙනෙනවා

:       775       908

nuwan Wednesday, 08 March 2017 01:15 PM

ඡන්ද 22 ක් අරගෙන කොහොමද රජය පෙරලන්නේ කියන අයත් ඉන්නවා. මේකෙන් ජනමතය පේනවද ? එහෙනම් ඡන්ද තියන්න ඇයි බය?

:       96       339

jayasiri manimendra Wednesday, 08 March 2017 01:29 PM

කතා නායක වරයා පක්ෂ පාතිව තීරණ ගැනීම නිසා දැන් පාර්ලිමේන්තුව පිස්සන් කොටුවට සමානයි.

:       369       564

rohan Wednesday, 08 March 2017 01:32 PM

මේ පුද්ගලයා හැමදම පාර්ලිමේන්තුව තුල හැසිරෙන්නේ මෙහෙමනේ....

:       427       560

රජින්දThursday, 09 March 2017 06:07 AM

ඔයා හැමදාම පාර්ලිමේන්තු යන කෙනෙක්ද? නොදන්නා බොරු නොකියා ඉන්නවානම් කොච්චර හොදද.

:       0       0

thilak-dubayi Wednesday, 08 March 2017 01:40 PM

වයසට ගිහිල්ලත් රටට බරක් නොවී අසරණ මිනිසුන්ගේ බදු/දඩ මුදලින් ජිවත් වෙන, රටට සහ ජනතාවට බරක් වෙලා ජිවත් වෙන මිනිස්සු.

:       379       439

Abdul Shakoor Wednesday, 08 March 2017 02:23 PM

පාර්ලිමේන්තු ජෝක්ස්

:       0       0

adam Wednesday, 08 March 2017 02:52 PM

පාර්ලිමේන්තුව මහජනතාවගේ විස්වාසය නැති කරනවා

:       0       0

Ranjith Silva Wednesday, 08 March 2017 03:45 PM

සන්ධානයෙන් ඉල්ලා අස් වුණා නම් කට්ටියගෙම මන්ත්‍රීකම නැති වෙන බව දැන ගන්න ඕනේ .

:       0       0

rohan Wednesday, 08 March 2017 04:46 PM

උත්තරිතර පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයෝ පාර්ලිමේන්තුව තුළ මෙහෙම නම් රටේ සිවිල් නීතියට මොකද වෙන්නේ ?

:       0       0

rohan Wednesday, 08 March 2017 07:18 PM

දිගටම ඔය විදිහටම තීන්දු ගන්න....... බොරළු ගොඩ සිංහයාටත් ලැජ්ජයි ...මේවා අපි දුටුවා මොන්ටසොරි වැඩ .......ලැජ්ජයි ....ලැජ්ජයි ....ලැජ්ජයි ....!!!

:       0       0

ලුම්බිණි Thursday, 09 March 2017 12:21 AM

දවස් හතකට නොව මෙයා සඳහටම පාර්ලිමේන්තුවෙන් අයින් කළ යුතුයි.

:       0       0

Lal Thursday, 09 March 2017 01:04 AM

මෙය ඕනෑම පාර්ලිමේන්තුවකදී වන සාමාන්‍යය සිද්ධියක්. කලබල වෙන්න අවශ්‍ය නැහැ.

:       0       0

hewawitharana Thursday, 09 March 2017 01:42 AM

මේ ළඟදි එක් කෙනෙක් කිව්වා නේද අගෝස්තු වෙන විට පොදු පෙරමුණේ අවසානේ කියල එකේ පළවෙනි පියවර තමා මේක

:       0       0

කලා Thursday, 09 March 2017 02:00 AM

ඕක දැන් කාලයක් තිස්සේ වෙන දෙයක් ..බොරුව ට කෑගහනවා හැරෙන්න වෙන රටට අවශ්‍ය දෙයක් කරන්න දෙන්නෙ නෑ . හොඳ දෙයක් කරන්න කරන්න හැදුවත් කෑගහනවා.

:       0       0

ajith Karunaratna Thursday, 09 March 2017 02:13 AM

බොරලුගොඩ සිංහයාගේ නාමයටත් කැළලක් නේ වෙලා තියෙන්නේ? මන්ත්‍රීතුමනි, මීට වැඩ සංවර වන්න. බලයට කෑදර නොවන්න.

:       0       0

ධම්ම Thursday, 09 March 2017 02:29 AM

හොඳ කතානායකවරයෙක් ඕනෑකර තිබේ.

:       0       0

weerasinghe Thursday, 09 March 2017 02:39 AM

පියාගේ නමත් කන පුතෙක්

:       0       0

kalpa Thursday, 09 March 2017 02:45 AM

පාර්ලිමේන්තුවේ සිටින පැරණිම මන්ත්‍රී කෙනෙකු මෙහෙම හැසිරෙනවනම් එයදෙන්නේ නවකයන්ට වැරදි පූර්වදර්සයක් රටේම විනය විනාස කිරීමක් විනයක් නැත්නම් සාසනය විනාස වෙනවා කියල බුදුහිමියන් දෙසනකලා විනයක් නැත්නම් රටම විනාස වෙනවා කියල

:       0       0

rocky Thursday, 09 March 2017 02:56 AM

උන්නැහෙ පාර්ලිමේන්තුවේ හිටියාය කියල පලකුත් නැහැනේ කාටවත්. මුන්නහෙට කොරන්න පුළුවන් එකම දේ, නිකං බොරු සෝබනේට ඉස්සරහට පැනලා පච පච ගාල කෑකෝ ගහන එක විතරයි.

:       0       0

lion Thursday, 09 March 2017 04:41 AM

මේ වනචාරී සතට මුළු ජිවිත කාලයටම ඔතෙන්ට ඒමට ඉඩ දෙන්න එපා.මොහු රාජපක්ෂගේ වහලෙක්

:       0       0

සිරි Thursday, 09 March 2017 05:21 AM

දෙමව්පියන්ගෙන්වත් ඉගෙනගන්න බැරි වුනාද පාර්ලිමේන්තුවේදි හැසිරෙන්න ඕන විදිය.

:       0       0

nl Thursday, 09 March 2017 06:00 AM

පරිනත බව කියන්නේ මේකට වෙන්නෙති

:       0       0

සෞම්‍ය Thursday, 09 March 2017 06:34 AM

විමල්ට සන්ධානය නැතුව දිනන්න බෑ කිව්වා නේද ? දැන්නම් පෙන්නේ සන්ධානෙට විමල් නැතුව බෑ වගේ, රතන හිමිට ස්වාධීන වීමට අවසර ලැබීමත්, විමල්ට නොලැබීමත් අභාග්‍යයකි....!!!

:       0       0

Shan Thursday, 09 March 2017 07:12 AM

මේ වගේ නාකි යක්කු අපේ රට කනවා. අපේ සල්ලි වලින් පඩි අරගෙන නේද මේ ජෝගි නටන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 3172 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 7363 4

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3729 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3070 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11761 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 8029 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site