IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


‘බක්මහ දිවුරුම’

මුදිතා දයානන්ද

               

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දීමේ බක්මහ දිව්රුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (03) උත්සවාකාරයෙන් සිදුකෙරිණ.

ආගමික වතාවත් වලින් පසුව මතින් නිදහස් රටක් ස්ථාපිත කිරිමට තමන්ගේ උපරිම දායකත්වය ලබාදෙන බවට වූ බක්මහ දිව්රුම ප්‍රකාශයට පත් කරමින් සියලු දෙනා එහිදී ප්‍රතිඥා දෙනු ලැබිණ.

මත්ද්‍රව්‍ය උවදුර අද නගරය පමණක් නොව ගමද වෙලාගත් මහත් ව්‍යවසනයක්ව පැතිර යමින් පවතින අතර එය තුරන් කිරීමට නම් පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වා පුළුල් ආකල්පීය වෙනසක් සිදුකළ යුතුව ඇත.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය, හිටපු විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන්, අමාත්‍යවරුන් වන ජෝන සෙනෙවිරත්න, සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමත්‍ය නිරෝෂන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, මහින්ද සමරසිංහ, විජත් විජයමුනි සොයිසා ඇතුළු මැති ඇමැතිවරු ප්‍රමුඛ දේශපාලනඥයින් රැසක්ද එක්ව සිටියහ.

ඊට අමතරව පොලිස්පති පූජිත් ජයසුන්දර, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, රවින්ද්‍ර විජේගුණරත්න ඇතුළු පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් පිරිසක් ද, බන්ධනාගාර නිලධාරින්, රාජ්‍ය නිලධාරීන්, සහ පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

               

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 

(බක්මහ දිවුරුම පාර්ලිමේන්තුවේදී - ඡායාරූප - ලහිරු හර්ෂණ)



අදහස් (34)

‘බක්මහ දිවුරුම’

de silva Wednesday, 03 April 2019 06:30 AM

ලොකුවට දිවුරුම් දුන්නට , පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාව මත්ද්‍රව්‍ය පරීක්ෂණයට ඉදිරිපත් කරන්න කිසිම උවමනාවක් මෙතුමන්ලට තිබුනේ නැහැ , මේකත් අනිවාර්යයෙන්ම මේ ගොල්ල දුන්න කඩවුන පොරොන්දුවක් වෙනවා , මට දුක මේ බොරු උත්සව වලට වියදම් වෙන මහජන මුදල් කන්දරාව ගැන

:       0       294

ලසන්ත Wednesday, 03 April 2019 07:15 AM

දිවුරුම් දෙනකොට එක අතක් ඉස්සුවේ ඇයි කියලා දන්න කවුරුහරි ඉන්නවානම් කියලා දෙනවද?

:       10       92

ගල්බමුනා Wednesday, 03 April 2019 07:30 AM

එක කකුලක් උස්සගෙන ඉන්න අමාරු නිසා.

:       0       138

සෑම්Wednesday, 03 April 2019 09:18 AM

එක අතක් විතරක් ඉස්සුවේ... අනෙක් අතේ කුඩු...

:       29       105

ලසන්තWednesday, 03 April 2019 09:57 AM

නෑ මට හිට්ලර්ව මතක් උනා .. හී...

:       0       133

RaveendraThursday, 04 April 2019 11:43 AM

වැඩකරන පුරවැසියන් අඩබෙර නොගසති.

:       0       0

Keppetipola Wednesday, 03 April 2019 06:34 AM

බොරුවට රටේ සල්ලි වියදම් කරලා උත්සව තියල ජනතාව රවට්ටනවා. ඔයිට‍ වැඩිය හොඳ නැද්ද මින් පසු රටේ සල්ලි හොරකම් කරන්නේ නැහැ, මහා බැංකුව මංකොල්ල කන්නේ නැහැ, ජනතාවට බොරු කියන්නේ නැහැ, රටෙන් හොරකම් කරපු සියලු ධනය නැවත ජනතාවට ලබා දෙනවා කියල දිවිරුම් දුන්න නම්.

:       0       1009

nimalThursday, 04 April 2019 08:14 AM

ඇත්තෙන්ම මෙම ක්‍රියාව අගයකොට සැලකිය යුතුයි .මිට පෙර ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමට මේ හා සමාන උත්සාහයක් ගත් වෙනත් ජනපති කෙනෙක් නොමැත. හොරමැරකම් ටිකෙන් ටික නැතිවෙයි මගේ පොදු මතය අනුව ,මෙතුමා ඉදිරියත් මේ රටේ ජනාධිපති වශයෙන් කටයුතු කල යුතුයි.

:       4       0

vijitha Wednesday, 03 April 2019 06:46 AM

මතින් තොර රට්ටක් ගොඩනැගීමේ නියමුවන මහින්ද රාජපක්ෂ නැත්තේ ඇයි??? මේ ආණ්ඩුව පුළුවන්තරම් කුඩු විකුණලා හම්ම්බකරන් ඇති උනාම දැන් නවත්තන්න ඔය අම්මතිවරු තමයි ප්‍රතිඥා දියයුතු. ඔවන්ගේ ගෝලයෝ නේ. ඒ උනාට රටකට ගියකළ තරුණ මහලු 30% ක් රටේ කුඩුකාරයෝ. කුඩු එන මාර්ග වැසීම රජයේ වගකීම.

:       108       164

NissankaWednesday, 03 April 2019 07:22 AM

මහින්ද මහත්තයට ලන්සා මල්ලි යන්න එපා කිව්වලු. එයාගේ හිත රිදවන්න බැරි නිසා ආවේ නැතිලු.

:       153       737

cootilalWednesday, 03 April 2019 09:28 AM

මහින්ද මහත්තයට බොරු කියන්න බැරි හින්ද?

:       1       31

Nissanka Wednesday, 03 April 2019 06:56 AM

මෛත්‍රී මහත්තයා ආපහු ටික ටික මෙයාලට ලං වෙනවා වගේ. අර කට්ටිය වෙන ජනාධිපති අපේක්ෂකයෙක් තෝරාගෙනලුනේ. ලජ්ජා නැතිකම ජනාධිපති කමටත් වඩා ලොකුද මන්දා.

:       0       214

d.upul Wednesday, 03 April 2019 07:01 AM

අපි ඉස්සර දෙකේ පන්තියේදීත් මේවගේ වැඩ කරනවා. හරිම ජොලි එදාට අපට.

:       0       64

VajiraWednesday, 03 April 2019 09:23 AM

බක්මහ දීගේ කියලා පරණ චිත්‍රපටියකුත් තිබුණා. මේ පින්තූර ටික දකිද්දී හිතෙනවා තවත් දේශපාලන දීගයකට ලැස්ති වෙනවද කියලා. ඊයේ පෙරේදා දික්කසාද වෙලා ඉඳපු ජෝඩුව ආයෙත් දීග කන්න ලෑස්ති වෙනවද මන්දා? ජනාධිපතිතුමාට අලුත් දීගේ ඉක්මනටම එපා වෙලා වගේ. අලුත ගෙනා මනමාලිගේ ආඩම්බර බලන්න වුණාම තමයි තේරෙන්නේ පරණ මනමාලි ඊට වඩා කොච්චර හොඳයිද කියලා...

:       0       140

ලුම්බිණි Wednesday, 03 April 2019 07:13 AM

හිට්ලර් වගේ සැලියුට් එකක්. මොකද්ද මේකෙන් ඇතිවෙන වෙනස?

:       0       52

harsha Wednesday, 03 April 2019 07:58 AM

ජනතාවගේ මුදල් වියදම් කරමින් ජනතාවම ගොනාට අන්දවන හැටි.

:       0       46

hira Wednesday, 03 April 2019 08:23 AM

මේවා දකිනකොට හිනා යනවා වගේ තේරෙනවා. රටට ජෝකර්ලා වෙන අපේ නායකයෝ. බක් මහේ දිවුරුම කෙසේ වෙතත් බක් මහේ අකුණු ගහනකොට මහා බැංකුව සුද්ද කරපු කට්ටිය හැංගිලා හිටියනම් හොදයි වගේ. මේවා දැකල ඡන්දෙ දීපු කාලේ දැන් ඉවරයි හරිය.

:       1       209

kap Wednesday, 03 April 2019 08:33 AM

රට, ජාතිය රකිනවා කියලා පාර්ලිමේන්තුවට පත්වෙන කොට දිවුරුම් දීලා, රට, ජාතිය වනසන, ඊට විරුද්ධව ජාත්‍යන්තරයට කේලම් කියන, රටේ සල්ලි, සම්පත් හොරකම් කරන සෙට් එකම, මත්ද්‍රව්‍ය නැතිකරන්න දිවුරුම් දීම හරීම විහිලුවක්. මේ අයට දිවුරුම් දෙනවා කියන එක කජු කනවා වගේ වැඩක්. බොරුව මේ අයගේ පළමුවන අංගය. ඒකනේ හිටපු කෙනා ආවෙත් නැත්තේ.. එයා ඊට අන්තයි කියලා පොර දන්නවා. එයා පටන් ගත්ත මතට තිත වැඩසටහන මතකනේ.. ඒක පිටින් හෙලිකොප්ටර්වල ගිහින් ජාවාරම්කාරයන් බදා ගත්තේ.. මතකද? මේ වගේ ගොන් වැඩවලින් මත නවත්තන්න පුලුවන් නම්, මොන තරම් දේවල් කරන්න පුලුවන්ද? මොවුන් හිතයටින් දන්නවා මත් ජාවාරම්කාරයො කීදෙනෙක්ට උදව් කරලා බේරලා තියෙනවද කියලා. ඔය දිවුරපු කොලේ දැන් නිදහස් චතුරස්‍රය පුරා විසි කරලා ඇති..

:       0       50

කෝ Wednesday, 03 April 2019 08:36 AM

කෝ විපක්ෂය? මහින්ද හිටියා නම් හොඳ නැත්ද?

:       6       13

tommyWednesday, 03 April 2019 10:41 AM

එතුමා මේ දිනවල ලන්සා සමග සාකච්ඡා කරනවා.

:       71       158

vipula Wednesday, 03 April 2019 08:40 AM

මේවගේ දේවල් කරලා සල්ලි වියදම් කරන්න එපා. අල්ලපු කුඩු කාරයෝ ටික එල්ලන්න.

:       0       28

ප්‍රීති Wednesday, 03 April 2019 08:50 AM

මේ රටේ ජනතාව තුල සාමයක් සමාදානයක් නැති උනාට, පාලකයින් තුල තිබෙන ඒ උතුම් ගුණාංග තිබීම ගැන මා හට ඇත්තේ අසීමිත සතුටක්. අර පහුගිය ටිකේ දෙපැත්තට බෙදිලා මෙතන අවලාද කියා ගත්තු මෝඩ අයියලා ටික කෝ අනේ?

:       69       2

Chris Wednesday, 03 April 2019 08:56 AM

රට කාලා දැම්මට දැන් එකට එකතුවෙලා මිනුස්සුන්ගේ සල්ලි වියදම් කරලා බොරුසෝභන උත්සව තියලා යකා නටලා යනවා . මේ වියදම මිනුසුන්ගේ දුප්පත් කම නැතිකරන්න වියදම් කරන්න පුළුවන්

:       0       23

pohottuwe api Wednesday, 03 April 2019 09:13 AM

පස්සෙ නොකිව්වයි කියන්නෙපා…...අපි ඕවට නෑ, ඔන්න.

:       3       17

Bandara Wednesday, 03 April 2019 09:14 AM

දිවුරුම් දිදී එන්න. ඔක්කොම හරියයි. හැමදාම මේ රට පාලනය කරන්නේ මේ වගේ සභාපතිලද? දකිද්දිත් නින්ද යනවා.

:       0       64

de silva Wednesday, 03 April 2019 09:44 AM

මේවා බොරු විකාර... ඔය පින්තූරේ ඉන්න මිනිස්සු මින්පස්සේ, වයින්, විස්කි, ශැම්පේන් වැනි මත්පැන් පානය කරන්නේ නැද්ද? කරුණාකර අපිව රැවටුවට කමක් නැහැ.. උත්සවවලට බොරුවට සල්ලි නාස්ති කරන්න එපා...

:       34       35

shan Wednesday, 03 April 2019 09:53 AM

පිස්සෝ සෙට් එකක්. ජනතාව අන්දනවා තවත්...

:       0       67

GALLAGE Wednesday, 03 April 2019 10:26 AM

මුන්ගේ වැඩේ බොරු කිය කියා මිනිස්සු රවට්ටන එක. දිවුරලා පොරොන්දුවෙලා හරියට කරන සැට් එක.

:       0       32

Liberala Wednesday, 03 April 2019 10:26 AM

හායි හිට්ලර් ! ඉස්සරහින් හිට්ලර් විතරයි අඩු.

:       0       14

රාජිත සේනාධිරත්න Wednesday, 03 April 2019 10:55 AM

දැන්නම් ඕන කරන්නේ මේ 225 න් පිට කෙනෙක්මයි.

:       0       108

chandima Wednesday, 03 April 2019 12:21 PM

හේල් හිට්ලර්...

:       0       85

කහගල සාරානන්ද හිමි Wednesday, 03 April 2019 04:56 PM

මේ දිවුරුමේ තමන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන බවට දිවුරුම් දීමක් නැහැ නේ. මතින් තොර සමාජයක් බිහි කළ හැක්කේ තමන් අවංකවම එයින් ඉවත්වීමෙන්..

:       0       0

Jerami Wednesday, 03 April 2019 08:48 PM

රනිල් ආපහු අගමැති උනොත් මන් එක පැයක් ඉන්නේ නෑ කීවලු. අනේ මන්ද කවුද එහෙම කීවලු.

:       0       1

beau Thursday, 04 April 2019 05:48 AM

මුන්ගේ බොරු වැඩ, හොර වැඩ, ඔය හිට්ලර් පාර්ට් දාන අයගෙන් වැඩි හරියක් කුඩු මුදලාලිලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18247 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9409 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site